60 දශකයේ ගී සින්දු අතරේ මිනිසුන් වූහ දරුවෝ.

DSC02403.JPG

පසුගිය වර්ෂයේ මුල් කාලයේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අපූරු ගායනීය හමුවක් පැවැත්විණි. ගුණසේන පොත් සමාගම විසින් සංවිධානය කරන ලද එම ගායනීය හමුව “60 දශකයේ ළමා ගීත” නමින් හැඳින්විණි. එහෙත් ඒ පිළිබඳව ප්‍රමාණවත් කතා බහක් ඇති වුණාද යන්න ගැටළුවක් වේ.

කොහොම වුණත් මෙතැනදී තියෙන වැදගත්ම ඉස්මතු වීම වන්නේ අපට අහිමි වෙමින් පවතින ළමා පරපුරයි. ඒ අහිමි බව වඩාත් සංවේදී අයුරින් පෙන්වා දීමට අර 60 දශකයේ ළමා ගී ගායන සංධ්ිවනිය සමත් වී යැයි සිතමි.

අවුරුද්ද මුල් කාලයේ සිටම සිරපාදේ වඳින්න යන්න අපේ ගෙවතුවලට ආ කහපාටල සුදුපාට සමනලූන් ආගිය අතක් නැති කාලයක අපි අද වෙසෙමු. සිංහල අවුරුද්ද ළංවෙනකොට පිපෙන එරබදු මල්වල රත් පැහැය අපේ දරුවන්ගේ ඇස් හඳුනන්නේ නැත. හීන් හ~ින් පටන්ගෙන උස්ම ස්වරයකට ඇදගෙන යන කොහා හ~ නෑසු සවනින් පරිගණක ක්‍රීඩාවෙන් මුසපත් වූ රොබෝවරුන් වන් දරුවන්ට සිංහල අවුරුදු අසිරිය ගැන රචනාවක් ලියන්න යැයි කීම සුළුපටු විහිළුවක් නොවේ. පෙබරවාරිය කොළ හැලී යන ගස් පාමුල වියළී යන ඒ ශාක පත්‍ර මත සීන් හ~ක් නගමින් ඇවිද යන කටුස්සෙකු හිස සලමින් සොයන්නේ මොනවාදරෑ ඒ උදාසීන දහවලේ දැඩි හිරු රශ්මිය නොතකා එහෙම හිතන්න පුළුවන් පරිසරයක එදා ළමයි සිටියහ. නිවසේ දොරින් එළියට බැස්ස ඒ ළමයාට තමා ඉදිරියෙන් වූ ඒ මහා ලෝකය විසින් බොහෝ දේ ගැන ඔහුට සිතාගන්නට හරින ලද්දේය. ඉන් පසුව 70-80 දශකය හරහා හමා ගිය නිර්මාණාත්මක කලා රස ප්‍රවාහය අර සිතුවිලි හරහා වැඩිවිය පත්වූ ඒ දරු දැරියන් නිසා උපන්නක් විය.

යූරි නගිබින්ගේ ,කමරෝෆ්, කෙටිකතාව එවැනි සුන්දර ළමාවියක නිදහස ගැන මෙසේ පෙන්වා දෙයි.

happy-kids-clipart-transparent

“උඹ කවුද” කමරෝෆ් ඇසුවේය. වස්සා තම තොල කට ලෙව කෑවා මිස පිළිතුරක් දුන්නේ නැත. එවිට කමරෝෆ් තමන්ටම පිළිතුරු දෙමින් මෙසේ කියා ගත්තේය.
.උඹ ලොකු බල්ලෙක්..

පාර හරහා පැනපු මැඩියෙක් කමරෝෆ්ට ලොකු සතුටක් ගෙන දිනි. ඔහු මැඩියා පසුපස දුවගෙන ගොස් පාර කෙළවරදී ඌට ළං විය. ළමයාගේ හෙවණැල්ල මැඩියා පිට වැටුණු විට මැඩියා පිට හකුළාගෙන නිසොල්මන් විණි. කමරෝෆ්

nagibin1.jpg
Yuri Naugibin

මැඩියා අතට ගෙන අනිත් පැත්ත හරවා උගේ ළා කහපාට බඩවත පිරික්සන්නට විය. ඔහු උගේ පිම්ඛෙන බඩවතට අඟිල්ලෙන් අනිමින් බොහෝ වෙලාවක් පරික්ෂා කළේය.

.දැන් කමරෝෆ් තමා අවට ලෝකය දෙස බලන්නේ පළපුරුදු සංචාරකයෙකුගේ ඇසිනි. උස වැලි කඳුබෑවුමේ දේවදාර ගස්වල මුල් එල්ලා වැටී ඇත. සිහින් වැලි අතර මෙම මුල්ල කෙඳි සුළඟට සෙළවෙයි. ඒවා ඇත්තම ඒවාද නැතහොත් සැබෑ නිදහස් ජීවිතයක් ඇති බව බොරුවට පෙන්වනවාද යනුවෙන් ඒ දෙසට ගොස් බැලීමට කමරෝෆ්ට වුවමනා විය..

අද්‍යතන දරුවාට අහිමිව ඇති ලෝකය කොතරම් විසල්ල සුන්දර එකක් දැයි පවසන්නට කමරෝෆ් කෙනෙකු අපට නැති බව ඇත්තය. ඒ හැටේ දශකයේ ළමාවියට හිමිකම් කී වැඩිහිටි විය හරහා ගමන් කරමින් සිටින අය අදටත් ඒ මතකයෙන් මුළුමනින්ම ඉවත් වූවෝ නොවෙති. එහෙත් ඔවුහු උදාසීනව සිටිති. විශේෂයෙන්ම තම මුණුබුරු මිණිබිරියන් කොහෙත්ම නොහඳුණා 60 දශකයේ ඒ සුන්දර ළමා වියල පරිගණක හා ටෙලිවිෂන් තිරයෙන් එහාට නොදුවන ඔවුන්ගේ මසැස් සහ මනැස් ගැන උකටලීව සිටිති. මහත්ම ඛේදාවාචකය එයයි.

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව යැයි නම් ලද ඒ ආයතන ව්‍යුහය තුළින් මත වූ ඒ නිර්මාණශීලි ළමා ගී සවරවලට ඇත්තටම සිදුවූයේ කුමක්දරෑ ඒ ළමා සංස්කෘතියට කුමක් වීදරෑ එක් ප්‍රවීණ ලේඛිකාවක් දිනක් මා හා කී කතාවක් මෙහිදී මට සිහිපත් වේ. හඳේ හාවෙක් ඉන්නවදරෑ වළාකුළු හැමදාමත් අහසේ පාවෙන්නේ මන්දරෑ සුරංගනාවන් ඈත ගිරිකුළු හිස් මත සිට ඇත්තටම ගීත කියනවදරෑ මේ වගේ ප්‍රශ්න ඇසුවා වූ ළමයින් තමයි පසු දශකයන්හි දක්ෂ නිර්මාණකරුවන් බවට පත්වුණේ. ඇය කී කතාව ඇත්තකි. එමෙන්ම එයින් මතු කෙරෙන තවත් ඇත්තක්ද තිබේ. ඒ වනාහි එවන් පැනයක් නොනගින ළමා සිත් තුළ කිනම් නිර්මාණශීලිත්වයක් පැන නැගිය හැකිද යන්නයි. බොන්සායි ක්‍රමයට නිෂ්පාදනය කරන ගස් වැල් මෙන් ඔවුන් එකම තැන එකම ආකාරයකට අතිශය පටු සීමාසහිත ඉඩ අවසරයක වැඩිහිටියන් බවට පත්වෙනු ඇත. ඒ වැඩිහිටියාගේ සීමිත බව ලෝකයේ මහා අනාගතය වෙනුවෙන් ලබාදෙන දායකත්වය කිනම් පරිමාණයේ එකක්දර?

අද මිනිස්සු ජීවත් වෙන්නේ පුරුද්දට යැයි යුස්ටයින් ගෝර්ඩර් නම් ඒ දර්ශනවේදී නවකතාකරු කීය. මිනිසුන් තමා අවට ලෝකය දෙස බලා පුදුමයට පත් නොවන්නේ පුරුදු වූ විදිහට එකම ආකාරයෙන් එසේ ජීවත් වන නිසාය. ඒ ආකාරයට ඔහු නොඅසා අසන්නේ ඒ මොන ජීවිතයක් ද කියන එකයි. අසීමිත ලෙසින් පැතිර ගොස් ඇති විශ්වයල තාරකාවකින් හඳුනාගන්නට හදන මහා අභ්‍යවකාශයල සාගර කලාපයක ගැඹුර ඛෙලි කටුවකින් විමසනල මහා වනපෙතක් අද්දර බිම වැටී ඇති වියළි තුරු පතක් ප්‍රවේශමින් රැගෙන විත් සිය පොත් පිටු අතරේ සඟවනල ගංසූරිය කොළයක් යටි පත්ලේ සිටින බූව ඇති දලඹුවා දින ගණනාවකින් අපූරු සමනලයෙකු වන්නේ කුමන ස්වභාව නියමයකින් දැයි අසනල දරුවකුගේ ඒ සිඟිති නැණ පවස අනාගත ඇල්බට් අයින්ස්ටයින් කෙනෙකු බිහි කරන්නේය.

දිනක් එක් පාළු මුහුදු වෙරළ තීරයක ඇවිදිමින් සිටි මහා වද්‍යාඥ අයිසැක් නිව්ටන් කියූවක්ද මෙහිදී සිහිපත් වේ. ඔහු download (1).jpgඑදා තමනAටම මෙන් පවසාගත් ඒ කතාවට අනුව ලෝකයාට තමාව පෙනෙන්නේ කෙසේදැයි තමා නොදන්නා මුත් වෙරළේ ඇති සිප්පි කටුල කවඩි වැනි දෙයකට ඔහුගේ සිත ඇදීගොස් තිබේ යැයි පවසයි. එසේ වෙරළේ ගැවසී සිප්පි කටුවකට හිරු එළිය වැටී දිලෙන කුඩා දීප්තිමත් ගල් කැටයකට සිත අලවාගත් මේ මහා විදන‍ාඥයා තමාව දුටුවේ වෙරළේ දුව පනිමින් ඒ සුළු වස්තූන් ගැන පුදුම වන කුඩා දරුවකුගේ තත්ත්වයෙනි. ඒත් ඒ අතර ඔහු එක් දෙයක් දැන සිටියේය. ඒ සත්‍යය සඟවාගත් මහා සාගරයක් තමන් ඉදිරියේ පවත්නා බවය.

අද දවසේ දරුවන්ල වැඩිහිටියන් බවට පත්වන්නේ හුදෙක් වයස වැඩිවීමෙන් පමණක් නොවේ. බොහෝ ව්‍යාජයන් තමන් වටා එක්රැස් කරගැනීමෙන්ද වේ. ඒත් සමඟම දරුවන් වශයෙන් පැවැත් වූ ඒ නිර්ව්‍යාජත්වය ඔවුන්ට අහිමි වේ. එහෙත් ඇතැම් විට ඒ නිර්ව්‍යාජත්වය සමඟ එක්වන වැඩිහිටියා ක්ෂණයෙන් ළමයෙකු බවට පත්වේ. ඒ ළමයා ලෝකය අලූතින්ම දකින්නට පටන් ගනියි. ඉහත කී අයිසැක් නිව්ටන්ගේ කියුම පෙන්වා දී ඇත්තේ ඒ සත්‍යයයි. ළමයෙකු වෙතින් අප අත්විඳින ඒ නිර්ව්‍යාජත්වය ලෝකය කෙරෙහි ඇතිවන නිරන්තර අලූත් බව මිනිසාගේ නිර්මාණශීලි බුද්ධි වර්ධනයට මෙන්ම යහපත් ජීවන පැවැත්මට අතිශයින් අවශ්‍යමය. එහෙත් අවාසනාවකට මෙන් අපේ කාලයේ ළමයින් සිටින්නේ එවැනි සම්පූර්ණත්වයක් අත්කරගත හැකි සුන්දර සමාජ පරිසරයක නොවේ. මේ යාන්ත්‍රීකත්වයල මේ හුදෙකලාව දිනෙන් දින ලෝකය තල්ලූ කර දමන්නේ පතුලක් නැති අකාල කාලයකට නම්ල ජීවත්වෙනවා යැයි කියන්නට අද අපට පුළුවන්කමක් තිබේදරෑ

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

many-crayons-wallpaper-2560x1600

 

you can read past Articles in

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s