චිත්‍රපට වාරණය අද යල් පැනපු කටයුත්තක්.

10985421_896880337034791_3883072683228962144_n.jpg

සමන් අතාවුදහෙට්ටි සභාපති – ප්‍රසිද්ධ රැඟ=ම් පාලක මණ්ඩලය.

සමන් අතාවුදහෙට්ටි වන ඔබ මේ වනවිට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. අපට මුලින්ම පැහැදිලි කරන්න එහි කාර්යභාරය ඔබ හඳුනාගෙන
තිඛෙන ආකාරය ගැන?

දැනට ක්‍රියාත්මක වන රැඟ=ම් පාලක මණ්ඩලය ස්ථාපිත කරලා තියෙන්නෙ 1952 වර්ෂයේ සම්මත කරගත් පනතක් අනුවයි. පසුකාලිනව සුළු සුළු සංශෝධන එයට එකතු වුණාට ප්‍රධාන වශයෙන්ම 1952 සම්මත කරගත් පනත අනුවයි එය අදටත් ක්‍රියාත්මක වෙන්නෙ. මේ පනත හඳුන්වන්නේ Public Performance Board Act කියලයි. නමුත් එය සිංහලට පරිවර්තනය කිරීමේදී පාලක කෑල්ලකුත් එකතුවෙලා තියෙනවා. කොහොම නමුත් මෙය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සෙන්සර් බෝඩ්ල වාරණ මණ්ඩලය එහෙමත් නැත්නම් කපන මණ්ඩලය කියළයි. ඉතින් 1952 පනතේ 56038_432999480089548_438961044_oවගන්තිවලට අනුකූලව තමයි අපි කටයුතු කරන්නේ.

රැගුම් පාලක මණ්ඩලය යැයි කී පමණින් ඉන් ගම්‍ය වන්නේ කපන මණ්ඩලය කියන එකයි. ඇත්තටම මෙය සුදුසු වචනයක් ද?

සුදුසු වචනයක් නෙවෙයි. වචනයත් සුදුසු නෑ. ක්‍රියාවත් සුදුසු නෑ. වාරණය කියන එක නවීන ලෝකයත් එක්ක යල් පැනගිය ක්‍රියාවක් සහ සංකල්පයක් බවට පත්වෙලයි තියෙන්නෙ. උදාහරණයක් හැටියට අපි චිත්‍රපටයක කොටස් වාරණය කළත් එහෙම කළාට ඒ වාරණයෙන් තොරව ඒ සම්පූර්ණ චිත්‍රපටයම අන්තර්ජාලය හරහා නරඹන්න මුළු ලෝකයටම අද අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා වාරණය යන්න අද අර්ථශ+න්‍ය ක්‍රියාවක් බවට පත්වෙලයි තියෙන්නේ. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල් අද වාරණය වෙනුවට කරන්නේ චිත්‍රපට වර්ගීකරණය කිරීමයි. ඉතින් ඒක නිසා අපෙත් අරමුණ වෙලා තියෙන්නේ මේ රැගුම් පාලනය කියන පනත පරිච්ඡින්න කරලා අලූත් පනතක් ගෙන එන්නයි. එහදී මේ වර්ගීකරණය වෙනුවෙන් ඒ ව්‍යුහය යටතේ මණ්ඩලයක් සකස් වෙන ආකාරයට කටයුතු කිරීම අපේ අරමුණයි.
ඔබත් පිළිගන්නා ආකාරයට අද ලෝක මට්ටමින් චිත්‍රපට වර්ගීකරණයකටයි ගොස් තිඛෙන්නේ. වාරණයක් කියා දෙයක් නැහැ. අනික ඔවුන්ට පුළුල් වර්ගීකරණයකට ද යා හැකියි. ඊට හේතුව එසේ වර්ග කරන චිත්‍රපට පෙන්වන්න පුළුවන් ආකාරයේ චිත්‍රපටශාලා, Art House වැනි ආයතනික ව්‍යුහයක් ඔවුන්ට තිඛෙනවා. ඊට සාපේක්ෂව අප කොතන ද ඉන්නේ ?

ඇත්තටම වර්ගීකරණය පිළිබඳව අප යම් එකඟතාවකට ඇවිල්ල ඉන්නෙ. ඒ අනුව මේ පනත ගෙනාවයින් පසුව අපිට ඒ වගේ අවස්ථාවල් උදාකරගන්න පුළුවන් වෙනවා. අපි දන්නවා ලෝකයේ ඇතැම් රටවල කාම චිත්‍රපට පවා නීතිගත කරල තියෙනවා. එහෙම නීතිගත වෙනකොට ඒ චිත්‍රපට පෙන්වන්න වෙනස් ප්‍රදර්ශන ශාලා ඇති වෙනවා. පොදු ප්‍රදර්ශන ශාලාවල එම චිත්‍රපට පෙන්වන්න බැහැ. සමහර චිත්‍රපට වර්ග කරල තියෙන ආකාරයට ඒවා කිසිදු අවස්ථාවක පොදු ප්‍රදර්ශනයට යොමු කල නොහැකියි. ෘඪෘ මාර්ගයෙනුයි ලබා ගත හැක්කේ. ඒවා අලෙවි කල හැක්කේත් වැඩිහිටියන්ට පමණයි. එවැනි වර්ගීකරණයක් යටතේ ඊට අදාලව නීති පනවල කටයුතු කරන රටවල් තියෙනවා.

270346aaee566bd7e522cfe834c2438a_XL

ඊට සාපේක්ෂව අපේ රට තුල පවතින නීතිය යටතේ කොටස් තුනකින් චිත්‍රපට වර්ග කෙරෙනවා. එකක් අසීමිත ප්‍රදර්ශනය. දෙවැන්න වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන වර්ග කිරීම. තුන්වෙනුව වැඩිහිටියන්ට පමණයි කියල වර්ග කෙරෙනවා. දැන් අපි අසීමිත ප්‍රදර්ශනය ගත්තොත් එම චිත්‍රපට අතරත් සමහර විට කුඩා දරුවකුගේ මනසට අහිතකර දේවල් තිබිය හැකියි. ඒත් එවැන්නක් තව දුරටත් වර්ග කරල පෙන්වන්න අපට තැනක් නෑ. වෙනත් රටවල තියෙනවා ඡඨ 15 කියල වර්ග කිරීමක්. එහි තේරුම පේරන්ටල් ගයිඩ් 15 කියන එකයි. ඒ අනුව එම වයස් කාණ්ඩයේ දරුවන්ට එවැනි චිත්‍රපට දෙමාපියන් ගේ මඟ පෙන්වීම යටතේ තමයි නරඹන්න පුළුවන්. සමහර චිත්‍රපට වර්ග කෙරෙනවා අවුරුදු Saman 4හතෙන් පහල ළමයින්ට නැරඹීමට නුසුදුසුයි කියලා. වැඩිහිටියන්ට පමණක් සීමාවෙන චිත්‍රපටවලත් වර්ගීකරන කාණ්ඩ සමහර රටවල් තවදුරටත් කොටස් දෙකකට ඛෙදනවා.

අපේ රටේ තිඛෙන සංස්කෘතික පසුබිම අනුව පවුලකට එකට ඉඳගෙන නැරඹිය නොහැකි චිත්‍රපට තියෙන්න පුළුවන්. එවැනි සංස්කෘතික සීමා අපට තිඛෙනවා. ඉතින් ඒ නිසා වර්ගීකරණය පුළුල් සහ විවෘත ආකාරයකින් සිතලා බොහෝ දෙනකුට මඟ පෙන්වීමක් වන ආකාරයේ වර්ගීකරණ කාණ්ඩ කිහිපයක් ඇතුලත් වන ආකාරයට අළුතින් ගෙන එන පනතේ වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

අපේ රටට ජාත්‍යන්තර චිත්‍රපට ගෙන්වීමේදී කුමක්ද ප්‍රතිපත්තිය. ඒ සම්බන්ධයෙන් යම් සීමාවක් හෝ තහංචියක් තිඛෙනවද ?

නෑ. එහෙම නෑ. එහෙත් සමහර රටවල් තියෙනවා ආගමික නීති දැඩි ලෙස බලපාන රටවල්. එවැනි රටවලට සමහර බටහිර චිත්‍රපට යවන්නේ වෙනම සංසකරණයක් යටතේ යි. එහෙම සංස්කරණය කරපුවාම අපේ රටටත් ගෙන්වනවා. එහෙම ගෙන්වන්නේ වාරණ මණ්ඩලය විසින් ඒ චිත්‍රපට නිර්මාණයට හානි වන අයුරින් සංස්කරණයක් කරාවි යැයි පවතින බිය නිසායි. ඒ අනුව නිර්මාණකරුවන් ලවාම එවැනි සංස්කරණයක් කරලා ගෙන්වා ගැනීමට සුදුසුයි කියල හිතන නිසායි. කොහොම නමුත් අළුත් පනතක් සමග අපට ඉදිරියේ දී මේ තත්ව මඟහරවාගන්න පුළුවන් වෙයි. අනවශ්‍ය සංස්කරණයකින් තොරව එවැනි චිත්‍රපට නරඹන්න මෙරට ප්‍රේක්ෂකයාට එවිට හැකිවේවි. පැහැදිලිවම කියන්න ඕනේ අපට තියෙන බලතල මත හැකිතාක් ලිබරල් ආකාරයෙන් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වන බව.

රන්දිව – 2015-04-05

සාකච්ඡා කලේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s