කාලයේ අකාලය හෙවත් මහා වන පෙතක විනාශය

DSC_0222 (2)-8x6.jpg

ිහඩව ගලා යන්නේ ගිං ගඟය. ඇතැම් තැනකදී නිහඬවම
නැවතිල්ලේ සිටින්නේද ඒ ගඟමය. ඒත් තවත් තැනකදී ඒ නිහඬ බව
බිඳ ගඟ නගන හඬ හා හිරු රැස් වනපෙතද අවදි කරවන සුළුය.
හොදින් හිරු එළිය වැටුණ එවන් තන්හි ගඟ නගන සුලි නැගී පෙරලෙන
සැටි සිත මත් කරයි. අදූරු කුසීත සිතුවිලි නැති කරයි. ඇත්තමයි
දීප්තිමත් හිරු එළිය සැම විටකම පී්‍රතිමත් සිතුවිලි ඇති කරයි. පිටෙහි
එල්ලාගත් ගමන් මළු ඇතිව ගිං ගඟ අද්දරින් වන පෙත් මායිමෙන්
අපි මේ යමින් සිටින්නේ ලංකාවේම පිහිටි ලංකාගමටයි. ලංකාගම අද
වන විට ලෝක උරුමයක්ද වන සිංහරාජය නම් මහ වැසි වනාන්තරයටsri_lanka_light_rays_dusk_morningside
ආසන්නව පිහිටියා වූ නාගරික දියුණුව ප්‍රමාණවත් ලෙසින් අත්විදින
ගමකි. එහෙත් ඊට පෙර අද රාති්‍රය ගත කරන්නට යා යුතුව ඇත්තේ
සිංහරාජ වනෝද්‍යානයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ
ඇති වන නිවහනකටය. එය සොයා ගඟ දිගේ අප යන මේ පටුමග
දැන් දැන් අඳුරු වෙන්නේ හිරු බැස යන නිසාම පමණක් නොවේ.
වනාන්තරයේ හේඩාවද නිසාය. ඇතැම් තන්හිදී වන වැස්ම ඝනය. අඳුරුSouth-America-Sunlight-Rainforest-Mountain
පොරෝනයකින් වැසූ කලෙක දිය වැල් ගලා යන තෙත් බිමේ මීවන ශාක
ප්‍රභේද බහුලව වැඩී තිබේ. කෑ ගසන රෑහින්ගේ කරච්චලය කෙලවරක්
නැත. ඒ අතර අපට විරුද්ධ දෙසින් ආ ගැමියෙක් අප දෙස බලමින්
සිය ගමන බල කොට අපෙන් මෙසේ අසයි.
’මහත්තයලා කෑම්ප් එකටද යන්නේ?¶ අපේ පිළිතුර පැහැදිලිය.
’ඔව්¶ ’එහෙම නම් ටිකක් අඩිය ඉක්මන් කරලා ගියොත් හොඳයි කරුවල
වැටුණම මේ පාරේ යන එක අමාරුයි.¶
මෙවැනි පරිසරයක යන එන කල පරිසරය ගැන දැනුමට වඩා
අවශ්‍යවන්නේ අත්දැකීම් ඥානයයි. පාරිසරික දත්ත වාර්තා කටපාඩම්

spiderweb-1c.jpg

කරන්නවුන් අප අතර සිටියත් අර ගැමියාට තිබු පරිසර ඉව අපට තිබුණේ
නැත. ඒ බව ඔහුටද දැනුණ විය යුතුය. ඒන නිසාම අපට ඒ බව මතක්
කර දීමට හෙතෙම පසුබට නොවීය. කොහොම වූණත් අවසානයේදී අපි
කැම්ප් එක(වන නිවහන) ආසන්නයට පැමිණ සිටියත් එහි පිවිසෙන්නට
නම් ගිං ගඟ තරණය කළ යුතුව තිබුණි. ඒ සඳහා උපකාර වන බැරල්
පාරුව(එය තනා තිඛෙන්නේ හිස් තෙල් බැරල් වලිනි) කෑම්ප් එක පැත්තේ
ඉවුරේ ගැට ගසා තිබුණේය.
’අර මනුස්සයා කී කතාව ඇත්ත. තාම වෙලාව 7යි. ඒත් සතෙක්
සරපයෙක් පේන්නේ නැති තරමට කරුවලයි.¶ නඩේ අයෙක් තවත් එකෙක්
හට කියනු ඇසෙයි.
’එහා පැත්තේ ඇහෙන්න හොද හූවක් කියන්න. එහෙම නැත්නම්
පාරුව ඔහොමම තියේවි. හෙට ඉර පායනකං අපිටත් මේ විදිහටම ඉන්නmountain-peaks-of-sinharaja-rain-forest
වේවිි.¶ තවත් එකෙක් කීය. ඒත් සමඟම දෙතුන් දෙනකුගේ කට හඬවල්
එකකු වී නැගු හූ හඩ කෑම්ප් එක දෙසට පැනගෙන යන්නට ඇත. වන
නිවහනේ සිට ලන්තෑරුමක් ඔසවා ගත් අයෙක් පාරුව ඇති තැනට විත්
එය ලිහා ගඟ හරහට බැඳ ඇති කේබලයක් ආධාරයෙන් අර කියූ බැරල්
පාරුව අප කරා පදවන්නට වූයේය. ඔහු ගෙනා ලන්තැරුම පාරුවේ යකඩ
වැටේ එල්ලා තිබුණී. එහෙත් ගඟ දිය මත දක්නට ලැබුණු ආලෝක ලප
ඇසළ පෝයට පෑයූ සෙඳන් ගිලිහුණු මූදු එලිය නිසා සෑදුණක් විය. මේP1010571-726068
සඳ එලිය ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිටම තැතහොත් පෘථීවිය බිහිවූ
දා සිටම මේ ලෙසින් ගඟ මත පතිත වන්නට ඇත. ඒ විදිහට බැලූවාම
අපේ ජීවිත කාලය කොයිතරම් සුළු නිමේෂයක්ද? ඇතැම් විට මහ මෙරක්
තරම් දුක් තැවුල් උසුලාගන්නනේ එහෙමත් නැත්නම් කිසිදු ගැඹුරක් නැති
පී්‍රති උන්මාදයන්හි වෙලෙමින් සාද පවත්වන්නේත් ඒ නිමේෂයේ පරිමාණය
ගැන ඇති අපේම නොදැනුවත්කම නිසාය. ඒ නිමේ්ෂය, සදාකාලයක්
ලෙසින් ගැනීම නිසාය.
ලංකාගම යනු ගාල්ල දිස්තී්‍රක්කයේ හිනිදුම ආසනයේ නෙළුව
ප ්‍රාදේශීය සභාවට අයත් සිංහරාජ වන පෙතට අයත් ගම්මානයක්
බව ඉහතදී කීවෙමු. මේ ගමට ඇති පහසුම පිවිසුම් මාර්ගය ලෙසින්
සැලකෙන්නේ හිනිදුම නෙළුව ප්‍රදේශයයි. ලංකාගමේ වැසියෝ සිතන
අන්දමට සිංහරාජ වනාන්තරයට ඒ නම ලැබුණේ වනපෙතේ විස ූ
සිංහරාජයෙක් නිසාය. කෙසේ හෝ මේ කියන සිංහරාජයට සිය ආයුකාලය
සම්පූර්ණ කරන්නට අවස්ථාවක් නොලැඛෙන්නේ ඒ ගමේම විසූ ශක්තිමත්

Sinharaja-Sri-Lanka3

යෝධයෙක් ඌ හා සටනට එලඹීම නිසාය. සටනින් සිංහයා මිය ගියේය.
මේ යෝධයාද නිකම්ම යෝධයෙක් නොව රජයේ සේවකයෙක් වූයේය.
ලංකානාථ නම්වූ හේ සේවය කොට ඇත්තේ වළගම්බා රජුටය.
කෙසේ හෝ වේවා මේ අපූරු ගමට පිවිසෙන්නට හැකි මාර්ග
දෙකක් වෙයි. ඉන් එකක් ඉහත කී හිනිදුම නෙළුව හරහා වැටුණ
මගයි. එය ගාල්ල දිස්ති්‍රක්කයට අයත් වෙයි. නෙළුව, කොස්මුල්ල හරහා
කඩිනිංගල ඔස්සේ වැටී තිබේ. ඒ හැරුණ කල දෙනියාය ඔස්සේද ලංකාග
මට පැමිණිය හැකිය. ඒ අනුව දෙනියාය, පල්ලේගම හරහා මෙදේරිපිටිය
මං සන්ධියට පැමිණීමෙන් එතැන් සිට ලංකාගමට පිවිසීමට පුළුවන්කමක්
තිබේ. වනාන්තරය හා බැඳුණ ගම්මානයක් වශයෙන් ප්‍රසිද්ධියට පත්වූණත්
එහි ඇති සෑම නිවෙසක්ම වාගේ සිමෙන්තියෙන් බැඳ උළු සෙවිලි කළ
තත්වයෙන් පවතියි. මේ වන විට ගමට උප තැපැල් කාර්යාලයක්ද අ.පො.ස
(සා/පෙළ) දක්වා උගත හැකි පාසැලක්ද තිබේ. පාසැලින් සාමාන්‍ය පෙළ
සමත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අ.පො.ස (උ/පෙළ) විෂයන් හැදෑරිමට ගාල්ල
හෝ මාතර නගර වලට ගොස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙති.
ලංකාගමට විදුලියද තිබේ. ඒ කුඩා ග්‍රාමීය ජල විදුලි බලාගාර
වලිනි. ගම අභ්‍යන්තරයේ ගලා හැලෙන බ්‍රාහ්මණ ඇල්ල අසල එවැනි කුඩා4649774
ජල විදුලි බලාගාරයක් දක්නට හැකිය. මුල් කාලයේදී වනයේ වෙනිවැල්,
වේවැල් මෙන්ම වෙනත් ඖෂධ සහ වාණිජ වටිනාකමක් ඇති දෑ එක් රැස්
කොට අලෙවි කිරීමෙන් ගොඩනගා ගත් ආර්ථීක පැවැත්ම අද වන විට
මුළුමනින්ම වාගේ කුඩා තේ වතු ආර්ථීකයක් බවට පරිවර්ථනය වී තිබේ.
ඒ අනුව අද වන විට ගම පුරා දැක ගත හැක්කේ කිසියම් ආකාරයක
සුළු මධ්‍යම පාන්තික සමාජ සංස්කෘතියක ලක්ෂණ යැයි කිව හැකිය.
ලංකාගමේ මුල් ඉතිහාසයේ විසූ ජෝන් සිංඤෝ හෙවත් තැපැල්
සීයාගේ කථාව මා අසා දැනගත්තේ ශී්‍ර ලංකා පාරිසරික ජනමාධ්‍යවේදී
සංසදයේ ධර්මන් වික්‍රමරත්න මහතා ගෙනි. ඔහු කියූ ආකාරයට ජෝන්
සිංඤෝ යනුවෙන් හැදින්වූණේ ලංකාගමට ලියුම් ගෙනා තැපැල් පියුන්ය.
1989 කාලයේ සිය රාජකාර්යය ඉටු කල ඔහු ලියුම් මල්ල ලංකාගමට
ගෙන ආවේ ගමේ සිට කි.මී. 11ක් තරම් දුරින් වූ මෙදේරිපිටියේ සිටය.
ගමේ සිට කි.මී. 11ක් පා ගමනින් මෙදේරිපිටියට ගොස් නැවතත් පයින්ම
එම දුර ගෙවමින් ලංකාගමට ආ ඒ ධෛර්යය සම්පන්න මිනිසා ඒ අනුව
සිය රාජකාරිය වෙනුවෙන් දිනකට ඇවිද ගිය මුළු දුර ප්‍රමාණය කි.මී 22ක්
වේ. ඒ රුපියල් 48ක දෛනික වැටුපකටය. එසේ මහත් වූ කැපවීමෙන්

ey3235

මහලූ විය තෙක් මේ කටයුත්තේ නිරනවූ ජෝන් සිංඤෝව ’තැපැල් සීයා
යැයි ආදර නාමයකින් ඒ ගමේ ඇත්තෝ හැදින් වූ අතර එක් අතකින්
එය ඔහු අරබයා සිය සිත් අභ්‍යන්තරයේ උපන් ආදරය සහ ගෞරවය
ප්‍රකාශ කිරීමක් බවද වූයේය.
මුල් කාලයේ විසු මේ ගමේ මිනිසුන්ගේ ආර්ථීක පැවැත්ම සකසා
දුන්නේ සිංහරාජ වනාන්තරය පුරා බහුලව වැඩුණ වෙනිවැල්, දුම්මල,
දොරණ තෙල්, ගොරකා ආදියයි. ඒ අතර එනසාල් වැවූ බවක්ද වාර්තා
වේ. ඊට අමතරව වට්ට් පෙට්ට් විවීමේ සියුම් හැකියාවක් තිබූ ඔවුන් ඒ
සඳහා අවශ්‍යවූ හොදින් වැඩුණ වේවැල් ලබා ගත්තේද සිංහරාජයෙන්මයි.
පහන් පත්තු කිරීමට මෙන්ම විහාර විත්‍ර සඳහා වර්ණ සකස් කර ගැනීමටspiders-minnesota-spring_94764_990x742
උපයෝගි කරගත් දොරණ තෙල් ලබා ගත්තේ ගස මුල සාදා ගත් කුඩා
බිලක් වන් වලක රෑ එලිවෙන තුරු පහනක් දල්වා තබාය යන්න අසන්නට
ලැබේ. එමගින් ගසට හානියක් නොවේය. යන්නයි ඔවුන්ගේ මතය.
කිතුල් හකුරු කර්මාන්තයද ඔවුන් අතිත කාලයේ සිට ම අද
වෙනතුරුත් පවත්වාගෙන යනු ලබන්නකි. අදටත් ලංකාගමට යන අයෙක්
කිතුල් හකුරු මුලක්, පැණි බෝතලයක් මිලදි ගන්නේ කිසියම් විශ්වාසයකිනි.
මුල් කාලයේදී නම් වනාන්තරයේ ඇවිද ගොස් හමුවන සෑම කිතුල් ගසක්මP1210258
මැද තෙලිඡ්ඡ ලබාගත්තත් අද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ
පවතින ඒ මහා වනාන්තරයට එසේ පිවිස කටයුතු කරන්නට ඔවුන්ට
අවසරයක් නොලැඛෙන්නේ වනයේ ආරක්ෂාව කරණ කොටගෙනය.
සිංහරාජය විවිධ ජනාශ්‍රැති වලින් මෙන්ම ස්වාභාවික වස්තූන්ගෙ
න්ද පොහොසත් වනාන්තරයකි. වනයට පිවිස ඇවිද යන විටදී හමුවන
මහා නවද ගස මෙන්ම යෝධ පුස්වැල කෙනෙකුගේ මතකයෙන් බැහැර
වන්නක් නොවේ. එහෙත් අද ඒ යෝධ පුස්වැල එතැන නැත. විනාශ වී
ගොසිනි. කොහොම වුණත් 1960-70 කාල වකවානු වලදිත් අතිමහත්
පාරිසරික වටිනාකමක් ඇති ස්වාභාවික දායාදයක් වශයෙන් වග කිව
යුත්තෝ සිංහරාජය හඳුණාගෙන තිබුණේ නැත. මේ නිසාම වනය ආසන්නයේ
ගම්මාන වල මිනිස්සු සිංහරාජය දඩබිමක් කරගත්හ. වනාන්තරය තුළ
වගා කලහ. කිතුල් මැදීම සීමාවකින් තොරවම සිදු කලහ.
70 දශකය වන විට එවකට පැවැති සමගි පෙරමුණ රජය
සිංහරාජයේ වූ දැවමය වශයෙන් වටිනා ගස් කපා ඉවත් කර ගැනීමේ
ව්‍යාපෘතියක් පටත් ගත්තේය. එය නැනේඩියානු ව්‍යාපෘතියක් විය. ඒ

13177566_10154177167022241_901909538304428120_n

සමඟම වසර දහස් ගණනක් පැරණි දැවැන්ත ගස් බිමට ඇද දැමුණ
අතර ඒවා එසේ බිමට වැටීමෙන් විනාශ වූ වනාන්තරයේ සෙසු ගස් හා
ජෛව සම්පත් ගැන සොයා බැලීමක් සිදු කෙරුණේද නැත. කෙසේ හෝ
සිංහරාජය ජෛව රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත් කරමින් ඒ වන විටත්
නොනැවතී සිදු වෙමින් පැවැති දැවමය වටිනාකම් ඇති ගස් එසේ කපා
හෙලීම නතර කෙරන්නේ 1977න් පසුව බලයට පත් ෙජ්.ආර්. ජයවර්ධන
මහතාගේ ආණ්ඩුව කාලයේදීය. පසුව 80 දශකයේදී සිංහරාජය ජාතික්
උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන අතර 90 දශකය තුලදී
ලෝක සංරක්ෂණ සංගමයේ මූලිකත්වයෙන් ජාතික සංරක්ෂණ සැලැස්මක්sri-lanka-horton-plains-flora-photo
සිංහරාජය සම්බන්ධයෙන් කි්‍රයාත්මක විය.(මෙය දිවයිනේ සෙසු තෙක්
කලාපීය වනාන්තර ආශී්‍රතවද කි්‍රයාත්මක වූවකි.) ඉදින් මේ සා පාරිසරික
වටිනාකමක් ඇති වන පෙතක මෙරට දේශගුණයේ පැවැත්ම වෙනුවෙන්
තීරණාත්මක බලපෑමක් කල හැකි වැසි වනාන්තරයක අනාගතය කුමක් විය
හැකිද? ඔබ ඊට අදාලව කුමක් සිතුවත් 2009 ජූනි මස ප්‍රකාශයට පත්වූ
’තම්බපණ්ණි¶ සඟරාවට සිය අදහස් ඉදිරිපත් කරන සිංහරාජයේ මාටින්
විෙජ්සිංහ පවසන්නේ ඉදිරි වසර 20ක් වැනි කාලයක් තුළ සිංහරාජය
සතු ජල උල්පත් සිඳී යාමේ තර්ජනයක් ඇති වෙමින් තිඛෙන බවය.
අදාල සඟරාව පෙන්වා දෙන්නේ ඒ වන විටත් (2009 වසරේ) ඔහු ඒ204aa-dsc05395
අනාවැකිය පවසා වසර 2ක් ඉක්ම ගොස් ඇති බවය. එසේ බලන විට
සිංහරාජය වනාන්තරයක් වශයෙන් මිය යාමට ඇති කාලසීමටව මේ වන
විට තවත් අඩු වී තිබේ.
මේ මාටින් විෙජ්සිංහ කියන්නේ කවුද? මාටින් විෙජ්සිංහ අපේ
කාලයට අනුව නම් විශ්ව විද්‍යාලය අධ්‍යාපනයක් ලබා ආචාර්ය, මහාචාර්ය
වූ අයෙක් හෝ පර්යේෂකයෙක් නම් නොවේ. ඔහු සිංහරාජය ආසන්නයේ
ඇති ගමක් වන කුඩව පදිංචිය ට ඇවිත් ඇත්තේ විසි වියේදීය. එසේ
විත් ගමේ වූ ගෙවල් අතලොස්ස අතර තම නිවසද සාදා ගත් ඔහු
ජීවනෝපායට තෝරා ගත්තේ ගොවිතැනයි. එහෙත් අවසානයේදී ඔහු විශ්‍රාම
ගන්නේ 1997 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙක්
වශයෙනි. ඒ අතර තුර ඔහුව හමුවූ පර්යේෂණ කණ්ඩායම් මෙරට විශ්ව
විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වලින් ආ අය පමණක් නොවූහ.
විදේශීය පර්යේෂණ කණ්ඩායම් ද ඒ අතර වූහ. ඔහු සිංහරාජය හදුණා
සිටියේය ඒ පර්යේෂණ කණ්ඩායම් සමඟ පැවැත්වූ ඇසුර නිසා වනයේ
ජෛව වටිනාකම් ගැන විද්‍යාත්මක අවබෝධයක්ද ලැබ ගත්තේය. මේ
ආකාරයෙන් වසර 40 කටත් එහා ගිය ඊට අදාල අත්දැකීම් සම්භාරයක්
මේ වන විට මාටින් විෙජ්සිංහ සතුව තිබේ. එතකොට අර කී අනාවැකිය

big_thumb_541c116655c97153e536aec1b200539e

ඔහු කියන්නේ එවැනි පසුබිමක හිඳගෙනය.
’මම සිංහරාජයට ආවේ 1959 වර්ෂයේදී එතැන් සිට මේ දක්වා
මේ ප්‍රදේශයේ වෙනස් වන ජල¶ මූලාශ්‍ර සැලකිල්ලට අරගෙන තමයි
මම මේ අදහස ප්‍රකාශ කළේ. පසුගිය මාස වල එක මාසයයි පෑවුවේ.
දොළවල් ඔක්කොම හිඳුණා. තව අවුරුදු විස්සක් යනකොට මේකේ වතුර13220515_10154177235067241_8787891541896850290_o
බිඳක් නැතිවෙයි. සිංහරාජය අපි කොහොම ආරක්ෂා කළත් සිංහරාජයේ
වටේම තියෙන්නේ ගිනි මැලයක්. වටේම තේ වගාව. තේ වගාව කියන්නේ
මහා නිරුදක වගාවක්. ඒක තමයි අද ප්‍රධාන ප්‍රශ්නය. තේ වගාව නිසා
වටේ උෂ්ණත්වය ඉහළ ගිහින් ගිනි මැලයක මැද වතුර කළයක් තිබ්බට
වැඩක් නැහැනේ අද මේ වෙලා තියෙන්නේ ඒකයි. සිංහරාජය රකින්න නම්
සිංහරාජය වටේ කැලයක් ඇති කරන්න වෙනවා. දැන් රබර් කියන්නේ
වනාන්තරයක්. නමුත් තේ වල එහෙම තත්වයක් නැහැ. තේ ඉඩම්වල මව්
පාෂාණය දක්වාම හේදිලා යනවා. ඒ නිසා තේ වගාව අවට පරිසරයට
තදින්ම බලාපනවා. ඒ සඳහා රජය මැදිහත් විය යුතුයි.(තම්බපන්ණි
2009 – ජූනි)
මෙසේ බලන කල අද අප සිට්න්නේ දෙකොන ඇවිලූණ ලෝකයකය.
පරිසර සංරක්ෂණය ගැන ජාතික මෙන්ම අන්තර්ජාතික මට්ටමින් මහා
සමුළු සාකච්ඡා පවත්වමින් ඊට වඩා වේගයකින් නාගරික සංවර්ධනයේ
කෙලවරක් නැති ඉලක්ක වෙනුවෙන් මුළු වෙර යොදා කටයුතු කරන්නේද
අපිමයි. ඒ අනුව පරිසරය සංරක්ෂණය යන්න ම මහා බොරුවකි. ඒ ගැන
කථා කිරීමම ලෝක මට්ටමේ රැවටිල්ලකි. ඒ නිසා මුලින්ම හඳුණාගත
යුතු මූලයන් හඳුණා නොගෙන පසුවට හඳුණා ගැනීම සඳහා එය පහු
පහු කරන්නේ නම් කොහු කොහු වනු ඇත්තේ වෙනත් කිසිවක් නොවේ.
අපේම පැවැත්මයි.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

150401-jenshel

පරිසර අධ්‍යයනය සහ සිංහරාජ වනාන්තරය

සිංහරාජයේ ගැමි දිවි පෙවෙත සිංහරාජ වනාන්තරය පාරිසරික දායාදයක් ලෙසින් වර්තමානයේ සැලකුණත් අතීතයේදී ජනාවාස සඳහා කෘෂි වගා සඳහා වනාන්තර භූමිය එළි පෙහෙළි කිරීම අපරාධයක් ලෙසින් සැලකුණේ නැත. මේ අනුව වරින්වර පැමිණි වනාන්තර භුමියෙන් කැමති ඉසව්වක් එළි පෙහෙලි කරගෙන පවුල් වශයෙන් හෝ පෞද්ගලික මට්ටමින් හෝ පදිංචි වීම… CONTINUE READING

An

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s