කුඩා ජල විදුලිබලාගාර රකුසාට බිලිවෙමින් ඇති මන්දාරම්නුවර නිම්නයේ ජන උරුමය

ලාල් කුමාර වක්කුඹුර
කැදවුම්කරු
වටගොඩ වාරි ව්‍යාපාර ගොවි සංවිධාන එකමුතුව
සහ ඛෙලිහුල් ඔය රැකගැනීමේ ජනතා එකමුතුව
ගොඩිගමුව
එල්මුල්ල
2016 ජූලි 21 වන දින

පලාත් අධ්‍යක්ෂ
මධ්‍යම පරිසර අධිකාරිය
මධ්‍යම පලාත් කාර්යාලය
පොල්ගොල්ල

අධ්‍යක්ෂතුමනි,

කුඩා ජල විදුලිබලාගාර රකුසාට බිලිවෙමින් ඇති මන්දාරම්නුවර නිම්නයේ ජන උරුමය

මීට වසර 15 කට පමණ පෙර සිට හ`ගුරන්කෙත මන්දාරම්නුවර නිම්නය ප්‍රදේශය ආශී්‍රතව
ක්‍රියාත්මත වෙමින් පවතින කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති නිසා ප්‍රදේශය පුරා පැතිර ඇති
ප්‍රධාන ඔයවල් සියල්ලක්ම පාහේ දැඩි බලපෑමකට ලක්වෙමින් පවති. තවද ඉහත ජලප්‍රභව ආශ්‍රිත
සියළුම පරිසර පද්ධතීන් මෙන්ම ඒවා ආශි්‍රතව කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන ප්‍රදේශයේ
පාරම්පරික ජනතාවගේ ජීවනෝපායයන්ට මරු පහරක් එල්ල වෙමින් පවති.

ඓතිහාසික තොරතුරු සැලකීමේදි ඉහත ප්‍රදේශයේ ජීවත්වන ජනතාව සහ ඔවුන් ජීවත්වන
පරිසරය ගසට පොත්ත මෙන් එකිනෙකට දැඩ්ව බැදි පවති. එනම්, මධ්‍යම ක`දුකරයේ ඊසානදිග
සහ නැගෙනහිර බෑවුම අතර පිහිටා ඇති ඓතිහාසික හේවාහැට (රට) ට අයත්ව තිබු භූමි
ප්‍රදේශ වර්ථමානයේ දි හ`ගුරන්කෙත, වලපනේ, දෙල්තොට සහ පාතහේවාහැට යන ප්‍රදේශීය
ලේකම් කොට්ඨාශ යටතේ පරිපාලනය සිදු වේ. මෙම ප්‍රදේශ පුරාවට පිහිටි සියළු ගං`ගා නිම්න
සහ කදු බෑවුම් ආශ්‍රිතව කෘෂිකර්මාන්තය ප්‍රමුඛ කොටගත් පාරම්පරික ජනතාව වෙසෙන ගම්මාන
විශාල සංඛ්‍යාවක් ව්‍යාප්තව ඇත. ප්‍රදේශයේ පාරම්පරික ජනතාවගේ කෘෂිකාර්මික කටයුතුවලට
අවශ්‍ය වාරි ජලය සපයා ගැනිම මෙන්ම එදිනෙදා සනිපාරක්ෂක අවශ්‍යතා සපුරා ගැනීම ස`දහා
ජල පහසුකම් සපයා ගැනීමෙදි උස් කදුමුදුන් වලින් ආරම්භ වි ප්‍රදේශයේ කෙත්වතු සහ අනෙකුත්
වගාබිම් පෝෂණය කරමින් මහවැලි ග`ගට ජලය සපයන ඛෙලිහුල් ඔය, මා/මහ ඔය, තලාතුඔය
සහ මාරස්සන ඔය ප්‍රමුඛ ස්ථානයක් ගනි.
කෙසේ නමුත් ඉහත සියළු පාරම්පරික උරුමයන් නොසලකා හැරීමේ නවතම සිදුවීම
වන්නේ හ`ගුරන්කෙත ප්‍රදේශයේ මන්දාරම්නුවර නිම්නය හරහා සහ හ`ගුරන්කෙත සහ වලපනේ
2
ප්‍රදේශවලට මායිම්ව මහවැලි ග`ගට ගලාබසින ඛෙලිහුල් ඔය සහ එහි පෝෂක ඔයවල් ආශ්‍රිතව
නව කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි.
මෙයින් ඛෙලිහුල් ඔයේ ප්‍රධාන පෝෂක ඔයක් වන දීගල් ඔය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් පවතින
දීගලහින්න කුඩා ජල විදුලි ව්‍යාපෘතිය නිසා පහත දක්වා ඇති සමාජ, ආර්ථික සහ පාරිසරික
ගැටළු නිර්මාණය වී සහ වෙමින් පවති. එනම්,
 අක්කර 300 කට වැඩි කුඹුරු ඉඩම් ප්‍රමාණයකට සහ අනෙකුත් වගා බිම්වලට වාරි ජලය
සපයා ගැනීම අවහිර වීම සහ එම වගා බිම්වලින් බත සපයාගත් සහ ජීවිකාව සරිකරගත්
ප්‍රදේශයේ ජනතාව උපන් බිමේ අනාතයින් බවට පත්වීම
 දීගල් ඔයේ කිලෝමීටර් එකකට වඩා විශාල ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම වියළි යාමේ
අවදානමක් පැවතිම
 ඉතා ආකර්ෂණිය මෙන්ම ප්‍රකට දිය ඇලි දෙකක් සම්පූර්ණයෙන්ම වියළී යාම නිසා ඒවායේ
සුන්දරත්වය සහ පාරිසරික වටිනාකම ප්‍රදේශයේ ජනතාවට මෙන්ම රටටම අහිමි වීම.
මෙයින් දීගල් ඔය, ඛෙලිහුල් ඔය සම`ග සම්බන්ධ වීමට ප්‍රථම පදියපැලැල්ල මන්Þරම්නුවර
ප්‍රධාන මාර්ගයට මීටර් 100 කටත් අඩු දුරකින් ගලා හැලෙන මීටර් 35 පමණ උස
ඇතාවැටුනුවල ඇල්ල/දීගලහින්න ඇල්ල, ඉතා චමත්කාරජනක මෙන්ම දිවයින පුරාම
ප්‍රචලිත දිය ඇල්ලක් වන අතර ප්‍රධාන මාර්ගයෙන් ඉතාමත් පහසුවෙන් පිවිසිය හැකි
ලෙස ස්ථානයක පිහිටා ඇත.
 වසර දහසකට වඩා වැඩි කාලයක් ප්‍රදේශයේ ජීවත්වන පාරම්පරික ජනතාව සහ කුඹුරු
ඉඩම්වල වැඩ කරන ජනතාව භාවිත කරන පැරණි නාන තොටුපලවල් ගනණාවක් වියළි
යෑම සහ ජනතාවට අහිම් වීම
 ඔයවල් තුල සහ ඔයවල් දෙපස පරිසරයේ ජීවත්වන නිසි ඇගයීමකට ලක් නොවු සහ
හදුනා නොගත් ශාක සහ සත්ත්ව විශේෂ ගනණාවක් ජාතියට අහිමි වීම
තවද, ඛෙලිහුල් ඔයේ මාණකොල, ලබුහේන්වල සහ කැටහිර ග්‍රාම නිළධාරි කොට්ඨාස තුල පිහිටා
ඇති කොටස ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් ඇති මාණකොල කුඩා ජල විදුලි ව්‍යාපෘතිය නිසා
 අක්කර 80 කට වැඩි කුඹුරු ඉඩම් ප්‍රමාණයකට සහ අනෙකුත් වගා බිම්වලට වාරි ජලය
සපයා ගැනීම අවහිර වීම සහ එම වගා බිම්වලින් බත සපයාගත් සහ ජීවිකාව සරිකරගත්
ප්‍රදේශයේ ජනතාව උපන් බිමේ අනාතයින් බවට පත්වීම
 ඛෙලිහුල් ඔයේ කිලෝමීටර් 2 කට වඩා විශාල ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම වියළි යාමේ
අවදානමක් පැවතිම
 වසර දහසකට වඩා වැඩි කාලයක් ප්‍රදේශයේ ජීවත්වන පාරම්පරික ජනතාව සහ කුඹුරු
ඉඩම්වල වැඩ කරන ජනතාව භාවිත කරන පැරණි නාන තොටුපලවල් ගනණාවක් වියළි
යෑම සහ ජනතාවට අහිම් වීම
 වසර දහස් ගණනක් සහයෝගයෙන් එක්ව ජීවත් වු මැටිබැබිය සහ ලබුහෙන්වල ග්‍රාම
නිළධාරි කොට්ඨාශවල ජනතාව අතර ගැටුම්කාරි තත්ත්වයක් ඇතිවීම ජනතාව කොටස්
3
කිහිපයකට කඩා විසිර වීම. මෙම තත්ත්වය නිර්මාණය කිරීම ස`දහා ඉහත ව්‍යාපෘතිය
ක්‍රියාත්මක කරන ආයතනය විසින් මැටිබැබිය විහාරස්ථානයට සහ පටු ආර්ථික වාසි
බලාපොරොත්තු වෙමින් විවිධ පුද්ගලයින්ට අති විශාල ධනස්කන්ධයක් ඉතා අවිචාරවත්
ලෙස යොදවමින් සිටියි.
 ඔයවල් තුල සහ ඔයවල් දෙපස පරිසරයේ ජීවත්වන නිසි ඇගයීමකට ලක් නොවු සහ
හදුනා නොගත් ශාක සහ සත්ත්ව විශේෂ ගනණාවක් ජාතියට අහිමි වීම
බි්‍රතාන්‍යයන් විසින් තේ සහ අනෙකුත් වැවිලි බෝග වගාවන් ස`දහා මධ්‍යම කදුකරය ආශ්‍රිත
වනාන්තර විශාල ප්‍රමාණයක් කපා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදේශවලද ජල පෝෂක
වනාන්තර බොහොමයක් විනාශ වි ඇත. තවද ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස
සමස්ථ ශ්‍රි ලංකාවම මුහුණදෙමින් සිටින දේශගුණ විපර්යාස නිසා ද ඉහත ප්‍රදේශවලද වර්ෂා
රටාවේ කැපිපෙනෙන වෙනස්කම් සිදුවෙම්න් ඇත. ඉහත තත්ත්වයන් මේවන විට ප්‍රදේශයේ
ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකාර්මික කටයුතුවලට නිතර නිතර ජල හි`ගතාවයන්ට
මුහුණ දීමට සිදුව ඇත. මන්දාරම්නුවර ගොවිජන සේවා මධ්‍යස්ථානය ම`ගින් වාර්ථාගතකර ඇති
මෑතකාලීන වර්ෂා තත්ත්වය පිලිබ`ද වාර්ථා ම`ගින් මෙම තත්ත්වයන් වඩා හොදින් පිලිබිබු වේ.
විශේෂයෙන්ම සෑම වර්ෂයකදීම ජූනි මස අග සිට සැප්තැම්බර් මස අග දක්වා කාලය තුල සහ
පෙබරවාරි මාර්තු කාලවලදි දීගල් ඔයෙන් පෝෂණය වන ගොවි බිම් මෙන්ම සමස්ථයක් ලෙස
ඛෙලිහුල් ඔය නිම්නයේ ගොවිබිම් සියල්ලක්ම පාහේ ජල හිගතාවයන්ට මුහුණ දෙමින් ඇත.
එවැනි පසුබිමක් තුල ප්‍රදේශයේ ගොවිජනතාවගේ ජීවිකාව මෙන්ම පරිසරයට සහ පාරිසරික
සේවාවන් වලට සිදුවන අහිතකර සහ දිගුකාලීන බලපෑම් පිලිබ`දව නිසි ඇගයීමක් සිදුනොකර
අතලොස්සකට ලැඛෙන පටු ආර්ථික වාසි වෙනුවෙන් මේ වනවිට දේශපාලන බලය සහ ධන බලය
අයතා ලෙස යොදා ගනිමින් පාරම්පරික ජනතාවගේ උරුමය කොල්ලකමින් සිටියි.
2011 වසරේදි එවකට මන්Þරම්නුවර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන
නිළධාරියා විසින්, දීගලහින්න කුඩා ජල විදුලිබලාගාරයට මුදල් යොදවන්නන්ගේ අවශ්‍යතාවයන්
සපුරාලීම ස`දහා ප්‍රදේශයේ ගොවි නියෝජිතයින් නොම`ග යවමින් සහ ඔවුන්ට පුද්ගලික වරÞන
සහ වරප්‍රසාද ලබාදෙමින් ඉහත ව්‍යාපෘතිය ස`දහා ප්‍රදේශයේ ගොවි ජනතාවගේ විරෝධතාවයක්
නොමැති බව දක්වා ඇති අතර මේ ස`දහා එවකට නුවරඑළිය දිස්ත්‍රීක් සහකාර ගොවිජන සේවා
කොමසාරිස් වරයාද ඍජුව මැදිහත් වී ඇති බව අපගේ හැගිමයි. තවද මාණකොල කුඩා ජල
විදුලි බලාගාරය ආරම්භයේ සිට අද දක්වාම ප්‍රදේශයේ ජනතාව කොතෙකුත් උත්සහ කලද රජයේ
කිසිදු නිළධාරියෙකු එම ජනතාවගේ දුක්ගැනවිලිවලට අවම මැදිහත්වීමක් හෝ සිදුකර නොමැත.
මේ වනවිටත් රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාක්මක කෙරෙමින් ඇති කුඩා ජල විදුලි නිසා ඒ ඒ
ප්‍රදේශවල ආපසු හැරවිය නොහැකි මට්ටමේ සමාජ සහ පාරිසරික ගැටළු පැනනැගි ඇති
තත්ත්වක් තුල තවදුරටත් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යනු හුදෙක් සදාචාරවත් නොවන
ව්‍යාපාරික කටයුතුවලට සහයෝගය දැක්වීමක් මිස එය සංවර්ධන ලෙස දැක්වීම, ජනතාවට තවත්
විහිළු සැපයීමක් පමණි. සූර්ය ශක්තිය වැනි නව තිරසාර බලශක්ති ප්‍රභය කෙරෙහි ලෝකය පුරා
4
ඉතා ඉහල අවධානයක් යොමුවෙමින් පවතින අවධියක, අපගේ රට සහ රජය තවදුරටත් කුඩා ජල
විදුලි බලාගාර වැනි අධික අර්බුද සහිත බලශක්ති ප්‍රභව කෙරෙහි තවදුරටත් යොමු වීම පිලිබදව
අපට ඇත්තේ ජුගුස්සාජනක පුදුමයකි.
එමනිසා ඉහත කරුණු සියල්ල සලකා බලා පුද්ගලයින් අතලොස්සකට ප්‍රතිලාභ ලබාදෙමින්
දහසක් පමණ වු භූමි පුත්‍රයින්ගේ බත සපයාගත් භුමීය සහ ජීවකාව අහිමි කිරීමට මෙන්ම
ප්‍රදේශයේ ජල ප්‍රභවවල ඇති පාරිසරික, සමාජ ආර්ථික වටිනාකම් විනාශකර දැමිමට මග
පැදෙන දීගලහින්න කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතිය සහ මානකොල කුඩා ජල විදුලිබලාගාර
ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස ඉල්ලා සිටින අතර මෙලෙස සාමාන්‍ය ජනතාව මුලා කරමින් සදාචාර
විරෝධි ලෙස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අනුග්‍රහය සහ අනුබල දෙන රජයේ ආයතන සහ
නිළධාරීන්ට විරුද්ධව උපරිම ක්‍රියාමාර්ග ගතයුතුව ඇත. තවද මෙම ව්‍යාපෘතීන් තවදුරටත්
ක්‍රියාත්මක වුවහොත් එය විශාල ගැටුම්කාරි තත්ත්වයකට මුලපිරීමක් මෙන්ම දැඩ් සමාජ ආර්ථික
සහ පාරිසරික අර්බුද ඇතිවීමට හේතු වනු ඇත.

ස්තුතියි,
ලාල් කුමාර වක්කුඹුර
(දුරකථන අංක: 0718736901, 0774328800)
පිටපත්,
දිස්ත්‍රික් ලේකම් තුමා, නුවරඑළිය
සහකාර ගොවිජන සේවා කොමසාරිස් තුමා, නුවරඑළිය
ප්‍රාදේශිය ලේකම් තුමා, හ`ගුරන්කෙත

1.JPG

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s