ස්වයං පාලනයේ කැරැල්ල සහ ඔහුගේ දේශපාලන විවේචනය. -ගාමිනි වියන්ගොඩ

battle-of-adowa-3-600x416.jpg

නයිජීරියානු ලේඛක චිනුවා අචබේ 2013 දී මෙලොවින් සමුගත්තේය. ඒ නිමිත්තෙන් ඔහුගේ සාහිත්‍යයික සහ iදේශපාලන හැසිරීම ගැන ගාමිනි වියන්ගොඩ අපත් සමග මේ සාකච්ඡාව පැවැත්වූයේ 2013.03.31 රන්දිව පුවත්පත වෙනුවෙනි. මෙහි මුල් කොටස කලින් පල විය. මේ එහි අවසාන කොටසයි.

ඉබෝ ගෝත්‍රිකයන් විසුවේ බියෆ්‍රා ප්‍රදේශයේ ය. මේ කියන කාලයේ දී තම ප්‍රදේශයට ස්වයං පාලනයක් ඉල්ලමින් ඉබෝ ගෝත්‍රිකයෝ කැරැල්ලක් ආරම්භ කලහ. එය යම් ආකාරයක ඛෙදුම්වාදී ස්වභාවයකින් ද දැකිය හැකි විය. එතැනදී රජය කැරැලිකරුවන්ට එරෙහිව එය මැඩ පවත්වනු වස් දේශපාලන බලය යෙදීම හේතු කොට ගෙන එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය. අප ලේඛකයා මෙහි නිරීක්ෂකයකු වශයෙන් කටයුතු කරමින් සිය සහාය බියෆ්‍රා

Chinua-Achebe-souriant
Chinua Achebe

කැරැලිකරුවන්ට දක්වා තිබේ. ඔහු ඊට පදනම් හේතුව වශයෙන් පෙන්වා දෙන්නේ නිදහස නම් අයිතියයි. මානව අවශ්‍යතාවක් වශයෙන් එහි ඇති වැදගත්කමයි. අධිරාජ්‍යවාදයට එරෙහි සටනේ ද අප ඉල්ලා සිටින්නේ නිදහස නම් ඒ අවශ්‍යතාවයයි. ඒ අනුව අපගේ අවධාරනය වන්නේද එය අයිතියක්ය යන්නයි. ඉඳින් මෙතැනදීත් ඒ නිදහස ඉල්ලා සිටීම වරදක් දරෑ ඔහුගේ තර්කය වුණේ එයයි.

 

කෙසේ වුවද ඒ කැරැල්ල මැඩ පැවැත් වුණි. ඒත් එක්තරා දුරකට ඉල්ලීම් දිනා ගැනීමක් ද සිදු වුණි. රාජ්‍ය විරෝධි කැරැල්ලකට සහය දැක්වීමේ වරදට අචබේ ද ගැටළු රැසකට මුහුණ පෑවේය. කෙසේ වුව පසු කාලයකදී ඔහු නයිජීරියානු රජය සමග එක්ව කටයුතු කරනු දැකිය හැකිය. විශේෂයෙන්ම ගුවන් විදුලි සේවාවට සම්බන්ධ වන ඔහු එහි අධ්‍යක්ෂක ධූරය දක්වාම ඉහළට ගමන් කලේය.

චිනුවා අචබේ ලේඛකයෙකු වශයෙන් ගත් කල තමන්ට අනන්‍ය ශෛලියක් ගොඩ නඟා ගත් අයෙකි. අප්‍රිකානු භාෂණ සම්ප්‍රදායේ සෘජු ආභාෂයක් ඒ ශෛලිය තුල දැකිය හැකිය. එය කට වහරට අනුව යන්නක් වශයෙන්ද හඳුනාගත හැකිය. වෙසෙසින්ම ඉබෝ ගෝත්‍රිකයන් ගේ භාෂාවේ එන උපමාල ආප්තෝපදේශ බහුල බව ඔහුගේ ශෛලිය තුල මැනවින් දැකිය හැකිය. එතැනදී සිදු වන්නේ දිගු පැහැදිලි කිරීමක් කෙටි ආප්තෝපදේශයක් හෝ උපමාවකින් පැහැදිලි කිරීමයි. අපිට එය උදාහරණයකින් මෙසේ දැක්විය හැකිය.

empire

උදාහරණ 1.
මතක තියාගන්න අපි ඔය ළමයව යවන්නේ ඉගෙනගන්න. විනෝදය පස්සට.

ඉහත අදහස ආප්තෝපදේශයකින් කියූ විට මෙසේ ය.

ප්‍රධාන නැටුම එන්න කලින් නැටුම පටන් ගත්ත සාරංග මුවදෙන වගේ රස සම්පත් පසු පස දුවනු එපා.

උදාහරණ 2.
එහෙම කරන මිනිහා වරිගෙ නැති කරගන්නා එකෙකි.

joseph-conrad_1689362i
Joseph Conrad

ආප්තෝපදේශය

හරියට කැලේට වැටිලා නාස්ති වෙලා යන වරුසාව වගේ.

මෙවැනි ශෛලියකින් හැඩ ගැසුනු ආඛ්‍යායනයක් චිනුවා අචබේ සතු විය.

සුදු මිනිසා අප්‍රිකාව දකින ආකාරය ගැනද ඔහුට පැහැදිලි විවේචනයක් තිබිණි. එමෙන්ම ඔහු ඊට කිසි සමාවක් ද නුදුන් මිනිසෙකි. විශේෂයෙන්ම පෝලන්ත ජාතිකයෙකු වූ ඉංග්‍රීසි ලේඛක ජෝෂප් කොන්රඩ් ඔහුගේ තදබල විවේචනයට ලක්වි තිබේ. ඒ කොන්රඩ් ගේ් Hart of Darkness නම් නව කතාව ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත් වූ දේශනයකදී අචබේ විසින් නිර්දය විවේචනයට ලක් කරන ලදී. එය කොතරම් තද බල විවේචනයක් වීද යත් ඒ නිසාම කොන්රඩ් ගේ සාහිත්‍යකරණය යුග දෙකකට ඛෙදී ගියේය. එම ඛෙදීම හැඳින්වුණේ ද පහත ආකාරයෙනි.

ජෝෂප් කොන්රඩ් – අචබේට පෙර යුගය
– අචබේට පසු යුගය

ඔහු එහිදී තීරණාත්මක ලෙසින් මෙසේද පැවසුවේ ය. එනම් අප්‍රිකානුවෙකු නොවන්නකුට අප්‍රිකාව ගැන ලිවිය නොහැකිය. අචබේ එසේ පවසන්නේ කොන්රඩ් ගේ අර කීව නවකතාවෙන් හෙළි වන යුරෝපියන් හා සම තත්වයෙන් අප්‍රිකානුවන් පිළි නෙැගැනීම යන ප්‍රකාශනය පදනම් කර ගනිමිනි. අප්‍රිකානුවන් කොයි ආකාරයෙන්වත් දෙවැනි පෙළ සිට ගත යුතු අය නොවේ. චිනුවා අචබේ සිය මරණය දක්වාම අවධාරනය කල කරුණ එය වේ.

සකස් කළේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.


ඔහුගේ දේශපාලන කියැවීම-ගාමිනි වියන්ගොඩ

නයිජීරියානු ලේඛක චිනුවා අචබේ 2013 දී මෙලොවින් සමුගත්තේය. ඒ නිමිත්තෙන් ඔහුගේ සාහිත්‍යයික සහ දේශපාලන හැසිරීම ගැන ගාමිනි වියන්ගොඩ අපත් සමග මේ සාකච්ඡාව පැවැත්වූයේ 2013.03.31 රන්දිව පුවත්පත වෙනුවෙනි.සුළු සකස් කිරීමකින් පසු මෙසේ එය නැවත පල කරන්නට අප සිතුවේ එහි එන සාම්ප්‍රදායික නොවන සමාජ දේශපාලන විග්‍රහය නිසාය. ඔහු නයිජීරියා නවකතාවේ මුත්තනුවන් යැයි එක් පාර්ශවයක් පවසද්දී තවත් පාර්ශවයකට … CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s