ලොව නිර්භිතම ප්‍රහාරකයා රාගම දී පරදියි.

epa03096828-villagers-try-to-control-a-huge-crocodile-captured-in-C9R3BP.jpg

ඕනෑම අවස්ථාවක තමන්ට එරෙහිව එන කුමන හෝ තර්ජනයක් ඉදිරියේ පසු නොබැස සටන් කරන ගැට කිඹුලන්

The-hook
කිඹුලාගේ උගුරේ තිබූ බිලි කොක්ක එය බෝට්ටු නැංගුරමකි.

බහුලව වෙසෙන කලාපයක් හැටියට ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ. පසුගිය කාලයේදී රාගම ප්‍රදේශයේදී හමුවූයේ එම වර්ගයේ කිඹුලකු වන අතර ඌ දිගින් අඩි 14 කුත් අඟල් 11 ක් විය. ආසියානු කලාපයටම අදාලව හොඳින් වැඩුනු කිඹලකු වශයෙන් ජාතියට ආඩම්බරයක් වෙනුවට ජාතික ඛේදවාචකයක් ඉතිරි කරමින් රාගම දී හමුවූ මෙම කිඹුලා අවසානයේ දී මැරුම් කෑවේය. හිස් කබල පොඩි වෙනතෙක් පහර කා එක් ඇසක් ගැලවී යනතෙක් ඇණුම් ලබා තිබියදීත් සිය ශක්තිය අවසන් වන තුරුම මිනිස් ප්‍රතිවාදීන් සමග තනිවම සටන් කොට ඌ පරාජයට පත් වූයේය. ලොව සිටින නිර්භීතම ප්‍රහාරකයා මිනිසුන් සමූහකුගේ ප්‍රහාර මැද එසේ සිය අවසානය ළඟා කර ගත්තේය. දේශපාලනයෙන් කුනු වූ සමාජයක කිසිදු වග විභාගයකින් තොරව සියළු පරිසර පද්ධති ආක්‍රමණය කරමින් සිටින මිනිසුන්ගෙන් ඊට වෙනස් දෙයක් බලාපොරොත්තු වීමට අපට හැකි ද?

ගැට කිඹුලා නම් ඒ නිර්භීත ප්‍රහාරකයා ගැනයි.

සමීර කරුණාරත්න
උපදේශක – තරුණ සත්වවේදීන්ගේ සංගමය
කිඹුලන් පිළිබඳ විශේෂඥ කමිටුව

ශ්‍රි ලංකාවේ කිඹුලන් වර්ග කීයක් සිටිනවද ?

දෙකයි. හැල කිඹුලා සහ ගැට කිඹුලා.

පසුගියදා රාගම දී හමුවුණේ ?

ලෝකයේ සිටින ලොකුම උරග විශේෂයක් වන ගැට කිඹුලා. ඌ නිර්භීතයි. ඒ නිර්භීත බව නිසා තමන්ට එරෙහිව එන ඕනෑම තර්ජනයකට බිහිසුනු ලෙස ප්‍රතිචාර දක්වන්න ඉදිරිපත් වෙනවා. ලෝකයේ සිටින මෙවැනි උරග විශේෂ 23 න් 08 ක් ඉතා දරුනු සත්ව කාණ්ඩ ලෙස සැලකෙනවා. ඒ අට දෙනා අතරට ෙමි ගැට කිඹුලාත් අයිතියි. අංක 01 ට ඉන්නේ මොහුයි.

the-captured-sri-lankan-crocodile-is-seen-tied-up-and-ready-for-dispatch-FT8WPT

මනුෂ්‍යයාට පහර දෙනව ද?

කොහෙත්ම නෑ. අනික කිඹුලා කියන්නේ ගෙවල්වලට ඇවිල්ලා එහෙම පහර දෙන සතෙක් නෙවෙයි. මේ විශෙAෂය

13669065_1242822555751465_2181898252217085443_n
මරණ පරීක්ෂණය සිදු කරමින් (දෙහිවල සත්වෝද්‍යානය)

මරණ පරීක්ෂණය සිදු කරමින්
(දෙහිවල සත්වෝද්‍යානය)

බිහිසුනු ලෙස ප්‍රතිචාර දක්වන්නේ තමන්ට එරෙහිව එල්ල වන තර්ජනයකදීයි. එතැනදී ඌ පසු බැහැලා යන්නේ නැහැ. මිනිසෙක් ඌට අයත් ප්‍රදේශය ආක්‍රමණය කලොත් එහෙම නැත්නම් උගේ ජීවන පැවැත්මට මැදිහත් වුනොත් අන්න එතැනදී ඌ උගේ පැවැත්ම වෙනුවෙන් පහර දිය හැකියි. ඒක ඒ සතාගේ වරදක්ද?

නමුත් රාගමදී සිදුවුනේ කිඹුලා මිනිසුන් සමග ගැටුමකට යාමක් යැයි මා කීවොත් ?

ඔය කියන ප්‍රදේශයේ ගුවන් සිතියමක් නිරීක්ෂණය කලොත් ඔබට පෙනී යාවි වගුරු බිමක් එහි ඇති බව. ඒ කලාපයේ වගුරු බිමි තියෙන්නේ දූපත් විදිහටයි. ඒකෙ තේරුම මිනිස්සු ඒ ආශ්‍රිත ප්‍රදේශ අවිධිමත් විදිහට අත්පත් කරගෙන තියෙනවා කියන එකයි. ඒ වගේම රතු පස් සහිත විශාල පදාස තියෙනවා. ඒ කියන්නේ වගුරු බිම් ගොඩ කරලා තියෙන එකනෙ. එතකොට කිඹුලා කොහොමද චූදිතයෙක් වෙන්නේ රෑ

ඌ මිනීමරු කිඹුලෙක් යැයි සඳහන් වෙනවා ?

ඒක හරිම අසාධාරණ හැඳින්වීමක්. පොදු සමාජය කොහොමත් මේ සතුන් දිහා බලන්නේ අප්‍රසාදයකින්. ඒත් කිඹුලා කියන්නේ පරිසරයේ යහ පැවැත්මට අවශ්‍යම කරන සතෙක්. කසල ශෝධකයෙක්. පරිසරයේ දුර්ගන්ධය නැති කරනල විෂ සහිත සර්පයන් ඇතුළු එවැනි සතුන් කා දමන්නෙක්. විශේෂයෙන්ම කිඹුල් පැටවුන් අවුරුදු දෙකක්ම වගේ යනකන් අනුභව කරන්නේ ගෝනුස්සන් විෂ සහිත කුරුමිණි සතුන් ආදීන්වයි. මේ අනුව කිඹුලා පරිසර දුර්ගන්ධය පමණක් නොව එහි විෂ සහිත බවද නැති කරන්නෙක්. එහෙත් පසුගියදාක කිඹුලන් සම්බන්ධයෙන් මම පොදු විචාරීමක් සිදු කලා. එතැනදි කිඹුලාගෙන් පරිසරයට සිදුවන යහපත කුමක්ද කියන්න කිසිවෙක් සමත් වුණේ නැහැ. කිඹුලා මෙලොව සිටිය යුතු සතෙක් ද කියා ඇසූ පැනයට 99% ක්ම දුන් උත්තරය නොසිටිය යුතුයි කියන එකයි. මේ අනවබෝධය කිඹුලන්ගේ වර්තමාන විනාශයට හේතුවෙලා තියෙනවා.

13680576_1242822609084793_947350836072941402_n

මෙහිදී වනජීවි සංරක්ෂණ නිලධාරින්ගේ කාර්යභාරය ගැන ඇසුවොත් ?

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවතින චෝදනාවලින් නිදහස් වෙන්න කොහෙත්ම පුළුවන්කමක් නෑ. ගමේ

13879350_1242822652418122_6452413858254385987_n
කිඹුලාගේ උගුරේ තිබූ බිලි කොක්ක එය බෝට්ටු නැංගුරමකි.

මිනිස්සු මේ සතා ගැන කල්තියා දැනුම් දී තිබුනා නම්ල ඔවුන්ට යුතුකමක් තිබුණා ඒ සත්වයාගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙන්න. අඩුම තරමින් මෙය කිඹුලන් ගැවසෙන ප්‍රදේශයකි කියන බෝඩි ලෑල්ලක්වත් සිටුවා තබන්න ඔවුන් උනන්දු වෙලා නැහැ.

ලංකාවේ ගැට කිඹුලන්ගේ ගහණය කොතෙක්දැයි ඇසුවොත්?

ජර්මන් විද්‍යාඥයෙක් 2010 වසරේදී සිදුකල සමීක්ෂණයකට අනුව මේ සතුන් තුන් සියයක් පමණයි ඉතුරු වෙලා සිටින්නේ. නමුත් 2000 වසරේ දී 600 ක ගහනයක් වාර්තා වෙලා තිඛෙනවා. ඒ අනුව අද වන විට එයින් හරි අඩකින් අඩුවීමක් දැකිය හැකියි. ඉන්දියාවේ මෙවැනි සතෙක් දකින්න හැකි වන්නේ අවුරුද්දකට එක වතාවක් විතරයි. ඒත් ලංකාවේ තවමත් දවසකට එක් සතෙක් හෝ දකින්න පුළුවන් ඒ අනුව තාමත් අපි ප්‍රමාද නෑ. මේ සතුන්ව සංරක්ෂණය කරන්න. මෙවැනි සතෙකුගේ ආයු කාලය ගැන කියනවානම් රුසියාවේ එවැනි සතෙක් අවුරුදු සියයක් ජීවත්වෙලා තියෙනවා. ඒත් ඒ සංරක්ෂණාගාරයකදීයි. නමුත් පොදු පරිසරයේ දී විලෝපිතයන්ගේ මෙන්ම වෙනත් තර්ජන හමුවේ අවුරුදු 60 ත් 80 ත් අතර කාලයක් ජීවත් විය හැකියි.005 (1)

මේ මරා දැමුණු කිඹුලා අවුරුදු 35 ත් 40 ත් අතර එකෙක් විය හැකියි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී උගේ දත් පරික්ෂා කල විට මා දුටුවා ඒවා හරිම තියුණු බව. ඒවා තවමත් වැඩෙමින් පවතිනවා. වයසක සතෙක් නම් ගෙවී යන තත්වයක් තමයි දැකිය හැක්කේ.මරා දමා ඇත්තේ තරුණ ශක්තිමත් සතෙක්. හොඳ ජාන ශක්තියක් තිබූ පිරිමි සත්වයෙක්.

සතාගේ දිග ප්‍රමාණය කොපමණ ද?

පශ්චාත් මරණ පරීක්ෂණයේදී උඩුකුරු කල සත්වයාගේ දිග ප්‍රමාණය නිවැරැදිව ලබා ගන්න අපට පුළුවන් වුනා. හරියටම අඩි 14 යි අඟල් 11 යි. මෙතෙක් හමු වූ එම වර්ගයේ දැවැන්තම කිඹුලා මොහුයි.

රන්දිව – 2012. 02. 19.

සකස් කළේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s