මේ තමයි අපි පරිසරය තේරුම් ගත්ත ආකාරය

5217557970_ae7b2b66dd_b (1)

මානව විද්‍යාඥ පණ්ඩුල ඇදගම

කවුරු හරි මගෙන් ඇහුවොත් පරිසරය වෙනුවෙන් මම මොනවද කරන්නෙ කියලාග මම කියන්නෙ මොකවත් කරන්න ඕනෙ නෑග පරිසරයට හානි නොකර ඉන්න කියලායිග පින් කරන්න ඕනෙ නෑග පව් නොකර ඉන්නග සඛ්බ පාපස්ස අකරණං යන බුදු වදන සිහි කරන්නග

අපේ සංස්කෘතියේ හැම දෙයකටම නිසි තැනක් තියෙනවාග අපේ අම්මලා උදේ පාන්දරින් නැඟිටලාල මිදුල අතුගාලා ඉදල තියපු තැනක් තියෙනවාග හැම තැනම තිඛ්ඛෙ නෑග

මේ තමයි අපේ පාරිශ=ද්ධතාවයග අපේ රට ගැන එක්තරා විදේශිකයෙක් මෙහෙම ලියලා තියෙනවාග ර්‍ණස්වර්ගයට මෙතන සිට කෙටි දුරයි තියෙන්නේග එහෙ දිය ඇළිවල සද්දෙත් මෙහෙට ඇහෙනවා” කියලාග අපේ සාම්ප්‍රදායික සමාජය ජෛව තාක්ෂණය යොදා ගත්තා ආචාර්ය ඊග ඩඛ්ලිව්ග අදිකාරම් පවතින ක්‍රියා පිළිවෙත තදින් විවේචනය කරමින් ස්වභාවධර්මය විසින් සියලූ විසඳුම් සපයා දී තිඛෙන බව පෙන්වා දී තිඛෙනවාග ඒත් අනුවණ දනන් ඒ හැම දෙයක්ම විනාශ කරල ඉවරයිග ඉස්සර අපේ ගෙවත්තට ආවා කබරගොයිල තලගොයිල ගැරඬිග මේ හැම එකෙක්ම අහිංසකයිග ඒ ආවෙත් අපිට අහිතකර සතුන් කා දමන්නග ඒත් අද මිනිස්සු ගැරඬියා ට බූමිතෙල් ගහලා පන්නලාග කබරගොයාට ගහල මරනවාග තලගොයාව මරාගෙන කනවාග ප්‍රතිඵලය මොකක්දරෑ අද හැම ගෙවත්තකම කෘමී උවදුරුග සර්පයන් කුස්සිය ඇතුළටත් එනවාග අපේ පරිසරය අපට අහිතකර වෙලාග

දැන් කුඹුරක ඔබ දැකලා ඇති පොල් පිති හිටවලා තියෙනවාග ගොයම් පැළ කාලේ සිටම ලියද්ද මැද තමයි මෙහෙම හිටවලා තියෙන්නේග කුරුල්ලන්ට ලගින්නග එතැන ලගින කුරුල්ලා හොඳින් දකිනවා කුඹුරේ ඉන්න කෘමී සතුන්ග අර කුරුල්ලා ඒ කෘමීන්ව ඩැහැගෙන අර පොල්පිත්තේ ලගිනවාග රෑටත් මේ දේ බස්සෝල බකමූණෝ හරහා සිද්ද වෙනවාග ජෛව තාක්ෂණය ගැන දෙන්න පුළුවන් විශිෂ්ටතම උදාහරණයක් තමයි මේග

තේ වතු මැද ගස් හිටවපු එකෙන් කුරුල්ලන්ට වාසස්ථාන හදාගන්න ඒ ගස් වල ඉඩ කඩ ලැබුණාග එහි අනිවාර්ය ප්‍රතිඵලය වුණේ තේ වත්තේ හිටපු කෘමීන් උන්ට ගොදුරු වුණාග නමුත් ලෝක බැංකු උපදෙස් මත පසුව මේ ගස් කපා බිම හෙලුවාග

6214021032_b0044b49ce_b
අපි මහ පොළවට ආදරය කරපු ජාතියක්ග අපේ අය දැනගෙන හිටියා තමන් අස්වැන්න ලබන්නේ මහ පොළොවේ සාරයෙන්ය කියලාග ඒ නිසා ඒ ණය ගෙවන්න ඔවුන් හැම දෙයක්ම ආපහු මහ පොළොවටම එකතු කළාග ඒ නිසා මහ පොළොව අමුතුවෙන් සරු කරන්න ඔය දැන් තියෙන සට පටාස් වගේ දේවල් ගහන්න ඕන වුණේ නෑග පස සරු කිරීම තමන් සතු බරපතළ වගකීමක් විදිහට ඔවුන් හිතට අරගෙන හිටියාග

බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේට දේශනා කරල තියෙනවාග තමන් අඳින සිවුර සිවුරක් විදිහට පාවිච්චි කරන්න බැරි තැනට ආවාම ඉවත දාන්න එපා ඒක පොරෝනයක් විදිහට පාවිච්චි කරන්නග පොරෝනයක් විදිහට පාවිච්චි කරන්න බැරි තැනට ආවාම පා පිස්නක් විදිහට පාවිච්චි කරන්නග පා
පිස්නක් විදිහට පාවිච්චි කරන්න බැරි වුණ දාට මැටිත් සමඟ අනා බිත්තිය පිළිසකර කරගන්නග

මේ තමයි අරපිරිමැස්මග එහෙම නැතිව කුම්මැහිකම නොවෙයිග

බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවාග උණු වතුර පොළොවට හලන්න එපා කියලාග මේ මොකද අපට නොපෙනෙන ප්‍රෘණීන් අපමණ සංඛ්‍යාවක් මේ මහ පොළොවේ ජීවත් වෙනවාග උණු වතුර නිසා උන් මිය යනවාග

මේ තමයි පරිසරය

එදා අපි අද වගේ නෙවෙයි ගහක් කපන්න නව වාරයක් හැම අහටම වඳිනවාග වැඳල අවසර ගන්නවා කරන්නට දෙයක් නැති කමටයි මේ දේ කරන්නේ කියලා

මේ තමයි අපි පරිසරය තේරුම් ගත්ත ආකාරය

(සියත – 2009 ජනවාරි 25)

සකස් කළේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s