‘මගේ මිත්‍රවරුණි’ මේ මතයට නුඹලා එකඟ යැයි මට සිතෙයි.

 

cicero (1).jpg

ක්‍රි. පූ. 235 තරමේ විසූ කවියෙකු මෙන්ම රෝම නාට්‍ය රචකයෙක්ද වූ නෙයිවියස් ලියූ ලුඩස් නම් නාට්‍යයේ එක් පුරවැසියෙක් වෙනත් රාජ්‍යයක පුරවැසියකුගෙන් මෙසේ ඇසීය.

නුඹලාගේ ඔතරම් වැදගත් රාජ්‍යය මෙතරම් ඉක්මනින් කෙසේ පිරිහීමට පත් වුණේද ?
පුරවැසියාගේ පිළිතුර මෙයයි.

අහේතුවකට මෙන් හිතුවක්කාර පළපුරුද්දක් නොමැති තරුණ කථීකයන් රැලක් කඩා වැටී රටේ නායකත්වය අරගත්තා.

ඒ උද්ධෘතය අප ලබා ගත්තේ රෝමයේ විසූ ප්‍රකට කථීකයෙකු වූ මාර්කස් ටුල්ලියස් සිසරෝගේ ඩේ සෙනැක් ටුටේ හි සිංහල පරිවර්තනයෙනි. එය පැසුණු විය නමින් සිංහලයට නැඟ=වේ විශ්‍රාමලත් විදුලි සංදේශ ඉංජිනේරුවරයෙකු වූ ciceroදයානන්ද ලිච්ඡවි වනිගරත්නයන්ය.
එම කාතියෙන් ඉතා පැහැදිලිවත් ස්ථීරසාරවත් පැහැදිලි කිරීමක් කරයි. ඒ පැසුණු වියක ඇති උදාරත්වයයි.

මිනිසකුගේ සැදෑ වයස මහත් වූ වැඩ කොටසක් වෙනුවෙන් ඔහුව නුසුදුස්සෙක් කරන්නේය යන්න පරාජිත මතවාදයක් බවට මාර්කස් ටුල්ලියස් සිසරො විසින් සිය කෘතියෙන් පෙන්වා දෙනු ලබයි. ඔහු පවසන්නේ එය පදනමක් නැති කතාවක් ද බවයි. එමෙන්ම එය මෙසේද විස්තර කරයි.

ඔවැනි කියමන් පිළිගන්නා අය මෙහෙමත් කියන්නට පුළුවනි. නැවේ නියමුවා නැවේ කිසිම බරපතල වැඩකට සහභාගි නොවන කිසිම ප්‍රයෝජනයක් නැති අයෙකි. මක් නිසාද අනිත් නාවික සමූහයා වෙහෙස මහන්සියෙන් නොයෙකුත් අංශවල කටයුතු කරද්දී ඔහු සුක්කානම ළඟ වාඩිවී නිසොල්මන්ව නැව පදවන හෙයිනි. සිසරො පෙන්වා දෙන්නේ හුදෙක් කාය ශක්තිය මත පිහිටා කරන්නාවූ කටයුතු පමණක් කාර්්‍යයභාරයක් ලෙසින් නොසැලකිය යුතු බවයි. කල්පනා ශක්තියෙන් යුත් මිනිසා සැමවිටම වාගේ ප්‍රතිනිර්මාණය වන්නේ ඔහුගේ පැසුණු වියේදී බවය.

marcus-tullius-cicero-hero-H

බැරෑරම් රාජ්‍ය පාලන කටයුතු ඉටු කරන්නේ කාය බලයේ වෑයමින් නොවේ. ඒ කරන්නේ නිවුණු කල්පනාවෙන් Cicero Statueනැණවත් උපදේශයෙන් සහ මහජනයා නිතරම ගරු කරන විධායක මහිමයෙනි. මෙවැනි සුදුසුකම් වයසට යත්ම හීන නොවන සාමාන්‍යයෙන් ප්‍රබලව දියුණුවන ගුණයෝය. මගේ මිත්‍රවරුණිල මේ මතයට නුඹලා එකඟ යැයි මට සිතෙයි. එසේ නැත්නම් සමහරවිට නුඹලාට මා මේ රාජ්‍යයේ වැදගත් නැති නිකමෙකු හැටියට පෙනෙන්නට පුළුවනි. කුමක් නිසාද යත් මා යුධ ශ්‍රේණියේ ක්‍රමවත් ව ශ්‍රේණියෙන් ශ්‍රේණියට උසස් වී සාමාන්‍ය සේවා භට තත්වයේ සිට ප්‍රධාන අණ දෙන නිලධාරියා වී ඒ සෑම තත්වයකදීම මුහුදෙන්ද ගොඩෙන්ද අනේක යුද පොරවලට මුහුණපා දැන් ඉතින් වයෝවෘද්ධව සටන් බිමට යන අපේ භටයන් ගේ පෙරමුණ නොගන්නා නිසාය. එහෙත් මා දැන් යුද කරදරයන්ට පෞද්ගලිකවම ඇතුළු නොවුූවත් හොඳම විධි ආදිය මන්ත්‍රී සභාවට පෙන්වා දෙමි. [පැසුණු විය]

මාර්කස් ටුල්ලියස් සිසරෝ ලතින් බසින් ලියන ලද මහළු වයස ගැනය යන අර්ථය ඇති ඉහත කෘතිය මිනිසෙකුගේ් cicero1තරුණ විය ඉක්ම යාම පිරිහීමක් ලෙසින් ගැනීමට විරුද්ධ වෙයි. තරුණ වියේදී නොතිබුණු කල්පනා ශක්තියකින් අවදිවන පැසුණු වියේ උදාරත්වය සහ අලංකාරය ඒත්තු ගැන්වීමේ ප්‍රශස්ත ප්‍රයත්නයක් ලෙසින් ද එම කෘතිය හඳුන්වා දිය හැකිය.

 

මහළු වයස පිට පටවන දෝෂය මේකයි. – එයින් අපේ ශක්තිය හීන කරනවාලූ. – මේ චෝදනාව නම් සම්පූර්ණයෙන්ම අත්තිවාරම් නැත්තක් නොවෙතියි පිලිගත යුතුමය. දැන් මට නම් තරුණ කාලයේ තිබුණු සවි ශක්තිය නැතිය කියා කණගාටුවක් නැත. කණගාටු වෙමි නම් තරුණ කාලයේදීත් මා ඇතෙකුගේ ගොනෙකුගේ තරම් ශක්ති බලෙන් යුක්තව නොසිටි හෙයින් ඒ ගැනත් කණගාටු වූ කෙනෙක් විය යුතුයි. අප තුල තාම තියෙන ශක්තියේ ප්‍රමාණයට සෑම සුදුසු අවස්ථාවන්හි එය මෙහෙයවීම අපට හොඳටම ඇතිය. 13754546_1238සුප්‍රසිද්ධ මයිලෝ (ක්‍රිස්තු පූර්ව පන්සීයයේ දී පමණ විසූ සිසිලි දූපතේ දී උපන් ඔලිම්පියාවේදී තෑගි කිහිපයක්ම දිනාගත් අතින් ගස් දෙබෑ කල හැකියැයි කියන අතුල්‍ය ක්‍රීඩා දක්ෂයෙක්.) ගැන අසන්නට ලැබුණ මේ සිද්ධිය තරම් නින්දිත යමක් තවත් නැත. මහළු වියට පැමිණි පසු දිනක් මේ මිනිහා ප්‍රසිද්ධ රංගයක රඟපාන ක්‍රීඩාකරුවන් කිහිපදෙනෙකු දැක දෑත දිගු කර හ~ා වැටෙමින් මෙසේ කීවෙලූ. – අනේ අපොයි මගේ මේ මස් ගොබ දැන් එහෙම පිටින් ම වැහැරිල දිරා බුරුල්ව තිඛෙනා හැටි. නොහිබිනා නාකියාල ඌට ලතෝනි දෙන්නට කරුනු තිබුණේ ඇෙඟ් පතේ දුබලකම ගැන නොව උගේ මොලේ මොට්ටකම ගැනයි. උගේ ප්‍රසිද්ධිය රඳා තිබුණේ මනුෂ්‍යයන් ඇත්තටම උත්තම කරන උසස් ගුණාංගයන්හි නොව සත්ව බල පරාක්‍රමයන්හි නිසාය. මෙවැනි ලතෝනියක් නීති ශාස්ත්‍රයේ මනා පටුත්වයක් තිබී ඉන් මහජනයාගේ සුබ සිද්ධියට වැඩ කල කොරුන් කේනියස්ල අයිලියස්ල පුබුලියස්ල ක්‍රාසුස් ( ක්‍රි. පූ. 280 – 209 අතර විසූ ප්‍රසිද්ධ නීතිවේදින් ) වැනි උත්තමයන්ගේ මුවින් නම් කවරදාවත් පිටනොවූ වග මම හොඳටම දනිමි. එපමණක් නොව දීර්ඝායුෂ්ක ඔවුන්ගේ ඒ ඥාන ශක්තිය මරණාසන්නය දක්වාම බල පෑවේය.

සිසරෝගේ මේ කෘතිය පැසුණු විය නමින් සිංහලයට පරිවර්තනය වන්නේ 1966 පූනි මස දී ගුණසේන පොත් සමාගමේ අනුග්‍රහයෙනි. එහෙත් ඉන් පසුව මෙහි තවත් පරිවර්තනයක් ආවේදැයි නොදනිමි. මෙවැනි කෘති යළි යළිත් පරිවර්තනය වීම අවශ්‍යය. කියැවීමේ විවිධත්වයක් ඇති කරන ජීවිත පරිඥානය මතු කරන සාහිත්‍යය මූලාශ්‍රයන් වශයෙන් එහි ඇති වටිනාකම අවබෝධ කරගැනීම ප්‍රකාශකයන්ටත්ල ලේඛකයන්ටත් එකසේ වැදගත්ය.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s