ධෛර්යය සහ ශක්තිය අවශ්‍ය වන්නේ ජීවිතයේ බිඳ වැටීම් දරා ගන්නටයි.

hemingway-1.jpg

එය නවකථාවකි. Fare well to Arms ලෝක යුද්ධය පසුබිම් කරගත් විශිෂ්ඨතම නවකථාවක් ලෙසින් විචාරක ප්‍රශංසාව දිනූවකි. අර්නස්ට් හෙමිංවේ විසින් ලියූවකි. වර්ෂ 1918 ජූලි 08 දා තමා විසූ ගම අසල කාල තුවක්කු සහ මැෂින් තුවක්කු ප්‍රහාරයක් ඔහුගේ මතකයෙන් බැහැර නොවීමේ ප්‍රතිඵලයක් ලෙස ඉහත කී නවකථාව ලියැවිණි. ෆෙඩ්රික් හෙන්රි (කථා නායකයා) අනතුරට පත් වන අයට සාත්තු කළ අයෙකි.

අර්නස්ට් හෙමිංවේ ඉතාලියේදී තමා ඇසුරු කළ මිනිසුන් ද මෙම නවකථාව තුළ දී අපූරු චරිත කිහිපයක් ලෙසින් ප්‍රති ehKarshනිර්මාණය කොට ඇත. ඒවා පැවැති යුධ සමයේ ජීවමාන නිදර්ශන ලෙසින් ද ඉදිරිපත් කොට තිබේ. ඒ සඳහා දිය හැකි හොඳම නිදර්ශනය තරුණ දේව ගැතිවරයාය. හෙමිංවේට ඔහු හමු වුණේ එක්තරා දේවස්ථානයකදීය. එකල එය තාවකාලික රෝහලක් වශයෙන් පැවතිණි. හෙමිංවේ එහි ප්‍රතිකාර ලබමින් සිටියේය. ඇමරිකානු ජාතික හෙදියක් ඇසුරින් නිර්මාණය වූ අත්දැකීමක් ද එහි වේ. එය හෙමිංවේ යුධ හමුදා රෝහලක සිටියදී ලැබූවකි. ඔහුගේ ජීවිතය තුළ ඇති වී නැති වී ගිය ආදරයක අත්දැකීමක් වශයෙන් එය ප්‍රකටය. ඇගේ නම ඇග්නස් ය. මේ කියන ඇග්නස් එදා හෙමිංවේ විසින් ගෙන එන්නට යෙදුණු සෑම විවාහ යෝජනාවක්ම ඉතා විනීත අයුරින් ප්‍රතික්ෂේප කළ එකියකි. අවසානයේදී ඒ අත්දැකීම් ඔහුගේ ජීවිතය තුල ගොඩ ගැසුනු ආත්මීය වේදනාවක් බවට පත්විය. පසු කලක ඔහු විසින් ලියන ලද බොහෝ කෙටි කතා මෙන්ම The Sun also rises, Fare well to Arms  වැනි නවකථා ද ඇසුරේ මිනිසෙක් වශයෙන් ලද ඔහුගේ ප්‍රෙමාන්විත හැඟීම්ල යුධ අත්දැකීම් ගැඹුරින් ස්පර්ශ වී ඇති අයුරු දැකිය හැකිය. රපි මුලදී කෙටිකථාවක් ලෙසින් ගොඩ නැඟ=ණ ද අවසානයේදී කතාවේ විෂයල තේමාව පුළුල් වීම නිසා නවකතාවක් බවට පත් වී යැයි පැවසේ.

famous-writers-19-wide-wallpaper.jpg

අර්නස්ට් හෙමිංවේගේ කතා කලාව ශෝකය ස්පර්ශ කරන වීර කාව්‍යමය ගුණයකින් යුතු වූවක්ය යන්න විචාරකයින්ගේ මතය වේ. ඒවායේ පුරුෂ චරිත මනා පෞරුෂත්වයකින් නැගී සිටින්නට වෙර දරන අයුරු කැපී පෙනෙයි. ඔහු ඉමහත් විශ්වාසයකින් යුතුව නිරූපණය කරන ස්ත්‍රී චරිත පවා අර කීව පුරුෂ පෞැෂත්වය ආසන්නයටම පැමිණ සිටිනු දැකිය හැකිය. එහෙත් එහි එන කැතරීන්ගේ චරිතය මේ අතර විශේෂය. ඇය ශාන්ත ලෙසත් අචපල ලෙසත් නිර්මාණය කල ආලේඛ්‍ය චිත්‍රයක් වැනිය. විචක්ෂණ වූත් ස්වාධීන වූත් චරිත සම්පූරණත්වයක් ඇති ඇය ff4682d52ac3509f177760dd0c8afee3අවාසනාවන්ත ෆෙඩිරික්ට ආරක්ෂාව සපයමින් නැඟී සිිටියි.

මෙහිදී දේවගැතිවරයා ඔහුට අධ්‍යාත්මික බලපෑමක් කරමින් කැතරීන් කෙරෙහි ආත්මීය ආදරයක් පුද කරන්නට පසුබිමක් නිර්මාණය කරයි. කැතරීන් ඔහුව ආරක්ෂා කලේ පූර්ණ කරුණාවන්තකමකිනි. මේ අනුව Fare well to Arms නවකථාවේ තවත් ප්‍රධාන චරිතයක් ලෙසින් දේවගැතිවරයා ඉස්මතු වෙයි. ඒ ඔස්සේ ෆෙඩ්රික්ගේ චරිතයට සම්පූර්ණත්වයක් ලබාදීම කතුවරයාගේ අරමුණ වී තිබේ. උදාහරණයක් ලෙස දේවගැතිවරයා සහ ෆෙඩ්රික් අතර ඇතිවන අවසාන කතා බහ දැක්විය හැකිය. ඒ තුලින් මතුවන අධ්‍යාත්මික ගුණය ෆෙඩ්රික්ගේ චරිතයට සම්පූර්ණත්වයක් ලබා දෙයි. සියළු අහිමිවීම් හමුවේ සිටින ඔහුට දේවගැතිවරයා මෙසේ පවසයි.

, අපි ක්‍රිස්තියානීන් වෙමු. මම ඉන් අදහස් කරන්නේ නීතියට අනුකූල ක්‍රිස්තියානින් නොවේ. ඉන් අපගේ දෙවියන් වහන්සේ එනම් බොහෝ දුක් ඉවසූල ඉඳුරන් දමනය කළාවූල ඉවසීම සහ ධෛර්යය අදහස් කෙරෙනවා., මේ අනුව ෆෙඩ්රික් සුන් වූ බලාපොරොත්තු සහිත පීඩාකාරි තත්වය මැ~ නැඟී සිටීමට ධෛර්යය හා ශක්තිය ලබාගනියි. එසේ නොවුණා නම් මහා ශ+න්‍යයත්වයක් විසින් ඔහුව ගිල දමනු නිසැකයි. නවකථාව අවසාන වන්නේ සිය දරුවා බිහි කිරීමට යන කැතරීන් ඒ නිසාම මිය යෑමෙනි.

88aa_1.jpg

ආදරය හා බැඳුනු වේදනාකාරී අත්දැකීම් සමූහයකින් පරිණත වන ෆෙඩ්රික් යුධ හමුදාව ලබන නින්දා සහගත පරාජය හමුවේ එයින් පැන යයි. ඔහු ඔත්තු කරුවෙකු ලෙස සලකා ආරක්ෂක පොලිසිය ඔහුට වෙඩි තබයි. ෆෙඩ්රික් තුවාල ලබයි. මෙම තත්වය මෙසේ විස්තර වෙයි.11977525-large

” හෙුදකලා වෙමින් වුවද ධෛර්යමත්ව සිටීමට ෆෙඩ්රික් උගනියි. එමෙන්ම එය ඔහුට අවශ්‍යම වෙයි. මන්ද යත් දීර්ඝ විඳදරා ගැනීමක් ඔහු ඉදිරියේ ඇති බැවිනි. ඒ කැතරීන් ගේ මරණයයි. ”

වැසි ඇද වැටෙයි. රෝහලේ පිටුපස අඳුරු කාමරයක මෘත දේහයක් තිබේ. ඒ අසල සිට වැස්සේම පිටව යන මිනිසෙකි. ඔහු ෆෙඩ්රික් ය. හිරිහැරකාරි වැස්සල මරණයේ අඳුර සංකේතාත්මක අවස්ථාවක් නිර්මාණය කලා වැනිය. නිර්දය වැස්ස නොනවත්වා තදින්ම වසියි. එය සියළු හැඟීම් බිඳ දමයි. Fare well to Arms නවකතාව එතැනින් අවසන් වෙයි. එහෙත් හෙමිංවේ මෙසේ පවසයි.

“දෙදෙනෙක් අතර ඇතිවන අන්‍යෙන්‍ය ආදරය අවසන් වන්නේ සතුට සිඳී ගිය තැනකිනි.”

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

 

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s