ඉහළ කොත්මලෙ නාය යෑමේ අවදානමෙන් බේරා ගන්න නම් වන වැස්මක් අවශ්‍ය වෙනවා.

10306.jpg

නීතිවේදී ජගත් ගුණවර්ධන

ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය නාය යාමේ අනතුරක පවතිනවා. ඒ පිළිබඳ ඔබේ අධ්‍යයනය කවරාකාරද?

ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය හදන්න යෝජනා වුණේ දිය ඇලි හතක් පදනම් කරගෙනයි. ඒත් අද ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල විතරයි යොදා ගෙන තියෙන්නේ. මුලදි කි. මී. ගණනක් දිගට හදන්න ගිය උමඟත් කෙටි කරල තියෙනවා. මේ පිළිබඳව කරන ලද පරිසර තක්සේරු වාර්තාවේදී පැහැදිලිව පෙන්වා දෙන කරුණක් තමයි ව්‍යාපෘතිය හදන්න යන බිම 70්‍ර කින් නිරාවරණයි කියන එක. ඒ නිසා එක පැත්තකින් වර්ෂා කාලයට විශාල වශයෙන් සේදී එන රොන් මඩ වලින් මේ ජලාශය පිරී යනවා. අනෙක් අතින් භූමිය නාය යාමේ අවදානමකද තියෙනවා. ඒ ආසන්නයේ තිබූ නියං ගම දොර කියන ගමේ මිනිසුන් ද ප්‍රදේශයෙන් ඉවත් කරලයි තියෙන්නේ. හේතුව තමයි එය නාය යෑමේ අවදානමක තිබීම. ඒ නිසා මෙවැනි ව්‍යාපෘතියක් හදන්න කලින් භූමිය පිළිබඳව කරන පරිසර තක්සේරු වාර්තාව අවධානයට ලක් කල යුතුමයි. ඉහළ කොත්මලේ ව්‍යාපෘති භූමිය නාය යෑමේ අවදානමෙන් බේරා ගන්න නම් වන වැස්මක් අවශ්‍ය වෙනවා. ඒ වගේ පරිසර ආරක්ෂන විධි ක්‍රම අනුගමනය නොකර මේ වගේ ව්‍යාපෘති ආරම්භ කිරීම භයානකයි.

වර්ෂා කාලයේදී ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල අද එදා වගේ සුදෝ සුදුවට ගලා හැලෙන්නේ නෑ. මේ ළඟදි මම දැක්කා වතුර කඳ තනිකරම දුඹුරු පාටයි. එහෙම දකින කොට හරිම කනගාටුවක් හිතට දැනෙනවා.

kotmale-hydro-plant-1183x353.jpg

සුළු වර්ෂාපතනයකින් වුණත් අද කොළඹ යට වෙනවා. කොළඹ එසේ ගං වතුරට ගොදුරුවීම ගැන ඔබේ අදහස ඇසුවොත්?

80 දශකයේ ඉඳළම මේ තත්වය දකින්න ලැඛෙනවා. කොළඹට වැටෙන ජලයෙන් කොටසක් පොළවට උරා ගන්නවා. කොටසක් අපධාවය run off  වෙනවා. අපධාවය කියන්නේ පොළවට උරා නොගන්නා ජලයටයි. එවැනි ජලයක් ගලා යන්න පහත් බිම් තිබිය යුතුයි. උරා ගන්න තෙත් බිම් තිබිය යුතුයි. නමුත් අද ගොඩ කරන තරමක් ගොඩ කරන්නේ පහත් බිම් සහ තෙත් බිම් ම තමයි. ඒ නිසා අපධාවය උරා ගැනීමට මඟක් නැහැ. මේ ජලය එක් රැස් වෙනවා හරියට බේසමකට වගේ. අද සුළු වැස්සකිනුත් කොළඹ යට වෙනවා කියන කතාවේ තේරුම ඒකයි.

අනිත් අතට ජලය බැස යාම විධිමත්ව සිදුවන්නේ නෑ. සමහර අභ්‍යන්තර ජලාශ තිඛෙන්නේ මුහුදු මට්ටමට වඩා පහලිනුයි. දියවන්නාව ඒ සඳහා උදාහරණයක්. ඒ නිසා සාගර ජලය රට ඇතුලට තල්ලූ වෙනවා. අභ්‍යන්තර ජලය සාගරයට ගලායෑම අවහිර වෙනවා. එයත් ගං වතුර ඇතිවෙන්න හේතුවක්. අපි දන්නවා ජා වත්ත ප්‍රදේශයේ වැඩිපුර ජලය එකතු වෙන්නේ ටොරින්ටන් ඇළට. එය හීන් ඔයටත් පසුව දියවන්නාවටත් එකතු වෙනවා. දියවන්නාව වතුරින් පිරී තිඛෙන අවස්ථාවක ප්‍රදේශය යටවීමේ තත්වය ඇති වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අතිරික්ත ජලය එක් රැස් වෙන සහ උරා ගන්න පහත් බිම් ආරක්ෂා කළ යුතුයි කියලා.

පහත් බිම් සීමාවකින් තොරව ගොඩ කිරීමේදී සිද්ද වෙන්නේ කෘතීමව උස් බිම් ඇතිවීමයි. එතකොට ස්ව්භාවික උස්බිම් පහත් වෙනවා. අවසන් ප්‍රතිඵලය කුමක්දරෑ නීති විරෝධීව කටයුතු කල පුද්ගලයා ගැල වෙනවා. නීතියට අනුව කටයුතු කල පුද්ගලයා යට වෙනවා. මේක හරිම අසාධාරණයක්.

(රාවය 2010 ජුනි 06)

සාකච්ඡා කළේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s