වටම ගියත් – ගෙටම නොගියොත් අපේ ගොවිතැනට හුණා අඬයි

 

6324708221_151fd4f91d_bයා දෙක නොරන රඟ
පෑහිමක් නම් නැත
ලාකඩ එහෙම නැත
මදක් රත්වූ විගස පෑහෙත
ඒ මා මීට කාලයකට ඉහතදී කියවූ කවියකි. පළවී තිබුණේ
සති අන්ත පුවත්පතකය. කවියා ඉන් කියන්නට උත්සාහ කරන්නේ කොයි
ආකාරයෙන්වත් පෑහෙන්නේ නැතියි අප දත් සම්මතය තුළ වුණත් යම්
ආකාරයකින් හෝ පෑහෙන ස්වභාවයන්ද ඇති බවය. ඒත් අපේ රටේ
ජාතික වැඩ සටහන් කි්‍රයාත්මක වන ආකාරය දෙස බැලු විට නම් යළිත්
වරක් යාමට සිදු වන්නේ කවියේ මුලටමය. නිදර්ශනයක් ලෙස එක්
අමාත්‍යාංශයක් තවත් අමාත්‍යාංශයක් සමඟ පෑහී කටයුතු කළ යුතු
අවස්ථාවක අමාත්‍යවරුන්ගේ නොපෑහෙන හැසීරීම් නිසා අර කියු ජාතික
මට්ටමේ සැලසුම් අතරමග නවතියි. ඒ නිසා සිදු වන මුදල් හානි ගැන
වෙනම සොයා බැලිය යුතුව ඇත. එක් අතකින් සලකන කළ මෙය ජාතික
මට්ටමේ කුහක කමක්ද වෙයි.
කෙසේ හෝ වේවා මෙහිදී අප කථා කරන්නට උත්සාහ කරන්නේ
මෙරට කෘෂිකර්මාන්තය සහ ආහාර බෝග සම්බන්ධයෙන් දිගින් දිගටම
පැන නගින ගැටළු වැලක් ගැනය. ඇතැම් කෘෂි හඳුන්වාදීම් මේ වන විට
ලෝක මට්ටමින් පාරිසරික ප්‍රශ්න රැසක්ද උද්ගතව ඇත. අසාර්ථක හරිත
විප්ලවයේ සහ ජාන ප්‍රතිඵල ලෙසින් හැඳින්විය හැකි රසායනික පොහොර
සහ කෘමි නාශක භාවිතය මුළුමනින්ම කෙසේ වෙතත් ඒ වෙනුවට කාබනික
පොහොර භාවිතය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් අදටත් පූර්ණ ප්‍රගතියක්
ලබා ගැනීමට පුළුවන්කමක් ලැබී නැත. ඇත්ත එයයි. බැලු බැල්මට
අනික් අතින් මේ ගැටළුවේ වැඩි බරක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඇතැයි
යමෙකුට සිතෙන්නට පුළුවන් වුණත් ඒ අරබයා පාරිසර අමාත්‍යංශයට
ඇත්තේ ද සුළුපටු නොවූ වගකීමකි. මන්ද මේ කියන රසායකික පෝර
භාවිතය සහ කෘමිනාශක නිසා සිදුව ඇති පාරිසරික භානිය අවම කොට
නිවැරදි තැනකට ඒමට නම් කෘෂිකර්ම සහ පරිසර අමාත්‍යාංශ අතර
සහයෝගිතා වැඩ පිළිවෙලක් ගොඩ නඟා ගැනීම පළමුවෙන්ම සිදුවිය6214021032_b0044b49ce_b

යුතුය. වෙනත් ලෙසකට කියනවා නම් උක්ත ව්‍යාසනයට එරෙහිව මේ
අමාත්‍යාංශ දෙකම එක සමාන උනන්දුවක් ඇති කරගත යුතුය.
කාබනික පොහොර භාවිතයේදී අපේ පැරණි ගොවීහු ඊට අදාල
නිශ්චිත කි්‍රයා පටිපාටියක්ද අනුගමනය කළ බැව් දක්නට තිබේ. ඒ අනුව
මහා කන්නය සැලසුම් කිරීමක් හරියට කන්නයකටම වගා කිරීමත් සුදුසුම
බිත්තර වි වර්ග තෝරා ගැනිමටත් උනන්දු වූ ඔවුහු වහා නඩත්තුව
පිළිබඳවද විශේෂ අවධානයක් දක්වා තිබේ. ඒ හැරුණ කළ අස්වනු
නෙලිම, සැකසීම, වී ගබඩා කිරීම මෙන්ම සහල් සකස් කර ගැනීමත් මෙම
කි්‍රයාවලියේම අත්‍යව්‍ය්‍ය කොන්දේසි බවට පත් කරගෙන තිබේ. ඇත්තම
කියනවා නම් හොඳ වී අස්වැන්න ලැබීමටත් ලබාගත් ඒ අස්වැන්න හොඳ
ලාබයක් ලබාගත හැකි ආකාරයට කළමනාකරනය කර ගැනිමටත් අපේ
සාම්ප්‍රදායික ගොවීහු අර කී ආකාරයට ගොවියෙක් ලෙසින් පමණක් නොව
අස්වනු සකස් කරන්නෙක් සහල් නිෂ්පාදකයෙක් මෙන්ම මිළදි ගන්නෙක්
වශයෙන්ද කටයුතු කිරීමෙන්ම මනා පරිචයක් ලබා සිටියේය. නමුත්
පසුව හරිත විප්ලවය අතින් පරාජයට පත්වුයේද අපේ මේ අගනා කෘෂි
කළමනාකරණ ප්‍රතිපත්තියයි. අපේ පැරැන්නෝ මෙලොව පවත්නා ඉහළම
වෘත්තීය වශයෙන් සැලකූ ගොවිකම නිවැරදි අවබෝධයකින් පමණක්
නොව පූර්ණ වගකීමකින් යුත්තව මෙහෙයවා ඇති අයුරු දෙස බලන
විට රටක් වශයෙන් එදා ආසියාවේ මහා ධාන්‍යගාරය බවට පත්වීම මහා
පුදුමයක් ලෙසින් ගතයුතුද? කොටියෙන් කිවහොත් ඔවුහු සිය කටයුතු
මනා සැලසුමකින් යුතුව පවත්වා ගෙන ගොස් තිබේ. තවද දැනුම්වත්
ගොවියන් වශයෙන්ද කටයුතු කොට තිබේ.
වගා ලිත
සාම්ප්‍රදායික ගොවිතැනේදී මහා කන්නය වගා කළේ වගා ලිතට
අනුවය. ඒ විතරක් නොවේ අස්වැන්න එකතු කරගත්තේද වගා ලිත අනුව
යමිනි. වගා ලිත යනුවෙන් එදා අය භාවිතයට ගන්නාවූ දෙයක් වේද? එය
අද දවසේ කාලගුණ දත්ත සටහනකට අසමාන නොවේ. තමන් ජීවත්වන
ප්‍රදේශයේ කාලගුණය, මහ පොළවේ තත්වය, පිළිබඳව කොහොමත් ඔවුන්ට
අවබෝධයක් තිබු අතර එය වඩාත් තහවුරු කරගත්තේ වගා ලිත පරික්ෂා
කිරීමෙනි. අනික් අතින් තමන් වගා කරන බිත්තර වී පිළිබඳවද ඔවුන්
සතුව නිවැරදි දැනුමක් තිබුණ අතර එම බීජ තවත් බීජ හා කළවම්
වී තිබේද හානි වීම් රහිතද යන්න ගැන වුණත් අද මෙන් කෘෂිකර්ම
දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ගැනීමට තරම් දුර්වල තත්ත්වයක නොවේ

65182d007002b53aec488d495e7016cc.jpg

ඔවුන් එදා සිටියේ.
ලිපියේ මුල සිටම කියූ පරිදි අපේ පැරුණි ගොවියා වගා
කරුවෙකුට එහා ගිය හොඳ කළමනාකරුවෙකුද වූ බවට සනාථ කරන
තවත් සාක්ෂියක් වන්නේ වෙළෙඳ පොළ පිළිබඳව ඔවුන් දැක්වු නිරන්තර
අවධානයයි. අදාල කන්නයට තමන් තෝරාගන්නා වී ප්‍රභේදය කාලගුණයට,
පසේ තත්තවයට පමණක් වෙළෙඳ පොළටද ගැලැපනේනේද යන්නත්
පාරිභෝගික ඉල්ලූම සහ රුචිය කෙරෙහි ඔවුන් දැක්ව ූ අවධානයත්
ආදර්ශයක් මෙන්ම ආස්වාදයක්ද ලබා දෙන්නේ යැයි සිතෙයි.
කෙසේ හෝ නැවතත් කාබනික පෝර භාවිතය සහ සාම්ප්‍රදායික
ගොවි තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන්නා වූ කාලයක් පැමිණ ඇත. ඒ
අනුව අස්වැන්න නෙලීමේදී විශාල යන්ත්‍ර සූත්‍ර වෙනුවට කුඩා පරිමාණයේ
යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් අස්වනු හානි වළක්වා ගැනීමට කටයුතු කිරීමේ
වැදගත්කම ගැන කරුණු පෙන්වා දෙන තැනටම කටයුතු යෙදි තිබේ.
වෙන එකක් තබා හැකිතාක් දුරට මිනිස් ශ්‍රමය යොදා ගෙන අස්වැන්න
නෙලීමේ වැදගත්කමකත් එසේ මිනිස් දෑතින් නෙලාගන්නාවූ අස්වැන්න එක්
දවසක්වත් ඉපනැලේලේ තබා වේලා ගැනීමේ වැදගත්කම ගැනද අද වන
විට පුළුල් මට්ටමින් සාකච්ඡාවට ගැනෙන කරුණු බවට පත්ව තිබේ. සරු
අස්වැන්නක් වෙනුවෙන් අද ගොවින් රසායනික පොහොර මෙන්ම විවිධ
කෘමි නාශක නිෂ්පාදන ලැයිස්තු කට පාඩමින් කියන්න දැන සිටියත් එදා
අපේ ඇත්තෝ ආදර්ශ පාඨයක් මෙන් දැන සිටියේ හරියට කන්නයට වගා
කරන්න යන්න පමණි. ඒ හැරුණ කළ යායේ සියලූම ගොවීන් එකමුතුව
එකවර වගා කිරීමෙන් ගොයමට හානි පමුණුවන පාලිබෝධ උපද්‍රව ජය
ගැනිමේ ක්‍රමවේදයද ඔවුන් නිවැරදිවම අනුගමනය කළ බව ඉතිහාසයෙන්
උගත හැකි පාඩමකි.
පස සාරවත් කර ගැනීමෙට මූලික බිම් සැකසීමද අවශ්‍ය අංගයක්
විය. ඒ අනුව පළමු සී සෑම(බිං නැඟ=ම පූරන් හීය) අඟල් 8-10ක් අතර
ගැඹුරකට පස බුරුල් කිරීමක් විය. ඒ සඳහා සිංහල ගැමි නගුල, යකඩ
නගුල, මොල්බෝඩ් නගුල හෝ තැටි නගුල භාවිතා කොට තිබේ. ලියැදි
කෙටීමට උදළු සුදුසු විය. උදළු වලින් ලියැදී තැනිමේන් පොළවේ තද
ස්වරය බිඳි යටි පස මතුපිට පස සමඟ මිශ්‍ර වීමෙන් පසෙහි සාරවත්
ගුණය මතු කරගත් අතර පසුව පිදුරු හෝ කොළ පෝර ඊට එකතු කර
ගැනිමේන් එය වඩාත් තහවුරු කර ගෙන තිබේ.

112.jpg

පළමු සී සෑමෙන් දින 10-14කට පසු දෙවන සී සෑම(මද හීය,
මඩ හීය) සිදු කළ අතර ඒ සඳහා සිංහල ගැමි නගුල, හෝ කොකු නගල
යොදා ගැනිණි. මෙය සිදු කළේ හරස් අතරටය. දිරාපත් කාබනික පෝර
යෙදීම ද ඒත් සමඟ සිදුවිය.
නියර බැන්දේ උදැල්ලෙනි. ඒත් සමඟම වල් පැළ පාලනය වීම්ද
සිදු වූයේය. වල් පැළෑටි පාලනයේදී ජලය පාලනය කිරීම මෙන්ම විඩර්
යනුවෙන් හැඳින්වෙන ක්‍රම වේදයද ප්‍රතිඵලදායක විය. මේ සියල්ල අතරේ
ගොයම් පැළ වල වර්ධන වේගයද ගොවියාගේ අවධානයෙන් නොගිලූහුණු
අතර එතැනදී අඩු වර්ධන වේගයක් පවතී නම් දියර පෝර(කොළ හෝ
ගොම වශයෙන්) යෙදීම අවශ්‍යම කටයුත්තක් ලෙසින් සිදු කොට තිබේ.
ගබඩාකරණය
කුඹුරට බැස කරන වගා කටයුත්තක් ලෙසින් පමණක් ගොවිතැන
ගැන නොසිතූ සාම්ප්‍රදායික ගෙවිහු ගබඩාකරණයද ඒ හා සමාන ඇතැම්
විට ඊටත් වඩා වැදගත් කර්තව්‍යයක් ලෙසින් සැලකූවේ වගා කටයුතු
කොයිතරම් හොදින් කෙරුණත් නෙලාගත් අස්වැන්න නිසි ලෙස ගබඩා
නොවූණහොත් අර සියලූ කටයුතු වතුරේ යන බවද දැන සිටි නිසාය.
මේ සඳහා සාම්ප්‍රදායික ගොවි ඥනයෙන් ඉපදුණ අදටත් දියුණු
තාක්ෂණයද සමඟ පවතින වී බිස්ස, අටුව හා දුම් මැස්ස ගැන විශේෂ
අවධානයක් යොමු කිරීම වටී. එතැනදී ගබඩා කිරීමට පෙර වී හොදින්
වියළා ගැනීම මෙන්ම පිරිසුදුව පැවතිම ගැන විශේෂයෙන් සලකා බැලූන
අතර ගෝනි මලූ වල පිරිසුදුකමද අවශ්‍යම දෙයක් ලෙසින් සැලකිණ.
ගබඩා කිරීමේදී මේ වී ගෝනි සෘජුව බිමට ස්පර්ශ නොවන ලෙසින් සකස්
කළ ලි පටි මත වී ප්‍රභේද අනුව ගබඩා කිරීම ගබඩාකරණයට අදාල
විද්‍යාත්මක පැත්තක්ද අපේ පරුන්නන්ගේ අවධානයට ලක්වී තිබුූ බව
පෙන්වා දෙන්නක් ලෙසින් හඳුණාගෙන තිබේ.. ඒ අසල ඇති ගස් කොලන්
වල ඇතැම් අතු ගබඩා අසලටම ඇවිත් තිබුණේ නම් ඒවා කපා දැමීම
සිදු කෙරුණේ මියන් වැනි හානිකර ෂතුන් ගේ ගමන වැළැක්වීමටය.
කෘමීන්ගෙන් වන හානිය වළක්වා ගන්නේද ඊට වඩා හානිකර වූ රසායන
ද්‍රව්‍ය භාවිතයෙන් නොව දෙහි, කොහොඔ, නික වැනි ඖෂධීය කොළ වග_
උන්ට එරෙහිව යොදා ගැනීමෙනි.
එසේ ගබඩා කෙරුණ වී මලූවල කරා පහසුවෙන් ලඟා වීමටද

ph-srl-107-uk.jpg

හැකි විය. කල් ගත වූ වී මලූ ඉවත් කරගැනිමේ පහසුව සලකා එවැනි
ගබඩා ක්‍රමවේදයක් අනුගමනය කොට තිබේ. තවද ලේබල් කිරීම, දින
ලේඛණ සකස් කිරිමෙන්ද ගබඩාකරණයේ නිසි ඵල නෙලා ගැනීමට හැකි
යයි කියන්නට සිදුව ඇත්තේ මේ කිසිත් නොතකා වී ගබඩා කිරීම තළින්
අද දවසේ විශාල වශයෙන් අපතේ යන වී තොග ගැන අපට නිතර
අසන්නට ලැඛෙන හෙයිනි.
සාම්ප්‍රදායික ඥනයෙන් තෝරා ගත් පාරම්පරික වී වර්ග
සුවදැල් – මාස 2 1/2 වී වර්ගයක් වන මෙය කිවුලට ඔරොත්තු
නොදෙන සුදු නිවුඩු සහලකි.
කළු හීනටි – මාස 3 1/2 රතු නිවුඩු සහලකි. සාමන්‍ය මට්ටමෙන්
ලවණතාවයට ඔරොත්තු දෙයි.
මා වී – මාස 6 1/2 රතු නිවුඩු සහලක් වන මෙය ජල ගැලීම්
වලට ඔරොත්තු දෙන්නකි.
හැටදා වී – ලවණ තාවයට ඔරොත්තු දෙන දින 65 රතු නිවුඩු
සහලකි.
රත් දැල් – මාස 3 රතු නිවුඩු සහලක් වන මෙය ලබණතාවයට
ඔරොත්තු දෙයි.
පච්චපෙරුමාල් – ලවණතාවයට හොදීන් ඔරොත්තු දෙන අධික
මඩ සහිත කඹුරුවල වුවත් වැඩෙන මාස 3 1/2 රතු නිවුඩු සහලකි.
මෙයින් පිසගන්නා බත් හොද රසකින් යුත්තය.
දහනල – කිවුලට ඉතා හොඳින් ඔරොත්තු දෙන අධික මඩ සහිත
කුඹුරු වලද හොදින් වැඩෙන මාස 3 1/2 රතු නිවුඩු සහලක් වන මෙහි
බතද රසවත් යැයි කියවේ.
පාරම්පරික වි වර්ග වල ගුණාගුණ
සුවදැල් – ශරීර වර්ධනයට උපකාර වන කටහඩේ පැහැදිලි
බවක් ඇති කරන බහිස්ස්‍රාවිය කි්‍රයාවලි පහසු කරවන්නා වූද ෙලෙංගික
ශක්තිය වඩන්නාවූද සහලකි.
කළු හීනටි – ශරීරයේ විෂ නසන මලපහ කිරීම පහසු කරවන.
ශරීර ශක්තිය වඩන්නාවූ සහලක් වන මෙය සෙංගමාල රෝගින්ට දීම
සඳහා කැඳ පිසීටමට ද ගනියි.

108032-20120605.jpg

මා වී – ස්ථූල බව පාලනය කරයි. දියවැඩියාව, මල බද්ධය,
ක්ෂය රෝගය ඇත්තවුන්ට වඩාත් සුදුසු යැයි කියැවේ.
හැටදා වී – මල බද්ධය දුරු කරන්නකි. ශරීරයේ සෘජු බව ඇති
කරන වා පිත් සෙම් ආදි ආබාධ සමනය කරන්නාවූ ශරීර අභ්‍යන්තරය
සිසිල්ව සහ සැහැල්ලූව තබන ප්‍රභේදයකි.
රත් දැල් – මුත්‍රා පද්ධතිය ආශි්‍රත රෝග සමනය කරන්නකි.
ෙලෙංගික ශක්තිය වඩන මුත්‍රාගල් නම් රෝග තත්වය නැති කිරීමේ
හැකියාවක් ඇති ශරීරයේ සෘජු බව ඇති කරන්නක් බවද සොයාගෙන
තිබේ.
කුරුළු තුඩ – ෙලෙංගික ශක්තිය වඩන මුත්‍රා පිටකිරිම පහසු
කරවන්නකි.
පච්චපෙරුමාල් -දියවැඩියාව රෝගීන්ට වඩාත් සුදුසු ප්‍රභේදයකි.
ප්‍රාදේශීය වී වර්ග
සාම්ප්‍රදායික ගොවි ඥානයේ තවත් වැදගත් සොයා ගැනීමක්
වන්නේ ප්‍රදේශීය වී වර්ගීකරණයයි. අපේ පැරැන්නන් සිය වගා කටයුතු
පිළිබඳ අත්දැකීම් බහුල බව නිසාම පුළුල් ඥානයකින් යුත් ගොවියන් වීමේ
ප්‍රතිඵලය වූයේ තමා ජීවත්වන ප්‍රදේශයට සුදුසු වන වී වර්ගය තෝරාගෙන
එයම වගා කිරීමය. ඒ නිසාම ඔව්හු කාලගුණ, කෘමි උවදුරු වැනි හේතු
මත නිකරුණේ අස්වැන්න පාලූ වීමේ අවදානම් වලින්ද අත් මිදුනාහ. ඒ ඒ
ප්‍රදේශවල භූමි සහ කාලගුණ තත්ව වලට ගැලපෙන ආකාරයේ වී වර්ග
තෝරා ගැනිම තුළ සිය වෘත්තීය පැවැත්ම ද නිරායාසයෙන්ම ආරක්ෂා
වන ආකාරය ඔවුන් උගත්තේ අවට පරිසරයෙන්ය. පරිසරය හා බැඳුණ
ජීවිතයක් ගත කිරීමෙන්ය.
ඒ නිසාම අද මෙන් අමුතු කෘෂි උපදේශක සේවාවක් ඔවුන්
විෂයෙහි කොහෙත්ම අවශ්‍ය නොවීය. නමුත් අද ගොවියා සිටින ප්‍රදේශය
කුමක් වුණත් ඔහු වගා කළ යුත්තේ වෙළෙඳ පොළ් පවතින් බීජ වර්ගය.
එහි තීරකයා අදාල බීජ සමාගම් මිස ගොවියා නොවේ. අද ගොවියා
තවදුරටත් සිය වෘත්තිය පිළිබඳ තීරකයෙක් නොවේ. කම්කරුවෙකුට
වඩා මදක් උසස් වේ. එහෙත් මේ තත්වය වෙනස් විය යුතුය. වෘත්තීය

Planting_Paddy_Nepal.jpg

පැවැත්මක් ඇති වෘත්තීමය ඥනයක් ඇති වෘත්තීමය කළමනාකරණයක්
මත කටයුතු කරන නව ගොවි පරපුරක් අලූතින් බිහි කරගත යුතුය.
එතැනදී පෝෂණ ගුණයෙන් අනූන භූ පරිසරයට(ලවණතාවයට) මෙන්ම
කාලගුණ විපර්යාසයන්ට මුහුණ දිය හැකි අපේ පැරණි වී වර්ග නැවත
සොයා ගෙන ඒවා අර කියූ නව ගොවි පුතුන්ට දායාද කළ යුතුය. අමතක
නොකළ යුතු ප්‍රධාන කරුණු අතර ’මහෝෂධ¶ යන නාමයද වේ. මහෝෂධ
යනු ගොවියා පුතෙකි. ඔහු නැගී සිටියේ එතෙක් සමාජ ආධිපත්‍යය ඉසිලු
මහලූ බමුණු පැවැත්ම ලේ සහ පස් එකට මිශ්‍රව යන තෙක් බිම උලා
පරාජය කිරීමෙන් පසුවය. එහෙත් එය බුද්ධියෙන් විනා ශක්තියෙන්ම ලැබූ
දිනුමක් නොවන බවද තේරුම් ගත යුතුය. ඉතා පැහැදිලිවම ගොවියා
ප්‍රත්‍රයෝ නම් බුද්ධි සම්පන්නයෝ වෙති.
ඒ අරබයා ආකල්පමය වෙනසක් අවශ්‍යය. එය අනිවාර්යය අප
එසේ පවසන්නේ මේ වන විටත් ඉතාම අහිතකර පාරිසරික තත්ත්වයන්ට
ඔරොත්තු දෙන වටිනා සාම්ප්‍රදායික ප්‍රාදේශීය බිජ වර්ග රාශියක්ම බීජ
බැංකුවල ඇති බව අප හොඳින්ම දන්නා හෙයිනි. එහෙත් ඒවායේ අස්වැන්න
අඩු නිසා ඉහළ ලාබයක් ලද නොහැකි බිජ ලෙසින් ගොඩනගා ඇති බහු
ජාතික මතවාදය අදටත් අපේ සමාජයෙන් ඉවතට ගොස් නැත. ඒ නිසා
අදටත් පොදු සමාජය නිරෝගී ආහාරයක් නොලබති. වැඩි අස්වැන්නක්
දෙනවාය කියන බීජ වගා කොට එක වරුසාවකින් සියල්ල අහිමිව යන
එසේත් නැත්නම් ලවණතාවය වැඩි වීමක් වැනි පසෙහි විෂමත්වයකින් විනාශ
වී යන කුඹුරු කෙරුවාව අද අතිශයින්ම අවදානම් සහිත වෘත්තියක්
බවට පත්ව තිබේ. නමුත් එය අභියෝගයක්ට ලක් කළ හැකි පුහු මතයකි.
එය ඔය කියන තරම් අස්වැන්න අඩු ආදායම අඩු කරන්නාවු බීජ ප්‍රභේද
නොවෙයි යන්න ක්ෂේත්‍ර පරීක්ෂණ වලින් මේ වන විටත් සනාථ කොටගෙ
න තිබේ. නමුත් ප්‍රශ්නය වී තිඛෙන්නේ ගොවීන්ට පමණක් නොව විෂය
බාර නිළධාරීන්ටවත් මේ කාරණය අවබෝධ කර දීමයි. අනික් අතින් ඊට
අදාල වෙළෙඳ පොළක් සකස් නොකොට සම්ප්‍රදායික බීජ වර්ග වවනු
යැයි ගොවීන්ව නිකරුණේ උනන්දු කිරීමේද පලක් ඇති කි්‍රයාවක් නොව්.
ඒ වෙනුවෙන් මනා ප්‍රචාරන සැලැස්මක් අවශ්‍යයයි තවද එකි වී වර්ග
වල අන්තර්ගත ආයුර්වේදීය ගුණාංග නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී
දියවැඩියාව, හෙපටසිටීස්, පිලිකා මෙන්ම මොලය ආශි්‍රත රෝග සඳහා ද
නිර්දේශ කරන සහල් වග_ තිබේ. මෙවැනි ගුණාංග සහිත මේ වී වර්ග
වල අගය ඉස්මතු කිරිම් පමණක් වුව අවශ්‍ය පමණටත් වඩා ප්‍රමාණවත්
වනු ඇත. අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් කැප වී කටයුතු කළ හැකි අවංක
මිනිසුන් කීප දෙනෙකුගේ ඉදිරිපත් වීමකි.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s