මම කියනවා. ඒ සංස්කාතික ගැහැණිය පිරිහුණාය කියලා.

13649552_10208044631567821_150362026_n

මම කියනවා. ඒ සංස්කාතික ගැහැණිය පිරිහුණාය කියලා.

-පරාක්‍රම ඒකනායක

අපේ නවකතාවේ සංස්කෘතික ගැහැණිය ගේ හැසිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ඔබ විසින් කරන ලද මතු කිරීම බහුතර පාඨක සමූහයක් නිහ~ව ම කියැවූවා යැයි මා සිතනවා. ඒ වගේම මා සිතනවා අපි තවමත් ඒ කියවීම අසල සිටිනවාය කියල…?

අපේ නවකතාවේ සංස්කෘතික ගැහැණියක් සිටියා. මාර්ටින් වික්‍රමසිංහගේ මුල්ම නවකතා වන ‘ලීලා’ ‘අයිරාංගනී’ Martin Wickramasinghe.”මිරිඟදිය” යන කෘතිවල පවා අපට ඇයව දකින්න පුළුවන් වුණා. එහෙම ආව ඒ සංස්කාතික ගැහැණිය වඩාත් පොහොසත් ඉදිරිපත් කිරීමක් බවට පත්වෙනවා. ගම්පෙරලියේ නන්දාගෙන්. ඒ වගේ ම අනුලාගෙන්. ඔවුන් දෙදෙනා වෙනස් ඉරණම් දෙකකට හිමිකම් කීව ත් අර සංස්කෘතික ගැහැණිය මේ දෙදෙනා වෙතින් ම දකින්න පුළුවන්කම තියෙනවා. පසුව අනුලා අතුරුදහන් වෙමින් නන්දා “කලියුගය” හරහා “යුගාන්තය” දක්වාම ඒ සංස්කෘතික පැවැත්ම අරගෙන යනවා.

සංස්කාතික ගැහැණිය ඔබ නන්දා ගෙන් පටන් අරගෙන නන්දාගෙන්් ම අවසන් කරන තත්වයක් ද මෙතැන තියෙන්නෙ.?

මෙහෙමයි. පියදාස සිරිසේන ගේ ,රොස්ලින්, ගෙන්් ඒ ආරම්භය ගත හැකි ද කියන ප්‍රශ්නය මට තවමත් තියෙනවා. සිරිසේන ගේ ප්‍රබන්ධ කතා කලාව හසුරුවන්නෙම යම් සමාජ දේශපාලන ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන් ය කියා කීවට ඔහු ට අගෞරවයක් වෙන්නෙ නෑ. ඒ අනුව ජයතිස්සගේ පෙම්වතිය රොස්ලින් ළඟ නොව නන්දා ළඟ ඒ z_p16-Piyadasaසංස්කෘතික රුව ගුණ ඉතිරි වෙන තත්වයක් තියෙනවා.

ඒත් ඔබ කී ආකාරයට නන්දාගෙන් ම එය අවසන් කරන්න මම සූදානම් නෑ. ඒ මොකද ඊට පස්සෙත් අපට එවැනි උදාහරණයක් හමුවෙනවා. ඒ තමයි ‘දම්මි’ කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත’ අප කියවන්නේත් පොදුවේ ජනප්‍රියත්වයක් ලබන්නේත් නන්දා ඇසුරු කල පරම්පරාවට පසු පරම්පරාවක් හැටියට යි. නමුත් දම්මි ළඟට එනකොට අපි නන්දාව කියවල තිබුණා. ඒ අනුව දම්මිට ත් ඒ සංස්කෘතික හැඩරුව තිබුණ බව අපි දුටුවා. ඒ සමීපත්වය අපි හඳුණාගත්තා.

ඊට පස්සෙ “වස්සානෙ සිහිනය” ද?

ඔව් වස්සානෙ සිහිනය. ඒත් එතැන දී අපට හමුවන සුදු නංගි තුලින් අපි දකිනවා වෙනසක්. ඒ තමයි දම්මි දක්වා පැමිණ එතැනදීත් ඇයට සාපේක්ෂව ආරක්ෂා වෙලා තිබුණු අර කීව සංස්කාතික ප්‍රතිරූපයේ යම් පිරිහීමක් මතුවීම. එහෙම නැත්නම් දියවීමක් ය කියල කියන්නත් පුළුවන්. ඒත් සමඟම ඒ සංස්කෘතික ගැහැණීය ක්‍රමයෙන් සිංහල නවකතාවට අහිමි වෙනවා.z_Ats-p18-Neglected

එහෙම වෙනකොට අපි 80 දශකයට පිවිසිලා සිටිය බව ප්‍රශ්නයක් වශයෙන් නොව සිහි කැඳවීමක් හැටියට මා ඔබට ඉදිරිපත් කරනව?

ඔව්ල අසූවේ දශකය වෙනකොට අර අපි හඳුණාගෙන සිටි සංස්කෘතික ගැහැණිය [වෙනස්කම් සහිතව] විවිධ ප්‍රතිරූප හරහා විකෘශනය වෙනවා. ඇය ජනමාධ්‍ය ප්‍රවාහයකට අසුවෙනවා. අපි එය දකිනවා. ඒ වගේ ම ඒ ජනමාධ්‍ය ප්‍රවාහය ඒ සංස්කෘතික ගැහැණියට ලොකු බලපෑමක් කරනවා. දැනෙන සුළු බලපෑමක් ය කීවොත් නිවැරදි යි මම හිතන්නේ. එයම තමා පසුව ප්‍රබල MARKETING ප්‍රතිරූපය ඇය ට ලබා දෙන්නේ. එතැන දී පිරිහෙමින් වුව පැවති ඒ සංස්කෘතික පෞරුෂත්වය change වෙනවා. මං ඒ ඉංග්‍රීසි යෙදුම් ගන්නේ සිංග්ලිෂ් වෙන්න හිතාගෙන නෙවෙයි. ඒ විදිහට තමයි මාධ්‍යල අර අපි හඳුනාගෙන සිටි සංස්කාතික ගැහැණියගේ වෙනස්වීම පෙන්වා දෙන්නෙ. ඒ සඳහා ඔවුන නිතර භාවිතා කල වචන තමයි ඒ. මේ තත්වය තව දුරටත් තීව්‍ර වෙනවා. අපි 2000 දශකයට පැමිණෙනවා.

සාකච්ඡාව අවසන් නැත.

සාකච්ඡා කලේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

3042564-poster-p-1-h

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s