අප රැකෙන බත ඉදෙන දවස වැඩි ඈතක නෙමේ

pau.jpg6324708221_151fd4f91d_bඅප රැකෙන බත ඉදෙන දවස වැඩි ඈතක නෙමේ

මහ පොළොවට සතා සීපාවට වගේම ගොවියාටත් වස විස නැති පොහොර ළ`ගදීම වෙළෙඳ පොලට
වී වගාවේදී වැඩි වශයෙන් කෘෂි රසායන භාවිතය පොළව නිසරු කිරීමටත් ගොයමට හිතකර මෙන්ම අහිතකර පළිබෝධකයන් විනාශ කිරීමටත් ජල උල්පත් දුෂණය වීම මෙන්ම ගොවීහු දරුණු වකුගඩු ආබාධ වලට ලක් කිරීමටද හේතු වී ඇත¡
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා සහ දත්ත අනුව වැඩි වශයෙන් කෘෂි රසායන වල අඩංගු කැඩ්මියම් , ආසනික් සහ ලෙඩ් ගොවීන් අතර පැතිර යන දරුණු වකුගඩු ආබාධය සඳහා මූලිකවම බලපාන්නා වූ හේතුවකි¡ එම සංවිධානය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සෑම මසකම මෙම රෝගයට ගොදුරු වූ 1100 පමණ රෝහල් ගත වන බවත් ඉන් බොහෝ පිරිසක් මරණයට පත් වන බවත්ය

වස විස නැති අපේ මහ පොළොවත් ගොයමත් රැක
දෙන කාබනික පොහොරIMG_0170-600x800

ICEI හෙවත් ජාත්‍යන්තර ආර්ථීක සහයෝගීතාව සඳහා වූ ආයතනය ඕවර්සීස් සහ එකෝවේව් යන ආයතන ඒකාබද්ධව වසර ගණනාවක් විශ්ව විද්‍යාල සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග පර්යේෂණ සහ අත්හදා බැලීම් වලින් අනතුරුව GREEN AGRO වෙළඳනාමය යටතේ බුත්තල කාර්මික ජනපදයේ කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට නියමිතය මෙම දියර කාබනික පොහොර සඳහා මේ වන විට පේටන්ට් බලපත්‍රය හිමි වී ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අත්හදා බැලීම් සිදු කර තිබේ
මෙම දියර පොහොර පසට අවශ්‍ය පෝෂක කොටස් උරාගැනීම වේගවත් කරන අතර මෙම නිෂ්පාදනය යොදා ගැනීම තුලින් රසායනික පොහොර සදහා අවශ්‍යතාවයක් මතු නොවන්නා සේම පරිසර හිතකාමී වගා ක්‍රමයකට ගොවියා යොමු කරනු ලබයි

මෙම මිලිලීටර් 200ක දියර කාබනික පොහොර නිෂ්පාදන මුල් අදියරේදී අක්කර 15000ක් සදහා ප්‍රමාණවත් වනු ඇති අතර ඉලක්කගත ප්‍රතිලාභී කණ්ඩායම වන්නේ අක්කර 2ක් 3 කුඹුරු ඉඩම් වගා කරන ගොවීන් වේ¡ වසර 05කදී අක්කර 35000 ප්‍රමාණයක් සදහා මෙම නිෂ්පාදනාගාරය තුල පොහොර නිෂ්පාදනය වනු ඇත
ඔබට මේ සදහා සහාය වීමට සහ වැඩි විස්තර සදහා පිවිසෙන්න
http://icei.it/icei/en/support-the-biofertilizer-production-in-sri-lanka/
හිතවතුන් අතරේ ප‚වුඩය හුවමාරු කර ගනිමින් මෙම නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සහය වන්න

මේ වන විට ලොව පුරා තහනම් කර ඇති විෂ රසායන වර්ග 12 ගැන දන්නවාද?
2000 වසරේදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන යටතේ විනාශකාරී (dirty dozen) – ලෙස නිෂ්පාදනය සහ භාවිතය තහනම් කරන ලද රසායන වර්ග 12කි¡ මින් වර්ග 08ක් පලිබෝධනාශක වන ඇල්ඩි්‍රන්, ක්ලෝඩේන, DDT ඩයලඩි්‍රන්, එනඩි්‍රන්, හෙප්ටක්ලෝ, මිරෙක්ස් සහ ටොක්සෆීන් වේ¡ අප්‍රිකාව තුල මැලේරියා මර්දනය සදහා මෙහිදී DDT යොදා ගැනීමට ඉඩ ලබාදී තිබේ¡ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 21ක් මෙලෙස හානිකර විෂ රසායන තහනම් කිරීමේ ප්‍රඥප්තියට අත්සන් තබා ඇත

කාලීන පුවත්

ph-srl-107-uk
ඔබත් වස විස නැති ආහාර නිෂ්පාදන හෝ සැපයුම්කරුවෙක්ද? ඔබේ ව්‍යාපාරයට දැන් රජයේ අත හිත

ජාතික ආහාර නිෂ්පාදන ආයතනයේ 2016-2018 සදහා වූ අරමුණ අනුව යමින් වස විස නැති ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් එවැනි වස විස නැති පරිසර හිතකාමී ආහාර නිෂ්පාදකයන් සහ iemhqïlrejkag  සැපයුම්කරුවන්ට වස විස නැති ආහාර වෙළදපොලල healthy food shop  ජාලයේ ලියාපදිංච් කැදවීම් සිදු කර තිබේ¡ මෙම වැඩසටහනට ඔබට ඊමේල් ffhc.srilanka@gail.com  මගින් හෝ දුරකථන 011 250 6895 හෝ ෆැක්ස් 011 250 6907 මගින් සම්බන්ධ විය හැක

ලංකාවට ආවේ‚ක ඈත අතීතයේ සිට බොහෝ විදේශිකයන් ආකර්ශනය කල කුළු බඩු වර්ග අතරින් ප්‍රධාන
ලෙසත් තෙල් නිස්සාරණයටත් කුරු`දු තේ සහ වෙනත් ආහාර වර්ග සැකසීමටත් යොදා ගනී
කුරු`දු වගාව සහ සැකසීම බහුලව සිදුවන්නේ මෙරට දකුණු පළාත තුලයි¡ කුරු`දු වගාව සහ සැකසීම පාරම්පරිකව පැවත එන කර්මාන්තයක් වීම මගින් එහි නියැලෙන පිරිස සිමා වී ඇත¡ කුරු`දු වෙළදාම වැඩි වශයෙන් ලාභ ඉපයිමට හැකි ව්‍යාපාරයකි¡ එහෙත් කුරු`දු වගාව කුරු`දු තැලීම පුහුණුවක් දැනුමක් සහ කැපවීමෙන් තොරව සිදු කිරීමට නොහැකිය¡ වජිරා පුෂ්පලතා කුඩා කල සිට සිය පියා සමග එක්ව කුරු`දු සැකසීමට අදාල සියළුම කටයුතු සදහා සම්බන්ධ වන්නේ වගකීම් කරට ගන්නා දිය‚යක් ලෙසිනි

ඒ අත්දැකීම් සහ දැනුම ආශ්‍රය කර ගනිමින් කුරු`දු වෙළදාම සදහා යොමු වූ වජිරා අද වන විට කුරු`දු අලෙවිය සදහා වෙළදසැලක් බිබිල මැදගම ප්‍රදේශයේ විවෘත කර තිබේ
ඔබ මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හේතුව?
මම විවාහයෙන් පස්සේ 1988දී මොණරාගල ප්‍රදේශයට පදිංචියට ආවා¡ මගේ පියා රැකියාවට කලේ කුරු`දු තැලීම¡ ඒ වැඩට සහාය වීමට අලූත්ගම ප්‍රදේශයෙන් පිරිස් පැමි‚යා¡ මමත් ඒ වගේම ඒ වැඩට සහාය වුනා¡ කුරු`දු සැකසීම ගැන ඒ නිසා මට දැන ගන්න හැකි වුනා
සැකසීම සදහා ඕනෑම කුරු`දු වර්ගයක් යොදා ගන්න පුළුවන්ද?
අපිට භාවිතයට ගත හැකි කුරු`දු වර්ග වෙන්නේ වතු කරුදු සහ ඇල්බා කුරු`දු¡ කපුරු කුරු`දු භාවිතයට සුදුසු නෑ¡ මිලට ගන්නෙත් නෑ¡ ඇල්බා කුරු`දු වැවෙන්නේ දකුණේ ඇල්පිටිය ප්‍රදේශයේ¡ ඇල්බා කුරු`දු වලින් විතරක් සමහර කාල වලදි අපිට රුපියල් 40000ක් විතර ආදායමක් ලබා ගන්න පුළුවන්
කුරු`දු සැකසීමෙදි අනුගමනය කරන ක්‍රම මොනවද?
කුරු`දු කැපීම සිදු විය යුත්තේ කපන අතු මගින් රිකිලි නැවත ලියලන ආකාරයට¡ කුරු`දු අතු කැපුවම සූරලා පොත්ත ඉවත් කල යුතුයි¡ ඉන් පස්සේ කුරු`දු තලාා ගෙන දවස් 03ක් පමණ වේලන්න ඕන
මේ වන විට ඔබේ ව්‍යාපාරය යම් තරමක සාර්ථකත්වයකට පත් වෙලා¡ මෙතෙක් ආ ගමන ගැන මොකද හිතෙන්නේ?
මුලින්ම මේ කුරු`දු අලෙවියට සූදානම් කරලා ඒ කටයුතු කලේ මමයි මගේ සැමියත් එකතු වෙලා¡ අපි දෙන්නම එකතු වෙලා ලඬ 06ක මුදලකට ඉඩමක් මිලට ගත්තා¡ බිබිලේ සුපුන් වෙළදසැල නමින් අපේ ව්‍යාපාරික ස්ථානය පටන් ගත්තා දැන් ව්‍යාපාර වැඩ වලට අපේම කියලා තැනක් තියෙනවා¡ දැන් අපිට මේ සදහා සේවක පිරිසක් සම්බන්ධ කර ගන්න පුළුවන් වෙලා තියෙනවා¡ අපි මේ වෙනකොට කුරු`දු කිලෝවක් රුපියල් 1450ක මිලකට අලෙවි කරනවා සෙනසුරුදා ඉරිදා දවස්වල තමයි කුරු`දු මිලට ගන්න එන්නේ

112

මේ ක්ෂෙAත්‍රයේ කාන්තාවක් විදියටත් සුළු ව්‍යාපාරිකයෙක් විදියටත් ඔබට මුහුණ දෙන්න සිදු වුන අභියෝග මොනවද?
මේ කර්මාන්තයට අලෙවියට වැඩි හරියක් සම්බන්ධ වෙන්නේ පිරිමි¡ මමත් මේ කර්මාන්තය ගැන දැන ගත්තේ මගේ පියාගේ වැඩට සම්බන්ධ වෙලා¡ කුරු`දු තැලීම, සැකසීමට විශේෂිත හැකියාවක් තියෙන්න ඕන වැඩක්¡ මගේ ගම් පළාත වගේ නෙමෙයි මේ ප්‍රදේශයෙන් කුරු`දු
රස්සාව කරන්න පිරිස හොයාගන්න අපහසුයි¡ මේ රැකියාව සදහා පුහුණු කම්කරුවෙක්ට දිනකට රුපියල් 2000ක් වගේ මුදලක් ගෙවන්න ඕන අනික ඒක ගොඩක් වෙලාව ගත වෙන වැඩක් විද්‍ය හා තාඬණ අමාත්‍යාංශයේ විදාතා මධ්‍යස්ථාන කුරු`දු වගාව සුළු අපනයන බෝගයක් විදිහට ප්‍රචලිත කරන්න උපකරණ ලබා දිීලා තියෙනවා ඒත් මිනිස්සු ඒ උපකරණ භාවිතා කරන්්්නේ නෑ මමත් කුරු`දු වලින් දන්තාලේප, කුරු`දු තේ හදන හැටි ඉගෙන ගත්තා ඒත් ඒ වගේ දේකට යන්න උදව්වට පිරිස අවශ්‍යයි
මට අවශ්‍ය උනා කුරු`දු කිරන්න විශාල තරාදියක් ඒ සඳහා වැඩි මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා මට අවශ්‍ය ආකාරයේ තරාදියක් › එකෝ ව්‍යාපෘතියේ පරිසර හිතකාමී සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන ක්‍රමය හරහා මට ලබා දුන්නා
ඔබේ ව්‍යාපාරය තවත් එක් ව්‍යාපාරයක් නෙමෙයි පරිසර හිතකාමී ව්‍යාපාරයක් කොහොමද ඔබේ ව්‍යාපාරය පරිසර හිතකාමී වෙන්නේ?
මම කුරු`දු පොතු සුද්ද කිරීමෙන් ඉතිරි වෙන සුඹුල කාබනික පොහොරක් විදියට දේශීය අල වගාව සදහාත් දර ලෙසත් අලෙවි කරනවා¡ කුරු`දු ගහේ සෑම කොටසකින්ම මම ආදායමක් උපයා ගන්නවා

අප හා සම්බන්ධවන්න

Earth talk ඒකන තුලින් මෙවර පරිසර හිතකාමී නිෂ්පාදන ව්‍යාපාරය හෝ සේවාව පිළිබඳ දැනුවත් කිරීමට හෝ ඔබේ අදහස් හෝ යෝජනා අප වෙත දැන්වීමට iceisrilanka@icei.it හෝ ිරසැජද srieco facebook සම්බන්ධවන්න

තල් කොළ වලින් විසිතු නිපැයුම් මවන සර්කල් :ජසරජකැ- ආයතනය

සර්කල් කිලිනොච්චියේ ක්‍රියාත්මක ප්‍රජා මූල සංවර්ධන ආයතනයක්¡ මෙම ආයතනයේ එම ප්‍රදේශය අවට ඇති ග්‍රාමීය කාන්තා සංවර්ධන සමිති, තරුණ සංගම්, ගොවි සංගම්, අනාථ දරු සංවිධාන 70ක පමණ සාමාජිකත්වය දරනවා
මෙම ආයතනය එහි සාමාජික පිරිසගේ නිෂ්පාදන අලෙවිය සඳහා පහසුකම් සහ පුහුණුව ලබා දෙනවා එම ආයතනයේ ජසරජකැ සන්නාමය යටතේ අලෙවි කිරීමටද මැදිහත් වෙනවා
විශේෂයෙන්ම තල්කොල ආශ්‍රයෙන් නිෂ්පාදන සැකසීම පුහුණුව හා තත්ව පාලනය පවත්වා ගැනීම ගැන දැනුවත් කරනවා එම ආයතනයේ නියෝජිතවරයෙක් වන නිත්‍ය ප්‍රකාශ් අප සමග පැවසුවේ තල් කොල ආශ්‍රයෙන් සිදු කරන නිෂ්පාදන ක්‍රියාවලියේදී කෘතිම සායම් රසායන වැනි කිසිවක් භාවිතා නොකරන බවත් අනවශ්‍ය ආකාරයට කිසිදු අමුද්‍රව්‍යයක් යොදා නොගන්නා බවත්ය¡
මෙයට අමතරව සර්කල් මධ්‍යස්ථානයේ සිවිල් සංවිධාන සඳහා පුහුණු කටයුතු කිරීමේ පහසුකම් පුස්තකාලයක් රැස්වීම් ශාලාවක් සහ අන්තර්ජාල පහසුකම්වලින්ද සමන්විත වේ¡
සර්කල් මධ්‍යස්ථානය හා සම්බන්ධවන්න 0212283888 – 0772447979-Email: circle_manager@sltnet.lk

Send by Dhanushi

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s