එදා ,පරිසර අධිකාරිය, අපේ ගැමි ජනතාවයි.

මානව විද්‍යාඥ පණ්ඩුල ඇදගම

12.jpg

මම හොඳ ගැමියෙක්. හොඳ ගැමියෙක් කියන්නෙ හොඳ පරිසරවේදියෙක්. ඒ මොකද හැම ගැමියෙක්ම හොඳ පරිසරවේදියෙක් නොවන නිසා. ඒ නිසා ,හොඳ, යන විශේෂණය මෙතැනදී වැදගත් වෙනවා.

අද අපි හැම කෙනෙක්ම වගේ පරිසරය ගැන කතා කරනවා. හුඟ දෙනෙක් හිතනවා ඒ ගැන දැනුවත් විම හොඳය කියලා. සමහරු රාජකාරියක් වශයෙනුත් එය සලකනවා. හැබැයි කාලය පැය අටයි. මම පරිසර අධ්‍යක්ෂ වශයෙන් හිටපු ඒ කාලේ පාසැල් දරුවන්ව පරිසර චාරිකාවක් ගෙන යන්න වැඩ පිළිවෙලක් සකස් කළා. ඒ සඳහා වෙනම දුම්රියකA ද සූදානම් කළා. දුම්රියේ ගමන් කරන අතරෙ රටේ පරිසර ප්‍රශ්න ගැන කතා කරන්න විද්වතුන් කිහිපදෙනෙකුත් ගමනට ලෑස්ති කර ගත්තා. එවකට හිටිය පරිසර ඇමතිනිය වන ශ්‍රීමනි ඇතුලත් මුදලි මේ සඳහා හොඳ සහයක් පල කළා. හැබැයි මම එතැනදීම කිව්වා ළමයි හරි බුද්ධිමත්. අපි යන්නේ පරිසර චාරිකාවක්. ඒ නිසා ළමයින්ට දෙන කෑම එක පොලිතින්වල නම් ඔතන්න එපා. ඒ වෙනුවට පරිසරයට හිතකර දෙයක් යොදා ගන්නය කියලා. හා හරිය ඔවුනුත් ඊට එකඟ වුණා.

ඔන්න දැන් ඉතින් ගමන යනවා. අර කිව්ව විදිහට දේශනා පැවැත්වෙනවා. කෑම වෙලාවත් ආවා. හැම කෑම පාර්සලයක්ම ඔතල තිබුනෙ පොලිතින්වල. එතකොට ළමයි අපෙන් අහනවා පොලිතින් පරිසරයට හිතකර නෑ කියලා. ඒ නිසා පොලිතින් එපාය කියලා. ඒත් මේ තියෙන්නේ පොලිතින් නෙවෙයි දරෑ ඉතින් මම කියන්නෙ රාජකාරි මට්ටමින් නම් කවදාවත්ම පරිසරය රකින්න බෑ.

5a.jpg

අධ්‍යාපනය

මම ළමයින්ට හැම වෙලේම කියනවා තමන් උගත් දේ විභාගයට ලියලා ගෙදර යද්දී ගේට්ටුව ළඟ තියලා යන්න එපාය කියලා. අද අපේ මේ පරිසරයට වෙලා තියෙන්්නෙත් ඒකයි. මෙතෙක් කාලයක් පරිසරයට අදාලව කතා කළ දේවල් ක්‍රියාත්මක වුනා නං හරියට කළා නං මේ තරම් පරිසර ප්‍රශ්න තියෙන්න බෑ.

මම පුංචි කාලේ මුලින්ම කලේ පාන්දරින්ම නැඟිටලා අහල පහල තියෙන ගොම එකතු කරලා කුණු වලට දාපු එක. වත්ත පිටිය අතුගාලා ඒ කුණු දැම්මෙත් අර කුණුවලටමයි. ඒත් අද අන්තිම හොඳ වාහනෙන් යන මහත්තුරු වාහනෙ යන ගමන්ම කුණු ටික විසි කරනවා පාරට. එහෙම නැත්නම් අල්ලපු වත්තට. සමහර විට ඒ මහත්තුරු පරිසරයට අදාල වැඩ කටයුතු කරන අය විය හැකියි.

දැන් මේ මම පරිසරය ගැන ඉගෙන ගන්න පාසැල්වල ළමයින් ගෙන් අහලා තියෙනවා මොකක්ද පරිසරය කියන්නෙ කියලා. ළමයි දෙන උත්තරය තමයි වටපිටාව කියනෙක. නමුත් ඒක සම්පූරණ උත්තරයක් දරෑ වටපිටාව කිව්වම ඒකෙන් තේරුම් යන්නේ එය තමාගෙන් බැහැරව තියෙන එකක්ය කියලයි. නමුත් ඇත්ත තත්වය පරිසරය තමයි මිනිසා. පරිසරය කියන්නෙ තමාටමයි. පරිසරය රැකෙන එකෙන් අවසානයේදී රැකෙන්නේ තමන්මයි. මෙන්න මේ විදියට හිතන අධ්‍යාපනයක් ලැබුණොත් තමයි ළමයෙක් උනත් මේ ගහ කොල වලට ආදරය කිරීමල ඒවා රැක ගැනීමල තමන්ටම ආදරය කිරීමක්ල තමන්ටම රැක බලා ගැනීමක් කියල තේරුම් ගන්නේ.

දැන් මෙතැනදී අරපිිරිමැස්ම තමයි මූලික වෙන්නේ. අද අධික මිළ ගණන්වලට එස් 5 ක්‍රමය කාර්යාලවල උගන්වනවා. ඒත් ඔය එස් 5 අරගෙන ගිහිල්ලා අපේ ගමේ ආච්චි අම්මා කෙනෙක්ගෙන් අහන්නල උන්දෑ කියල දේවි ඒ ගැන. ඒ තමයි අරපිරිමැස්ම. ඒ කාලේ අපි බත් කනකොට වැඩිහිටියන් අපට කීවේ කන්න පුළූවන් තරමට ඛෙදා ගන්නය කියලා. ඛෙදා ගත්ත දේ පිළිවෙලකට කන්නය කියලා. ඒ මොකද තමන් ඉඳුල් කරපු දෙයක් තව කෙනෙකුට කන්න බෑ. ඒත් ඇතිලියෙ ඉතිරි වෙන ආහාර වලින් තව කෙනෙකුගේ බඩ ගින්න නිවෙනවා. තමන් කන බොන දේ තුල තියෙන වටිනාකම අපි තේරුම් ගන්න ඕනෙ. මේ තමයි අපේ උරුමය. දැන් බලන්න අපි හාල් හෝදපු වතුරට කියන්නේ හාල් පානු වතුර කියල. වළං පිඟන් හෝදපු වතුර ඉඳුල් වතුර. ඔබ දැකල තියෙනවද අපේ ඇත්තො ගේ් දොරකඩ ඉඳලා මේවා මිඳුළට විසි කරනවා. අපේ අම්මල ඒවා බාල්දියකට එකතු කරලා අමාරුවෙන් හරි ඒක අරගෙන ගියේ වත්තෙ බැඳල ඉන්න එළදෙන ගාවට. ඒ මොකද ඒ අය දැනගෙන හිටියා ඉතාම පෝෂ්‍ය පදාර්ථ ඒ වතුරවල තියෙනවාය කියලා.

your-stay-03.jpg

මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. මේ කවිය ඔබ අහල තියෙනවා. ඒත් ඔබ දන්නවද එයින් කියැවෙන පාරිසරික වටිනාකම් ගැන. ඕන තරම් පාරිසරික වටිනාකම් අප අවට තියෙනවා. අත දිග ඇරපු මානයේ සිටම අපිට හිමිකර ගන්න සම්පත් තියෙනවා. ඒත් නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. අපට අවශ්‍ය එපමණයි. අද ලෝකය පුරාම තියෙන සම්පත් ඌනතාවයට මූලිකම හේතුව තමයි අධික පාරිභෝජනය. අනාගතයට කියල කිසිවක්ම ඉතිරි නොකර ඔක්කොම කාලා කාලා ඉවර කරලයි තියෙන්නේ. නමුත් අපේ ගමේ ඇත්තෝ කොස් ගෙඩියෙන් ඉවත දැම්මෙ පිට කට්ටයි වහල්ලයි විතරයි. මේක අරපිරිමැස්ම. කුම්මැහිකම ලෝභකම විදිහට වරදවලා තේරුම් ගන්න එපා. මේවායේ තියෙන හර පද්ධතියල වටිනාකම තේරුම් ගන්න ඕනෑ. අපතේ යන වතුරවලිනුත් අපේ අය ප්‍රයෝජනයක් ගත්තා. ඒත් අපේ කන්තෝරුවල ඉන්න නෝනාවරු මහත්තුරු කෑම කාලා අත පිහිදාන්නෙත් මැදපු කඩදාසි වලින්. හත් අට සැරේ ලියන්න පුළුවන් කඩදාසි වලින් තමයි කුණු කූඩ පිරිලා තියෙන්නේ. අපි තේරුම් ගන්න ඕනෙ මේ හැම දේකටම ආර්ථීක වටිනාකමක් තියෙනවාය කියලා. ඒ වෙනුවෙන් අපට කල හැකි දෙයක් තියෙනවාය කියලා.

මතු සම්බන්ධයි.

(සියත – 2009 ජනවාරි 25)

සකස් කළේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s