එසේ ගත් කල ශෘංගාරය අලංකාරයක් වන්නේය.

paustovsky.jpg

– කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි. –

“ලේඛකයෙකු සිය නිර්මාණ කාර්යය ඔහු ගේ මුවින් ම විස්තර කිරීම ප්‍රතිඵලදායි කටයුත්තක් යැයි මා සිතන්නේ නැත. ,මගේ පොත් ගෙන කියවන්න. ඒ තුළ සියල්ල ඇත. ”
චෙකොව් කී ඒ දේ මම ද පිලිගන්නෙමි. , එසේ පැවසූ ඔහු රුසියානු ලේඛක කොන්ස්තන්තීන් පවුස්තොවුස්කි ය.

“මම නිතරම මගේ චරිතවල ජීවමාන ස්වරූප සමග ජීවත් වන්නෙක් වෙමි. මා හැමවිටම වෑයම් කරන්නේ ඔවුන්ගේ යම් ආකාරයක යහ ගුණාංගයක් හෝ වේ නම් එය උපුටාගෙන මා තුල රෝපණය කර ගැනීමටයි. සාහිත්‍යකරණයේ දී සාහිත්‍යකරුවා මුළු සිතින්ම ඊට අවංක විය යුතුය. සිය ජිවිතයෙන්ම ඊට කැප විය යුතු ය. අවසානයේ දී ඔහුගේ මුළු ජීවිතයම වන්නේ සාහිත්‍යය යි.”

පවුස්තොව්ස්කි වැඩුණේ මව්පිය සෙනෙහසකින් තොරවය. ඒ නිසාම ජීවිතය පවත්වා ගැනීම වෙනුවෙන් ඔහු නොදැරූ වෑයමක් නැත. කර්මාන්තශාලාවල මත නොව මාළු වාඩිවලද ඔහු වැඩ කොට ඇත. ඔහුගේ පළමු නවකතාව වන Romantic ඒ අත්දැකීම්වල ප්‍රතිඵලයක් යැයි ඔහුම පවසා ඇත. පසු කාලයක මොස්කව් නගරයට පැමිණෙන පවුස්තොව්ස්කි එතැන් සිට පූර්ණ කාලීනවම ලේඛණ කලාවට කැප වී තිබේ.

කොහොම වුණත් ඔහුගේ ජීවිත පුරුද්දක් වූ අයාලේ ඇවිදයාම ඒ නිසාම නතර වුණා යැයි කිව නොහැක. කෙසේ වෙතත් Kara Bugaz කෘතිය පලකිරීමෙන් පසු අන් සියළු කටයුතු පසෙකලා ලිවීම පමණක් තෝරා ගත්තේ යැයි ඔහු පවසයි. ඒ අතර අයාලේ ඇවිද යාමද කලේය. එසේ ඇවිදිමින් වරක් ෂේක්ස්පියර් ගේ උපන් ගමටත් ගියේය.

” අත්ලාන්තික් සාගරයල ඝර්ම කලාපීය රටවල් මින් පෙර මා නුදුටු විරූ දෑ විය. මගේ ප්‍රියතම විෂය වූයේ භූගෝලයයි. ඈත එපිට රටවල් ගැන තොරතුරු දැන ගැනීමට ඒ නිසා හැකි විය. ඒ දිනවල මගේ දුප්පත්කම ඒ රටවල් හැබැවින් දැක බලා ගැනීමට වූ අවස්ථාව මට අහිමි විය. ඒත් ඒ විස්තර පුවත්ල මගේ මනස තුල චිත්ත රූප වශයෙන් 26733ABතැන්පත් වී තිබිණි. ඒවා මගේ සෞන්දර්යමය සිත විසින් සරල කාව්‍යාත්මක සිතුවම් බවට පත් කොට මගේ කල්පනා ලෝකයේ තැන්පත් කොට තැබිණි. එම මානසික ලෝකයේ නොමියන සොම්නසක් ද විය., තමාගේ මුල් කාව්‍ය හා ගද්‍ය රචනාවල නොමේරු භාව අත්දැකීම් ලෙසින් සටහන් වී ඇත්තේ ඒ නිසා මතු වූ රස භාවයන් යැයි ඔහු පවසයි. ,එහෙත් කාලයාගේ ඇවෑමෙන් මම ඒ නොපැසුණු ශෘංගාරාත්මක ප්‍රේමාලාපද සෞන්දර්යාත්මක අතිශයෝක්තියද අත් හළෙමි. මා විසින් සැබැවින්ම විදුණා ලද අත් දැකීම් මගේ නිර්මාණකරනයන් හි අන්තර්ගතය බවට පත්විය. රන් හුයක් සේ ඒ හා ඇඳිණි.”

ඉනික්බිතිව අපට හමුවන්නේ පවුස්තොව්ස්කි නම් මුහුකුරා ගිය මිනිසෙකි. විවේක බුද්ධියෙන් යුතුව අදහස් පලකරන්නෙකි.

” බොහෝ විට ලේඛකයෙකු නොමඟ යවන හේතු ප්‍රත්‍යයන් දෙකක් වෙයි. ඉන් එකක් ශෘංගාරයයි. අනික සෞන්දර්යයි. ශෘංගාරය ස්වභාවයෙන්ම ජීවිතයක සමග පවත්වන්නේ විප්‍රවාසි සම්බන්ධයකි. එහෙත් ඒ ශාංගාරය ජීවතයේ මූලයන්ගෙන් මතු වී සාර පෝෂණයක් ජීවත්වීම වෙනුවෙන් ලබා දෙයි.” පවුස්තොව්ස්කි සිය ශෘංගාරයේ විග්‍රහය මෙසේ ද ඉදිරිපත් කරයි. තමන්ට වැටහෙන අන්දමට ශෘංගාරය මිනිස් වර්ගයාගේ සුහදශීලිත්වයල අධ්‍යාත්මික ගුණයල නිර්ලෝභී උදාරත්වය වෙනුවෙන් ඇවිලෙන ගින්නක් වැනි යැයි ඔහු පවසයි.

,යම් අයෙක් නිසඟයෙන්ම අලංකාරයට නැඹුරු වූ සෞන්දර්යකාමී සිතක් ඇති අයෙකු නම් හේ අඥානයෙක් නොවන්නේය. කෘර හෝ බියසුළු හෝ වංචනිකයකු නොවන්නේය. එසේ හෙයින් සෞන්දර්යයේ සිත මූලික අරුතින්ම උසස්ය. එය ප්‍රතික්ෂේප කිරීම යුක්ති සහගත නොවේ. මන්ද යත් එය මිනිස් වර්ගයාගේ යහපතට හේතුවන ඒ සඳහා බලවත් පරිශ්‍රමයක යෙදෙන ප්‍රත්‍යයකම වන හෙයිනි.,

කොන්ස්තන්තින් පවුස්තොව්ස්කි කිසියම් දාර්ශනික ආස්ථානයකින් ද සිය ශෘංගාර විග්‍රහය ඉදිරිපත් කරයි.

, එසේ ගත් කළ ශෘංගාරය අලංකාරයක් වන්නේය. එම භාවයන් දීප්තිමත් වළා පටලයක් සේ මගේ මුල් කාලීන කෙටි කතා බොහොමයක අන්තර්ගත විය. එම නිර්මාණ නැවත සංශෝධනය කළ යුතු යැයි මම නොසිතමි. කාලයත් සමග මම එක්තරා සත්‍යයක් අවබෝධ කර ගතිමි. එනම් කොතරම් නොවැදගත් වූවද අප කරන කියන හැම දෙයකම අප උදෙසා භාවිත අර්ථයක් තිබිය හැකි බවයි. ඒ අනුව යෞවනයේ මාගේ සරාගී සංවේදනයන් මා අවට වූ විචිත්‍ර විශ්මයාකාර දෑ තියුණු ලෙසින් ග්‍රහණය කර ගැනීමට මා පුහුණු කල බවයි.,

එකී මානසික හැඩ ගැසිම පසුව භාවමය පරිකල්පනයක් වශයෙන් ඔහුගේ සාහිත්‍යමය නිර්මාණශීලිත්වය හැඩ ගැන්වූ අයුරුද පවුස්තොව්ස්කි මෙසේ පෙන්වා දෙයි.

,එම සාහිත්‍යමය මූල ද්‍රව්‍යවල වු සරල පාරාන්ඪ ස්වභාවය මගේ සංයත අවධානයට යොමුකරවීමට මම සමත් වූයෙමි. ගැඹුරු යථාඥානය කල්පිත අලංකාරයෙන් විචිත්‍රව තිඛෙනු මම දුටුවෙමි. එය විචාරයෙන් තොරය. (එහි තේරුම අවිචාරය නොවේ.) එහෙත් එය මගේ අධ්‍යාත්මය පොහොසත් කලේය. තවද එකී විචිත්‍ර කල්පිතයේ බලපෑම මගේ Kara Bugaz, Colchic වැනිනිර්මාණවල දැකිය හැකිය. ශෘංගාරාත්මක වර්ණය වෙනුවෙන් මා තුලින් නැගෙන කැමැත්ත බලවත්ය. එහෙත් බලවත් පරිශ්‍රමයකින් යුතුවල යථාවාදි විශ්වසනීයත්වයකින් අව්‍යාජ බවකින් යුතුව එය ප්‍රතිනිර්මාණය කිරීමට මම වෙහෙසෙමි.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s