හම්බන්තොට සහ ඉහළ කොත්මලේ ව්‍යාපෘති දෙකම අනතුරුදායකයි.

10679782_629792973799571_7794124074602446951_o.jpg

නීතිවේදී ජගත් ගුණවර්ධන

ඕනෑම ව්‍යාපෘතියකට පෙර ඊට අදාළව ඉදිරිපත් කෙරෙන පරිසර තක්සේරු වාර්තා පිළිබඳව මතුව ඇති ගැටළුකාරි තත්ව සම්බන්ධයෙන් සිදු කල සාකච්ඡාවකි.

පරිසර තක්සේරු වාර්තාවක් කියන්නේ කුමක්ද?

ජාතික පරිසර පනතේ මේ ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිිරිපත් වෙනවා. සරල මට්ටමින් විස්තර කරනවා නම් එයින් Hambantotaඅදහස් වන්නේ යම් ව්‍යාපෘතියක් වෙනුවෙන් කටයුතු කරගෙන යෑමේදී ඒ නිසා ඇති විය හැකි පාරිසරික බලපෑම් අවම කර ගැනීමක්ය කියලා කියන්න පුළුවන්. ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී පරිසරයට යම් බලපෑමක් වෙනවා. එය වලක්වන්නට බැහැ. ඒ බලපෑම් අවම කර ගැනීමක් තමයිි පරිසර තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වෙන්නේ.

පවතින පරිසර වාර්තාවලින් වුණත් පරිසරයට සිදුවන බලපෑම් පිළිබඳව නිසි තකසේරුවක් කෙරෙන්නේ නැහැයි කියා මා කීවොත්……?

මෙහෙමනෙ…. පරිසර තක්සේරු වාර්තාවක් පිළියෙල කිරීමේදී තමන්ගේ සේවා යෝජකයා තෘප්තිමත් වන ආකාරයට කටයුතු කිරීමක් සිදුවිය හැකියි. අනෙක් අතින් ව්‍යාපෘතියක් කරන්නට යන අයෙක් ගත්තම ඔහුට හෝ Hambantota-20141212_170259-N.jpgඇයට පරිසර තක්සේරු වාර්තාවකින් අනුමැතිය ලබා ගැනීමක්ය කියන්නේ තවත් එක අනුමැතියක්් විතරයි. සැලසුම් මෙවලමක විදිහට මේ දිහා විශේෂ අවබෝධයකින් බලන්නේ නෑ. ඇත්තටම කියනවානම් මේ කියන පරිසර තක්සේරු වාර්තා ආංශිකයි.

උදාහරණයක් ලෙස කොළඹ කටුනායක මාර්ගය ඉදිකරන්නට යෝජනා වූ අවස්ථාවේදී ඔවුන්ගේ අරමුණ වුනේ කටුනායක ගුවන් තොටුපලේ සිට හැකි ඉක්මනින් සිය බඩු බාහිරාදිය ද රැගෙන කොළඹට ළඟා වීමයි. ඉතින් අපි යෝජනා කළා ඒ සඳහා සුදුසුම මාධ්‍යය තමයි විදුලි දුම්රියක් යෙදවීම. දැනට පවතින දුම්රිය මාර්ගයට යාබදවම මේ අලූත් මාර්ගයක් තනන්න පුළුවන්. එහෙම වුණාම ඒ සඳහා කැප කරන්නට සිදුවන පාරිසරික වැයත් අවමයි. මේ ව්‍යාපෘතිය බාරව සිටියේ ජපානයයි. ජපානය වගේ රටකින් ඉතා උසස් විදුලි දුම්රිය තාක්ෂණයක් ලබා ගැනීමේ පහසු ඉඩකඩකුත් තිබුනා. නමුත් මේ සඳහා සහභාගි වූ ආයතනයක් වන මාර්ග සංවර්ධන අධිකාරියට පුළුවන් කමක් තිබුණෙ නෑ තාර පාරකින් එහාට යන විසඳුමක් ගැන හිතන්න.

විදුලි දුම්රිය යෝජනාව අපි ගෙනාවෙත් නිකම්ම නෙවෙයි. ඒ ගැන පුළුල් අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුවයි. ජාත්‍යන්තර හීත්රු ගුවන් තොටුපල පවා එහිදී අපේ අධ්‍යයනයට ලක් වුණා. නමුත් එවැනි මහන්සියක් දරලා කෙරෙන යෝජනා අර කියපු ආකාරයට ප්‍රතික්ෂේප වෙනකොට එසේ කටයුතු කිරීම කොහෙත්ම වැඩක් නැති වැඩක් කියලා අපට තේරුණේ එදාමයි. Hambantota-20141212_163538-N

හම්බන්තොට වරාය සඳහා ඉදිරිපත් කල පරිසර තක්සේරු වාර්තාවත් ඉහල දේශපාලන මැදිහත් වීමකින් ප්‍රතික්ෂේප වෙනවා. ඔබ මොකද මේ ගැන හිතන්නෙ?

rupa-9

හම්බන්තොට වරාය ඉදිකරන්නේ දෝෂ සහිතවය කියන කාරණාව අපට පිළිගන්න සිද්ද වෙනවා. එය ඉදිකිරීමට දෙන ලද පරිසර තක්සේරු වාර්තාව නිසි පරිදි සලකා බැලූවාය කියලා අපිට හිතන්න බැහැ.

මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කරගම් ලේවාය සහ බෝඹු වැටිය ඇල ගැඹුරට හාරා නැව් රට තුලට ගැනීමට උත්සහා කිරීම. භූගෝලීය පිහිටීමට අනුව මිරිජ්ජ විල කියන්නේ හම්බන්තොට ගොඩබිමට සම්බන්ධ වන තැනයි. එතකොට අර කියන විදිහට නැව් ගමනාගමනය සඳහා සකස් කරන ගමන් මාර්ගය වැටෙන්නේ මේ ස්ථානයෙන්මයි. අඩි 90ක් වත් එය ගැඹුරට හෑරෙනවනේ. ඊළඟ ප්‍රතිඵලය වන්නේ මුහුදෙ රළ පීඩනය ඉතා වේගයෙන් මෙම ස්ථානයට පහර දීමයි. එම රළ ප්‍රහාරයෙන් පස් කොටස් ගැලවෙමින් කඩා වැටෙන්නත් ඉඩ තියෙනවා. මේ විදිහට පස් තට්ටු ගැලවී වැටීම හොඳ ලකුණක් නෙවෙයි. කොටින්ම අපි කියනවා මේ හාරන හෑරිල්ල හරිම භයානකයි කියලා. ඒ නිසාම අනාගතයේදී හම්බන්තොට ප්‍රදේශය රටේ භූමියෙන් වෙන්වී යන්නත් මේ හාරන හෑරිල්ල නිසා රට තුලට එන රළ පීඩනය හේතුවක් වෙන්න පුළුවන්.

එහෙම බැලූවම අනාගතයේදී හම්බන්තොට රටෙන් වෙන්වී දූපතක් වශයෙන් ඉවතට පාවී යෑමේ අනතුරක් තිඛෙනවාද?

එහෙම නොවෙනව නම් හොඳයි. ඒත් එහෙම නොවෙන තැනට නෙවෙයි කටයතු සිද්දවෙලා තියෙන්නේ. මීට අදාල පරිසර තක්සේරු වාර්තාවේ කරගම් ලේවායේ පාරිසරික අගය තක්සේරු කරලා නැහැ. අව තක්සේරු කරල තමයි වාර්තාව හදල තියෙන්නේ. හම්බන්තොට වරායක් හදන එක ගැන අපි සන්තෝසයි. ඒත් එතැනදි ඒ නිසා බලපෑමට ලක්වෙන පරිසරයට අදාල තත්වයන් ගැන නිසි ආකාරයට තක්සේරු නොවීමෙන් ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල ඒ ආකාරයෙන් ඇති නොවුනොත් හොඳයි. නමුත් ප්‍රශ්නය තියන්නෙ එහෙම නොවෙයි කියා හිතන්න බැරි තැනකයි.

Hambantota-20141212_171136-N

1995 දී හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 500 ක භූමි ප්‍රදේශයක් පුරා ලූනු ලේවායක් සෑදීමට ගිය අවස්ථාවේදීත් අප පෙන්වා දුන්නා ඒ නිසා මේ ප්‍රදේශයේ පස ලවණීකරණය වේවි කියලා.
අනිත් අතින් යෝධ ජල මූලාශ්‍රයක් වන යෝධ වැව පවා විනාශ වේවි කියලා. නමුත් ඒ ආකාරයට පරිසර තක්සේරු වාර්තාවක් හැදුවාට එතනින් එහාට පරිසර වාර්තාව නවත්වනවා. පරිසර තක්සේරු වාර්තාකරණය ඇති වෙලා මේ වන විට අවුරදු 16 තරම් වුණත් එය තාම ජනතාව අතරට ගිහින් නැහැ. බොහෝ වේලාවට නිසි තක්සේරුවක් කෙරෙන්නෙත් නැහැ. උදාහරණයක් වශයෙන් තෝරා ගත් ස්ථානයක් යුක්ති සහගත බව පෙන්වන්න එහි නැති ගුණ වර්ණනා පවා කිරීමත්ල අනෙකුත් ස්ථාන හෙලා දැකීමත් පරිසර තක්සේරු වාර්තා වශයෙන් පිලිගන්න බැහැ. කොහොම වුණත් නිවැරදි තීරණ ගත්ත අවස්ථාත් නැතිවාම නොවේ. වීරවිල ගුවන් තොටුපල එතනින් මත්තලට ගෙන යාම එවැනි නිවැරදි තීරණයක්. ඒත් එහෙම තීරණ හරි හිඟයි.


සාකච්ඡාව අවසන් නැත. මීළඟට ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය ගැන……

රාවය 2010 ජුනි 06

සාකච්ඡා කලේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s