පළමුවැනි චූදිතයාගේ සාහිත්‍යය එය දේශපාලනිකයි.

Cuba Fidel Castro Bir_Bake

BNM

‘ස්වාමිනිල
පළමුවැනි චූදිතයා මමයි’

නෙල්සන් මැන්ඩෙලා එසේ කීය. ඒ ඔහුු ඇතුළු චූදිතයන් සත්දෙනෙකු ජීවිතාන්තය දක්වා සිගත කිරීමට පැවැත්වුණු නඩු විභාගයේදීය. දකුණු අප්‍රිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ යුක්තියේ මාළිඟය නම් ස්ථානයේදී අයුක්තියේ වනිශ්චයකට එරෙහිව විනාඩි 176ක් පුරා පැවැත්වූ ඒ දීර්ඝ දේශනය ඔහු ආරම්භ කළේ ඒ ආකාරයෙනි.

අප්‍රිකානු ජනයා රජයේ කොටස්කරුවන් නොවන බවත්ල ඔවුන්ව පාලනය කරන නීති ඔවුන් පනවන ලද ඒවා නොවන බවත් එහිදී අවධාරණය කෙරුණා. ,මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වන ආණ්ඩුවේ බලාධිකාරයට පදනම් විය යුත්තේ ජනතාවගේ කැමැත්තයි යන වචන අප විශ්වාස කළා.,

මානව ශීෂ්ටාචාරය ක්‍රමයෙන් වැඩි දියුණු වෙමින් හැදී වැඩෙද්දී ප්‍රජාවට අවශ්‍ය පාලන තන්ත්‍රයක ප්‍රගතිශීලිත්වය 5104nrUq2TL._SX384_BO1,204,203,200_වෙනුවෙන් පෙනී සිටි පරමාදර්ශී නායකයන් අතර මැන්ඩෙලා යනු අපට ආසන්නතම උදාහරණයයි. එවැනිම පරමාදර්ශී අරගලයක් මෙහෙයවමින් පිදෙල් කැස්ත්‍රෝ කීල . ඉතිහාසය අප නිදොස් කරනු ඇත.. යන්න ඒ පරමාදර්ශී ක්‍රියාකාරීත්වය වෙනුවෙන් කළ උදාන වාක්‍යයක් වැන්න.

.ආශ්වාස ප්‍රශ්වාසය තරමටම දේශපාලනයත් මිනිස් දිවිය හා දැඩි ලෙස බැඳී පවතී. තමාගේ කෘතියකින් මිනිසුන්ගේ මිනිස්කම් ගැන පමණක් කතා කරන්නේ යැයි කිසිවකු අභිමානයෙන් පවසන විට එතැන ඇත්තේද දේශපාලනයකි. එය වූ කලී සාහිත්‍ය ලෝකයේ දේශපාලනයයි. දිව්‍ය ලෝකයත් නරකාදියත් මිහිපිට දිස්වන තාක් කල් දේශපාලනයෙන් තොරව මිනිසා ගැන කතා කළ නොහේ. . වොයින්විගේ ඔ්‍යෑ THE GADFLY  කෘතිය සිංහලයට පරිවර්තනය කරමින් (ඇට මැස්සා) එසේ කීවේ සුගතපාල ද සිල්වා ය.

“හෙට හිරු උදාවන විට මා මරා දමනු ඇත. එහෙයින් සියල්ලක්ම කියන බවට ඔයාට වූ පොරොන්දුව ඉටු කිරීමට නම් දැන් මා එය කළ යුතුය. එහෙත් ඇත්ත වශයෙන් ම ගත් කළ ඔයාත් මාත් අතර එතරම් කරුණු පැහැදිලි කිරීමක් අනවශ්‍යය ය. අපි කවදත් වැඩි වදන් නොමැතිව එකිනෙකා අවබෝධ කර ගත්තෙමු.” (ඇට මැස්සා)

මනුෂ්‍ය සම්බන්ධතාවයන් හි ගැඹුරුම අර්ථ ලොවට හෙලි කළා වූ සාහිත්‍යයක් වේ නම් ඒ දේශපාලන සාහිත්‍යය යි. ඉග්නත්සියො සිලොනි සිය .පාන් සහ වයින් . නම් නවකතාවේ මෙසේ ලියයි.

“එක්තරා විදිහක නිහ~තාවක් තියෙනවා. – දොන් පාවුලො වැඩි දුරටත් කියා ගෙන ගියේය. – අපව ආවරණය කරනල අපව ආරක්ෂා කරනල මිථ්‍යාවේත්ල අගතියේත් කලින් හදාගත්් වාක්‍ය ඛණ්ඩවලත් කටුව ඒ නිහ~තාව තුළ දී කැඩිල බිඳිල විවෘත වෙන්න පටන් ගන්නවා. ඒ වගේ නිහ~`තාවක් ගැන බයවෙන්න ඕන නැහැ.”

maxresdefault.jpg

 

මානව සමාජය මුල සිටම දේශපාලනයත් සමඟ ඇති කරගත් ගනුදෙනුව හුුදු කුතුහලය නිසා වූවක් යැයි නොසිතිය යුතුය. මිනිසා දේශපාලන සත්වයෙක් යැයි ඇරිස්ටෝටල් කී නිසාම ඇති වූවක් ද නොවේ. සමාජ පැවැත්මක අවම සාධාරනත්වය ද නොමැති සමයක අවම අයිතිවාසිකම් නොමැති පැවැත්මක දේශපාලනය යන්න නිර්මාණය වුණේය.2222653 ඒ හ~ නැඟීම අවදි වූයේය. ඒ අසීමිත නිර්මාණවේශය ප්‍රතිනිර්මාණය වූයේය. මා කියන්නේ ජනතාවගේ දේශපාලනය ගැනයි. එහිදී සැබෑ දේශපාලන සාහිත්‍යයක් යනු ප්‍රගතිශීලී බවේ හෘදය සාක්ෂිය වේ.
දකුණු අප්‍රිකාවෙන් බිහිවුණු ශිෂ්‍ය විප්ලවීය චරිතයක් වූ ස්ටීව් බිකෝ පාදක කරගත් CRY FREEDOM කෘතිය සිංහලයට නඟන සුනිල් මාධව ප්‍රේමතිලක ඊට ,හ~නු මැන නිදහස , යන නම තැබීය. ස්ටීව් බිකෝ ගේ මරණය පිළිබඳ නඩු විභාගය පැවැත්වූයේ 1977 නොවැම්බර් මාසයේදීය. සති තුනක් තිස්සේ පැවැත් වුණු මෙම නඩු විභාගය වාර්තා කිරීම සඳහා ලොව බොහෝ රටවලින් පුවත් පත් කලාවේදීහු සිය ගණනක් ප්‍රිටෝරියා නගරයට රැස් වූහ. ඔවුන් අතර සිටි බි්‍රතාන්‍ය පුවත් පත් කලාවේදීන් දෙදෙනෙකු වූ ජෝන් බ්ලෙයාර් සහ නෝමන් ෆෙන්ටන් නඩු විභාගය පසුබිම් කොට ලියා නිෂ්පාදනය කළ .අවාසනාවන්ත හුදකලා මරණයක්. මහත් ආන්දෝලනයක් ඇති කළ බව ඇත්තක්ය. රෝයල් ෂේක්ස්පියර් සමාගමේ අරාධනයෙන් නිෂ්පාදිත එම නාට්‍යය ගැන සුනිල් මාධව ප්‍රේමතිලක මෙසේ පවසයි. ,එය ලොව ඇති ශක්තිමත්ම දේශපාලන සාහිත්‍යයක රුව ගුණ මේ යැයි පෙන්වා දෙයි.,

ඒත් සමඟ ම පෙන්වා දිය යුතු දේශපාලන සාහිත්‍යයේලා දීප්තිමත් විය යුතු එහෙත් අදීත්තව පවත්නා මහා ග්‍රන්ථයක් අප සතුය. ඒ පන්සිය පනස් ජාතක කතා පොතයි.සාරථීයල අධාර්මාචාර්යාගෙන් මට යම් රාජ්‍යයක් ලැබේද ඒ රාජ්‍යයෙන්දල නෑදෑයන්ගෙන්දල ධනයෙන්ද වැඩක් නැති….., , විසිවසක් මුළුල්ලේ එහි රාජ්‍යය කැරැවීමි. පසුව අසූ දහසක් අවුරුදු නරකයෙහි පැසුණෙමි., (මුඛපක්ඛ ජාතකය) මෙම විවේචනය අද්‍යතන යුගයේ ලෝක දේශපාලන නායකයකු අතින් දමෙසේ කියවී තිබේ.

il-duce-1.jpeg

මට ස්වර්ගයට යාමට තිඛෙන්නේ දේශපාලන පක්ෂයක් සමඟ නම් මම ඒ ස්වර්ගයට යෑම පවා ප්‍රතික්ෂේප කරමි. (ඇමෙරිකානු ජනාධිපති තෝමස් ජෙෆර්සන්)

ඛෙනිටෝ මුසොලනි නම් ඉතාලි ආඥාදායකයා අවසානයේදී මෙසේ කීය. , මගේ කාලය අවසානයි. මම වෙහෙස වුණා. උත්සහ කළා. ඒත් දැන් සියල්ලම විහිළුවක්. ශෝකාන්ත නාට්‍යයක්. එහෙත් තවදරටත් මම එහි රංගධරයෙක් නොවෙමි. ප්‍රේක්ෂකයෙක්මි. අවසානම පේළියේ සිටින ප්‍රෙක්ෂකයෙක්මි.,1419-simone-de-beauvoir

විල් ඩුරාන්ට් ඒ ඉවසිය නොහැකි රාජ්‍ය තන්ත්‍රය නොඉවසූ සාහිත්‍ය කරුවෙකි. THE STORY OF CIVILIZATION කෘතියේලා මෙසේ ලියයි. , මිහිරියාවකින් තොර පිටු ගණනාවක් තුල මා ඒකාධිපතිත්වය හැර අන් කිසිවක් කිසි කලෙකත් නිරූපණය කර නැති බවත් විෂෙහි බහාලන ලද අමු ලේ පැහැති මගේ පෑන හැම විටම ඒකාකාරී හ~ක් නඟන බවත් මගේ කුඩුකේඩු කවීත්වය කිසිවෙකු හෝ පුුබුදුවාලන්නේ නැති බවත් ඒ වෙනුවට බොහෝ දෙනෙකු සිනාගන්වන බවත් ප්‍රකාශ කරන්නාවූ ද්වේෂ සහගත කටවල් එකකට වැඩි ගණනක් අසන්නට ලැබේ. මේ ඤරු ඤුරු ගෑම් ඒසා උත්තුංග අරමුණක් වෙතින් මාගේ ජීව ගුණය වෙනතක යොමු නොකරනු ඇත. ඒසා දුලබ වූත් ඒසා ශ්‍රේෂ්ඨ වූත් අවශ්‍යතාවකට ප්‍රමාණවත් නොවන්නේ වුවත් එය මගේ කලාව අධෛර්්‍යවත් කරන්නේ නැත. නිදහස ජීවිතයට අත්‍යවශ්‍ය වූවක් ලෙස සලකන්නාවූ මිනිසුන් අපට පසුව උපදින්නේ නම් මගේ වචන කිසි z_p08-Present.jpgකලෙකත් සුළෙඟ් පාවී නොයනු ඇත..

අධිපතිවාදී දේශපාලනයෙන් සමාජ නිදහස මැඩ පැවැත්වීමට එරෙහිව ලියා සිරගත වූ සිමොන් ද බොවා ගේ BLOOD OF OTHERS සිංහලයට පරිවර්තනය කරන (,අනුන්ගේ ලේ ,) ගාමිණි වියන්ගොඩ දේශපාලන සාහිත්‍යයක හැඩරුව මෙසේ පෙන්වා දෙයි.

, තමා ජිවත් විය යුත්තේ කුමන ලෝකයක ද යන්න තීරණය කිරීමේ නිදහස සෑම ගැහැනියකුටම සහ සෑම මිනිසකුටම තිබේ. මේ නිදහස හා සමගාමී වන වගකීම් ද ඇති නිසා කිසිලෙසකින්වත් මෙය හිස් අවකාශයක පාවෙන නිදහසක් වශයෙන් ගත නොහේ. අපගේ ලෝක පැවැත්ම සෙස්සන් සමඟ ගැට ගැසී ඇති තාක්කල් කිසියම් දෘෂ්ටියකට හෝ නීතිමාලාවකට හෝ මේ නිදහස යටවීමට ඇති ඉඩකඩ බොහෝය. කිසියම් ක්‍රියාවක යුක්තියුක්ත භාවය ඒ ක්‍රියාව සිදුවන සාමාජික සහ ඓයිතිහාසික තත්ත්වයන් මත තබා තීරණය කළ යුතුවා මිස සදාතනිකව පැනවූ දැඩි සදාචාරමය නියමටන්ට යට කළ යුතු නොවේ. “අනුන් ගේ ලේ” ( BLOOD OF OTHERS) මගින් සිමොන් ද බොවා ප්‍රශ්න කරන්නේ මේ කාරණයයි. ,

දේශපාලන සාහිත්‍යයික පැවැත්මක් රටකට අවශ්‍ය වන්නේ ද ඒ නිසායි.

 සාකච්ඡා කලේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s