ඔහුගේ දේශපාලන කියැවීම-ගාමිනි වියන්ගොඩ

Chinua-Achebe-710x434

BNM

timthනයිජීරියානු ලේඛක චිනුවා අචබේ 2013 දී මෙලොවින් සමුගත්තේය. ඒ නිමිත්තෙන් ඔහුගේ සාහිත්‍යයික සහ දේශපාලන හැසිරීම ගැන ගාමිනි වියන්ගොඩ අපත් සමග මේ සාකච්ඡාව පැවැත්වූයේ 2013.03.31 රන්දිව පුවත්පත වෙනුවෙනි.සුළු සකස් කිරීමකින් පසු මෙසේ එය නැවත පල කරන්නට අප සිතුවේ එහි එන සාම්ප්‍රදායික නොවන සමාජ දේශපාලන විග්‍රහය නිසාය.

ඔහු නයිජීරියා නවකතාවේ මුත්තනුවන් යැයි එක් පාර්ශවයක් පවසද්දී තවත් පාර්ශවයකට අනුව හෙතෙම අප්‍රිකානු 0076480සාහිත්‍යයේ පියාය. කෙසේ වුණත් අප්‍රිකානු සාහිත්‍යයට අදාලව නම් ජාත්‍යන්තර සම්මානයටද පාත්‍ර වූ ඔහුට ඉදිරියෙන් සිටින තවත් ලේඛකයෝ සිටිති. නොඛෙල් සම්මානලාභි වෝලෙ සොයින්කා ඊට හොඳ උදාහරණයක් වේ. එතැනදි චිනුවා අචබේ පසුවන්නේ දෙවැනි ස්ථානයේ ය. කෙසේ වෙතත් අප්‍රිකානු සාහිත්‍යයේ සිටින ශ්‍රේෂ්ඨ නවකතාකරුවන් අතර ඔහුට හිමි තැන ඒ නිසා ම සංශෝධනය නොවේ. එහෙම වුණත් අචබේ ලියූ නවකතා ගණන 6 කට හෝ 7 කට වැඩි නොවේ. කෙටි කතා ද ඇත්තේ අතලොස්සකි. එහෙත් ඔහු සාහිත්‍යයික වශයෙන් මතු නොව දේශපාලනිකව ද විචාර විග්‍රහ ඉදිරිපත් කල ලේඛකයෙකි.

අප්‍රිකානු මහද්වීපය නිදහස ලබන්නේ එක්දාස් නවසිය පනස් ගණන් වලය. පනහේ දශකයේ අවසානයේදී සහ හැටේ දශකය මුලදී යැයි කීවොත් වඩාත් නිවැරැදිය. මේ කාලයේදී ඔවුන්ට තිබුණේ භාෂණය මුල් කරගත් බසකි. එහි තේරුම ලිඛිත හෙවත් ලේඛනය මුල්කරගත් බසක් අප්‍රිකාවට නොතිබුණා ය යන්නය. අනික් අතට කලාපීය ව ගත් කල එම රටවල ප්‍රධාන භාෂාවක් ද (ජාතික භාෂාවක් යනුවෙන් ද එය ගත හැකිය.) නොතිබුණි. දැකිය හැකි වූයේ ප්‍රාදේශීය භාෂා ගණනාවකි. අචඛෙ විසූ නයිජීරියාවට ද එය පොදු විය. නයිජීරියානු යැයි හැඳින්විය හැකි බසක් එහි නොවීය. ග්‍රෝත්‍ර කිිහිපයකට අයත් භාෂා කිහිපයක් ඒ achebe_lacombeවෙනුවට තිබිණි. අප ලේඛකයා අයත්වුනේ ඉබෝ ග්‍රෝත්‍රයටය. මෙය ඉග්බෝ නමින්ද කියැවෙයි. එහෙත් වහරේදි ඉබෝ වශයෙන් ගැනෙයි. චිනුවා අචඛෙ සිය ලේඛන කටයුතු සඳහා ඉංග්‍රීසි බස යොදා ගන්නේ මෙවැනි පසුබිමක් තුලය. (ඉබෝ ග්‍රෝත්‍රය පවතින්නේ නයිජීරියාවේ දකුණු – නැගෙනහිර පලාත්වලටය.)

මෙවැනි තත්වයක් හමුවේ නිදහස ලබන අප්‍රිකානු රටවල් ඉන් පසුව මුහුණ පාන බරපතල සමාජ සංස්කෘතික අහේනිය වන්නේ තමන් ට ජාතික බසක් නොමැති වීමය. භාෂණය මුල් කොට ගත් ප්‍රාදේශීය භාෂා ජාතික සාහිත්‍යයක් වෙනුවෙන් තවදුරටත් ප්‍රමාණවත් නොවීමයි. පරිපාලනයට අදාලව භාෂා මාධ්‍යයක් වශයෙන් ඉංග්‍රීසිය යොදා ගැනීම ඕනෑම රටකට නොකල හැකි දෙයක් නොවේ. අදාල කරුණු නියෝග ආදිය සන්නිවේදනය කිරීමට අදාලව ඉංග්‍රීසි බස යොදා ගැනීමේදී එය විදේශීය බසක් වීම යන්න එවැනි කාර්යයන් වලදී ගැටළු මතු කරන්නක් නොවේ. නමුත් සාහිත්‍යකරණය විෂයයිකව අපට එසේ සිතිය හැකිද thingsFallApartයන්න ගැටළුවකි. විශේෂයෙන්ම චිනුවා අචබේගේ සාහිත්‍යකරණය සම්බන්ධයෙන් එවැනි ප්‍රශ්න කිරීමක් ඇත. ඒ අනුව යටත්විජිත යුගයේ දී රට තුල ඉංග්‍රීසිය ව්‍යාප්ත වී තිබුණ ද (ඉංග්‍රිසිය පැතිරුණු බසක් වුණා ද ) ඒ විදේශීය බසින් ස්වදේශීය අධ්‍යාතමය මතු කල හැකි ද යන්න ප්‍රශ්නයක් වශයෙන් මෙන්ම තර්කයක් ලෙසින් ද ඉදිරිපත් කොට තිබේ. සාහිත්‍ය යනු හුදු සන්නිවේදන කටයුත්තක් නොවීම ඊට හේතුවයි. සාහිත්‍ය මිනිසාගේ අධ්‍යාත්මික මෙන්ම සමාජ ජීවිත ප්‍රතිනිර්මාණය කරයි. එසේ ගත් කල එංගලන්තයේ සමාජ අධ්‍යාත්මය හෙලි කරන්නට නිර්මාණය වුුණු ඉංග්‍රීසි බස තුලින් අප්‍රිකානු අධ්‍යාත්මය නිර්මාණය කල හැකිද?චිනුවා අචබේගේ සාහිත්‍යකරණයට එරෙහිව ගොඩ නැඟ=ණු ප්‍රධානම ප්‍රතිවාදය වූයේ එයයි.

එහෙත් මෙතැනදි අප්‍රිකානු කලාපයට ප්‍රධාන බසක් නැති ය යන්න ද අමතක නො කල යුතුය. තවද එය තර්කයක් වශයෙන් ප්‍රතික්ෂේප කල හැකිද නොවේ. එවැනි පසුබිමක සාහිත්‍යකරණයේදී ඉංග්‍රීසි බස යොදා ගැනීමට පදනමක් නැති කටයුත්තක් ද නොවේ. ඒ සම්බන්ධයෙන් අචබේ විසින් ලබාදී ඇති පිලිතුර ද සාර්ථක එකක් ලෙසින් ගැනේ.Chike_and_the_River_-_book_cover

ඔහුට අනුව ඕනෑම භාෂාවක් අවශ්‍යතාවන් හඳුණාගෙන ප්‍රසාරණය වේ. අලූත් අත්දැකීම් හඳුනාගෙන ඒවා ප්‍රකාශවීමට අවශ්‍ය ආකාරයෙන් සකස් වීමේ හැකියාවද භාෂාවකට තිබේ. ඉංග්‍රීසි භෘෂාවද ඒ තත්වයෙන් වෙනස් නොවේ. එහෙත් එතැනදී උපයුක්ත භාෂාව පිළිබඳ මනා පරිචයක් තිබීම අවශ්‍යය. (චිනුවා අචබේ ට ඉංග්‍රීසි පිළිබඳව පමණක් නොව සාහිත්‍යයල ඉතිහාසය සම්බන්ධයෙන්ද මනා හැදෑරීමක් තිබිණි.)

කෙසේ වෙතත් අචබේ ගැනෙන්නේ පශ්චාත් යටත්විජිතවාදි ලේඛකයකු හැටියටය. ඔහුගේ දේශපාලන කියැවීම නිර්මාණය වුණේද ඒ තුළය. විශේෂයෙනම ඉබෝ සමාජ සංස්කෘතිය යටත්විජිතකරණය හමුවේ ලද තුවාලවීම්ල අතුරු අන්තරා සුවපත් කර ගනිමින් ජය ලැබුවේද? නැත්නම් පරාජය වීද? එහෙමත් නැත්නම් ජය පරාජයකින් තොරව අළුත් ව්‍යුහයක් ඇති කර ගත්තේ ද? මේ කියන සංවාදය ඔහු සිය විචාර කෘති තුලින් පමණක් නොව නිර්මාණ හරහා ද මතු කොට තිබේ. ඔහුගේ සාහිත්‍යයික චරිතයක මුවින්ම අපට එය මෙසේ ඇසිය හැකිය.

ඔබ මහ ලොකු එකෙක් විය හැකියි. නමුත් එය කිසිදාක ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඔබ සම්පූර්ණ මිනිසකු වන්නේ අනිකා ගෙන් ලබා ගන්නට හැකි දෙය ලබා ගන්නා ක්‍රමය අනුවයි. නමුත් එතැනදි එය මාරාන්තික පාපී බවට පත් නොකර ගැනීමට ඔබ ප්‍රවෙෂම් විය යුතුය. මන්ද මම සුදනා වාදයෙන් සහ අන්තවාදයෙන් ගැලවීම විය යුතු හෙයිනි.

(මීළඟට – ස්වයං පාලනයේ කැරැල්ල ගැන.)

සකස් කළේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.


ස්වයං පාලනයේ කැරැල්ල සහ ඔහුගේ දේශපාලන විවේචනය. -ගාමිනි වියන්ගොඩ

නයිජීරියානු ලේඛක චිනුවා අචබේ 2013 දී මෙලොවින් සමුගත්තේය. ඒ නිමිත්තෙන් ඔහුගේ සාහිත්‍යයික සහ දේශපාලන හැසිරීම ගැන ගාමිනි වියන්ගොඩ අපත් සමග මේ සාකච්ඡාව පැවැත්වූයේ 2013.03.31 රන්දිව පුවත්පත වෙනුවෙනි. මෙහි මුල් කොටස කලින් පල විය. මේ එහි අවසාන කොටසයි. ඉබෝ ගෝත්‍රිකයන් විසුවේ බියෆ්‍රා ප්‍රදේශයේ ය. මේ කියන කාලයේ දී තම ප්‍රදේශයට ස්වයං පාලනයක් ඉල්ලමින් ඉබෝ ගෝත්‍රිකයෝ කැරැල්ලක් … CONTINUE READING

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s