වනජීවී සංරක්ෂණයේ දිශානතිය කුමක් විය යුතුද?

travel-footprint-wildlife-encounters-sri-lanka-16

සොබාදහමෙන් උරුමවූ ශාක හා සත්ව සම්පත් අතින් අපේ රට ඉතා පොහොසත් බව නොකිවමනායග එම ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා අපේ රටේ පාලකයන් උත්සාහ දරා ඇත්තේ අතීත රජ සමයේ සිටම බවට ඓතිහාසික සාක්ෂි ඕනෑ තරම් තිබේග වර්තමානය වන විට ශ්රී ලංකාවේ ජෛවවිවිධත්ව සංරක්ෂණය ප්රාධාන රාජ්යේ ආයතන දෙකක් යටතේ සිදුකෙරෙන අතර එනම් වන සරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයිග ඒ අතරින් දිවයිනේ මුළු බිම් ප්ර්මාණයෙන් සියයට පහළොවක් [15%] පමණ පාලනය කරනු ලබන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෑත කාලීනව විවිධ හැලහැප්පීම් රැසකට භාජනය වෙමින් පවතින්නේ වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් පරිසරයට ආදරය කරන සැමදෙනා තුල සැක සංකා මතුකරමිනිග
වසර 1950 දී සිරිල් වෙස් නිකලස් මහතා වනසත්ව සංරක්ෂණ දෙපාර්තුමෙන්තුව වෙත තම පරිපාලනමය ඥානය ලබාදෙමින් මෙම දෙපාර්තයමෙන්තුව අත්කරගතයුතු ඉලක්කය හදුනාගෙන දෙපාර්තමෙන්තු නියෝග නිකුත්කරමින් සාර්ථක වනජිවී සංරක්ෂණයක් රටතුල ස්ථාපනය කරන ලදිග මෙම දෙපාර්තමේන්තුවේ දැක්ම හා මෙහෙවර Frogmouth19janSinharaja,sri-lankaසාක්ෂාත් කිරිම උදෙසා පෙර කාලයේ සිට රැගෙන ආ ක්ර මෝපායන් රාශියක් වේග වනජිවී සංරක්ෂණ ක්ෂේත්රද නිළධාරින් සදහා වු කාර්ය සංග්ර3හයේ පළමු කාණ්ඩයේ 3වන පරිච්ඡේදයෙන් කාර්යමණ්ඩල සංයුතිය හා නිළධාරින්ගේ රාජකාරි මනාව පැහැදිලි කර ඇතග ඒ යටතේ වනජීවී අධ්යරක්ෂ ජනරාල්ල අධ්යරක්ෂවරුන්ල නියෝජ්යල අධ්යික්ෂවරුන්ල සහකාර අධ්යතක්ෂවරුන්ල අඩවි ආරක්ෂකවරුන්ල වනජීවී අඩවි සහකාරවරුන්ල වනජීවී නියාමකවරුන් ලෙස පැහැදිලිවම දෙපාර්තමේන්තුවේ තනතුරු පිහිටුවා ඇතිබව පෙන්වා දිය හැකියග මෙම තනතුරු තුලින් වනජීවී සංරක්ෂණය රටතුල ස්ථාපනය කරගෙන යන අතරතුර පරිපාලනමය පහසුව වෙනුවෙන් රාජ්යී සේවයේ වෘත්තීය සේවාවන්ට අයත් නිලධාරින්ල පරිපාලන සේවයේ නිලධාරින්ල විද්යා ත්මක සේවයේ නිලධාරින්ල ඒකාබද්ද සේවයට අයත් රජයේ සේවකයන්ගේ මෙන්ම උපාධිධාරින්ගේ සහ ස්වේච්ඡා මාර්ගෝපදේශකයින්ගේ සහය ලබාගනිමින් දෙපාර්තමේන්තුව අදවනවිට සංරක්ෂණ ක්රිියාවලියේ නිරතව සිටියිග
වනජීවී සංරක්ෂණ නිළධාරියා ලෙස කටයුතු කරමින්ල දැඩි අභියෝග රාශියකට මුහුන දෙමින් රටේ මෙන්ම මුළු ලෝකයේම අනාගතය වෙනුවෙන් තම ජීවිත පරිත්යානගයෙන් සටන්කරමින් වනාන්තර තුල දිවි ගෙවමින් සිටින සහකාර අධ්ය්ක්ෂවරුන්ල අඩවි ආරක්ෂකවරුන්ල අඩවි සහකාරවරුන් හා වනජීවී නියාමකවරුන් තමන් දීර්ඝව කැපකල සේවාවකින් පසුවල ඊළඟ උසස්වීම ලබා ගැනීමට සුදානම්ව බැලූවිට පෙර සදහන්කල සහායක සේවාවලට අයත් නිලධාරීන් විසින් තම පරිපාලනමය හැකියාව පෙන්වා දෙමින් දෙපාර්තමෙන්තුගත තනතුරු තමන්ගේ තනතුරු ගොන්නට ඈදාගැනීම හා තනතුරු අහෝසි කරන තත්ත්වයට පත්කර ඇතග ඊට කදිම නිදසුනක් ලෙස දෙපාර්තමෙන්තුගත වනජීවි අඩවි සහකාරල අඩවි ආරක්ෂක :අධිශ්රේසණිය-ල සහකාර අධ්යික්ෂ තනතුරු සම්පූර්ණයෙන් අහෝසි කිරිම පෙන්වාදිය හැකියග එසේම මේ මොහත වනවිටත් දෙපාර්තමේන්තුවේ වැඩ ආවරණ සහකාර අධ්යවක්ෂවරුන් එම තනතුරුවල වසර දහයකට වැඩි කාලයක් රාජකාරි කිරිම හා එම තනතුරු පිරවීමට කටයුතු නොකිරීම තුල දරුණුලෙස මෙරට වනජීවී පරිපාලනය බිදවැටීමක් දක්නට හැකියග ඒ අනුව ගත්කල වනජීවී නිලධාරියාට තම රැකියාව කිරිමට අවස්ථාවක් පරිපාලනය විසින් ලබා දෙවා වෙනුවට තමන්ගේ තනතුර වෙනුවෙන් සටන්කරමින් කාලය ගතකිරිමට මග සලසා දී ඇතග එම නිසා වර්තමානය වනවිට 1000කට අඩු සේවක පිරිසක් සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 15කට ආසන්න සංඛ්යා වක් ස්ථාපනයවී ඇත්තේ තමන් සිටින තනතුරේ අවධානම මගහරවා ගැනීම වෙනුවෙනිග

Anxious_Sambhur.JPG
වර්ථමාන ශ්රී ලංකාවේ පසුගිය ආසන්න වසර 05ක කාලය තුල පමණක් වාර්ථා වු අලි මරණ සංඛ්යාමව 1380කට වැඩිවේග ශාක භක්ෂක සතුන්ගේ විශාලතමයාට අත් වූ ඉරණම ඒ ලෙස වෙද්දී මාංශ භක්ෂක විශාලතමයා වන කොටියා ද දැඩි අනතුරකට පත්ව ඇති ආකාරය මෑත කාලීන වාර්ථා බලනවිට මනාව පැහැදිලි වේ. මෙම කරුණු මෙසේ වන්නේ දෙපාර්තාමෙන්තු නිලධාරින් රැකියාව ගැන තෘප්තිමත් වනවා වෙනුවට, රැකියාව අහිමිවේද යන උභතෝකෝටිකයෙන් පසුවීම හේතුවෙනි. සතුන්ගේ දිවි සුරැකීමට සඳහා අරගල කරනු වෙනුවට, තමන්ගේ රැකියාව රැකගැනීම සඳහා අරගල කිරීමට ඔවුනට සිදුවී තිබීම ජාතියේ අවාසනාවකි. තවද මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට උසස්වීමක් ලබාගත හැකි එකම මග වන්නේ සේවා කාලය සතුටුදායක ලෙස සම්පුර්ණ කිරිමය. එය පදනම් කරගෙන බොහෝ නිලධාරින් අදවන විට තම නිවසට ආසන්න සේවා ස්ථානයකට මාරුවක් ලබාගෙන තම රාජකාරී සම්බන්ධයෙන් අක්‍රීය ප්‍රතිපත්තියක පසුවීමෙන් පැහැදිලි වන්නේ නිලධාරින් තුල රාජකාරිය සම්බන්ධයෙන් තෘප්තිමත්බවක් කිසිසේත්ම නොමැති බවයි.

තම තරුණ විය කැප කරමින් පැය 24 පුරා සේවා ස්ථානවල රැදෙමින් නිසි ආකාරයෙන් රාජකාරි කල නිලධාරින් විශ්‍රාම යාම මේ දිනවල සිදුවෙමින් පවතී. ඔවුන් වසර 30 – 40ක් පුරාවට දෙපාර්තමේන්තුව වෙනුවෙන් කල කැපකිරීමට සරිලන විශ්‍රාම වැටුපක් නොලැබීම කණගාටුවට කරුණක් වන අතර වර්ථමානයේ සේවයට බැදෙන නිලධාරින්ට හා දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරින්ට ද පැහැදිලිවම එම ගැටළුවට මුහුණපෑමට සිදුවී තිබේ. එයද සේවයේ  නියතු නිලධාරින්ට විශාල ගැටලුවකි. එනම් කැපකිරීම කොතෙකුත් කලත් එයට නිසි සැලකීමක් නොලැබෙන බව ප්‍රත්‍යක්ෂ වීමයි. එම කරුණු සැලකිල්ලට ගත්විට අනාගතයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලඟා කරගතයුතු ඉලක්කය වෙතට යාමට කිසිම කණ්ඩායමක් සුදානම් නැතිබව ඉතා පැහැදිලි වේ. මක් නිසාද ඔවුන්ට ඔවුන්ගේ පැවැත්ම හා ඉදිරිගමන අස්ථිර නිසාවෙනි.

එය කොතරම් බරපතලද කිවහොත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියාමක නිලධාරියෙකු ලෙස සේවයට බැඳුනහොත් එම තනතුරේම විශ්‍රාම යාමට ඔවුන්ට තිබෙන අවකාශය ඉතා ඉහල වීම පෙන්වා දිය හැකිය.( පලමු වසර 10 තුල නියාමක 3 වැනි ශ්‍රේණියේ ද , දෙවන වසර 10 තුල නියාමක 2 වැනි ශ්‍රේණියේ ද, තෙවන වසර 10 තුල නියාමක 1 වැනි ශ්‍රේණියේ ද ලෙස කටයුතු කලයුතුය.) පසුගිය කාලය පුරාවට මෙම දෙපාර්තමේන්තුවේ සිදුවී ඇති අක්‍රමිකතා දෙස බලනවිට එම අක්‍රමිකතා ද  දෙපාර්තමේන්තුව කබලෙන් ලිපට ඇද දැමීමට හේතුවූ කරුනක් බවට පත්වී ඇතිබව පෙන්වා දිය යුතුමය.

unknown-male-leopard-hunting.jpg

එසේනම් මෙම අභාග්‍ය සම්පන්න සාමය අවසන් කිරීමට වහා කලයුතු වන්නේ කුමක්ද? සේවකයන්ගේ තෘප්තිය  දෙපාර්තමේන්තුවේ ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය සාධකයක් නිසා හැකි ඉක්මනින් සේවකයින්ගේ ඇති ගැටලු විසදිය යුතුය. පහසුකමි සලසා දිය යුතුය. නැතිවී ඇති තනතුරු නැවත ස්ථාපනය කිරිම අනිවාර්ය ය. ක්ෂේත්‍ර නිලධාරින්ගේ නියමිත වැටුප් තලයන්ගේ පිහිටුවිය යුතුය ( උදා, ආයතන සංග්‍රහයට හා වැටුප් කොමිසමට අනුව නියාමක නිලධාරියාට හිමිවියයුතු වැටුප් තලය MN-3වේ. නමුත් ලබාදී ඇත්තේ MN-1 වැටුප් තලයයි). කැපවීමෙන් හා දක්ෂලෙස වනජීවී සංරක්ෂණයට දායකත්වය සපයන නිලධාරින්ට කෙටි උසස්වීම් ක්‍රමයක් හඳුන්වාදිය යුතුය. නිරන්තරයෙන් නිලධාරින් ඇගයීමට ලක් කල යුතුය. වැරදි කරන අයවලුන්ට නිසි දඩුවමි දිය යුතුය. නිසිලෙස ක්‍රියාත්මක ස්ථාන මාරු ක්‍රමවේදයක් සකස් කල යුතුය. නේවාසික පහසුකම් ලබාදිය යුතුය. නිසි පරිදි පුහුණු පාඨමාලා (දේශිය/විදේශිය) ලබාදිය යුතුය ( ගිනිඅවි පුහුණුව, භාෂා ප්‍රවීණතා පුහුණුව මෙන්ම විශේෂයෙන් නියාමක 2 වැනි ශ්‍රේණියේ නිලධාරින්ට ජේෂ්ඨ සහතිකපත්‍ර පාඨමාලාව ඉක්මනින් ආරම්භ කලයුතුය). තෙත් කලාපීය වනජීවී සංරක්ෂණ කටයුතු පුළුල් කිරීම අරමුණු කරගනිමින් විශේෂයෙන් එම කලාපයද ඇතුලත්ව දිවයින පුරාම වනජීවී රක්ෂිත ජාලය තවදුරටත් පුළුල් කල යුතුය. මෙකී මූලික අවශ්‍යතා හෝ සපයා නොමැති A ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක තත්ත්වය කෙතරම් අභාග්‍යසම්පන්නදැයි දෙවරක් පැවසිය යුතු නැත.

ඉහත සදහන්කල කරුනුවලට අමතරව විද්වත් කමිටුවක නිර්දේශ සහිතව දෙපාර්තමේන්තුවේ ඉලක්කය කුමක්ද? එය ලගාකරගැනීමට භාවිතා කලයුතු උපායමාර්ග කවරේද? යන්න නැවත වරක් පුනරීක්ෂණය කල යුතුය. අනතුරුව අදාල අරමුණ වෙත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වේගවත්ව ගමන් කරවීමට කැපවිය යුතුය.

ඒ.එම්.සී.පී. අත්තනායක ගරු සභාපති සමස්ථ ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය

Supun lahiru prakash

 

Details by Thambiliya godage Prakash

 

 

An

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s