මෙතැන තියෙන්නේ සංස්කාතික කියවීමක් – පරාක්‍රම ඒකනායක.

13592553_10208036059993537_61838257012015941_n

මම නැවතත් ඔබ මතු කල සංස්කෘතික ගැහැණියව ප්‍රශ්න කරනවා. ඒ අනුව 2000 දශකයේ ගෙවී යෑම තුල ඔබට හමුවෙනව ද අර සංස්කෘතික ප්‍රතිරූපය තවදුරටත…?

ඔව්. හමුවෙනව. ඒත් අර නන්දාල දම්මි හිටපු තැන්වලදී නොවෙයි. රූප ලාවණ්‍යගාර ඇතුලෙ මොඩ්ලින් සංස්කෘතියත් සමඟ ඒ සංස්කෘතික ප්‍රතිරූපයෙ සුන්බුන් මට හමුවෙනව. ඒ විදිහට 21 වැනි සියවස උදාවෙනවා.

ඒ විදිහට කටයුතු සිද්ද වෙනකොට ඒ සංස්කෘතික ගැහැණියව අධ්‍යයනය කල යුතුයි කියන තැනට අපි එනවා. එසේ කල යුතු යැයි අපි කියනවා. ඒත් අපි එහෙම කරන්නෙ නෑ. අදටත් නෑ.

ඔබේ අලූත් නවකතාව ,ටිකිරිලියා තරු මැද්දේ ගියා, ගැන කීවොත්ල මා එහි නිර්මාණීය සහ සමාජ විෂය ගැන සම්බන්ධයෙන් සීමාවන් දකිනවා. ඒ කොහොම වුණත් ඔබටම අවස්ථාවක් තියෙනව සමාජගත වූ ඒ 10414846_10205553783298171_6703524006580759175_nකෘතිය නැවත දකින්න.

මම අර කලින් කියාගෙන ආව වෙනස්කම් විසින් ම තමයි ටිකිරිලියා ව නිර්මාණය කරන්නෙ. ඒ නිසා ටිකිරිලියාත් උත්සාහ කරනවා ඒ වෙනස්කම් හමුවේ change වෙන්න. ඒත් ඇය අහුවෙනවා. දිගින් දිගටම අහුවෙනවා. එක තැනක දී ටිකිරිලියාත් ගම්පෙරලියේ නන්දා යුගාන්තයේ දී කරන දේම කරනවා. ඒ තමයි තමන්ගේ අතීතය තමන් තුලම හංගාගෙන වරතමානයේ ජීවත්වීම.

එතකොට ඒ ටිකිරිලියාත් සමඟ ඔබ අර සංස්කෘතික ගැහැණිය සිටි තැනම ද සිටින්නෙ කියා මා ඇසුවොත?

එතැන දී ඇය නූතන සංස්කෘතික ගැහැණියක් යැයි කියන්න මට සිද්ද වෙනවා. ටිකිරිලියා මුහුණ පාන අත්දැකීම් සමාජ සාධක ඒ හැම දෙයක් ම විසින් ඇය ව වෙනස් කරනවා. එහිම තවත් පැත්තක් ද තියෙනවා. ඒ තමයි ගමෙන් පැමිණි චරිතයකට නාගරික ව පවතින සමාජ පීඩනය. එය ඉවසන්න බැරි තැනකට එනවා. යම් පමණකින් හෝ ඒ සංස්කෘතික පසුබිම ඇතුලේ හික්මුන ටිකිරිලියා නාගරික සංස්කෘතිය නොඉවසන තත්වයක් නෙවෙයි මෙතැන තියෙන්නෙ. ඉවසාගන්න බැරි තත්වයකට ඇය මුහුණපානවා. දිගින් දිගටම ඒ දේ සිද්ද වෙනකොට කැකෑරීම කියන දේ ඇති වෙනවා. ඒක ඉවසාගන්න බැරි තත්වයක්.

11751880_10205582132366880_5712284515969869106_n.jpg

එතකොට ටිකිරිලියා ආපහු ගමට යනවා. එහෙම වෙන්න බැරි කමක් නෑ. නමුත් නවකතාවක දී චරිතයකට හිතළු තීරණ මත කටයුතු කරන්න බැහැ. චරිතයක් කියන්නෙ චරිතයක් විතරක් නෙවෙයිල සමාජ පසුබිමක් ද ඊට අයිතියි.

ඔව් ටිකිරිලියාට සමාජ පසුබිමක් තියෙනවා. අර වගේ තීරණයක් ගන්න. මං අර කීව කැකෑරීම ඇතුලේ ඇය වරදකාරී ගැහැණියක් බවටත් පත් කෙරෙනවා. ,වරදට සමාව, කියන නව සමාජ හැසිරීම නිර්මාණය වෙන්නෙත් නිකං නෙවෙයිනෙ. අර කියපු වරදකාරීත්වයට ක්ෂමාවක් ඉල්ලා සිටින පසුබිමක තමයි එවැනි දෙයක් නිර්මාණය වෙන්නෙ. එතකොට ටිකිරිලියාටත් වරදට සමාව අවශ්‍ය වෙනවා. ඒ දේ ඇයට ලැඛෙන්නේ ගමේදී. ඇය ගමේ නවතිනවා. මෙතන එහෙම වෙන්නෙ ගම කියන සාධකයේ බලපෑමෙන් නෙවෙයි වරදට සමාව කියන බලපෑමෙනුයි.

මේ දේම ගම්පෙරලියේ නන්දාටත් සිද්ද වෙනවා. ඒත් ඇය එවැනි කැකෑරීමකට ගොදුරු වෙන්නෙ ඇගේ දරුවන් අර කියපු සංස්කෘතික සීමාවන් උල්ලංඝණය කරන අවස්ථාවලදී. නමුත් ටිකිරිලියාට ඒ සංස්කෘතික උල්ලංඝණය සිද්ද වෙන්නේ තමන්ගේම චරිතය හරහා බව අපිට පේනවා. අර අවස්ථාවේදී නන්දා ට පියල්ගේ සාමකාමී හැසිරීම පිහිට වෙනවා වගේම ටිකිරිලියාට ත් සිය ගැමි ස්වාමිපුරුෂයා වන උක්කුවාගේ මානුෂීය ඉවසීම පිහිට වෙනවා. මේක සංස්කෘතික කියැවීමක්. මම කියනවා එ සංස්කෘතික කියැවීම අපේ නවකතාවටල කෙටිකතාවට වගේම අනිත් හැම කලාවකටමත් නව තත්වයන් හඳුනාගෙන නැවත හඳුන්වා දිය යුතුයි කියලා. ඒ යාවත්කාලීන වීම අපට අවශ්‍යයි.

සාකච්ඡාව අවසන්.

සාකච්ඡා කලේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.


මම කියනවා. ඒ සංස්කාතික ගැහැණිය පිරිහුණාය කියලා.

මම කියනවා. ඒ සංස්කාතික ගැහැණිය පිරිහුණාය කියලා. -පරාක්‍රම ඒකනායක අපේ නවකතාවේ සංස්කෘතික ගැහැණිය ගේ හැසිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ඔබ විසින් කරන ලද මතු කිරීම බහුතර පාඨක සමූහයක් නිහ~ව ම කියැවූවා යැයි මා සිතනවා. ඒ වගේම මා සිතනවා අපි තවමත් ඒ කියවීම අසල සිටිනවාය කියල…? අපේ නවකතාවේ සංස්කෘතික ගැහැණියක් සිටියා. මාර්ටින් වික්‍රමසිංහගේ මුල්ම නවකතා වන ‘ලීලා’ …CONTINUE READING


අපේ නවකතාවේ  සංස්කෘතික ගැහැණිය ගැන කතාවක්

පරාක්‍රම ඒකනායක යි මමයි කාලයක් එකට වැඩ කලා. අදටත් අපේ සමීපස්ථභාවයේ කිසි වෙනසක් නෑ. ඒක වෙනම කතාවක්. නමුත් මේ සටහන මම ලියන්නේ ඒ දවස්වල ඔහු මා ඉදිරියේ මතු කළ විශේෂ කරුණක් සිහි වෙලා යි. එදා පරාක්‍රම මට කිව්වා අපේ නවකතාව ඇතුලේ එක්තරා කාලයක් යන තුරු සංස්කෘතික ගැහැණියක් ජීවත් වුණාය කියලා. (පරාක්‍රම කියන්නේ බොහෝ දේවල් … CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s