අපට හොඳ අතීතයක් තිබුණා.-පරාක්‍රම නිරිඇල්ල

13726685_1594593040838080_4653907432379183452_n.jpg

ඔබේ ජන කරළියේ අළුත්ම තොරතුරු මොනවාද ?

අපි කේරලයට යනවා. ලැබුනු ආරාධනාවක් මත ජාත්‍යන්තර නාට්‍ය උළෙලට එහිදී සහභාගි වෙනවා. ඇසෑම්ල ආන්ද්‍ර දේශ්්ල ගුජරාටි වැනි ප්‍රාන්තවල තරඟකාරීව නාට්‍ය ප්‍රදර්ශන පැවැත්වෙන මෙම උළෙලේදී අපි රඟ දක්වන්නේ හුනුවටයේ කතාවයි. හෙන්රි ජයසේන නිෂ්පාදනය කරපු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ ද කොකේසියන් චෝක් සර්කල් නම් ඒ නාට්‍ය ජයසේන මහතා අභාවප්‍රාප්ත වෙන්න කලින් අපට ගිවිසුමකින් පවරා දුන්නා. ඒ වගේම අපි අපේ ජංගම රඟහලකුත් අරගෙනයි එහි යන්නේ. ඒක එහිදී නාට්‍ය පරිශ්‍රයක් වශයෙන් යොදා ගන්නවා.12541063_1531922493771802_8167092373502540262_n

ජන කරළිය රංග කළා ව්‍යාපෘතිය ආරම්භ කලේ 2003 දී වුනාට අපි ඒ ගැන හිතුවේ 1978 වැනි කාලයක ඉඳලයි. අද වෙනකොට එය පටන් අරගෙනත් අවුරුදු දහයකටත් වැඩියි. ඒ වගේම එය ආරම්භ කරන්න උදවු වූ එච්. ඒ. පෙරේරාවත් මතක් කරන්න ඕනෙ. වීදි නාට්‍ය කරන කොට ගාමිනි හත්තොටුවේගම සමඟ අපි මුහුණ පෑ රංග භූමිය විවිධයි. ඒකත් මේකට සමානයි. නාට්‍ය වේදිකාව කමතක්ල වීදියක් වගේම පන්සලක් වෙන්නත් පුළුවන්. ප්‍රේක්ෂකයින්ද අසමානයි. මෙතැනදී මට ප්‍රශනයක් මතු වුණාල ප්‍රේක්්ෂකයින්ට අදාලව වීදි නාට්‍යයේදී කොතරම් දුරට සෞන්දර්යය ජනනයක් සිදුවෙනවාද කියලා. ප්‍රොසීනියම් වේදිකාව ගත්තොත්් එහි නාට්‍යයක් පෙන්වනවා. ප්‍රේක්ෂකයාත් බලා සිටිනවා. ඊට පස්සේ ඔවුන් යන්න යනවා. මේ දෙපාර්ශවය අතර කිසිම සම්බන්ධයක් නෑ. නමුත් වීදි නාට්‍යයේදී අපි කරන්නේ නාට්‍යයත් සමග මිනිස්සු අතරට යන එකයි. ඒ අනුව සම්මත වේදිකාවේ දී නාට්‍යයක තිබූ ගුණය වීදි නාට්‍යයේදී තිබුණාද කියන ප්‍රශ්නය මා තුළ තිබුණා. කොහොම හරි මේ දෙක අතරින් ගිහිල්ලා තමයි මම සෙක්කුව නිර්මාණය කරන්නේ. මට ඕන වුණේ ඒ නිෂ්පාදනයත් සමග වෙනම තැනකට යන්නයි. නමුත් අවසානයේදී සෙක්කුව පෙන්වන්න වුනෙත් සම්මත වේදිකාවෙම තමයි. කොහොම වුනත් අද මම ජන කරළියට සෙක්කුව අර ගෙන ඇවිත් තියෙනවා.

එතකොට මොකක්ද මේ ජංගම රඟහල කියන්නේ?

මම පැහැදිලි කරන්නම්. ජංගම රඟහලක අවශ්‍යතාව කාලයක ඉඳළම මගේ ඔළුවේ තිබුණා. ඔය අතරවාරයේදී තමයි බ්ලැක් ටෙන්ට් කියන ජපන් නාට්‍ය කණ්ඩායම සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් මම නරඹන්නේ. එහි තියෙනවා කූඩාරමක් ඇතුලේ පෙන්වන නාට්‍ය දර්ශනයක්. එතනදී මම කල්පනා කලා අපිටත් තියෙන ඒහා සමාන අත්දැකීම් ගැන. සර්කස් දර්ශනල ටීටර් වගේ අත්දැකීම් ඔස්සේ කල්පනා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ජංගම රඟහල බිහිවුණේ.

12919842_1558208184476566_80463801258403224_n12348039_1519315831699135_8964435827992290428_n

ජන කරළිය හුදු නාට්‍යය අත්දැකීමකට වඩා සමාජ දේශපාලන සංහිඳියා අවශ්‍යතාවක් මතු කරන්නක් වශයෙන්ද හඳුනාගන්නට අපට සිදු වෙනවා යැයි මා කීවොත්….?

අපිට හොඳ අතීතයක් තිබුණා. ඒ අතීතයේදී සිංහලල දෙමළල මුස්ලිම් සහයෝගීතාවක් ද අප අතර තිබුණා. දැන් වෙලා තියෙන්නේ එය නැවත ගොඩ නැංවීමටයි. ඒ නිසා සිංහල දමිළ යන භාෂා දෙකින්ම නාට්‍ය රඟ දක්වන්න අපි ගන්න මේ උත්සාහය පූරවාදර්ශයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව එතැන තියෙන්නේ බහුවාර්ගික නාට්‍ය කලාවක්. ඒ වගේම මෙතැන නාට්‍ය කලාවේ ප්‍රවර්ධනයක් ද තියෙනවා. නාට්‍යය කලාවක ප්‍රවර්ධනය වෙනුවෙන් එහි ප්‍රමාණාත්මක ගුනාත්මක තත්ව විතරක් නෙවෙයි නාට්‍ය ජනතාව අතරට යෑමත් අවශ්‍යයි. එහි තේරුම වැඩිපුර ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නාට්‍ය බලන්න ඕනෙ කියන එකයි.12373220_1519315608365824_8834123742932793020_n

ධම්ම ජාගොඩගේ ශිල්ප ශාලිකාවේදී අපට ආචාර්ය සරච්චන්ද්‍රල ගාමිණි හත්තොටුවේගමල මහාචාර්ය ගම්ලත්ල බන්ධුල ජයවර්ධන වැනි ගුරු ඇසුරක් අපට ලැඛෙනවා. පසුව හත්තොටුවේගම එහිම ශිෂ්‍ය කණ්ඩායමක් සමග එකතුවෙලා තමයි වීදි නාට්‍ය කණ්ඩායමක් හදන්නේ. එතකොට මේ අය අත්දැකීම් ආභාෂය වගේම පරිචය නොඅඩුවම අපට ලබාදෙනවා. ඒ අනුව 1976 දී මම සෙක්කුව නාට්‍ය නිර්මාණය කරනවා. 1979 දී විනිශ්චය ත් 1983 දී ගැලිලියෝ ත් වේදිකාවට ගේනවා. උත්තමාවි හදන්නේ 1989 දී. පසුව එච්. ඒ. ත් සමග එකතු වෙලා වරෙන්තු නාට්‍ය 1998 දී නිර්මාණය කරනවා. ජන කරළිය නිර්මාණය කරන්නේ එවැනි ගමනකින් පසුවයි.

මෙහිදී අපි සම්මත වේදිකාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. එහෙම හිතනවා නම් ඒක වැරදියි. නාට්‍ය කලාව විෂයක් විදිහට ගත්තම එහි ප්‍රධාන අංග දෙකක් තියෙනවා. එකක් තමයි දර්ශන වේදිකාව-Performance.  එහිදී වෙන්නේ මිනිස්සු නාට්‍ය බලන්න එනවා. බලලා ආපහු යනවා. ඊට වැඩි සම්බන්ධයක් නාට්‍යකරුවා සහ ප්‍රේක්ෂකයා අතර ඇති වන්නේ නෑ.

දෙවැනි කාරණය තමයි ව්‍යවහාරික රංග කලාව. එතැනදී මානව සංවර්ධනය වෙනුවෙන් නාට්‍ය නිෂ්පාදනයක් අපේක්ෂා කෙරෙනවා.

එම භාවිතාවයි. එහිදි සංවාද මණ්ඩපල රංගය ඔස්සේ ප්‍රේක්ෂකයා සහ නාට්‍යකරුවා අතර සංවාදයක් ඇති කර ගන්නවා. ඒ අනුව නාට්‍ය රස වින්දනය සහ සංවාදය යන දෙකම මෙහිදී ඉහළට එනවා.

12321180_1556571711306880_7544189576305201370_n

අත්දැකීම ජනකරළිය තුල සාර්ථක ප්‍රතිඵලයක් අත්කරගෙන තිඛෙනවා ද?

ඔව්ල ලොකු අවධානයක් අපි දිනාගෙන තියෙනවා. වරන්දාස් වගේ නාට්‍යයක් සම්මානයට පාත්‍ර වෙන්නේ එවැනි පසුබිමකයි. වරන්දාස් ජන කරළියේම අත්දැකීමක්. ඒ වගේම අද වෙනකොට එය පුළුල් අවකාශයකට ගොස් තියෙනවා. ගස් හෙවණේ පවා අපි නාට්‍ය රඟ දක්වනවා. වරන්දාස් වගේම සංස්කෘත නාට්‍යයක් වන මච්ඡකටිකා – මැටි කරත්තය ත් අපි මේ ආකාරයටම රංගගත කරනවා.

මෙතැනදි කියන්න ඕනේ නාට්‍ය කලාවෙන් තමයි අපි හැඳුනේ කියන එක. ඒ ශිල්පීය හැකියාවම තමයි අද ජන කරළිය පොහොසත් කරමින් පවතින්නේ. ඒ ඔස්සේ නළු නිලියෝ ඒ වගේම අධ්‍යක්ෂවරු බිහිවෙලා සිටිනවා. මෙය වනාහි සජීවි අත්දැකීමක්. විශේෂයෙන්ම දුර බැහැර ප්‍රදේශවලට ගියාම අපට එය හොඳින්ම දැනෙනවා. කොළඹදි අපිට ඇහෙන දෙයක් තමයි නාට්‍ය ශාලාවට ප්‍රේක්ෂකයෝ නැහැ කියන කාරණය. ඒත් නාට්‍ය කලාව ගැන උනන්දුව තියෙන එය විමසන ප්‍රේක්ෂකයෝ සිටින්නේ කොළඹට වඩා කොළඹින් බැහැරවයි. ජන කරළියෙන් අප ලබාගත් යථාර්ත ඥානයද එයයි.

2013-12-15 රන්දිව පුවත්පත.

සාකච්ඡා කළේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.


ඊට හේතුව සුදුසු උගත්කම සහ විමසීමේ නිදහස නැතිකම.-පරාක්‍රම නිරිඇල්ල.13782029_1594058870891497_3960986475499722475_n

ඒත් නාට්‍ය කලාව සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් තැනකට අපි ඇවිත් තියෙනවා. ඒත් ලෝකයේ අත්දැකීම්වලට සාපේක්ෂව අපි ඇවිත් තියෙන දුර ප්‍රමාණවත් නෑ. යුද්ධයෙන් පසු ඒ ගැන නිර්මාණාත්මක විමසීමකට ලෝකයේ කලාගරුවෝ යොම්ු වෙනවා. බර්ටෝල්ට් බ්‍රෙච්ට් යුද්ධයත් සමඟ බිහිවූ අයෙක්. ඒත් වෙන රටවල එහෙම වුණාට අපේ රටේ එහෙම වුණෙ නැහැ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s