මැණික් සොයා පතුල හෑරීමෙන් කළු ගඟ ගැලීම නවතී ද?

165684_636x358_1355967849320.jpg

ලොරි එන්ජින් යොදා ගං පතුලට පොම්ප ගැහිල්ලෙන් ගං පතුල බිඳී ජලය ගලා නොයන තත්ත්වයක්

රත්නපුරයේ පමණක් ගංගා පතුල් හාරන යන්ත්‍ර 45ක්

 ගංගා පතුල ගැඹුරට හැරීමෙන් ප්‍රදේශයේ භූගත ජල මට්ටම පහළ යෑමේ අවදානමක්

කළු ගඟ මෙරට ගංගාවන් අතර ඇති ප්‍රධාන පෙළේ ජල මූලාශ්‍රයකි. මේ ගංගාව සම්බන්ධ කොටගෙන උතුරුමැද මූලිකව ජලය නොමැතිකම මත කෘෂිකාර්මික කටයුතු අඩාළ වූ ප්‍රදේශවලට ජල සම්පාදනය කෙරෙන ව්‍යාපෘතියක් ද මේ වන විට ක්‍රියාත්මකය. එහෙත් මේ සංවර්ධන කටයුතු සාර්ථක වීමට නම් ගංගාව ස්වාභාවිකව ගලා යා යුතුය. නමුත් අද මේ ගංගාව එසේ ගලා නොයන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. නීති විරෝධි අන්දමින් සිදු කෙරෙන යාන්ත්‍රික මැණික් ගැරිල්ල ඊට හේතු වී තිබේ. ගංගාවේ පතුල ගැඹුරට බිඳී ගොස් ස්වභාවිකව ජලය ගලා යෑම නතර වෙන තත්ත්වයක් එහි ඇත. තව ද ඉවුරු කඩා වැටෙන පාරිසරික හිංසනයකට ද කළු ගඟ ගොදුරු වෙමින් තිබේ.image079.jpg

මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු සොයා යෑමක දී එක් තැනක තිබී ලොරියක එන්ජිමක් හමු වී තිබේ. තවදුරටත් කරුණු සොයා බලද්දී එය වනාහි ලොරියක එන්ජිමක් යොදාගෙන ලක්ෂ 7ක් 8ක් පමණ මිල වටිනාකමක් නියම කළ ඉල්ලම් පස් ඉවත් කෙරෙන යන්ත්‍රයක් බව හෙළි විය. මේ ඉල්ලම් පස් ඉවත් කෙරෙන යන්ත්‍රය ගංගාවේ පත්ලට තබා එය සූරා ඉවත් කර ගනී. මැණික් ගරන්නන් පොම්ප ගහනවා යනුවෙන් හඳුන්වන්නේ මේ කටයුත්තයි. අඟල් 6 – 7 ක ප්‍රමාණයේ නළ යොදා සිදු කෙරෙන මේ පොම්ප ගැහිල්ල (Sucker) නිසා නියත වශයෙන් ම ගං පත්ල බිඳී හෑරී යෑම වැළැක්විය නොහැකිය.

ඒ ආකාරයට ගං පත්ල හෑරීමෙන් ඇතිකරගන්නා වළවල්වලට කිමිදුම්කරුවන් යවා ගොඩ ගන්නා ඉල්ලම් පස් සෝදා ගන්නේ ද ගංගා ජලයෙන්මය. ඒ නිසා පිරිසිදු පානීය ජල මූලාශ්‍රයක් වශයෙන් පවතින කළු ගංගාවේ ජල ධාරාව බොහෝ තන්හි ගලා බසින්නේ බොර වතුරක් ලෙසිනි. “කූඩ හෑරිල්ල” සහ “සැල්ලඩ හෑරිල්ල” නමින් මේ කටයුත්තට අදාළව ආකාර දෙකක් වේ.

මේ ආකාරයට යාන්ත්‍රික මැණික් ගැරිල්ල හේතු කොටගෙන ගංගාවේ පත්ල බොහෝ තැන්වල මීටර් 25 – 30 අතර ප්‍රමාණයකින් ගැඹුරට හැරී ගොස් තිබේ. එසේ ගඟ පත්ල දිගටම ගැඹුරු වළවල් හැරීමෙන් ස්වාභාවික ජල ගලනය නතර වෙනවා ය යන කරුණ පාසල් ශිෂ්‍යයෙකුට වුණත් වැටහෙන්නකි.

15111606.jpg

මෙහි ඇති අනිත් බිහිසුණු කාරණය වන්නේ ඔවුන් එසේ ගංගා පත්ල හාරමින් යාන්ත්‍රික පතල් කැණීම කරන්නේ වර්ෂා සමයේ දී නොව වියළි කාලගුණයක් යටතේ වීම යි. ඊට හේතුව ලෙස වැසි සමයේ දී ගඟ තුළ රොන්මඩ ආදිය තැන්පත් වීම නිසා පොම්ප කිරීමට බාධා සිදුවීම යැයි හෙළි වේ. ඒ නිසා වියළි කාලයේ දී සිදු කෙරෙන යාන්ත්‍රික මැණික් ගැරිල්ල නිසා ග‍ඟේ ජලය හීන වන සමයක තවදුරටත් එය ගලා නොයන තැනකට පත් වේ. එවැනි පසුබිමක් තුළ ගංගාවේ පහත නිම්න වාසී ජනයා එම වැසි රහිත කාලගුණයකදී බරපතළ ජල හිඟයකට මුහුණ පෑම වැළැක්විය නොහැකිය.

විශේෂයෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයට අයත්, නිවිතිගල, රත්නපුර, කිරිඇල්ල, අයගම හා පැල්මඩුල්ල යන ප්‍රාදේශීය කොට්ඨාසවලට අයත් ප්‍රදේශ යට කියැවුණු ව්‍යසනයට ගොදුරු වී ඇත.080318_8852_std

ගංගාවක පතුල මේ ආකාරයෙන් ගැඹුරට හෑරීම ඒ අවට ප්‍රදේශවල භූගත ජල මට්ටමේ පහළ යෑමකට ද හේතු වේ. ස්වාභාවික ගුරුත්වාකර්ෂණය හේතු කොටගෙන භූගත ජල නිධිවල ජල තැන්පතු පහළට ගලා යෑම ඊට හේතුවයි. කළු ග‍ඟේ අතු ගංගාවක් වන වේ ගඟ, කරවිට ගඟ, ගල්තුර ගඟ, හංගමු ගඟ, දෙනවක් ගඟ යට කී පාරිසරික ව්‍යසනයට මේ වන විටත් ගොදුරු වී තිබේ. ඒ හැරුණු කල කළු ගඟටම අයත් වන ගිලීමලේ – මල්වල ප්‍රදේශයේ මෙන්ම කිරිඇල්ල මෙන්ම දුම්බර යන ප්‍රදේශ ද යන්ත්‍රානුසාරයෙන් ඉල්ලම් පස් ගොඩ දැමීමෙන් විනාශයට පත්වූ පාරිසරික කලාප වේ.

ඇතැම් අවස්ථාවලදී යන්ත්‍ර ගණනාවක් පමණ එකවර යොදාගෙන මේ කටයුත්ත සිදුකොට තිබේ. එවැනි අවස්ථාවලදී ගඟGem-minning- දිය අධික ලෙස බොර වීම කෙසේවත් වැළැක්විය නොහැකි තැනකට පත් වේ. එලෙස දරුණු ලෙසින් යාන්ත්‍රික පතල් කැණීමෙන් විනාශයට පත්වූ ජල මූලාශ්‍රයක් ලෙසින් කළු ගඟට සම්බන්ධ “වේ” ගඟ හඳුනාගෙන තිබේ. මේ ආකාරයට දිගින් දිගටම හෑරෙන ගංගා පත්ල හේතු කොටගෙන ජලය ගලා යෑම කැපී පෙනෙන ආකාරයෙන් අඩුවීමක් නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන්ම පායන කාලවලදී ගලා නොයන ගංගාවේ ස්වභාවය මෙන්ම විශාල ලෙසින් හෑරුණු ගංගා පත්ලවල ජලය පිරී තිබීම හොඳින් නිරීක්ෂණය කළ හැකිය.

අපට සොයා ගත හැකි වූ ආකාරයට එවැනි පතල් කැණීමේ යන්ත්‍ර 45ක් පමණ රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් තිබේ. මේ ආකාරයට මහා පරිමාණයෙන් යාන්ත්‍රික පතල් කැණීමෙන් විනාශයට පත්වූ කළු ගංගාවත් එහි අතු ගංගාවලත් ඒ නිසා හායනය වූ ජෛව විවිධත්වය ප්‍රමාණාත්මකව කොතෙක් ද යන්නත් කොහෙත්ම විමසීමකට ලක් කොට නැත. අනිත් අතට ඒ හේතුවෙන් බොරවෙන ජලය නිසා ආශ්‍රිත කලාපවල හටගෙන ඇති පානීය ජල අර්බුදයෙන් එම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් කඩවීම ගැන සිදු කළ කිසිදු විමර්ශනයක් ද නැත.5298503419_976a5e67e5_b.jpg

 

යාන්ත්‍රික පතල් කැණීමෙන් ප්‍රදේශවාසීන් අත්විඳින තවත් බරපතළ හිංසනයක් වන්නේ ශබ්ද දූෂණයයි. ගඟ දිගට සවි කළ ලොරි එන්ජින් සහිත යන්ත්‍ර ගණනක් එකවර නඟන හඬින් කොතරම් ශබ්ද දූෂණයක් ඇතිවේ ද යන්න කල්පනා කර බැලීමට එම ප්‍රදේශවලට යා යුතුම නැත. සාමාන්‍ය දිවි පැවැත්මක් තුළ සාමකාමී ලෙසින් විසීමට එම ප්‍රදේශවල ජනයාට ඇති අයිතිය එහෙම පිටින්ම උල්ලංඝනය කරන මේ පාරිසරික හායන ක්‍රියාවලිය ගැන දැනෙන සුළු අන්දමින් විමසීමක් සිදු කිරීමට අදාළ බලධාරී ආයතන එදා සිටම දැක්වූ අකමැත්තට හේතුව එම ක්‍රියාවලිය පසුබිමේ වූ දේශපාලන හස්තයන්දැයි විමසීමට අපට අයිතියක් තිබේ. විශේෂයෙන්ම දිවා රෑ වෙනසකින් තොරව මහත් සේ ශබ්ද නඟමින් ක්‍රියාත්මක වන මේ යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය පොලීසියට බොහෝ කාලයක සිටම පැමිණිලි කොට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. එහෙත් එවැනි බොහෝ පැමිණිලි අදටත් පවතින්නේ නිහඬ වූ තැනකය.kaluganga

මැණික් ඉල්ලම් ගොඩ දැමීමේදී එම මැණික් පතල බදු දීමට පෙර එය පිහිටි ස්ථානය, පිළිබඳව නිසි හඳුනා ගැනීමක් කොට නිසි වාර්තාවක් පරිසර අනුමැතිය උදෙසා මධ්‍යම පරිසර අධිකාරිය වෙත යැවීම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වගකීමකි. එතැනදී ලැබෙන කොන්දේසි සහිත අනුමැතිය එසේ තිබියදීම අදාළ ඉඩමේ අයිතිය හා පිහිටීම ගැන සලකා බලා තවදුරටත් ලබා ගත යුතු අනුමැතියක් වේදැයි පරීක්ෂා කළ යුතුය. එසේ වේනම් නම් කෙරෙන ආයතනවලින් ද එම අනුමැතීන් ද ලබාගත යුතුය. ඉඩම හෝ ඉඩම් බදු දීම සඳහා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණෙන්නේ ඉන් පසුවය. එම ඉඩම් බදු ගත් පුද්ගලයන්ට පතල් කැණීමට අවසර ලැබෙන්නේ ද පිළිගත් කොන්දේසි රාමුවක් තුළය.

එසේම 1988 අංක 56 දරන සහ 2000 අංක 53 දරන පනත්වලින් සංශෝධිත 1987 අංක 47 ජාතික පාරිසරික පනතට මෙන්ම 2006 ජූලි 17 අංක 1454/14 දරන ගැසට් නිවේදනයට අනුව තහනම් උපකරණ, (නිද: උකහා ගැනීමේ යන්ත්‍ර) යොදා ගනිමින් ගංගාවක මැණික් ගැරීම තහනම් කටයුත්තක් වේ. එහෙත් අවාසනාවකට මෙන් එවැනි නෛතික ආරක්ෂාවක් තිබියදීම විශේෂයෙන්ම කළු ගංගාවේ පැවැත්ම යට කී ආකාරයෙන් විනාශයට පත්වීම සහ එසේ වුණේ කෙසේ ද යන්න සිතා ගැනීම, ඇත්තම කිවහොත් අපහසු කරුණක්ම නොවේ. අපහසුව ඇත්තේ ඒ විනාශය සිදු කළවුන්ට දඬුවම් පැමිණවීම යන තැනය.

1 (1).jpg

කෙසේ වුව නැඟී ආ විරෝධය හමුවේ කළු ග‍ඟේ වටාපත ප්‍රදේශයේ බංකුවල නම් ස්ථානයේ මහා පරිමාණයෙන් සිදු වූ පොම්ප ගැහිල්ල ඒ දිනවලදීම නතර කිරීමට පොලීසිය කටයුතු කොට තිබේ. ඒ වෙනුවෙන් පොලිස් මුරපොළක් පවා පිහිටුවීමට සිදු විය. ඒත් සමඟම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඉදිරිපත් වී බඹරකොටුව සහ දෙනවක් යන ගංගා ප්‍රදේශවල ස්ථාන කිහිපයකම සිදු වූ එවැනි ක්‍රියාකාරකම් නතර කිරීමට කටයුතු කොට ඇත.

එහෙත් ප්‍රශ්නය වන්නේ සමස්ත විනාශයටම ඒ නිසා විසඳුම් ලැබේ ද කියන තැනයි. මේ වන විටත් බරපතළ ලෙස විනාශයට පත් වී ඇති කළු ගංගාවේ ජලය බැස යෑම ඒ නිසාම යථා තත්ත්වයට පත් නොවේ.

බී. කේ. එම්. එස්. ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s