බාරහාර සඳහා කුරුල්ලන් නිදහස් කිරීම අද පරිසරයට තර්ජනයක් වෙලා!

Myna - Common 918A8333 crop

බාරහාරවලදී නිදහස් කරන රෑන ගිරව් හා පුල්ලි වී කුරුල්ලන් නිසා අනෙක් පක්ෂීන්ගේ ස්වභාවික පැවැත්ම විනාශයට.

මේ ගැන බලධාරීන්ගේ අවධානය ඕනෑ!sri_lanka_hill_myna_qx6a1788

බාරහාර කටයුතු සඳහා කුරුල්ලන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල විවාදාත්මක කතිකාවක් ඇතිව තිබිණ. අරමුණුවල ඇති නිෂ්ප්‍රයෝජන බව එම කතාබහ නිර්මාණය කළත් අවසානයේදී ඒ නිසා ඇතිවන පාරිසරික විනාශය සහ පරිසර ආක්‍රමණ අවදානම යන තැනටම එකී සමාජ විවාදය ඇදී ගියේය.

ශ්‍රී ලංකාවේ විවිධ පාරිසරික මට්ටම්වල ආරක්ෂිත මෙන් ම ආරක්ෂිත නොවන ආකාරයෙන් වර්ගීකරණයට ලක්වූ පක්ෂීහු වෙසෙති.

සාමාන්‍යයෙන් ආරක්ෂිත වර්ග කිරීමට ඇතුළත් කෙරෙන්නේ වඳ වීමේ තර්ජනයට ලක් වන පක්ෂි විශේෂය. එවැනි තත්ත්වයක් නැති හෙයින් මෙරට වෙසෙන රෑන ගිරවා සහ පුල්ලි වී කුරුල්ලා ආරක්ෂිත පක්ෂීන් ලෙස නොගැනෙති. කෙසේ වෙතත් මෑතක සිට මේ පක්ෂීන් දෙවර්ගය නිසා ඇතැම් ප්‍රදේශවල බරපතළ අන්දමේ පාරිසරික ආක්‍රමණික තත්ත්වයක් ඇති වී ඇතැයි අප හා පැවැසුවේ පරිසරවේදී පුබුදු වීරරත්නය.

Copy of 78572726151883b7935608

එක් අතකින් මේ පක්ෂීන් අල්ලා කොටු කරන ජාවාරමක් මේ වන විට බොහෝ තැන්වල ක්‍රියාත්මක වේ. ඊට හේතු වී ඇත්තේ බාරහාර කටයුතු සඳහා කුරුල්ලන් නිදහස් කරන්නා වූ ඇදහිලිමානසිකත්වයයි. ඒ වෙනුවෙන් නිදහසේ පියාසලමින් සිටින එවැනි කුරුල්ලන් හිංසනීය ක්‍රමවේදවලින් අල්ලා කොටු කරගැනීම මුලින් ම සිදු කෙරේ. ඒ අනුව රාත්‍රී කාලවලදී මේ පක්ෂීන් ලැගුම් ගන්නා ස්ථානවලට ගොස් කැටපෝලවලින් විදීම වැනි හිංසනීය ක්‍රමවේද හරහා එම පක්ෂීන් කොටුකර ගැනීම සිදු වේ. අද බොහෝ ප්‍රදේශවල ක්‍රියාත්මක ව පවතින සුරතල් සතුන් විකිණීමේ ජාවාරම හා අනුබද්ධ ‘බාරහාර සඳහා සතුන් විකුණනු ලැබේ’ ජාවාරමට විශේෂයෙන් ම කුරුල්ලන් ලැබෙන්නේ යට දැක්වුණු Copy of 26_07_17_sl_myna_sg_5xa_dආකාරයෙනි.

මේ විස්තරය ඉදිරිපත් කළ පරිසරවේදී පුබුදු වීරරත්න අසන්නේ එසේ හිංසනයට ලක්වූ සතුන් නිදහස් කොට ලබන ආගමික විමුක්තිය කුමක් ද කියාය. එමෙන්ම එය තමන්ට නොවැටහෙන බවය.

මෙසේ නිදහස් කිරීමට විකුණන බොහෝ පක්ෂීන් වධ හිංසාව නිසාත්, ආහාර නොමැතිකම නිසාත් බෙහෙවින් දුර්වලව සිටිනවා ය යන්න එසේ උන් නිදහස් කරන බොහෝ බැතිමතුන් නොදන්නා කරුණකි. ඒ නිසා ම නිදහස් කෙරෙන එම පක්ෂීන් වැඩි දුරක් යෑමට පෙර අතරමඟ දී ඇද වැටී මරණයට පත් වන්නේ ය යන්න ද ඔවුන් දැනගත යුතුය.

එවැනි වාතාවරණයක් හමුවේ බාරහාර වෙනුවෙන් පක්ෂීන් නිදහස් කරන මෙවැනි බැතිමතුන් සිතිය යුතුව ඇත්තේ ඉතා සුළු කාරණාවකි. ඒ එවැනි ආකාරයේ හිංසාවක් ලද කුරුල්ලන් නිදහස් කිරීමකින් තමන්ට ලබාගත හැකි කුසලය කුමක් ද කියන එකයි.

ඉහත සංසිද්ධිය හේතු කොටගෙන සිදු වන පාරිසරික ආක්‍රමණය ගැන අපට කරුණු හෙළිදරව් කළේ නීතිවේදී, පක්ෂි නිරීක්ෂක ජගත් ගුණවර්ධන ය. මෙසේ නිදහස් කෙරෙන පක්ෂීන් අතර සිටින රෑන ගිරවා, පක්ෂි ලෝකය තුළ වර්ගීකරණය වන්නේ ආක්‍රමණික පක්ෂියකු හැටියට ය. ඌ සිටින ප්‍රදේශවල වෙසෙන වෙනත් පක්ෂීන්ගේ ස්වාභාවික පැවැත්ම ඔවුන්ගේ ආක්‍රමණික ව්‍යාප්තිය හමුවේ බලවත් තර්ජනයකට ලක්වේ. එය කොහෙත්ම සුළුවෙන් තැකිය හැක්කක් නොවේ. විශේෂයෙන් ම එම ප්‍රදේශවල සිටින්නා වූ දුම් කවුළුවා, මාල ගිරවා, මයිනා යන විශේෂයන්ගේ ප්‍රජනන පැවැත්මට රෑන ගිරවුන් බරපතළ ආකාරයේ තර්ජනයක් වී ඇති බවත් නිරීක්ෂණය වේ. ඔවුන් එය සිදු කරන්නේ එවැනි පක්ෂීන් ලැගුම් ගෙන සිටින බෙණවලට කඩා වැදී එහි සිටින පක්ෂීන් පලවා හැරීමෙනි.

මීට අවුරුදු විස්සකට පමණ පෙර මහනුවර දළදා මාලිගාව ආසන්නයේ ගිරා විශේෂ 5ක් පමණ දැකිය හැකි වී යැයි

10450524_
Jagath Gunawardana Attorney-at-law

ජගත් ගුණවර්ධන පැවැසීය. තමා මෙය නිරීක්ෂණය කළේ නීතිඥ වෘත්තියට පිවිසි මුල් කාලයේ දී නිතර නිතර මහනුවර උසාවියට ගිය ගමන්වලදී යැයි ද හෙතෙම කීය. (එකල මහනුවර උසාවිය තිබුණේ එය අද තිබෙන තැන නොවේ. ශ්‍රී දළදා මාලිගය ආසන්නයේ ය.) ඒත් අද වන විට අර ගිරා විශේෂ පහ ම ඒ ප්‍රදේශයෙන් අතුරුදන් වී රෑන ගිරවා එම කලාපය අත්පත් කරගෙන සිටින’යුරු දැකිය හැකි ය. ඉතා පැහැදිලිවම මීට හේතුව බාර හාර සඳහා කුරුල්ලන් නිදහස් කිරීමය. ප්‍රතිඵලය වී ඇත්තේ ආගන්තුක ආක්‍රමණික පක්ෂියෙකු එම ප්‍රදේශයට අනන්‍ය සියොතුන් පළවා හරිමින් කලාපීය ආධිපත්‍යය අත්පත් කරගැනීමයි. විශේෂයෙන්ම පූජ්‍ය ස්ථාන අවට අපට මේ තත්ත්වය හොඳින්ම නිරීක්ෂණය කළ හැකි වේ.

Pet-Shops-in-Mumbai’s-Crawford-Market-6

පුල්ලි වී කුරුල්ලා ගොවියාගේ සතුරෙකු ලෙසින් ගත හැකි පක්ෂි විශේෂයකි. මේ කුරුලු වර්ගය ද යට කී ආකාරයට නිදහස් කිරීම හේතු කොටගෙන මෙරට බොහෝ කෘෂිකාර්මික කලාප මුහුණ පා ඇති අවදානම බලධාරීන්ගේ අවධානය ලක් වී තිබේදැයි පැහැදිලි නැත.

10477896_10152845759155309_3295691785373483381_n
Pubudu Weerarathna Environmentalist

මේ තත්ත්ව සැලකිල්ලට ගත් පරිසරවේදීන් පොදුවේ පෙන්වා දෙන කාරණාවක් වන්නේ ඉහත පක්ෂීන් දෙවර්ගය වහා ම ආරක්ෂිත තත්ත්වයට පත් කළ යුතු ය කියායි. ඊට හේතුව ඔවුන් වඳ වීමේ තර්ජනයකට මුහුණ පා තිබේ ය යන්න නොවේ. ඉතා පැහැදිලිවම එවැනි තත්ත්වයක් ඔවුන්ට නැත. නමුත් යට කී ආකාරයෙන් එම පක්ෂීන් ආරක්ෂිත තත්ත්වයට පත් කළහොත් තවදුරටත් එම කුරුල්ලන් දෙවර්ගය අල්ලා විකිණීම පූර්ණ තහනමකට ලක් කළ හැකි වේ. එහි ප්‍රතිඵලයක් හැටියට දැනට ඔවුන් හරහා මතු වී ඇති පාරිසරික ආක්‍රමණය යම්තාක් දුරකට හෝ මැඬ පවත්වා ගැනීමේ හැකියාව ද ලැබෙනු ඇත. එම පක්ෂීන් සිටිය යුතු ප්‍රදේශවල සිටීමෙන් යට දැක්වුණු පරිසර ආක්‍රමණය නො සිදු නොවේ . ඊට හේතුව එම ප්‍රදේශයන්හි ඔවුන්ගේ ආක්‍රමණික පැවැත්ම සීමා කරන ස්වාභාවික බලවේග ස්වභාව පැවැත්ම විසින් නිර්මාණය කරනු ලැබීමයි.)

Views 1.6K

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s