කුලෑටි සාහිත්‍යකරුවකුගේ සරාගී හැසිරීම – එමිල් සෝලා

emile-zola.jpg

ප්‍රංශ සාහිත්‍යධරයකු වන එමිල් සෝලාගේ Therese Raquin නම් නවකතාව සරාගී නමින් සිංහලයට පරිවර්තනය කරන්නේ ප්‍රෙමරංජිත් තිලකරත්නය. ඔහු මීට පෙර ද සෝලාගේම නවකතාවක් වන මැඩලින් ෆෙරා හි ඉංග්‍රීසි පරිවර්තනයෙන (shame) විලිබිය නමින් සිංහල පරිවර්තනයක් කොට තිබේ. සෝලාගේ [මැඩලින් ෆෙරා] “විලිබිය” ඔහුගේ කෘතීන් අතර එන අප්‍රකට කෘතියෙකි. එමෙන්ම දරුණු ලෙස විවාදාත්මක තත්වයක් ඇති කළ කෘතියක් ද වේ. පරිවර්තකයා පවසන ආකාරයට නම් එය නිර්භීත අත්හදා බැලීමකි. ඔහු මෙසේ ද පවසයි.

” වසර 40 කට පසු 2001 වර්ෂයේදී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පරිවර්තන ව්‍යාපෘතියක් යටතේ විලිබිය 135430-004-A25EC39Eනමින් මා විසින් සිංහලයට නඟන ලද්දේ එම නවකතාවමය. ඊට මගේ නෙත් සිත් ඇදුණේ චෙකොෆ්ගේ Three  Years-තුන් වසර – නමින් සිංහලට පරිවර්තනය කරමින් සිටි අවදියේදීය. එහෙත් එදා ප්‍රේමයට හෝ රාගයට අදාල කිසිදු අත්දැකීමක් නොලද නෑඹුල් තරුණයකු වූ මට (shame) – විලිබිය නවකතාව ජීරණය කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. එම නිසා එකල එය පරිවර්තනය කිරීමේ අදහසක් මා තුල සිහිනෙන්වත් පහල වූයේ නැත. චෙකොෆ්ගේ Three  Years නව කතාව පතුල පෙනෙන නිල් දිය පොකුණක් නම් එමිල් සෝලාගේ (shame) – විලිබිය මට පෙනුණේ කෙලවර නොපෙනෙන අඳුරු උමඟක් ලෙසය. චෙකොෆ් අනුගමනය කළේ එදිනෙදා මිනිස් ජීවිතය සියුම්ව සිත්තම් කල සුගම ශෛල්‍යයක් නම් සෝලාගේ ප්‍රබන්ධය උපමා රූපක ව්‍යංගාර්ථ බහුල පුනරුත්ති සහිත ගැඹුරු ගද්‍ය කාව්‍යයක් බඳු විය. එක් අතකින් චෙකොෆ් සාමාන්‍ය ජීවිතයේ අවුල දුටු වියුක්ත නිරීක්ෂකයෙකි. එහෙත එමිල් සෝලා ජිවිතයේ ඛේදජනක මෙන්ම බිහිසුණු වූ අගාධයක් ස්පර්ශ කිරීමට නැඹුරු වූ ගවේෂකයෙකි. ”

තෙරේස් රොකෑන් ,සරාගී, නමින් සිංහලට පරිවර්තනය කරමින් ප්‍රෙමරංජිත් තිලකරත්න ඒ සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් කරයි.

“1967 දී පල කරන ලද මෙම නවකතාවට වස්තු බීජය වී ඇත්තේ පුවත්පතක පළවුණු සත්‍ය සිද්ධියෙකි. මේ නවකතාව මුලින් පුවත්පතක කොටස් වශයෙන් පළ කරන ලද අතර පසුව පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කොට තිබේ. “

මහත් ආන්දෝලනයකට බඳුන් වූ මේ කෘතිය අනාචාරය සහ මිනිස් ඝාතනයක් පදනම් කරගත් බිහිසුණු සන්ත්‍රාසයක් 13697099_12364බඳු යැයි ඇතැම් විචාරකයෙක් පවසයි. තෙරේස් රොකෑන් ,සරාගී, අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූයේ එය කාම ප්‍රබන්ධයක් යැයි හංවඩු ගැසීමට තවත් විචාරකයන් ගත් උත්සාහය නිසා යැයි කියවේ. අනික් අතින්් අව්‍යාජ අන්තර්ගතය ඊට හේතු වී යැයි ද පැවසේ. මේ අනුව උක්ත නවකතා වෙනුවෙන් එමිල් සෝලාට ලැබුණු අව ප්‍රචාරය ඔහුගේ වාසියට හේතු වූ බවක් පෙනේ. 1968 වසන්ත සමයේදී කතුවරයා ගේ සුප්‍රකට පෙරවදනද සමඟ දෙවැනි මුද්‍රණයත් නිකුත් වන්නේ එහි ප්‍රතිඵලයක වශයෙනි.

1871-1893 අතර පල වූ ඔහුගේ නවකතා වෙතින් අනාවරණය වන්නේ සුරාපානයෙන් සහ වෛශ්‍යාකර්මයෙන් දූෂිත වූ ප්‍රංශයේ දෙවැනි නැපෝලියන් අධිරාජ්‍ය සමයේ වූ සමාජ පරිහානිය යැයි කියවේ. එහෙත් සෝලා මේ කාල පරිච්ඡේදය හුදෙක් ඓතිහාසික වාර්තාවක් සම්පාදනය කිරීමට නොව එම යුගය සූක්ෂ්මාදර්ශයක් වශයෙන් ගෙන මුළු මිනිස් සංහතියේම පාපය සහ අඳුර නිරූපණය කිරීමට කටයුතු කොට තිබේය යනුවෙන් පෙන්වා දී ඇත. ඒ අතර ඇති හොඳම නිදර්ශන දෙක මෙසේය. ඒ වෛශ්‍යාවකගේ චරිතය පදනම් කරගත් නානා සහ සුරාවේ ආදීනව කියාපාන බේබද්දාය.13690739_1236465

,19 වැනි සියවසේ අගභාගයේ සිට 20 වැනි සියවසේ මුල්භාගය තෙක් ස්වභාවවාදය යුරෝපයේ සාහිත්‍යල චිත්‍ර කලාව සහ නාට්‍යය ආදි සෞන්දර්ය කලාවන්ටද බලපාන්නට වූ අතර ස්වභාවවාදී නවකතාවේ පුරෝගාමිත්වය එමිල් සෝලාට හිමි වේ. 1880 දී පල කල පර්යේෂණාත්මක නවකතාව වන Le Roman Experimental ස්වභාවවාදී ගුරුකුලයේ ව්‍යාකරණය යැයි පැවසේ. ,

ස්වභාවවාදය වනාහි එකල පිලිගත් විද්‍යාත්මක සිද්ධාන්තවල මෙන්ම ඩාවින්ගේ පරිණාමවාදය තුලින් ද පිලිබිඹු වූ නව්‍ය ප්‍රවණතාවක් විය. මේ නිසා ඒ වන විටත් පැවැති යථාර්තවාදය නම් කියැවීමේ නිම් වළලූ පුළුල් කළ බවට සඳහන්ය. ස්වභාවවාදය වැළඳගත් ලේඛකයින් භෞතිකවාදය සහ විද්‍යාත්මක නියතිවාදය පාදක කරගෙන සහජ උරුමය සහ භෞතික පරිසරය මිනිස් ජීවිතය කෙරෙහි බලපාන ආකාරය හුවා දක්වා තිබේ. එමෙන්ම සදාචාරාත්මක යථාර්ත විනිශ්චයකින් තොරව ඒ දේ සාහිත්‍ය තුලින් ප්‍රතිනිර්මාණය කොට තිබේ. පවසයි. තෙරේස් රොකෑන් ,සරාගී, දෙවැනි මුද්‍රණයට පෙරවදනක් ලියමින් එමිල් සෝලා පවසන යට දැක්වෙන කියුම ඒ බව සනාථ කරයි.

මාගේ අරමුණ වූයේ චරිත නොව සහජ ගති පැවැතුම් අධ්‍යයනය කිරීමයි. මා තෝරා ගෙන ඇත්තේ ශරීරයේ ලේ නහර වලට අවනතව සිය මනාපයෙන් තොරව කායික ස්වභාවයේ නිර්දය නියමයන්ට අනුව ජීවිතයේ විවිධ ක්‍රියාවන්ට කැපවෙන මිනිසුන්ය. මා උත්සාහ කර ඇත්තේ ඔවුන්ගේ ආවේගවල වංචනික ක්‍රියාකාරීත්වය ඔවුන්ට එල්ල වන සහජ බලපෑම් සහ ස්නායුමය අර්බුදයන් නිසා පැන නඟින මානසික අසමතුලිතතාවය සෝදිසි කිරීමටය. මගේ කතානායකයා සහ කතානායිකාව අතර සිදුවන ලිංගික අපචාරය වනාහි ශාරීරික අවශ්‍යතාවන් ඉටුකර ගැනීමක් පමණකි. ඔවුන් කරන ඒ ඝාතනය අනාචාරයේ අනිවාර්ය ප්‍රතිඵලයයි. වෘකයන් බැටළුවන් මරා කෑම අනුමත කරන්නා සේ ඔවුන් ඒ ප්‍රතිඵලය පිලිගනීවි. අවසානයේදී ඔවුන් අත්විඳින මනස්තාපය ඓන්ද්‍රීමය ආබාධයක් පමණි.

කෙසේ වෙතත් ස්වාභාවිකවාදය සහ එමිල් සෝලාගේ සාහිත්‍ය භාවිතය අතර කිසියම් පරස්පරතාවක් පවතින්නේ යැයි පරිවර්තක ප්‍රේම රංජිත් තිලකරත්න පවසයි. ඒ අනුව ඔහුගේ රීතිය වඩාත් සමීප වන්නේ රොමාන්තිකවාදී නො එසේනම් අලංකාරවත් කාව්‍ය ශෛල්‍යයකටය. ප්‍රංශයේ හිටපු අගමැතිවරයෙකු වූ එඩුවාර්ඩෝ හැරියට් එමිල් සෝලා ගැන මෙසේ පවසා තිබේ.

සෝලාගේ ශෛල්‍යය පිළිබිඹු කරනුයේ ව්‍යාජත්වයට සහ මවා පෑමට ඔහු තුල වූ බියකරු අරුචියයි. නවකතාකරුවකු සිය වස්තු බීජය සමඟ දැඩි ලෙස බද්ධ විය යුතු බවට ඔහු තුල පවත්නා විශ්වාසයයි. එසේ නැතහොත් ධෛර්යයෙන් යුතුව සිය විෂය ප්‍රකාශ කල යුතුය යන්නයි. එමෙන්ම ජීවිතයේ සෑම ස්වරූපයක්ම සමඟ ඇති සත්‍යය නොබියව ඉදිරිපත් කළ යුතු බවයි.22fb6ebe-ef9c-4a63-88b5-309773e44cd7

ප්‍රංශ අගමැතිවරයාගේ එම ප්‍රකාශයෙන් පෙනී යන්නේ සෝලා හිතක් පපුවක් නැති විද්‍යාඥයකුට වඩා ජරාවල මරණය ගැන චිත්ත රූප වලින් නිරතුරුවම කැලඹුණු සංවේදී කවියෙකු බව යැයි ප්‍රේම රංජිත් තිලකරත්න පවසයි. ඔහු ඇත්තටම කුලෑටි අහිංසක පුද්ගලයෙකු විය. සුචරිතවාදී අදහස් ඇත්තකුද විය. ඔහු වරදක් කළා නම් ඒ සිය නිර්මාණ තුලින් රාගයල භීෂණය සහ මෘගත්වය ඇතැම්විට අතිශෝක්තියෙන්ද යුතුව නිරූපණය කිරීමයි. ස්වභාවවාදී ලේඛකයෙකු වීම කෙසේ වෙතත් සෝලා වර්තමාන ලේඛකයන්ගේ භාවිතාවක් වන ඉන්ද්‍රජාලික යථාර්තවාදය ද අනුව යන අවතාර මායා දර්ශණ වැනි අද්භූත නිර්මාණයන්ගෙන්ද මනා ප්‍රයෝජනයක් ලබාගෙන තිබේ. කෙසේ වුව ඒ සියල්ල අතරින් ඔහු පවසන දෙයක් ද ඇත. ඒ කාම මිථ්‍යාචාරය සහ දුරාචාරය මිනිස් සිත් විනාශය කරා තල්ලූ කරන බවයි. එසේ බලන කල තෙරේස් රොකෑන් ,සරාගී, රාග මෝහ ද්වේශ ලෝභ යන සතර අගතියේ ආදීනව විදහාපාන ජීවිතයේ අනිත්‍යතාව ප්‍රකාශ කරන නූතන ජාතක කතාවක් වැනිය.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

 

Advertisements

One thought on “කුලෑටි සාහිත්‍යකරුවකුගේ සරාගී හැසිරීම – එමිල් සෝලා

  1. එ ගත සිහළට පෙරළූ, ප්‍රේමරංජිත් තිලකරනයන්මද ‘අක්ෂරය’සිනමා සිතුවමට එරෙහි වූයේ….

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s