බූරුවා ඇත්තටම බූරුවෙක්ද ?

Donkeys.jpg

බූරුවාට කතා කල නොහැකිය. එහෙයින් තවත් ඌ බූරුවකුට ඒ නමින් අමතන්නේ නැත. ඒත් මිනිසා බූරුවාට ඒ නමින් කතා කරන අතර මිනිසුන්ටද බූරුවා යැයි කංයන අවස්ථා හිඟ නැත. ඒ මෝඩයා යන අර්ථයට සමාන පදයක් ලෙසිනි. මිනිසුන් සිතන ආකාරයට බූරුවා ඇත්තටම බූරුවෙක්දරෑ ඒ පිළිබඳව කරන සත්ව විද්‍යාත්මක සොයා බැලීමක් වශයෙන් මේ ලිපිය සැලකිය යුතුය.

සත්ව ලෝකයේ වෙසෙන සෑම සත්වයකුටම (මිනිසා විසින් හඳුනාගන්නා ලද) මෙන් බූරුවාටද විද්‍යාත්මක නාමයක් donkey_gemsහිමිය. ඒ Equus assinus (ඊක්වස් ඇසිනස්) යනුවෙනි. එහෙම බලන කොට බූරුවා අයත් වන්නේත් අශ්වයා අයත් වන පවුලටමය. අශ්වයාගේ විද්‍යාත්මක නාමය Equus caballus. බූරුවාද අශ්වයාද අයත් වන මේ සත්ව පවුලට අයත් වන තවත් සාමාජිකයෙක් වන්නේ Equus zebrs ය. පොදුවේ අපි ඌව හඳුන්වන නාමය සීබ්‍රාය. එහෙම වුණත් බූරුවා අර සතුන් දෙදෙනාගෙන්ම වෙනස් වන දේහ ලක්ෂණ සහිතය. බූරුවාගේ වර්ණය අළු හෝ කළු පැහැයට හුරුය. පිටෙහි මෙන්ම දෙකන් හීන් උරහිසෙහි මෙන්ම පාදයන් හීන් පැල්ලම් ආකාරයෙන් වර්ණයේ වෙනසක් ද දැකිය හැකිය.

ඇසිනස් නම් විශේෂයට අයත් වන බූරුවා ඊක්වස් ගණයටත් ඉක්විඩේ පවුලටත් අයත් වේ. වර්ගය පෙරි සොඩැක්ටියා වශයෙනුත් පවුල මැමලියා ලෙසිනුත් දක්වා තිබේ. වර්ටිබ්‍රේටා යනු උගේ උප වංශය වන අතර වංශය වන්නේ කෝඩේටා ය.

සාමාන්‍යයෙන් බූරුවෙක් අඟල් 32 – 60 අතර උසකින් යුතු අතර බර රාත්තල් 350 – 1000 ක් අතර පරාසයක පිහිටයි. විවේකීව සිටින්නේ නම් එක් දවසකට තණ කොළ රාත්තල් 18 ක ප්‍රමාණයක් ආහාරයට ගනී. බූරුවාගේ ආයු කාලය අවුරුදු 20 – 30 අතර වේ. එසේ බලන කල මිනිසෙකුගේ හොඳම කාලය බූරුවාගේ අවසාන කාලය වශයෙන් පෙන්වා දිය හැකිය. එහෙත් සතෙකු වශයෙන් ගත් කල බූරවාට වෙහෙසවී වැඩ කල හැකිය. එනිසාම මානව ශිෂ්ටාචාරය ඇතුලේ ලොකු ඉඩක් බූරුවාට හිමි වී තිබේ. එක් අතෙකින් දරා ගැනීමේ හැකියාවත් අනෙක් අතින් ඉවසන සුළු ගුණයත් ඇති බූරුවා ඒ නිසාම සත්ව ලෝකය තුල තමන් වෙනුවෙන් වෙනස් ඉඩක් වෙන් කර ගෙන තිබේ. කොහොම වුණත් බූරුවාට හොඳ මතක ශක්තියක් ද ඇත. මිනිස් අත්දැකීම් වලට අනුව ගත් කල බූරුවා කියන්නේ කවදාවත් පාර වරද්දා ගන්නා සතෙක් නොවේ. ඒ තමා යන එන මඟ ගැන හොඳින් මතක තබා ගැනීමට ඌට ඇති ධාරණ හැකියාව නිසාය. ඒ වගේම කඳුකර පළාත් වලදී බඩු පටවා ගත් බූරුවන් ප්‍රවේශම් සහගතව විනා මෝඩයන් මෙන් කලබල කර ගන්නවා කිසිදාක දැක ගත නොහැකිය. එවැනි අවදානම් සහගත මාර්ගවල ගමන් කරන කරත්තයක බැඳ සිටින්නේ බූරුවෙකු නම් එහි සිටින පුද්ගලයාට සුවසේ නිදාගෙන ගමන් කල හැකි යැයි පැවසේ. ඒල එක අතකින් බූරුවාට මාර්ගය අමුතුවෙන් පෙන්වාදීමට අවශ්‍ය නැති නිසාය. අනික් අතින් උගෙ ප්‍රවේශම්කාරි ගමන නිසා අනතුරක් වීමට ඇති ඉඩකඩ අවම නිසාය. තවද ඉතා සියුම් හ~ක් වුව ශ්‍රවණය කිරීමේ හැකියාව ඇති වූට එනිසාම අනතුරු ගැන දැන ගැනීමට පුළුල් ඉඩක් ඇත.

minidonk

වල් බූරුවා යනු ගෘහාශ්‍රිත සතෙකු වීමට පෙර බූරුවා සිටිය තත්වයයි. ලෝකයේ වනාන්තරවල අද මේ සත්වයන් දකින්නට ඇත්තේ සුළු වශයෙනි. වල් බූරුවන් අතර අප්‍රිකානු වල් බූරුවා සහ ඇසිඒටික් යන උප විශේෂ පහසුවෙන් හඳුනාගත හැකි බව පෙන්වා දී තිබේ. කොහොම වුණත් ඔවුන් කොටස් තුනකින් වර්ග කොට තිබේ. වල් බූරුවාගේ සමට ඇති වෙළඳපොළ ඉල්ලූම නිසා මේ අපූරු සත්වයා වනාන්තර තුලදී දඩයමට ලක් වීම අද ඔවුන්ගේ පැවැත්මට එරෙහිව ඇති බරපතල තර්ජනයක් වේ. 3

Equus assinus africanus උතුරු හා නැගෙනහිර අප්‍රිකානු රටවලදී හමුවන මෙම විශේෂය සමස්ත විශේෂයන් ගෙන් වෙන් කර හඳුනා ගැනීම පහසුය. ඔවුන්ගේ කන් දිගුය. කෙස් වැටිය කෙටිය. උෂAණ ප්‍රදේශවලදී මේ සතුන් වාසය කරන ස්ථාන වලට පහසුවෙන් ළඟාවීමට නුපුළුවන. බූරවාගේ විශේෂ ලක්ෂණයකA වන්නේ ද කාන්තාර ප්‍රදේශ සඳහා ඔරොත්තු දීමට ඌට ඇති හැකියාවයි. ඒ අනුව එවැනි ප්‍රදේශයක් හරහා ගමන් කරන විට ආහාර ස්වල්පයකින් සිය ශරීර ශක්තිය දුර්වල නොවී ආරක්ෂා කර ගැනීමට ඌට පුළුවන. තවද කාන්තාර ඇසුරේ වැඩෙන වියලි තණ කොළල කටු සහිත ආහාර වලින් සිය පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා අනුවර්තනය වීමේ හැකියාව ඌට තිබේ.

සිය ස්වාමියාට හිතවත්ව එමෙන්ම වෙහෙසී වැඩ කිරීමට ඌ දක්වන නැඹුරුතාව විශේෂයෙන් සැලකිය යුත්තකි. ඒ බව දැන ගත හැකි මාධ්‍ය වන්නේ ඌගේ හ~යි. එසේ සිය ස්වාමියාට කැමැත්ත පල කරන ඒ හ~ තුල ඇති අමිහිරිකම තුල විවිධ කතා තිබුණත් ඌ හ~ින් පවසන එකම කතාව වන්නේ ස්වාමි භක්තියයි.

5212629

බූරුවා අපට මෝඩයෙකු සේ පෙණුනත් යුරෝපා රටවල ළමයින් හමුවේ ඌ සුරතල් සතෙකි. අශ්වයාට කලින් සිටම මානව ශිෂ්ටාචාරයේ හීලෑ සතෙකු බවට පත් වන්නේ බූරුවාය. ඒත් ඒ කවදා කෙසේ කොයි ආකාරයකින් සිදු වුණේ දැයි දැන ගැනීමට හැකියාවක් නැත. උසස් ධනවත් වංශවත් පුද්ගලයන් අශ්වයාට වැඩි කැමැත්තක් දැක්වීම තුල බූරවාට පහත් වංශයකA හිමි වුණත් හොඳ අභිජනන පසුබිමක් තුල විශිෂ්ට බූරු විශේෂයක් බිහි කර ගැනීමට අදටත් පුළුවන්කමක් තිබේ. එහෙත් ඌ බූරුවකු වූ නිසාම මිනිසා ඒ අවස්ථාව ඌට ලබාදීමට මේ මොහොතේදීත් කැමැත්තක් දක්වන්නේ නැත.Henderson_and_the_donkey

බූරවන් වැඩි වශයෙන්ම වාසය කරන රට වන්නේ චීනයයි. නමුත් මේ චීන බූරුවන්ගෙන් වැඩිම ප්‍රයෝජනයක් ලබා ගන්නේ දකුණු යුරෝපය මෙන්ම උතුරු අප්‍රිකාවයි. කොටළුවා බූරුවාට මඳක් වෙනස්ය. උගේ විද්‍යාත්මක නාමය වන්නේ Equus onger ය.
උගේ පිට දිගටම චිත්‍රයකදී මෙන් අඳුරු වයිරම් රටාවක් දැකිය හැකිය. මධ්‍යම ආසියානු රටවල ඉනුත් නැගෙනහිර සිරියාවේ සිට බටහිර මොන්ගෝලියාව දක්වා වන කලාපයේ කොටළුවන් සුලබව දැකිය හැකිය.

ඉහත කී ආකාරයේ සහ නොකියවනු තවත් කරුනු අනුව බූරුවා යනු නොවැදගත් සත්වයෙක් යැයි අපට හඳුන්වා දෙන ජනප්‍රවාද සෘජුවම ප්‍රතික්ෂේප කල යුතුය. මානව ශිෂ්ටාචාරය මුල සිටම බූරුවා මිනිසාට ලබා දුන් සේවාව අකෘතඥ ලෙස නොතකා හැරීමක් ඒ ජනප්‍රවාද තුල ගැබ් වී තිබේ. මේ ප්‍රයෝජනවත් සත්වයා අප්‍රයෝජනවත් ලෙසින් එසේ නොතකා හැර ඇත්තේ මිනිසා බූරුවෙකු නොවූ නිසාදැයි වෙනම කතා කළ යුතු කරුණකි.

IMG_8350_1

මොහාන් ශි්‍රයන්ත ආරියවංශ.

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s