වයසට ගියාම අපට කතා කරන්න ඉගෙන ගන්න බැහැ.

54d40.jpg

මායා යථාර්ථවාදය Magic Realism – Magischer Realismus) යන වදන Franz Roh විසින් නිපදවන ලද එකක් යැයි සඳහන් වන බවත් ඔහු විසින් ලියන ලද කෘතියක ශීර්ෂ පාඨය ලෙසින් එයද යොදාගෙන තිබූ බවත් ආනන්ද අමරසිරි පවසයි. ඔහු එසේ පවසන්නේ මෑතදී ඔහු විසින් සිංහලයට පරිවර්තනය කරන ලද මාර්කේස් සංකථන  (Conservation with Grabriel Gracia Marquez) නම් කෘතියටපෙරවදනක් ලියමිනි. කෙසේ වුව මෙරට ඇතැම් (නොදත්) විචාරකයන් එකී සංකල්පය දිගින් දිගටම ගැට ගසනු ලැබුවේ ගාර්ෂියා මාර්කේස්ටය. එහෙත් මාර්කේස් ඉතා පැහැදිලිවම (උක්ත කෘතියේ) මෙසේ පවසයි. යථාර්ථය මත පදනම් නොවු එකම වාක්‍යයත්වත් මගේ නවකතාවල නැත.Gabriel_Garcia_Marquez

තමන්ට මහත් සේ බලපෑ අත්තම්මාගේ ඇසුර ගැනද ඔහු මෙසේ පැහැදිලි කරයි. ඇය අද්භූත දෙAවල් පිළිබඳ කතා කළේ ඒවා සාමාන්‍ය දෛනිකව සිදුවන දේවල් ලෙස සලකමිනි. නිල් පැහැති වික්ෂිප්ත දෑසකින් හෙබි මේ ගැහැනියට අයෝමය අධිෂ්ඨානයක් තිබුණු අතර ඇයට මළවුන් හා ජීවත්වන්නන් අතර පැහැදිලි සීමා මායිමක් නොවීය. වියපත්ව අන්ධ භාවයට පතAවූ කල්හි ඇයට ඒ සීමා රේඛාව වඩාත් අපැහැදිලි වූයෙන් ඇයගේ අවසන් කාලය එළඹෙත්ම ඇය මළවුන් හා සමඟ කතාබහ කරන හ~ ඇසිය හැකි වූ අතර ඔවුන්ගේ සුසුම් ලැමටද කදුළුවලටද පැමිණිලිවලටද සවන් දී සිටින අන්දමද නිතොර දැකිය හැකි විය. ඇගේ ඒ හැසිරීම් මාර්කේස්ට බලපෑ අයුරු කෙසේ ද යත් සොබාදහම ඉක්මවා ගිය ලෝකය හා සමඟ අප දෙදෙනාගේ සබඳතාව පවත්වා ගැනීමට ඉවහල් වූ දෘෂ්‍යමාන හුයපට එය වුණා. දිවා කාලය අතරතුරදී මගේ අත්තම්මාගේ ඉන්ද්‍රජාලික ලෝකය විසින් මා මෝ්හනය කරනු ලැබුවා.

ක්ිසිදාක මම ඒ නිවස හැර ගියේ නැතිවා වගේ වුණා. මගේ මුළු ළමා කාලය පුරා ආධිපත්‍යය පැතිර වූ රැයේ දකින අසුබ නිමිති ගැන හැඟීම් දැනුත් මගේ හිත අතරේ නොවෙනස්ව තවදුරටත් පවතිනවා. එය හැම හැන්දාවකම වේලාසනින් ඇරඹිලා. දොරේ හිදැස් අතරින් මම උදෑසන ආලෝකය දකිනතුරු මගේ නින්දේදී මකා දැමූ පාලනය කල නොහැකි සංවේදනයක්ව තිඛෙනවා.

portada

ඉන්ද්‍රජාලික යථාර්ථවාදය එක්තරා කාලයකදී යුරෝපය අවදි කල කලා ප්‍රවණතාවක් විය යන්න පැහැදිලි කරන පරිවර්තක ආනන්ද අමරසිරි ඊට අදාළව උක්ත කෘතිය සිංහලයට නැගීමෙන් බොහෝ (නොදත්) විචාරකයන්ට මහත් වූ අත්වැලක් සපයා ඇතෙයි සිතේ. අනිත් අතින් ගත් කල මාර්කේස් පිළිබඳ වඩාත් පුළුල් ක්ියැවීමකට ඔහු ගෙන්ම තොරතුරු සපයා දීමක්ද ඒත් සමගම සිදුව තිබේ. marquez-3.F.-1992-480x705

මා නිර්මාණය කල චරිතවලින් බොහොමයක්ම වාගේ විවිධ පුද්ගලයින් රාශියකගේ එකතුවෙන් සැදුණු ජිග්සො පස්ල් එකත් හා සමානයි. ස්වභාවයෙන්ම එයට මගේ චරිතයෙනුත් සුළු සුළු දේවල් ටිකක් එකතු වෙලා තියෙනවා. මේ ක්ෂේ්‍රත්‍රය ගැන මා තුළ තිබුනු කුසලතාවය පොළොව කැනලා සොයා ගත්තු පිට කොඳු ඇට වලින් පූර්ව ඓතිහාසික යුගයට අයත් සත්වයෙක් සම්පූර්ණයෙන්ම ගොඩනංවන පුරාවිද්‍යාඥයකුගේ කුසලතාවයට සමාන කල හැකියි.

සාහිත්‍යකරුවකුගේ පරිචය වැඩෙන්නේ කෙසේදරෑ එය උපදේශාත්මක තත්වයන් උකහා ගනු ලබනනේ කෙසේදරෑ ඊට මාර්කේස් ගේම වචන එක්කරනු කැමැත්තෙමි.

මීට අවුරුදු 25 කට පෙර කරකාස්වලදී ඩොමිනිකන් ජාතික ලේඛකයකු වන හූ ආන් බෝච් කියු යම් දෙයක් මට ඇහුණා. තුරුණු වියේදී ඔබට ලේඛන කලාව ඉගැනීමට සිදුව තිබුණා කියා ඔහු කීවා. (ශිල්ප ක්‍රම ව්‍යුහය ගොඩ නංවන ආකාරය ඉතා සියුම් ලෙස සැඟවුන පිරිද්දුම් වැඩ වගේ දේවල්.) ලේඛකයන වන අපි හරියට ගිරව් වගේ. වයසට ගියාම අපි කතා කරන්නේ ඉගෙන ගන්න බැහැ.
මාර්කේස් ගේ උද්ධෘත හරහාම මේ විස්තරය සම්පාදනය වීම ගැන ඔබ සතුටු විය යුතුය. මක්නිසාද යත් ඔහුගේ ඒ අත්දැකීම්වල පවත්නා ජීවමය සහ ජීවිත පරිපාකය ඒ තුලින්ම මැනවින් ප්‍රකට වන හෙයිනි. පහතින් එන්නේ කලාත්මක ආවේශය සම්බන්ධයෙන් ඔහු කල ප්‍රකාශයකි.

MÉXICO GARCÍA MÁRQUEZ

එක් රොමැන්ටික්වාදීන් විසින් අවමානයට ලක් කරන ලද වචනයක්. ඒ සහනදායි තත්වයක් ලෙසත් දෙවියන්ගෙන් ප්‍රාණ වායුව ලැබීමක් ලෙසවත් මා දකින්නේ නැහැ. දැඩි ග්‍රහණය හා පාලනය විසින් ඔබ GaboOKඔබේ තේමාව සමඟම ඒකාත්මික වන මොහොතක් හැටියටයි මා එය දකින්නේ. ඔබට යම් දෙයක් ලියන්න අවශ්‍ය වුණාම ඔබත් තේමාවන් අතරේ අන්‍යෝන්‍ය වශයෙන් හට ගන්නා ආතතියක් ස්ථාපිත වෙනවා.ඒ නිසා ඔබ තේමාවට පෙළඹෙනවා. තේමාවක් ඔබ පොළඹනවා. සියළුම බාධක වියැකී යන මොහොතක් එළඹෙනවා. සියළුම ගැටුම් අතුරුදහන් වෙනවා. ඔබ කෙදිනකවත් නොසිතු දේ ඔබට කල්පනා වෙනවා. ඒ මොහොතේදී ලියනවාට වඩා හොඳ වෙන කිසිම දෙයක් කොහෙත්ම මේ ලෝකයේ ඇත්තේ නැහැ. මා කලාත්මක ආවේශය කියලා කියන්නේ අන්න ඒ එකට.

එය ආවේශයක් දරෑ ආවේශයෙන් පිටවුණු ආස්වාදනීය සංසර්ගීය හැසිරීමක් දරෑ ඔබ ලියමින් සිටි පොත අවසන් වන තරමට ලං වුණාම මොකක් ද සිද්ද වෙන්නේරෑ

මාර්කේස් – ඒ ගැන තියෙන උනන්දුව සදහටම නැතිවෙනවා. හෙමිං වේ කියන්න පුරුදු වෙලා හිටපු විදියට  ‘ඒකා මැරිච්ච සිංහයෙක්. ‘

ඒ කියවීම එසේය.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s