ෆොන්ටමාරා ගුවනින් බිමට.

fontamara.jpg
first book cover

70 දශකයේ දී ඉදිරියට ආ නව දේශපාලන සංවාදයට සංවේදී බලපෑමක් කළ කෘතීන් දෙකක් වශයෙන් මක්සිම් ගෝර්කි ගේ ,අම්මා, නවකතාවත් ඉග්නාත්සියෝ සිලෝනි ගේ ,ෆොන්ටමාරා, නවකතාවත් හඳුන්වාදමේ කිසිදු වරදක් නැත. යට කී නව දේ්ශපාලන සංවාදයට එමඟින් ලැබුණේ හුදු අනුබලයක් ම නො වේ. උද්‍යෝගය මෙන්මල ignazio-siloneඅනුග්‍රහයක් ද එහි විය. ගොර්කි ගේ ,අම්මා, මෙරට පාඨකයන් ට කදිම සමීප අත්දැකීමක් වූ අයුරු අමතුවෙන් පෙන්වා දිය යුත්තක් නො වේ. එහෙත් යම් වූ අමුත්තක් පොදු පාඨකයන් අතරේ ඇති කෙළේ නම් ඒ සිලොනි ගේ ,ෆොන්ටමාරා, නව කතාව ය. ඒ ද කරුණු දෙකක් නිසා ය. ඉන් එක් කරුණක් වන්නේ එකල මෙරට සාහිත්‍යයට යුරෝපීය නවකතාකරුවකු වූ සිලොනි අලූත් අත්දැකීමක් වීම ය. දෙවැන්න ඔහ ුගේ ෆොන්ටමාරා නම් ලිවීම ය. එය මෙරට වූ සම්ප්‍රදායික නවකතා හැඩතල සමඟ සෘජු ගැටුමක් ඇති කර ගනිමින් නව හැඩතලයක් මෙරට නවකතා සම්බන්ධයෙන් නිර්මාණය කොට දුන්නේ ය.

ෆොන්ටමාරා සිංහලයට පරිවර්තකනය කළේ මාලනි ගෝවින්න ය. එය මුලින් ම ප්‍රකාශයට පත් කළේ එකල වූ මාර්ග නම් ප්‍රකාශන ආයතනය යි. මුල් ම කෘතියට පෙරවදනක් ලියමින් ප්‍රකට සාහිත්‍ය විචාරක රෙජී සිරිවර්ධන මේ නව සාහිත්‍ය පරවර්තිකාව ගැන ලියූ සටහන ද අනුස්මරණීය වූවකි. ,විශ්වවිද්‍යාලයට පැමිණෙන තෙක් යුරෝපීය සාහිත්‍යය පිළිබඳ අවබෝධයක් නොතිබූ ගැමි සිංහල පවුලකින් පැමිණෙන මාලනි ගෝවින්න නම් තරුණ ශිෂ්‍යාවක මෙය පරිවර්තනය කර තිබීම ද විශේෂ වැදගත්කමකින් යුක්ත වෙයි., ඒ තරුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යාව අද පරිණත විය ගත කරන්නී සිය මුල් කෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අද්‍යතන කියැවීම පහත පරිදි වේ.

ෆොන්ටමාරා කියන්නේ නව ලෝකය හා නව සාහිත්‍යය පිළිබඳ පළමු සාක්ෂියයි., හැබැයි එහෙම කියන්නේ සාහිත්‍ය විචාරකයකු තබා අඩු ම තරමින් ඒ ළඟින්වත් යන අයෙක් නෙවෙයි. සොල්දාදුවෙක්! ඔව් සොල්දාදුවෙක්!

දෙවැනි ලෝක යුද්ධයේ පාදක හේතු අතර ෆැසිස්ට්වාදය කැපී පෙනෙන ස්ථානයක පැවතිණි. ඉතාලියේ මුසොලනි ජර්මනියේ හිට්ලර් මුල් අවස්ථාවන්හි ද කැපී පෙනෙන චරිත බවට පත්වන්නේ ද ඒ නිසාම ය. අනෙක් අතට එවකට

silone
Ignazio silone

යුරෝපා දේශපාලනය ඉදිරියේ වූ බරපතල ම ප්‍රශ්නය වූයේ නැඟී එන කොමියුනිස්ට්වාදය මිස ෆැසිස්ට්වාදය නොවේ. ඒ නිසා ෆැසිස්ට්වාදය කොමියුනිස්ට්වාදයට එරෙහි ව කටයුතු කිරීම යුරෝපා බලවතුන් ඉවසුවේ කෘතඥතා පූර්වකව ය. එහෙත් ෆැසිස්ට්වාදය සංග්‍රාමික වශයෙන් ශක්තිමත් වෙමින් ලෝක පාලන බලය වෙනුවෙන් යුද ජයග්‍රහණ ඉල්ලා සිටින්නට වූ කල තවදුරටත් එය ඉවසා සිටීම යුරෝපයට කළ නො හැක්කක් විය. එතැන දී ෆැසිස්ට් විරෝධය වෙනුවෙන් කොමියුනිස්ට්වාදීන් සමඟ එක් වෙමින් මිත්‍ර පාර්ශ්වීය යුද වේගයක් නිර්මාණය කරගැනීමට යුරෝපය කටයුතු කළේ ය. ඒ අනුව සිය මිත්‍ර පාර්ශ්වීය රටවල් සමඟ එක්තැන් කරගත් යුද ශක්තිය මඟින් ෆැසිස්ට්වාදය සංග්‍රාමික වශයෙන් පරාජය කිරීම දෙවැනි ලෝක යුද්ධයේ කාර්යභාරය බවට පත් විය. මේ අතර ෆැසිස්ට්වාදය මතවාදී වශයෙන් පරාජය කිරීමට වුවමනාවක් ද ඔවුනට නොතිබුණා ම නොවේ. ඒ නිසාම එක්තරා අවස්ථාවක දී බෝම්බ හෙළන ගුවන් යානාවලින් ඉහළ අහසේ සිට එක්තරා කෘතියක් මිත්‍ර පාර්ශ්වීය හමුදා විසින් බිමට හෙළනු ලැබ තිබේ. ඒ සඳහා මේ කෘතියෙන් පිටපත් 30 000 ක් මුද්‍රණය කොට තිබුණු බව දැනගන්නට ඇත. එහෙත් ඒ සඳහා ලේඛකයා ගෙන් අවසර ගත් බවක් නම් දැනගන්නට නැත. කාතියේ නම ෆොන්ටමාරා ය. එසේ ෆොන්ටමාරා පොත් ගුවන් මගින් බිමට හෙළද්දී ඒවා අහුලාගෙන කියවූ අය අතර සොල්දාදුවෙක් ද සිටියේ ය. මුලින් පෙන්වා දුන් ආකාරයට ෆොන්ටමාරා යනු නව ලෝකයේ නව සාහිත්‍යයක පළමු සාක්ෂ්‍යය යැයි කීවේ ඒ සොල්දාදුවා ය.

8932476_orig.png

.මේ පොත මොඩලයක්. මාලිනි ගෝවින්න අප හා පැවැසුවා ය. එහිදී ඇය මොඩලයක් වශයෙන් ගන්නේ කෘතියේ එන බාහිර ලක‍ෂණ නො වන බව මතක තබා ගත යුතු ය. ඇය එසේ අර්ථ ගන්වන්නේ උක්ත කෘතිය ඉදිිරිපත් කරන්නා වූ සමාජ දේශපාලන ආකාතිය යි. ඇගේ නිර්වචනය තිඛෙන්නේ එතැනයි.

ඕනෑම රටක ෆැසිස්ට්වාදය නැඟී සිටින්නේ ආගම සහ ජාත්‍යෝ්න්මාදය කිහිලිකරු ලෙස යොදා ගනිමිනි.

ඒ ආකාරයට නො පෙනෙන ජනතාවාදයක් මගින් ජාත්‍යෝ්න්මාද ප්‍රකාශ නිකුත් කිරීමත් පූජක පන්තිය දේශපාලන අතකොළු බවට පත්කරගැනමත් ඇසුරෙන් ෆැසිස්ට්වාදය ශක්තිමත් වේ. එතැන් සිට ආගම සහ දේශපාලනය එකිනෙකින් යැපෙන තැනකට ඇද වැටෙයි. තමන් ඉදිිරියේ ගොඩ නැෙඟන දේශපාලන පීඩනයට එරෙහි වන පොදු සමාජය නි්ශAශබ්ද කිරීමේ වගකීම පැවැරෙන්නේ පූජක පන්තියට ය. ෆොන්ටමාරාහි නිරූපික සමාජ දේශපාලන මොඩලය වන්නේ යට කී තත්ත්වය යි.

mussoorator
Mosalini

මුල් කාලයේ ඉතාලි සමාජවාදී ව්‍යාපාරයක් සමඟ ගනුදෙනු කළ ඛෙනිටෝ මුසෝලිනි දක‍ෂ ලේඛකයෙක් ද විය. හේ අවන්ති නම් ප්‍රවෘත්ති පත්‍රයේ කර්තෘවරයා වශයෙන් වෘත්තීය පුවත්පත් කලාවද නියෝජනය කළේ ය. එහෙත් පසුකාලීන ව වෘත්තීය දේශපාලන පැවැත්මක් හිමිකර ගැනීමට කටයුතු කරන හෙතෙම එතෙක් තමන් දැරූ සමාජවාදී අදහස් හා මතවාදවලින් බැහැර ව ගමන් කරමින්ල පල්ලියත් සමඟ අවිරෝධතා ගිවිසුමක් ඇති කරගනියි. ඔහු ගේ ෆැසිස්ට්වාදී ප්‍රවේශයේ මුල් අවස්ථාව වන්නේ ඒ සහසම්බන්ධය යි. එය කොතරම් සාර්ථක එකඟතාවක් වී ද යත් වර්ෂ 1857 දී සිය පදවි ප්‍රාප්තියෙන් අනතුරු ව පාප්වරයා මුසොලිනි ඉතාලියට එවන ලද්දේ දෙවියන් වහන්සේ විසින් යැ යි කීමට ද පසුබට නො වෙයි. එක්තරා අවස්ථාවක දී සිය සිවිල් අයිතිවාසිකම් සහ නිදහස ගැන විමැසීමට ජනයා රැස්වීමක් සංවිධානය කළ අවස්ථාවේ දී ඒ ජනතා හ~ යටපත් කිරීමට යොදා ගත්තේ පල්ලියේ ඝන්ටාරය යි. ඝන්ටාරය මහ හ~ින් නාද කිරීමට පල්ලිය ඉදිරිපත් වූ ආකාරය ෆැසිස්ට්වාදී දේශපාලනය සහ ආගම අතර ගොඩනැෙඟන කුප්‍රකට සම්බන්ධය කිනම් එකක් දැ යි පවසන කදිම උදාහරණයක් වැනි ය. එය කොතරම් උත්ප්‍රාසයක් දැ යි මැන බැලීමට ආගම මිනිසා ගේ සුසුම වේ යැ යි කියන කාල්මාක්ස් ගේ ප්‍රකාශය නැවත කියවීම ද අවශ්‍ය වේ. ඒ උත්ප්‍රාසය තව දුරටත් ඉදිරියට ගෙන යමින් පල්ලිය පවසන්නේ ගොඩගසා ගත් පෞද්ගලික දේපළ දෙවියන් වහන්සේගේ ප්‍රදානයක් කියා ය.

එසේ ගත කළ පරාධීන හා ප්‍රතිගාමී ෆැසිස්ට් දේශපාලන ප්‍රකාශයක ප්‍රධාන කර්තෘවරයා වන්නේ පූජකයා යි. සිය ෆොන්ටමාරා කෘතියට අපූරු පෙරවදනක් සපයමින් ඉග්නත්සියො සිලොනි ඒ බව මෙසේ පෙන්වා දී තිබේ.World-War-2-world-war-2-27551778-590-430.jpg

,අවුරුදු විස්සක් තිස්සේ ෆොන්ටමාරාව අහසේල පොළොවේ හිමවලල පැල්පත්වලල පල්ලියේ සාන්තුවරයන් ගේ දවස්වලල ආහාරවලල දුප්පත්කමේ ඒ ඒකාකාරි බව මම දැනගෙන සිටියා. ඒ දුප්පත්කම අපේ සීයලා ගෙන් තාත්තලාට උරුම වුණූල තාත්තලා ගෙන් පුතුන්ට දුන්න එකක්. ඒ උදවියත් දුගී පරම්පරාවලට උරුමකමි කියන අයයි. මිනිසුන් ගේ කුඹුරුවලල තිරිසනුන් ගේල පොළොවේ පවා ජීවිතය සදාකාලික චක්‍රයක කරකැවෙන්න නියම වෙලා තිබුණා වගෙයි පෙනුණෙ. ඒක ස්වභාවිකයි. කාලය වෙනස්කම්වලට යටත් වෙන්නේ නෑ.,

“ඉස්සෙල්ල ම ආවේ වැපිරීමල ඊළඟට වල් පැළ නෙළීමල ඊළඟට කප්පාදු කිරීමල ඛෙහෙත් ඉසීමල කැපීමල මිදි එකතු කිරීම ඊට පස්සේ…?”

adolf-hitler-4-390x516
Hitler

“වැපිරීමල වල් පැළ නෙළීමල කප්පාදු කිරීමල ඉසීමල කැපීම මිදි එකතු කිරීම ඒක හැමදා ම එහෙම මයි. කවදාවත් වෙනස් වුණේ නෑ. අවුරුදු ගත වුණා. අවුරුදු ගොඩ ගැහුණා. තරුණයො වයසට ගියා. මහළු අය මැරිලා ගියා. වැපිරීමල වල් පැළ නෙළීමල කප්පාදු කිරීමල දිගටම සිදධ වුණා. ඊට පස්සේ ඒක තවත්් එහෙම මයි කොයි ම විදිහකින්වත් වෙනස්වීමක් නෑ. හැම අවුරුද්දක් ම ගෙවිලා ගිය අවුරුද්ද වගේ. හැම පරම්පරාවක් ම කලින් හිටිය පරම්පරාව වගේ.”

මේ සමාජ දේශපාලන පල්වීමල නොඉවසීමයි ඉග්නත්සියෝ සිලොනි ව සාහිත්‍යකරුවකු කළේ. යුරෝපා දේශපාලනයට ඒ බරපතළ කියැවීමක් ලබා දෙන්නේ ඔවුන්ගේ ඒ සාහිත්‍යයයි. උගත්කමල විපර්යාසවාදී බවල විමැසීමල මතු කිරීම සහ සොයා යෑම නො ව සමාජ ප්‍රතිසංස්කරණ ඉල්ලා සටන් වැදීම එරට සාහිත්‍යකරුවන් ගේ ජානවල ම පවතින්නක් බව පැහැදිලි ය.

එක තැන පල්වීම ඔවුනට නුහුරු දෙයක් ම ය. අදටත් යුරෝපයේ දියුණු සාහිත්‍යයක් පැවතීමේ හේතුව එයයි. ඊට අදාළ ව මතක තබා ගත යුතු සත්‍යය මෙයයි.

ඒ පැවතීම සහ නොපැවතීම යනු බරපතළ සංසිද්ධි දෙකක් බවයි.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

unnamed.jpg
Malani Govinna

3042564-poster-p-1-h

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s