අයිස් සේරම ගඟ අත ඇරල යනවා.

978x

පාරේ හිම කණ්ඩි සෑදී ගොඩ ගැසී තිබුණත් තැපැල්කාරයා බයිසිකලය පැදගෙන එනු සිසිලියා දැක්කාය. මුලදීම ඇය සිනා සී ජනෙල් වීදුරුවට තට්ටු කර අත වැනුවාය. ඔහු හිස ඔසවා බලා දෑතම වනන්නට විය. එවිට බුරුල් හිම මත බයිසිකලය ලිස්සා ගොස් පෙරළුනි. ධාන්‍යාගාරය පිටුපස ඔහු නොපෙනී ගිය කෙනෙහිම ඇය දනි පනි ගා ඇඳට ආපසු ගොස් හැ~ුවාය. ජීවිතයේ එකම අරමුණ තැපැල්කාරයකු හිම මත බයිසිකලය පැදීම ද?

මිනිස් පැවැත්ම යනු කුමක් දරෑ සමහර විට මිනිසාට සිය ඥාන ශක්තිය මෙහෙයවා පිළිතුර දිය නොහැකි එකම ප්‍රශ්නයත් එය විය හැක. මිනිසා සිය පැවැත්ම වශයෙන් හඳුනාගෙන සිටින සිය ආයු කාලය අවුරදු 80 – 100 අතර 136122සීමාවේ පමණක් පවතින්නක් දරෑ ඒ මධ්‍ය ලක්ෂයේ මඟ හැරුනු පසුතලයක නූල් පන්දුවක් සේ අවුල්ව ගිය මිනිසාගේ පැවැත්ම ගැන දීර්ඝ සංවාදයක් ඇති කර ගැනීමක් හැටියට යූස්ටයින් ගෝඩර් ගේ Throught a Glass Darkly – අඳුරු පළිඟ= තල මැදින් කෘතිය හැඳින්විය හැක. එහි එන සිසිලියා රෝගි සිරුරක් තුල සිරගත වූ දැරියකි. ඇයත් සමඟ මේ සංවාදයට එකතු වන්නේ සුර දූතයෙකු වන ඒරියල්ය. එය සිංහලයට පරිවර්තනය කරන්නේ රාණි සේනාරත්න රාජපක්ෂය. කෘතියක් වශයෙන් ගත් කල සිංහල පරිවර්තනය සාම්ප්‍රදායික පරිවර්තන භාෂාව ඉක්මවා යමින් අවස්ථානුගතව එමෙන්ම චරිත ප්‍රාණවත් කරන සංවාද සහිත ශෛලියකින් යුක්තය. අතිශයෝක්තිය සම්පූර්ණයෙන්ම බැහැර කොට ඇත.

ඒරියල් සුරදූතයාගේ පැහැදිලි කිරීමට අනුව ස්වර්ගය යනු අතිශයින්ම නිර්මාණාත්මක වූ පැවැත්මකි. අවසානයක් නැති මහා නිර්මාණශීලිත්වයකි. ඒ අනුව ආදම් සහ ඒවා ව දෙවියන් වහන්සේ විසින් ස්වර්ගයෙන් පිටමං කරනු ලැබ නැත. ඔවුන්ව පිටමං කොට ඇත්තේ ඔවුන්ගේම ළමා වියෙනි. එසේ බලන කල මිනිසාගේ ස්වර්ගීය පැවැත්ම ළමා විය ගෙවීයාමත් සමඟම අවසන් වේ. ඒ ඔවුන් ඥානය නම් ගසේ ගෙඩි කෑමට දක්වන බලවත් කැමැත්ත නිසාය. එහි තේරුම ළමාවියෙන් පසුව මිනිසා තුල ඇති නිර්මාණශීලි උනන්දුව ඔවුන් තුළම මිය යනවාය යන්නය. එතැන් සිට ආරම්භ වනනේ සාම්ප්‍රදායිකත්වය තුල කොටුවීමකි. ඒ වනාහි කෙනෙකු තම පැවැත්ම ඒ තුළම හිරි වට්ටවා ගැනීමකට සමානය.

IMG_1366

ළමයෙක් ලෝකයට බිහිවන හැම වතාවකදීම ලෝකය අළුතින් මැවෙනවා. කෘතියෙන් පැවසෙන ඒ අරුතට අනුව ළමයා යැයි කියන්නේ හැමවිටම ලෝකය අළුතින් දකින්නෙකි. ඒ අළුත් දැක්ම වැඩිහිටියෙක් වූ තැනදී ඔහුට හෝ ඇයට අහිමි වේ. අනෙක් අතට වැඩිහිටි සාම්ප්‍රදායිකත්වය එසේ පසුබසින්නේ ද අළුතA ළමයෙක් වෙනුවෙන් අළුත් ඉඩක් ලෝකයට අවශ්‍ය නිසාය. පසු බසින සාම්ප්‍රදායිකත්වය අවසානයේදී මරණයෙන් කෙළවර වේ. නමුත් ලෝකය කිසිදා මහළු නොවේ. ලෝකයේ ඒ ජීවමය පැවැත්ම මහළු වී රැලි වැටී විරූපි නොවේ. ඉදින් අනිත්‍යතාව නොවුනේ නම් පෘථීවිය මත සැමවිටම මහළු බවතA විරූපිකමත් පමණක් ඉතුරුවෙනු ඇත. ඒ එක තැන පල්වීම මරණය විසින් වළක්වනු ලැබ තිබේ.

එවැනි පසුබිමක් තුල දෙවියන් ලෝකය නිර්මාණය කල ආකාරය ඇත්තටම කුතුහලය දනවන සුළුය. එමෙන්ම josteinප්‍රශ්නකාරීය. එහෙත් එදෙස කුතුහලයෙන් යුතුව බලන්නේ වැඩිහිටියන් නොව ලමයින්ය. වඩිහිටියන් බොහෝ විට දෙවියන්ගේ එකී නිර්මාණය දෙස බලන්නේ එය ඒකාකාරි නියතියක් ලෙසින් ගනිමිනි. එනිසාම ඔව්හු ඉක්මනින් ම වයසට පත්වෙති. ඔවුන්ට අනුව ජීවත්වීම යනු දෛනික පුරුද්දකි. ඉන් එහාට දෙයක් එහි නැත. ඒරියල් එය මෙසේ විග්‍රහ කරයි. වැඩිහිටියන් යනු ලෝකයම පුරුද්දක් බවට පත්කරගෙන ජීවත් වන්නවුන්ය.

නමුත් සදාතනික පැවැත්මක් ඇති සුරදූතයෝ දෙවියන්ගේ නිර්මාණය දෙස නිරන්තර කුතුහලයකින් යුතුව බලති. ඒ ගැන පුදුමයට පත්වෙති. ඒ නිසා සදාතනික අළුත් බවක් මිස ජරාපත් වීමක් ඔවුන් අතර නැත. අනිත් අතට දෙවියෝ ද වැඩිහිටියන් ගැන කරදර නොවෙති. තමන් දෙස කුතහලය පිරුණු දෑසින් බලන ළමයින් ගැනම උනන්දු වෙති. ඔවුන් නිසා අසීමිත සතුටක් ලබති. ඒරියල් ඒ බව සිසිලියාට පැහැදිලි කර දෙයි. වැඩිහිටියන් සම්බන්ධයෙන් ඔහුගේ නිගමනයට අනුව වැඩිහිටියෝ දෙවියන්ගේ සම්පූර්ණ මැවිල්ලම පුරුද්දක් කර ගෙන තිබේ. එවැනි පසුබිමක් තුල පහත දැක්වෙන ආකාරයේ දැනුම් දීමක් ද ලෝකයට අවශ්‍ය වනු ඇතැයි ඒරියල් පවසයි.

බාගදා ලොකුම ප්‍රවෘත්ති පත්තරවල මෙන්න මෙහෙම දැන්වීමක් හෝ දාන්න වෙයි. ලෝකයේ වෙසෙන සියළු පුරවැසියන්ට දැන්වීමක්. මෙය නිකම්ම කටකතාවක් නොවේ. ලෝකය දැන් මෙතැන තිබේ.

you can witch video also-

 

978x (1)

එක් අවස්ථාවකදී සුරදූතයාගෙන් ඔහුගේ හිසේ කෙස් නැත්තේ මන්දැයි සිසිලියා අසයි. එවිට සුරදූතයා පවසන්නේ එය යථාර්තය ගැන වැටහීමක් ලබාදෙන ප්‍රශ්නයක් නොවේය යන්නයි. ඒක හරියට ඔයාගේ මූණේ රැවුලක් නැත්තෙ ඇයි කියල අහනවා වගේ. ඒ ඇයි දන්නවද ඔයා හැම දෙයක්ම දකින්නෙ කණ්ණාඩියකින්. එතකොට ඉතින් ඔයාට ඔයාවම පෙනෙන එක වළක්වන්න බැහැනෙ. එහි තේරුම අපි ලෝකය දකින්නේ සැමවිටම අපට සාපේක්ෂව යන්නයි. එය ක්ෂුද්‍ර දැක්මකි.

තමන් ඉදිරියේ කැඩපතක් තබා ගෙන තමන් ලෝකය දකිනවා යැයි සිතා සිටින මිනිසා ඉදිරිපත් කරන ලෝක විග්‍රහයin-der-kritik-jostein-gaarder තුල ඇත්තේ මොන වගේ විග්‍රහයක්දැයි මේ අනුව ඔබට පැහැදිලි වනු ඇත. ඒ නිසා මුලින්ම අවබෝධ කර ගත යුතුව ඇත්තේ මමත්වය අපට සැබෑ ලෝක තත්වය නොපෙන්වන බවය. යූස්ටයින් ගෝඩර් ඒරියල් නම් සුරදූතයා ලවා දෙවියන්ගෙන් ප්‍රශ්න කරවන්නේ සර්ව බලධාරිත්වය ද ඒ අනුව ප්‍රතික්ෂේප කල යුතුද කියාය. තවද ලෝකය මීට වඩා වෙනස් ආකාරයකින් නිර්මාණය කළ යුතුව තිබුණා නේද කියාය. දෙවියන් ඊට දුන් පිළිතුර මෙසේය.

මං දන්නවා හුඟක් දේවල් වෙනස්වට තිබුනා නම් හොඳයි කියළා. ඒත් දැන් කළ දේ කරල ඉවරයි. කොහොමටත් මම ඉතින් සර්වබලධාරි නැහැනේ. ඒ අනුව පවත්නා සාම්ප්‍රදායික සීමාවන් තුල සිටමින් ලෝක පැවැත්ම පිළිබඳව නිවැරැදි හෙළිදරව්වක් කිරීම කල නොහැක්කක් බවත් එය වෙනම සම්ප්‍රාප්තියක් හරහා සිදුවිය යුතු බවටත් යූස්ටයින් ගෝඩර් පෙන්වා දෙයි. එක් අතකින් ලේ මස් පැවැත්මකින් තොර සුර දූතයකුත් අනිත් අතින් සිය ශරීර පැවත්ම අහිමිව යන ඒ බව ඇස් පනා පිට පෙනෙන රෝගයකින් පෙළෙන මිනිස් දරුවකුත් උක්ත කරුණ කියාපෑම වෙනුවෙන් තෝරා ගැනීම තුළ කතුවරයා සිය පරිකල්පනීය හැකියාවද මොනවට පෙන්වා දෙයි. එක් අතකින් ඒ වනාහි බර්ටොල්ට් බ්‍රෙෂ්ට් ගේ එපික් ආඛ්‍යායන ශෛලිය හෙවත් දුරස්ථකරණ රීතිය සිහිගන්වන්නක්ද වෙයි. බ්‍රෙෂ්ට අවශ්‍ය වූයේද ප්‍රේක්ෂකයාගේ නාට්‍යය නම් මායාවී ඒකාකාරිත්වය බිඳ තමන් ඉදිරියේ රඟ දැක්වෙන ජවනිකාව පිළිබඳව අවදියෙන් යුතුව බැලීමට හැකි තත්වයක් ඇති කර ගැනීමයි.

0022.jpg

මස් ලේ වලින් හැදුනු ශරීරයක් තියෙන කොට හැෙඟන්නේ කොයි විදියටද කියලා මං දන්නෙ නෑ. වැඩෙන කොට හැෙඟන්නේ කොහොමද කියල මම දන්නෙ නෑ. එAරියල් එසේ පවසන්නේ ඇට මස් ලේ තුල සිරගත වූ මනුෂ්‍ය පැවත්මේ ඒකාකාරිත්වය අප හමුවේ විවෘත විවේචනයකට ලක් කරමිණි. ඔයා හීන දකින කොට කෙරෙන්නේ සුරදූතයෝ මුළු විශ්වයේදී ම කරන දේවල් හරියටම ඔයාගේ ඔළුව ඇතුලේදී සිද්ද වීමයි. සුරදූතයාගේ එම විග්‍රහය 110142444පැහැදිලිය. නින්දත් සමඟම මිනිසා සිය ජීවිතය සම්බන්ධයෙන් පනවා ගෙන ඇති බොහෝ සම්බාධක වලින් ව්‍යුක්ත වූ එමෙන්ම සිය ශරීර පැවැත්මෙන් දුරස්ථ වූ නිදහස් පැවැත්මක් ලබයි.

මොළය පිළිබඳ ශෛල වෛද්‍යවරුන් කිසි කෙනෙකුටත් මොළය ඇතුලේ සිතුවිල්ලක් අහුවෙලත් නෑ. ශාස්ත්‍රඥයෝ කිසි කෙනෙකුත් වෙනින් පුද්ගලයකුගෙ හීනයක් කවදාවත් දැකල නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැනේ මිනිස්සුන්ගෙ ඔළුව ඇතුලේ හීන සහ සිතුවිලි නැති බවක්. කොටින්ම ඒරියල්ගේ පැහැදිලි කිරීම වන්නේ මිනිසුන් සිය පරිකල්පනය අත්හැර නිස්සාර හැඟීම් සමඟ අකලට මහළු වෙමින් තවදුරටත් අමරණීය ජීවිතයක් ප්‍රාර්ථනා කිරීම කාලකණ්නි විහිළුවක් බවයි. මෙතැනදි සිසිලියා අනිවාර්යෙන්ම ඒ සිරගත වීමෙන් නිදහස් විය යුතුය යන්න ඒරියල්ගේ ප්‍රාර්ථනාවයි. ඒ සඳහා ඇති එකම මඟ මිනිසා තුල ඇති පරිකල්පනයයි. අවසානයේදී සිසිලියා එතැනට පැමිණ සිටියාය. ඒරියල් ද එය පිලිගත්තේය.

අයිස් සේරම ගඟ අත ඇරල යනවා. – ඇය කීවාය. ඔව්හු හිස් සැලුහ. ඉක්බිති බොහෝ වේලාවක් නිසලව පැවතුණි.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s