ජනප්‍රිය සංස්කෘතිය විද්වත් හැදෑරීම සහ ක්ලැරන්ස් විෙජ්වර්ධන

5a.jpg

ජනප්‍රිය සංස්කෘතිය අපේ රට තුළ සාකච්ඡාවට ගැනෙන්නේ හැත්තෑවේ දශකයත් සමඟය. එහෙත් ප්‍රශ්නය වන්නේ 70 දශකයට පෙර මේ කියන ජනප්‍රිය සංස්කෘතියේ අවම තත්ත්වයක්වත් දකින්නට නොලැබුනේ ද යන්නයි. එහෙත් ඕනෑම සමාජ හැසිරීමක් සංස්කෘතියක් වශයෙන් තහවුරු වන්නේ පවතින කාලය සහ සමාජය පිළිබඳ ඇති කරගන්නා ගැටුම්හි ප්‍රතිඵලයක් වශයෙනි.

එම කෙටි පූර්ව වාක්‍යය ඉදිරිපත් කරන්නට හේතු වුණේ ක්ලැරන්ස් විෙජ්වර්ධන සම්බන්ධයෙන් පසුගිය දිනවල සිට ඇතිවී තිඛෙන නව කතිකාවත සැලකිල්ලට ගනිමිනි. පරාක්‍රම කොඩිතුවක්කුගේ ,ක්ලැරා, නවකතාව ඊට යම් 8cba62e758038d7c90da7816a8deab1b_w500_h500.jpgසම්මාදමක් කළ බව පිළිගැනීමට සිදුවේ. කෙසේ වෙතත් පරාක්‍රම මේ නවකතාව ලියන්නේ ජනප්‍රිය සංස්කාතිය සම්බන්ධයෙන 70 දශකයේ දී මතු වූ ඒ සංස්කෘතික ප්‍රවාහය විශ්ලේෂණය කිරීමේ පුළුල් අරමුණකින් ද යන්න පැහැදිලි නැත.

80 දශකය වන විට මෙම සංස්කෘතික ප්‍රවාහය සංවිධිත මාතෘකාවක් බවට පත් කර ගැනීමට ආචාර්ය සරත අමුනුගම දැරූ ප්‍රයත්නය අමුතුවෙන් හඳුන්වා දිය යුත්තක් නොවේ. එහෙත් ඔහු ඒ සඳහා පාදක කර ගන්නේ එච් ආර් ජෝතිපාලගේ ගායනීය හැසිරීමයි. විචාරකයින්ට අනුව අමුනුගම ගේ ඒ සමාජ සංස්කෘතික සංවාදය තුළ දේශපාලන හැසිරීමක් ද තිබුණි. කෙසේ වෙතත් ආචාර්ය අමුනුගම යම් විෂය මූලික පදනමක් මත එම අදහස් ඉදිරිපත් කොට තිබූ බව පිළිගැනීමට සිදු වේ. නමුත් පසුගිය දිනවල පරාක්‍රම කොඩිතුවක්කු ලියූ ,ක්ලැරා, කෘතිය අර කීව ජනප්‍රිය සංස්කෘතික සංවාදයේ විෂය මූලික ස්වභාවය සමඟ කොතෙක් දුරට සමපාත වන්නේ ද යන්න ප්‍රශ්නයකි. ඒ අනුව ක්ලැරන්ස් විෙජ්වර්ධන යනු හුදු උපයෝගිතාවාදී Brand Name එකක් බවට පත් කිරීම සංවාදශීලි අවශ්‍යතාව ඉටු කිරීමක් ලෙසින් ගත හැකි නොවේ.

ක්ලැරන්ස්ව අප මුලින්ම හඳුනා ගන්නේ නව ගීත සංස්කෘතියක් සමඟ ඉදිරියට ආ කණ්ඩායම් ගීත කලාව හරහාය. පැවති සාම්ප්‍රදායික සංගීත නාද රටා අතරට නව තාරුණ්‍යයක් පිවසීමක් ලෙසින්ද එය අර්ථකථනය කෙරුණි. එතෙක් අත් නොවිඳි සරල ජනප්‍රිය සංගීත ආරක් මේ තරුණ ගායකයෝ ගෙන ආහ. අවාසනාවකට මෙන් මේ තරුණ ජනප්‍රියත්වය සමාජ සංස්කෘතික සංවාදයක් හැටියට ඉදිරියට ගෙන යාමට ඉදිරිපත් වූ කිසිවෙක් නොවීය. ක්ලැරන්ස් විෙජ්වර්ධන හුදු පුද්ගල ජනප්‍රියත්වයක් වශයෙන් ගත්තා මිස විෂය හැදෑරීමක් තබා යම් මට්ටමක විමසීමක් කිරීමට වත් උගත් විචාරකයන් ඉදිරිපත් වීමක් නොවුනේ කුමන හේතුවක් නිසාදැයි වෙනම විමසිය යුතුය. මේ ආකාරයට ක්ලැරන්ස් හරහා නිර්මාණය වූ නව්‍ය සංගීත සම්ප්‍රදාය පැහැදිලි වශයෙන්ම හුදකලා කිරීමක් සිදුව තිබේ. මේ තත්වයම නවකතා ක්ෂේත්‍රයේදී කරුනාසේන ජයලත්ට ද හිමිකොට දී ඇත. මේවා නිරුත්සාහයෙන් සිදු වූ දෑ නොව සිතාමතාම සිද්ද කළ දේවල් වේ.

Clarence_Wijewardena.jpg

එවැනි තත්ව නිවැරැදි කිරීමේදි වඩාත් ප්‍රවේශම් විය යුතුය. ඒ අනුව සිදු විය යුතුව ඇත්තේ සංවාදශීලි ඉදිරි මඟක් වෙනුවෙන් සාමුහික ප්‍රයත්නයකට යෑම විනා පුද්ගලවාචී අවශ්‍යතා වෙනුවෙන් ඒවා යොදා ගැනීම නොවේ. කොටින්ම කියනවා නම් Brand Marketing යන තත්වයට සාහිත්‍යයික සංස්කෘතික සංවාදයක් ලඝු කර ගැනීම යනු නව්‍ය තත්වයන් හඳුනාගෙන කටයුතු කිරීමක් ලෙසින් හැඳින්විය හැකි නොවේ. ක්ලැරන්ස් විෙජ්වර්ධනට මේ දෙයාකාරයෙන්ම ඓතිහාසික අසාධාරණය සිදුව තිබේ.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s