Oil Pollution in Bere Lake

unnamed.jpg

බේරේ වැව් ජලය මත තෙල් තට්ටුවක් පාවීමත් ඒ සමඟම මසුන් මිය යෑම හා ජලජ පක්ෂීන් එම ප්‍රදේශවලින් ඉවත්ව යෑමත් පසුගියදා මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් විය. බේරේ වැව ආසන්න ඇතැම් ප්‍රදේශ ඔස්සේ හමා ආ අධික දුර්ගන්ධය ද මේ තෙල් තට්ටුව නිසා ඇතිවූවක් යන්න ද කා අතරත් ඇති කළේ කුතුහලයකි.

මේ ඒ ඔස්සේ සිදුකළ නිරීක්ෂණයකි.

බේරේ වැව පවතින්නේ විශේෂයෙන් ම කොළඹ ප්‍රදේශය කේන්ද්‍රීයව පවත්නා උස් බිම්හි සිට ගලා එන ස්වාභාවික unnamed (13).jpgඇළ දොළ මෙන් ම වෙනත් ඇළ මංවලින් ගලා එන ජලය අවසාන වශයෙන් එක්රැස් වන ස්ථානයක් වශයෙන් පමණක්ම නොවේ. ඒ ජලය එක්රැස් කොට බේරා සාගරයට යවන එක්තරා ආකාරයක ජල මාර්ගයක් ද වශයෙනි. ඒ අනුව ඉහත කී ආකාරයට තෙල් එක්රැස් වීමක් සිදුවීමෙන් එක් අතකින් බේරේ වැව දිගින් දිගටම දූෂණය වන අතරම එතැනින් එහාට සමුද්‍ර දූෂණයක් කරා ද ඒ දූෂිත අපද්‍රව්‍ය ගලා යෑම වැළැක්විය නොහැකිව තිබේ. මේ අලුත් ම තත්ත්වයට අනුව බේරේ වැව් ජලය මත තෙල් ඉහිරී යෑම සම්බන්ධයෙන් වගකීම දැරීමට සිදු ව ඇත්තේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියට ද යන ප්‍රශ්නය ද මතු වී ඇත.

ඉහත ප්‍රශ්නය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් තොරතුරු ලබා ගැනීමට ගිය මුල් අවස්ථාවේ දී අපට දැනගන්නට ලැබුණේ අදාළ තෙල් කාන්දුව සම්බන්ධයෙන් තමන් දැනුම්වත් බවත් එහෙත් එය කෙසේ සිදුවන්නේ ද යන්න පිළිබඳව නොදන්නා බවත්ය. ඒ අනුව පැහැදිලි වුණේ අදාළ තෙල් කාන්දුව ප්‍රකට මූලාශ්‍රයක් ඔස්සේ සිදුවන තත්ත්වයක් නැති බවයි. වැව් ජලය ඇසුරෙන් කළ නිරීක්ෂණයෙන් පැහැදිලි වුණේ ද තෙල් ගලා එන්නේ එමෙන්ම එය ජලයට එකතු වන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් නිරවුල් හඳුනා ගැනීමක් කළ නොහැකි ද යන්නයි.

unnamed (2).jpg

මධ්‍යම පරිසර අධිකාරියෙන් මේ පිළිබඳ කළ විමසීමේදී අපට දැනගත හැකි වුණේ (මේ ලිපිය ලියන අවස්ථාව වන තුරුත්) තෙල් කාන්දුව පිළිබඳව පැහැදිලි හඳුනා ගැනීමක් සිදු කළ නොහැකිව ඇති බවයි. කෙසේ වුව තාමත් තත්ත්වයේ වෙනසක් නැත.

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පසුගිය දිනවල වූ ඉන්ධන ගලා යෑම භූගත වෙමින් හෝ නොවෙමින් මේ ආකාරයට බේරේ වැවට එකතු වීමට අවස්ථාවක් නැද්දැයි අප ඇසූ විට ඊට ඍජු පිළිතුරක් දිය නොහැකි ය යන්න මධ්‍යම පරිසර අධිකාරියේ පිළිතුර විය.

එසේ නම් ඊට අදාළව පරීක්ෂණයක් පැවැත්වෙනවා ද ඊට මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත් වී සිටිනවා ද යන ප්‍රශ්නය හමුවේත් අදාළ අධිකාරිය සිටින්නේ ඍජු පිළිතුරක් දිය නොහැකි තැනකය. ඒ අනුව සිදු කෙරෙන්නා වූ පරීක්ෂණයක් වේ නම් එය සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය වෙත පැවැරෙන තත්ත්වයක් මේ වන විට උදා වී ඇති බවක් පෙනෙයි. එසේ එම ආයතනයෙන් ඊට අදාළ යම් තත්ත්වයක් සොයා ගනු ලැබුවහොත් ඒ වෙනුවෙන් තමන්ට කළ හැක්කේ කුමක් ද? මැදිහත් විය හැක්කේ කෙසේ ද යන්න විමසා බලන තත්ත්වයක මධ්‍යම පරිසර අධිකාරිය පසුවන බවක් ද දැකගත හැකිව තිබේ.

unnamed (9)

මෙවැනි පසුබිමක් තුළ බේරේ වැවට තෙල් කාන්දු වීම දෙයාකාරයක පරිසර පද්ධති දෙකක් පැහැදිලි අවදානමකට මේ වන විටත් ලක් කොට තිබේ. එහෙත් අවාසනාවකට මෙන් ඒ පරිසර පද්ධති දෙක එකිනෙකට වෙනස් ව කටයුතු කරන වෙනස් ම ආයතන දෙකකට හිමි වී තිබීම නිසා කුමන ආයතනයකට එහි වගකීම පැවැරුණත් එක් පරිසර කලාපයක් මුළුමනින්ම අත්හැරී යෑම නොවැළැක්විය හැකි වේ. ඒ අනුව මෙතැනදී අපට සලකා බැලීමට සිදුව ඇත්තේ තෙල් කාන්දුවට හේතුව කුමක් වුණත් ඒ නිසා පරිසර පද්ධති දෙකක ඇති වෙමින් පවතින විනාශය අවම කරගන්නේ කෙසේ ද යන්න ගැනයි.

ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරවරයකු වන ඉංජිනේරු ඩබ්ලිව්. ඒ. කරුණාරත්න unnamed (7)“ජාතියේ යහපැවැත්ම සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යභාරය” මැයෙන් කෙටුම්පත් කොට ඇති විශේෂ ලියවිල්ලක (එය මේ ප්‍රශ්නය පාදක කරගත්තක් නොවුණත්) කොළඹ නගරයේ පමණක් නොව මේ වන විට රට පුරාම පිරිසුදු පානීය ජල පැවැත්ම අනතුරේ හෙළන කරුණු කිහිපයක් ම අවධානයට ලක්කොට තිබේ. ඒ අතරින් එකක් වන්නේ ඇතැම් රජයේ ආයතනවල ක්‍රියාකාරකම් ද හේතු කොට ගෙන නිකුත් කෙරෙන අප ජලය (තෙල් වර්ග ද ඇතුළුව) මතුපිට ජල මාර්ගවලට හෝ පොළොවේ වළ දැමීම සිදු කෙරෙන බවයි. එසේ හෙයින් එය නැවැත්වීමට වහාම පියවර ගත යුතුව තිබේ. ඉහතදීත් පෙන්වා දුන් අන්දමට ඉංජිනේරු කරුණාරත්න මහතා මේ අදහස් පළ කරන්නේ ජාතික ජල සම්පාදනයට අදාළව මුළු දිවයිනම එක්සත් ඒකකයක් ලෙසින් ගනිමිනි. එහි තේරුම ජලයේ පවිත්‍ර පැවැත්මට අදාළව ප්‍රාදේශීය මට්ටමින් හෝ පළාත් සභා මට්ටමින් තීරණ ගැනීම කළ හැකි වුණත් එය ප්‍රතිඵලදායි නොවේ ය යන්නයි.

 

ජ්‍යෙෂ්ඨ පරිසර නීතිවේදී ජගත් ගුණවර්ධන පෙන්වා දෙන්නේ ද ගංගාවක ඉවුරු දෙකක් පළාත් සභා දෙකකට අයත් වී, එක් පළාත් සභාවක් කොතරම් හොඳින් පරිසර නීති ආරක්ෂා කළත් අනෙක්් පළාත් සභාව එසේ නො කරන පසුබිමක මුලින් කී පළාත් සභාවේ සියලු යහපත් දෑ අහක යන තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි. ඒ නිසා ජලය සම්බන්ධ විෂයයේදී අවශ්‍ය වන්නේ ජාතික මට්ටමේ විසඳුමක් ම ය. ඒ අනුව බේරේ වැවේ දූෂණයේ පළාත් මායිම් සෙවීමට යෑම නොවේ මෙතැනදී විය යුත්තේ.

සොබා සංසදය වෙනුවෙන් පරිසරවේදී සජීව චාමිකරගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ බේරේ තෙල් කාන්දුව, එය කුමන හේතුවක් නිසා වේ ද යන්න ගැන තමන් මේ මොහොතේ ද දැනුම්වත්ව නැති නමුත් එම ජල මූලාශ්‍රය තෙල් මෙන්ම තවත් බොහෝ අපද්‍රව්‍ය සහ අපජලය නිසා දූෂණය වීමට අවශ්‍ය සියලුම මාර්ග මේ වන විටත් විවෘතව ඇති බවයි.

මුලින්මත් පෙන්වා දුන් පරිදි බේරේ වැව නමින් අප හඳුනා ගන්නේ ස්වාභාවික ඇළ දොළ මෙන් ම කෘත්‍රිම ඇළ මාර්ගවල ජලය සාගරයට මුදා හරින පිටවානක් ලෙසිනි. ඊට හිංසා පමුණුවන බොහෝ අය ඒ ගැන දන්නවා ද යන්න සැක සහිතය.

එසේ ගත් කල බේරේ වැවේ ක්‍රියාකාරිත්වය හඳුනාගත යුත්තේ අර කී ආකාරයට ගලා එන ජලය බේරා සාගරයට මුදා හරින ස්වාභාවික ස්වයංක්‍රීය ජල දොරටුවක් වශයෙනි. ඒ නිසා ම එම ජල මූලාශ්‍රය විචාරයකින් තොරව අපවිත්‍ර කරනවා යැයි කියන්නේ එතැනින් එහාට සාගර කලාපයත් ඒ හා බැඳුණු වෙරළ තීරයත් එක හා සමානවම අපවිත්‍ර කරනවා ය යන්නය.

unnamed (10).jpg

අද ලෝකයේ සියයට 45ක් තරම් සාගර කලාප ජෛවමය වශයෙන් මිය යෑමේ අවදානමකට පත් ව ඇති බවත් ඊට හේතුව තෙල්, රසායන හා අපද්‍රව්‍ය මෙන් ම විවිධ ආකාරයේ අප ජලයෙන් ඒවා විනාශයට පත්වීම ය යන්නත් අද ජාත්‍යන්තරව පිළිගත් මතයකි. ඊළඟ සංසිද්ධිය වෙරළ කලාප මිය යෑමයි. වෙරළ යනුවෙන් නිර්වචනය කෙරෙන්නේ සම්පූර්ණ ජෛව10450524_676689932429967_380457822558899083_n කලාපයකි.

ඒ බව අප නොදන්නවාටත් වඩා නොසිතන කාරණයකි. වෙරළේ වෙසෙන කකුළුවාගේ සිට බොහෝමයක් කුරුමිණි සතුන් එම ජෛව කලාපය පෝෂණය කරන බවත් ‍යම් අහිතකර අපද්‍රව්‍ය බැහැර කිරීමක් හමුවේ එම ප්‍රාණීන් විනාශයට පත් වේනම් එහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ වෙරළ මිය යෑම ය යන්නත් දත් විද්වත්හු සාධක සහිතව පෙන්වා දෙති.

එසේ බලන විට ඉහත වාර්තාවට අනුව බේරේ වැවට තෙල් කාන්දු වීම තවත් එක් අපද්‍රව්‍ය බැහැර වීමක් වශයෙන් පමණක් ගත නොහැකි බව අදාළ නිලධාරීන්ට සහ බලධාරීන්ට පෙනී යා යුතුව තිබේ. එකකින් එකක් විනාශ වන ආකාරයට ගැටගැහුණු පාරිසරික ව්‍යසනයක් බේරේ වැව කේන්ද්‍රයේ මේ වන විටත් නිර්මාණය වෙමින් තිබේ. ඒ වෙනුවෙන් ඉක්මන් ක්‍රියාකාරිත්වයක් අවශ්‍ය වී තිබේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s