ඒ මරණයට පණ තිබේ.

Crucible_hirez.jpg

යක්ෂාවේෂ දේශපාලනයක හරස්කඩක් ගැන පවසන අලූත් පොතක්.

සිංහල නාට්‍ය සම්ප්‍රදායේ අතීත උරුමයට සංවාද නාට්‍යය කොහෙත්ම අයත් නොවීය. කෙසේ වුව 60 – 70 දශකයේදී මෙරට වේදිකාව සම්පූර්ණයෙන්ම වාගේ වෙන් වූයේ සංවාද නාට්‍ය වෙනුවෙනි. විශේෂයෙන්ම දේශපාලනික ප්‍රශ්න කිරීම් වෙනුවෙන් වැඩි නිර්මාණාත්මක කාර්්‍යයභාරයක් ඉටු කලේ සංවාද නාට්‍ය බව පැහැදිලිය.

පසුගිය කාලයේ සිංහලයට පරිවර්තනය වූ එවැනි සංවාද නාට්‍යයක් ගැන මෙහිදී අප විශෙAෂයෙන්ම කතා කරන්නේද ඉහත කී දේශපාලනික ප්‍රකාශනය එහිද අන්තර්ගත වීම නිසා පමණක්ම නොවේ. ඒ සම්බන්ධයෙන් ප්‍රබල සංකේතාත්මක හැසිරීමක් ද එයින් ප්‍රකට වන නිසාය. කීර්තිමත් දේශපාලනික එමෙන්ම දාර්ශනික කලාකරුවකු වූ ආතර් මිලර් ගේ The Crucible නම් නාට්‍ය පිටපත ගාමිනි වියන්ගොඩ විසින් සිංහලයට පරිවර්තනය කරන ලද්දේ මායා බන්ධන නමිනි.

ඔහු එහිලා මෙසේ පවසයි. මේ නාට්‍ය ශාස්ත්‍රාලීය ඉතිහාසඥයා වහරන අයුරින් ඉතිහාසයක් නොවේ. නාට්‍යමය චමත්කාරය දනවනු වස් බොහෝ චරිත එකට සංයෝජනය කොට ඇත. තවද මායාව ඉතිහාසයේ අපූරුතම වූත්ල ගොරතර වූත් එක් පරිච්ඡේදයක මූලික ස්වභාවය මෙමගින් හඳුනා ගැනීමට පාඨකයා සමත් වනු ඇතැයි මම විශ්වාස කරමි.

නාට්‍යය වේදිකාව මත දිග හැරෙන එකිනෙක චරිතයේ ඉරණම ඓතිහාසික සිදුවීමට සම්බන්ධ ගැහැණුන් සහ මිනිසුන්

alfred-eisenstaedt-portrait-of-playwright-arthur-miller
Arthur Miller

මුහුණ දුන් ඉරණම මෙහි කිසි ලෙසකින් වෙනස් නැත. ඒ ඉතිහාසය තුල සමාන භූමිකාවක් ඇතැම් විට ඒ භූමිකාවම රඟ දැක්වූ චරිත මිස වෙන කිසිම චරිතයක් ද මේ වේදිකාවේ නැත. සැමුවෙල් ජොන්සන් ගේ ප්‍රකට කියමනක් මෙහිදී අපට සිහිපත් වේ. එය මෙසේය. දේශපාලනය යනු තක්කඩි අවලමෙකුගේ අවසන් රක්ෂාවරන ස්ථානයයි. එහි එන අන්තර්ගතය ගැන කියනවා නම් ඊට සුදුසුම උදාහරණය වන්නේ මේ මායා බන්ධන කෘතියයි.ඒ පලි ගැනීමේ කෘෘරත්වය වෙනුවෙන් මිය යන්නේ රටේ වෙසෙන උගත් නූගත් ජනතාවයි. තමන් එසේ මිය යන්නේ කුමක් නිසාද යන්න ගැනවත් ඔවුන්ට අවබෝධයක් නැතිවීම තුල එම ඝාතනයේ ඛේදවාචකය වඩාත් හොඳින් තහවුරු කොට පෙන්වයි. මේ සියළු සිද්ධීන් වර්ධනය වන්නේ නොපෑහෙන දීගයකිනි. තවමත් අප ඒ නොගැලපෙන දීගයේ ද~ු අ~ුවට මිරිකීගෙන ඉවසා සිටීම වර්තමාන යථාර්තය වී තිබේ. තවද ඒ වනාහි රජය සහ ආගම යන බල සංස්ථා දෙක සංයෝජනය වීමක් ද දැකිය හැකිවේ. එහි අරමුන වුණේ ප්‍රජාව එකරාශිව තබා ගැනීම වුනත් සිද්ද වූයේ පුදුමාකාර විකෘති කුලප්පුවකි.

එකී විකෘති කුලප්පුව ප්‍රකාශයට පත් කරන්නේ යක්ෂයාය. එසේ බලන කල ඒ යක්ෂයා ද ප්‍රබල දේශපාලන

138
Gamini Viyangoda

ප්‍රකාශනයක් බවට පත්වේ. යක්ෂයාගේ එම දේශපාලන ආවේෂය විශ්වාස කිරීමට බොහෝ දුරට අපට අපහසු වන්නේ ඔහුව කැඳවා ගන්නේත්ල ඔහු වෙත ශාපය පමුණුවා කටයුතු කරනුයේත් අපේම කඳවුරේ අය වීම නිසාය. ඒ අනුව ලුතර්ටත් අපාය සමඟ අශ=ද්ධ සන්ධානයකට එක්වීමට සිදුවුනේ යැයි චෝදනා නැගිණි. කෙසේ වුවත් ඔහු ද සිය හතුරන්ටත් එම චෝදනාවම නැගීය. එහෙත් තත්වය එයින් නිරාකූල නොවීය. තමන් යක්ෂයා සමඟ සම්බන්ධකම් පවත්වන බවත්ල දේව ධර්මය පිළිබඳව සාකච්ඡා කරන බවත් ලුතර් විශ්වාස කිරීම ඊට හේතු විය. නාට්‍ය රචකයා එය ලියන අවස්ථාවේදී යක්ෂාවාදයේ ප්‍රලොAහනයට හිස නොනමන්නේ එංගලන්තය පමණි. කොමියුනිස්ට්වාදීහු එය ධනවාදයේ ප්‍රතිවිරෝධයක් යැයි කීහ. යුරෝපයට පිටස්තරව සිටි ඇමෙරිකාවට අනුව ප්‍ර්‍රතිගාමියා සැමවිටම රතු කොමියුනිස්ට්වාදයත් සමඟ සන්ධාන ගත වූවෙකි. එසේ බලන කල කඳවුරු දෙකේදීම දේශපාලන විසම්මුතිය යනු අමානුෂික ප්‍රතිඵල ළගා කරගැනීමක් වේ. ශිෂ්ට සම්පන්න අදහස් හුවමාරුවට අදාල එදිනෙදා චාරිත්‍ර වාරිත්‍ර අවලංගු කෙරේ. අවසානයේදී එම කුප්‍රකට දේශපාලන සමීකරණය තුල කුමන්ත්‍රණ සහ ප්‍රතිකුමන්ත්‍රණ ජාලයක්ම නිර්මාණය වේ. එවිට ආණ්ඩුවේ කාර්යභාරයද බේරුම්කාර තීරකයාගේ සිට දෙවියන් වහන්සේගේ වධකයා බවට පත් වන්නේය.

එතැනදී දෙවියන් වහන්සේ පවා අර කීව යක්ෂයාගේ සුන්දරත්වයක් දුටුවේ යැයි හේල් පියතුමා පවසයි. කෙසේ වෙතත් පැරිස් පූජකයාට සාපේක්ෂව හේල් කිසියම් සංවේදිතාවක් තිබූ මිනිසෙක් යැයි සිතේ. ඩැන්ෆෝර්ත් හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය අධිකාරිය සහ අධිකරණ ක්‍රියාකාරිත්වය ඔහුගේ පහත කියුම අපට පෙන්වා දෙයි.

crucibleaccused.jpg

අපේ හදවත් පෑරෙන බව ඇත්ත. ඒත් අපිට බැහැ මේකෙන් පැනල යන්න. මේක අමුතු කාලයක්. අඳුරු කුමන්ත්‍රණයක්. ඉතා සූක්ෂ්ම අයුරින් දියත් වෙලා තියෙනවා. ඒකෙදි අපේ පරණ සාමකාමි සැලකිලි පැත්තකින් තිබ්බේ නැත්නම් අපිත් අපරාධකාරයෝ වෙනවා.

13882281_1249220385111682_6750603796044199830_n.jpg
ස්වාමිනිල අනාථ දරුවෝ අඟ=පිල් ගානේ රස්තියාදු වෙනවා. අයිතිකාරයෝ නැති හරකබාන පාරවල් ගානේ උම්බෑ ගානවා. කුණු වෙච්ච භව බෝග හතර වටේට ගඳ ගහනවා. වෙසඟනක් කියන කේලමකට තමුන් ගේ ජීවිතේ කුමන මොහොතේ නැතිවෙයිද කියලා මිනිස්සු අහසට හූල්ලනවා. එහෙම තියෙද්දිත් තමයි තමුන්නාන්සේ අහන්නේ කැරැල්ලක් ගැන රට්ටු කතාවෙනවාද කියලා. තමුන්නාන්සේ සන්තෝස වෙන්න ඕනේල රට්ටු එකතු වෙලා තමුන්නාන්සේගේ රටට මෙච්චර කාලයක් තුල ගිනි තිබ්ඛෙ නැති එකට.

දුර්දාන්ත රාජ්‍ය පාලනයකට එරෙහිව කටයුතු කිරීම නිසා (ඇත්ත වශයෙන්ම ඔහු කරන්නේ මේ සාපරාධි හැසිරීම කුමක්ද කියා ප්‍රශ්න කිරීමකි.) ප්‍රොක්ටර් ජෝන් අර අධිකරණ ව්‍යුහය තුල වැරැදිකරුවෙක් බවට පත් වේ. දේශපාලන වෙසඟනගේ සෘජු විරෝධය ඔහුට ද එල්ල වී තත්වය වඩාත් බරපතල කරයි. ඒ අනුව යක්ෂයා සමඟ සම්බන්ධකම් පැවැත්වීම ඒ තුල ක්‍රිස්තියානි පල්ලියේ හැසිරීම සෘජුවම ප්‍රශ්න කිරීම ඔහුට විරුද්ධව එල්ල වන බරපතලම චෝදනා බවට පත්වේ. මේ සම්බන්ධයෙන් හේල් පියතුමාගේ ප්‍රකාශය එම වාතාවරණය ගැන අරුත් පැහැදිලි කිරීමක් සිදු කරයි.

හැම වෙලේම පැමිණිලිකාරයාමද ශ=ද්ධවන්තයා වෙන්නේ. අද උදේ පාන්දර දෙවියන් වහන්සේගේ ඇඟිලිකරු අස්සෙන් සුදු පිරුවට ඇඳන් මේ ලෝකෙට බිහි වුණේ සාන්තුවරියෝද රෑ මං කියන්නම්ල මේ සලෙම් වසමේ අද පාරක් ගානේ හොල්මන් කරන මෝහිනී කවුද කියලා. ….. අපි එදා හිටපු අපිමයි. ඒත් දැන් උන්මාද කෙල්ලො හතර පස්දෙනෙක් ශ=ද්ධ රාජ්‍යයේ යතුරු කැරැල්ල උන්ගේ අතට අරං. දේව නීතිය අද ලියන්නේ පලිගැනීම උඩ. මේ වරෙන්තුව කියන්නේ පලිගැනීමේ වරෙන්තුවක්.Cruciblecover.jpg

එහෙත් එය තනිවම ජය ගැනීමේ හැකියාවක් කිසිවකුට තිබුනේ නැත. අවසානයේදී හේල් පියතුමා සහ ප්‍රොක්ටර් ජෝන් ද යටත් වන්නේ ද අර දේශපාලන වෙසඟනගේ තීරණයටයි. ඒ සම්බන්ධයෙන් ඩැන්ෆෝර්ත් මෙසේ පවසයි.

මේක මතක තියා ගන්නවා. නීතියට එරෙහිව නැගී සිටින 10ල000 ක් වුණත් එල්ලන්න මං පස්ස ගහන්නෙ නෑ. ලූණු කඳුළු සාගරයකටවත් බැහැ රාජ්‍ය අණ පණත්වල සාරය දියකරන්න. ඒ අනුව පළිගැනීමම නීතිය බවට පත්වේ. නීතියේ ප්‍රතිඵලය මරණය වේ. අවසාන වශයෙන් එය මෙසේ සටහන් වී තිබේ.

අරුණළු සුළෙඟ් ඇට කැබලි ගැටෙන්නා සේ වදක ඛෙරය කට කට ගා හැඩවෙයි. එහෙත් ප්‍රහ්නයක් අසන්නට තිබේ. සියල්ල ඔහුගේ අභිලාෂයන්ට අනුවම එසේ අවසාන වෙයිදරෑ පාරාවෝ රජවරු මිය ගිය පසු මමියක් බවට පත්වී නිහ~ වී සිටියත්ල ඇත්තටම නැඟ+ හ~ක් ඇති මිනිසුන් හැම විටකම ජීවත්ව සිටියාට වඩා ජීවත් වන්නේ මරණයෙන් පසුවය.

එවැනි මරණවලට ඉතිහාසය කිසිදා මරණ සහතික ලබා නොදෙයි.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Views – 2, 492

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s