පුත්තලම් දිස්ත්‍රික්කයේ ඩයිනෝසර් පොසිල අපේ යටගියාවේ නව පැතිකඩක් හෙළි කරයි

9119_-_Milano,_Museo_storia_naturale_-_Scipionyx_samniticus_-_Foto_Giovanni_Dall'Orto_22-Apr-2007.jpg

ඒ මෘත දේහය හමුවුණේ 1991 වර්ෂයේ හිම දිය වෙමින් පැවැති කාලයේදීය. ජීවිතයේ බොහෝ තීරණාත්මක දෑ අපට හමු වන්නේ කල්තියා දැනුම් දීමකින් නොවේ. මානව ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් ද ඒ දේ එසේමය. මීට වසර පන්දහසකට පමණ පෙර පෘථිවිය මත පැවැතියේ ගල් යුගයයි. ඒ කාලයේ දී අද ඉතාලිය නමින් හඳුන්වන භූ කලාපයේ කඳු හෙල් අතර මිනිසෙක් ජීවත් වූයේ ය. පසුව අභිරහස් ලෙස මියගිය ඒ මිනිසා ගේ මෘත දේහයයි, දියවෙමින් පැවැති හිම අතරින් හමු වුණේ. එය සම්පූර්ණ මළ සිරුරකි.

වර්තමාන මිනිසා ඒ අතීත මිනිසාට “ඕට්සි” යැයි නම් තැබීය. එහි සිංහල තේරුම හිම මිනිසා යන්නයි. එතැන් සිට ඒ හිම ss-1-1.jpgහෙවත් අයිස් මිනිසා ගැන පර්යේෂණ ආරම්භ විය. ඒ ජාත්‍යන්තර රහස් පොලීසියේ මැදිහත් වීමෙන් නොවේ. ලොව පුරා ඇති පුරාවිද්‍යා පර්යේෂණ දෙපාර්තමේන්තු මඟිනි.

පුරා විද්‍යාව මෑත යුගය වන තෙක්ම පැවැතුණේ ‘ඉතිහාසය’ නම් පොදු විෂය යටතේ ය. එහෙත් සාක්ෂි – සාධක මත විමසන ඉතිහාසයේ පුළුල් සහ ජීවමය බව සලකා අද වන විට එය විශේෂ අධ්‍යයනයක් ලෙස ගෙන කටයුතු කරනු දැකිය හැකිය. ඒ අනුව paleobiodiversity යනුවෙන් වෙනස් තැනකට මේ විෂය ගොනු කරගෙන තිබේ. සිංහල අරුතින් එය “පුරා ජෛව විවිධත්වය” නමින් ගැනෙයි. මේ අනුව පොසිල නමින් එන අවසාදිත නම් පුරා සාක්ෂි විමසීම මෙහි දී ප්‍රධාන කර්තව්‍යයක් බවට පත්වෙයි.

පොසිල යනුවෙන් අප හමුවේ ඇත්තේ අජීව සංසිද්ධියක් වුවද ඒවා අපට කියාපාන්නේ මීට වසර මිලියන දහස් ගණනකට එහායින් පැවැති සජීවී කාල වකවානුවක් හෝ වකවානු ගැන ය. ඒ අනුව පසට යට වී ඇති බෙලි කටුවක්, සත්ත්ව ඇට කැබැල්ලක්, ශාක පොසිලයක් ඉහත ආත්මයක් වැනි ඉකුත් අතීතයක සැබෑ වෘතාන්තයක් හෙළි කරන මහා සාක්ෂියක් වීමට හොඳට ම ඉඩ තිබේ. ඒ ආකාරයට පුරා සාක්ෂි කියවීමෙන් අතීතය සැබෑ ලෙසින් මතු කර ගැනීමේ වටිනාකම අවබෝධ කර ගැනීමට ඇති හැකියාව හේතුවෙන් එය වෙනම විෂය ධාරාවක් ලෙසින් ගැනීමට යොමු වීම අද්‍යතන අවශ්‍යතාවක් ම වේ.

microraptor-skeleton.jpg

මීට පෙර මේ සම්බන්ධයෙන් විවිධ විෂය ධාරාවන් තුළ සිටිමින් සොයා ගැනීම් සිදු කළ විද්වතුන් ද මෙහි දී ඉදිරියට ගත යුතුව තිබේ. මන්ද අද වන විට වෙනම විෂය ධාරාවක් ලෙස මේ හැදෑරීම සංවර්ධනීය තලයකට පිවිසෙන්නේ ඔවුන්ගේ ඒ පුරෝගාමි කාර්යභාරය නිසා වන හෙයිනි. අපේ රටට අදාළව ගත්තොත් පී. ඊ. පී. දැරණියගල වැනි විද්වතකුගේ කාර්යභාරය අවසාදිත පොසිල හැදැරීම් සම්බන්ධයෙන් අතිශයින් ම වැදගත් වෙයි. ඔහුගේ ඒ සේවාව ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සලකුණු කළේය. එමෙන්ම මෙරට පුරා ගවේෂණ හැදෑරීම්හි ප්‍රතිඵල ජාත්‍යන්තරයට ගෙන යමින් විශිෂ්ට ගමනාන්තයක් ද ලබා දුන්නේ ය. නූතන විද්වතුන් අද සිදු කරමින් සිටින්නේ ඔහුගේ ඒ ගමනාන්තය තවත් ඉදිරියට ගෙන යෑම ය.

මීට වසර මිලියනයකට එහා අතීතයේ දී මෙරට භූමියේ නිදහසේ සැරිසැරූ සතුන් අතර රයිනෝසිරස් විශේෂ දෙකක් විසූ බව පුරා සාක්ෂි මඟින් හෙළිදරව් කරගෙන තිබේ. ඒ අතරට හිපපොටේමස්, සිංහයා මෙන් ම කොටි විශේෂ ගැන ද තොරතුරු අනාවරණය කරගෙන තිබේ. එහෙත් පවත්නා මානව ක්‍රියාකාරකම් හමුවේ එකී පුරා සාක්ෂි ප්‍රමාණවත් අයුරින් ආරක්ෂා කරගැනීමට අපට පුළුවන්කමක් ලැබී නැත. ඒ ගැන කනගාටුව පළ කරමින් පසුගිය දා නූතන පුරා ජෛව විවිධත්ව විද්‍යාර්ථීන්ගේ එකමුතුවකින් පෙන්වා දුන්නේ පවත්නා පුරා විද්‍යා පනත අද්‍යතන තත්ත්වයන්ට මුහුණ දිය හැකි ආකාරයෙන් ශක්තිමත් කළ යුතුව ඇති බවයි.

වසර මිලියන ගණනකට එහා අතීතයට අයත් පොසිල සාක්ෂි මෙරට භූමියේ ඇති බවට මේ වන විට පැහැදිලිවම හඳුනාගෙන තිබේ. එසේ හඳුනාගත් ඒ පොසිල සාක්ෂි තැන්පතු ජුරාසික්, මයිසෝන මෙන් ම ප්ලයොනිටාසින යුගවලට සම්බන්ධකම් පවත්වන බව ද නව විද්වතුන් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයට අයත් තබ්බෝවත් ඒ ආශ්‍රිත ප්‍රදේශවලත් මෙවැනි පොසිල සාක්ෂි හමුවෙමින් තිබේ. එහෙත් ඒවා අදාළ ප්‍රදේශවල පවතින්නේ කිසිඳු ආරක්ෂාවක් ඇතිව නොවේ. ඒ සම්බන්ධයෙන් සොයා ගැනීම් සිදු කෙරෙන්නේ ද ඒවා දිනෙන් දින විනාශ වෙමින් පවතින සමාජ දේශපාලන පසුබිමක ය.

Entornithine Bird 1.jpg

අවාසනාවකට මෙන් මෙසේ නැති වෙමින් පවතින්නේ ඉහතින් පෙන්වා දුන් ආකාරයට මීට වසර මිලියන ගණනකට එහායින් තිබුණා වූ ස්වාභාව ධර්මයේ නිර්මාණශීලී විචිත්‍රත්වය ගැන අපූර්ව තොරතුරු හෙළි කරන අවසාදිත සාක්ෂිය.

මේ පොසිල බොහෝ විට තැන්පත් වී ඇත්තේ මඩ සහ රොන් මඩ අතරේ වීම ද විශේෂත්වයකි. පුරා ජෛව විද්‍යාඥයන් මේ වන විට තබ්බෝව වැව ආශ්‍රිත ප්‍රදේශයන්හි කැණීම් කටයුතු ආරම්භ කොට ඇත්තේ ඉහතින් කී ජුරාසික් අවසාදිතයන් එකී කලාපයේ වඩාත් ආරක්ෂා සහිතව ඇතැයි යන හඳුනා ගැනීම ඔස්සේ යමිනි. ඔවුන්ට අනුව එසේ අද දින පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතින්නේ එවැනි ජුරාසික් පොසිල තැන්පතුවකි. ඒ නිසා හෙළි වීමට නියමිතව ඇත්තේ මීට වසර මිලියනයකට පමණ ඉකුත් ජුරාසික් අතීතය තුළ අප රටට අයත් යටගියාවයි.

එහෙත් පුරා ජෛව විද්‍යාඥයන් මේ කටයුත්ත කරගෙන යන්නේ ඉතා පහසු සමාජ වටපිටාවක් තුළ නොවේ. එතැනදී ඔවුන් පැහැදිලිවම ඉල්ලා සිටින්නේ සිය පර්යේෂණ සහ ගවේෂණ කටයුතු අතරමඟ කඩාකප්පල් නොවන අන්දමේ පරිසරයක් නිර්මාණය කර දෙන ලෙසයි. විශේෂයෙන්ම භූමිය මතු ස්ථරයන්හි ඇති පොසිල සාධක, සිදු වෙමින් පවත්නා මානව ක්‍රියාකාරකම් වලින් ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට අදාළ බලධාරින්ගේ සහාය අවශ්‍ය වී තිබේ. අදාළ භූ කලාපය තුළ දී මේ වන විටත් කොනිතර්, සයිකේඩ් සහ ෆර්න් වශයෙන් හඳුනාගෙන ඇති ශාක විශේෂ ජුරාසික් යුගයට අයත් පොසිල ශාක ලෙසින් නිගමනය කොට තිබේ. කාලය වශයෙන් ගත් කල ඩයිනෝසරයන් ලොව විසුවේ මේ කියන අතීතයේ දී ය. ඉහත ශාක ප්‍රභේද හලාවත දිස්ත්‍රික්කයෙන් හමුවන්නේ ඩයිනෝසරයන් මෙරටේ ද විසූ බවට පැහැදිලි සාක්ෂි අප හමුවේ තබමිනි. ඒ බව පුරා ජෛව විද්‍යාඥයන් මේ වන විට නිගමනය කොට තිබේ. වසර මිලියනයකට එහා අතීතයට අයත් පොසිල අප රටින් මෙසේ හමුවෙද්දී වහාම ඊට ආරක්ෂාව සහ තවදුරටත් ගවේෂණ කටයුතු සිදු කරගෙන යාමේ පහසුකම් අවශ්‍ය වී තිබේ. එමෙන්ම ඒ ආරක්ෂාව නෛතික ආරක්ෂාවක් වීම ද අවශ්‍ය වේ.

මයෝසීන යුගය පෘථිවියේ පහළ වූයේ මීට වසර මිලියන 25 කට පෙර ය. ඒ මයෝසීන යුගයට අයත් පොසිල ද මේ වන විට අප භූමියෙන් මතු කරගැනීමට පුරා ජෛව විද්‍යාඥයන් සමත් ව තිබේ. මයෝසීන පොසිල හමුවන ප්‍රදේශ වශයෙන් යාපනයත්, උතුරු දෙස බටහිර සහ දකුණු දෙස නැගෙනහිර කලාපයත් අවධානයට ලක්ව ඇත. ඒ හැරුණු කල මයෝසීන යුගයට ම අයත් සාගර ජෛව විශේෂ කිහිපයක් හා සම්බන්ධ පොසිල සාක්ෂි ද මේ වන විට හමුවෙමින් තිබේ. ඒ ද පුත්තලම දිස්ත්‍රික්කයටම අයත් ආරුවක්කාලු ප්‍රදේශයෙනි. නමුත් කාලයක සිට ම මේ ප්‍රදේශය වෙන්කොට තිබෙන්නේ සිමෙන්ති නිෂ්පාදනය හා සම්බන්ධ කටයුතුවලට ය යන්න ද මෙහි දී මතු කළ යුතු කරුණක් වේ.

යාපනයේ ද හුණුගල බහුල ප්‍රදේශ ද මයෝසීන යුගයට අයත් පොසිල සහිත භූ කලාපයක් ලෙසින් අවධානයට ලක් වී තිබේ. ඒ අනුව මොලුස්කා විශේෂ සහ අතීතයේ විසූ කැසබුවන්ගේ මෝරුන්ගේ ඩොල්පින් මෙන් ම තල්මසුන්ගේ පොසිල ඒ කලාපයේ ඇති බවට පුරා ජෛව විවිධත්ව විද්‍යාඥයෝ අනුමාන කරති.

06NECK-jumbo.jpg

ඉහතින් කී යුග අතරින් වඩාත් සිත්ගන්නාසුලු යුගයක් ලෙසින් ඇතැම් පුරා ජෛව විද්‍යාඥයන් මතු කරන්නේ ප්ලයොටොසින යුගයයි. එය අයිස් යුගයේ අවසානය සහ නූතන මිනිසාගේ පැමිණීම යන කාල වකවානු දෙක මැදින් බිහි වූ කාල පරිච්ඡේදයක් වේ. එමෙන්ම නූතන ජෛව විවිධත්වය උපද්නා කාල වකවානුව වන්නේ ද ප්ලයිටොසින යුග යි. ඒ කාලයට අයත් අස්ථි කොටස් මෙන්ම වෙනත් අවසාදිත සපයන සාක්ෂිවලට අනුව රයිනෝසිරස් විශේෂ දෙකක්, හිපපොටේමස්, කිඹුලා, කොටි විශේෂ, වල් ඌරා, කුළු හරකා මෙන්ම ගවයා මෙරට පරිසර කලාපයන්හි හැසිරෙමින් කාලය ගෙවා ඇත.

මේ යුගයේ තවත් සුවිශේෂ අවසාදිත සාක්ෂියක් රත්නපුර කලාපයේ මැණික් පතලකින් හමු වී තිබේ. එය හස්ති 9120_-_Milano,_Museo_storia_naturale_-_Scipionyx_samniticus_-_Foto_Giovanni_Dall'Orto_22-Apr-2007විශේෂයකට අයත් ය. ‘රත්නපුරයේ ෆවුනා’ නමින් නම් කොට ඇති මේ හස්තියා යට කී සත්ත්ව විශේෂයන්ට කිට්ටු ඥාතිත්වයක් ද ඇති ජෛව ප්‍රජාවක් වේ.

රත්නපුරය යනුවෙන් අප හඳුනා ගන්නා ප්‍රදේශය කඳුවැටිවලින් වට වූ භූ පිහිටීමකින් යුක්ත එකකි. එක් කාල වකවානුවක දී මේ ප්‍රදේශය තුළ සිදු වූ දැවැන්ත ජල ආපදාවකට මුහුණ දුන් එහි විසූ සත්ත්ව විශේෂ මියගොස් ඇති අතර ඔවුන්ගේ මළකුණු කලාපයේ රොන් මඩ සහ මඩ සහිත භූ ස්ථර අතර තැන්පත් කොට ඇත්තේ කාලය විසිනි. මේ අනුව දියළු පස සහිත නිම්නයන්හි යට කී පොසිල ආරක්ෂා වී පවතින බවට පුරා ජෛව විද්‍යාඥයන් මේ වන විට හඳුනාගෙන ඇත. දිගු කාලයක් තිස්සේ පොසිල තත්ත්වයට පත් වෙමින් මෙකී අවසාදිත මළකුණු එසේ දියලු නිම්නයන්හි ආරක්ෂා වෙද්දී, තවත් ඒවා ඉහළ කඳුකරයේ සිට ගලා ආ ගංගාවන්හි ජල ප්‍රවාහ විසින් සාගරය දක්වා ද ඇදගෙන ගොස් තිබේ. කෙසේ හෝ වේවා ඒ ජෛව මළකුණු අවසාදිත බවට පත් වෙමින් පොසිල සාක්ෂි වශයෙන් ඉතිරි වීම තුළ වසර මිලයන ගණනකින් එහා අතීතයකට අයත් පෘථිවි පැවැත්ම ගැන වැලලුණු වෘතාන්තයක් ඉහළට මතු වෙමින් තිබේ.

මේ සත්ත්ව පොසිල හඳුනා ගැනීම සහ නීර්ණයන් ඉදිරිපත් කිරීම සුළුවෙන් ගත හැක්කක් නොවේ. වෙනත් ආකාරයකට කියනවානම් පොසිල වර්ගීකරණය කිරීම හුදු මිනිස් පරිකල්පනයෙන් කරන්නා වූ කටයුත්තක් නොවේ. එය විද්‍යාත්මක කර්තව්‍යයක් වේ. නිදසුනක් ලෙස සත්ත්ව ඇට කැබැල්ලක් හමු වූ පමණින් සම්පූර්ණ කාල වකවානුව හෝ ජෛව පැවැත්ම ගැන නීර්ණායකයක් ඉදිරිපත් කළ නො හැකිය. ඒ වෙනුවෙන් ප්‍රදේශය පුරා විසිර ඇති ඒ අනුව යන පොසිලත් සමඟ එය සැසඳීම කළ යුතු වේ. එය විද්‍යාඥයෙකුගේ කාර්යභාරයක් යැයි අප කීවේ ඒ නිසාය.

ඒ අනුව මේ තාක් කාලයක් පොදු විෂයයන් අනුව යමින් සිදු කළා වූ පුරා විද්‍යා ගවේෂණය පුරා ජෛව විවිධත්වය වශයෙන් ගෙන හැදෑරීමට යොමු වීම අදාළ විෂයේ වටිනාකම හඳුනා ගැනීමක් බැව් පැහැදිලිය. එය ප්‍රශංසා කටයුතුය.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s