කලා ගවේසි – පරදේසි නූතන නවකතා කලාවේ අර්බුදය හමුවේ පරදේසි නවකතාව

Prince_of_Wales_visit_to_Ceylon.jpg

තවමත් සිංහල නවකතාකරුවන් විසින් අල්ලා ගැනීමට උත්සාහ කරනු ලබන්නේ පුළුල් සමාජ පදාස්‌ නිරූපණය කරන වස්‌තු බීජය. එබැවින් ඔවුන් අතින් මිනිස්‌ ජීවිතය හා බැඳුණු ප්‍රබල අන්වීක්‍ෂ දෘෂ්ටි සහිත සියුම් දේ අත්හැරේ. මේ අර්බුදයට මුලින්ම හසු වූයේ වික්‍රමසිංහයන් ය. නූතන සිංහල සාහිත්‍ය කතිකාවේ තවමත් නොවිසඳුණු ප්‍රධානතම සාහිත්‍ය ප්‍රශ්නය වන්නේ ද එය මය.
අද කලා ලෝකය අපහරණයට ලක්‌ කරනු ලබන්නේ කවරක්‌ විසින් ද යන්නට වඩා එසේ නොකෙරන්නේ කවරක්‌ විසින් ද යන්න විමසීම පහසු ය. මේ ෙ€දවාචකය තුළ කලාකරුවා පත්වන තත්ත්වය පරදේසි නවකතාවේ ආරම්භයේ මෙසේ සටහන් වේ.unna

“යම් දවසක සැණකෙළි භූමියක සර්කස්‌

සංදර්ශනයදී මා ද ඔබට හමු විය හැකිය.”

සමස්‌ත සමාජ භූමිය ම දැන් සැණකෙළි භූමියක්‌ වී හමාරය. කලාකරුවාට දස්‌කම් දැක්‌වීමට සිදුව ඇත්තේ ලේඛනයෙන් වුව චිත්‍රයෙන් වුව විපරිණාමයට පත්වූ මේ සමාජ තලය තුළ ෙ€දනීය කැරපොතු ජීවියෙකු පරිද්දෙනි. දැවැන්ත ප්‍රතිපත්තිගරුක කලා ඩයිනෝසරයන් අපට අහිමි වෙමින් සිටියි. විවේකය වෙනුවට අවිවේකය රජ කරයි. උදයේද, දහවලේ ද, රාත්‍රියේ ද සමාජ සත්ත්වයාගේ නූතන සංස්‌කෘතික දේහය වඩවාගනු පිණිස විනාශ කරන ලද ශිෂ්ටාචාරයේ අතුණු බහන් බෙදාහරිනු ලබන්නේ ඔහු විසින් මය.

ප්‍රසාද් ‘පරදේසි’ නවකතාවේ කේන්ද්‍රීය චරිතය වෙයි. ඊවා ඔහුගේ කලා ඇස පෑදීමට පළමු ආලෝක දිශාව වෙත ඇඟිල්ල දිගු කළ තැනැත්තියයි.

පරදේසි නවකතාවේ ප්‍රසාද් නූතන ආසියාතික සාරය ගෙනෙයි. සමස්‌ත ආසියාතික කලාවම අද වියවුලට පත්ව ඇත්තේ සමාජ සංස්‌කෘතික ගිලා බැස්‌මකට ක්‍රමයෙන් පරිවර්තනය වීම හේතුවෙනි. මහා කලාවෙන් ගැළවී නූතන ධනේශ්වර උවමනාවන් වෙනුවෙන් ලේබල් වීමකට ලේඛකයා පත්වීම හේතුවෙනි. එරික්‌ උත්සාහ ගන්නේ එහි සමීපතම රූප රාමුව ලංකාව කේන්ද්‍ර කොටගෙන පෙන්වීමටය. එහෙත් එය සමස්‌ත ආසියාකරයේම ෙ€දනීය ඉරණම වන්නේ ය

800px-De_Sarams.4371307_std.jpg

ප්‍රසාද් නමැති ආසියාතික මානවයා කියුබානු මානවයා අබිමුව සලිත වෙයි. පුරාණ ආසියාතික මානවයාගෙන් විනිර්මුක්‌ත වූ නූතන ආසියාතිකයා අශිෂ්ටාචාරමය දෘෂ්ටියකට හසුවූවෙකි. ගෝලීයකරණය තුළ ඔහු පත්ව ඇති ඉරණම නවකතාවේ චරිත නිරූපණයේ දී සිදු කරන්නේ මහා දිය කඳක්‌ පොළොව යටින් ගලා බස්‌නා ආකාරයට ය. ප්‍රෙෘඪ ආසියාතිකයා අද නැත. ඔහුට යුරෝපියානුවාට සිදුවූ දේ ම සිදුවිය. දැන් සිදුවිය යුත්තේ ගෝලීය මිනිසා ශිෂ්ටාචාරමය ශක්‌තිමත් බවකින් යුක්‌ත වීම වුවද එය සිදු වන්නේද යන්න ආසියාතික මිනිසාත්, කියුබානු මිනිසාත් නවකතාව තුළ නිරූපණය කරමින් එරික්‌ unnamed (1)ප්‍රශ්න කරයි. කියුබානුවා දකින ආසියාතිකයාත් ආසියාතිකයා දකින කියුබානුවාත් සලිත වෙති. මෙයින් නූතන සමාජ ක්‍රමය විසින් පුද්ගලයා හෙළන ලද එහා තනිකම විශද වෙයි. ගෝලීය කරණය තුළ හුදෙකලාවක්‌ ඇතිවිය නොහැකි ය. නූතන ගෝලීයකරණය මගින් එම සංකල්පයම මානව ධර්මයෙන් දුරස්‌ථ වූ සංකල්පයක්‌ බවට පත්කර ඇති අයුරු ‘පරදේසි’ නවකතාව චිත්‍රණය කොට දක්‌වයි. එය අප ඉදිරියේ ඇදෙන්නේ ප්‍රබල වර්ණ සහිත පින්සල් පහර නිර්මාණය කරන ව්‍යqක්‌ත රූපී හැඩතල චිත්‍රයක්‌ ලෙස නොව ස්‌වභාවික යථාර්ථවාදී අවකාශමය පර්යාවලෝකනයෙන් යුක්‌ත චිත්‍රයක්‌ ලෙස ය. එය ප්‍රබල සමාජ කතිකා අන්වීක්‍ෂණය කරයි.

 ආසියාතික හිස සෙලවෙන්නට පටන් ගන්නේ කියුබාව හා ගැටෙන මුල් අවස්‌ථාවේදී මය.

“පුදුමයකි. හිටි හැටියේම අහස පැහැදිලි විය. ලක්‌ෂ සංඛ්‍යාත තාරකාවලින් අහස පිරී ගියේය”

ප්‍රසාද් කියුබාවට ඒමට පෙර බියකරු ගුවන් ගමනක යෙදෙයි. විදුලි කෙටීම් හා හෙණ මැදින් ඔහු කියුබාවට එන තුරුත් ඒ ව්‍යසනය මැද කාලය ගෙවයි. මුළු ගෝලීය අවකාශයම ව්‍යසනයක්‌ වුවද සමාජවාදී දේශපාලන ධර්මයේ විප්ලවීය නූතන ආදර්ශය දෙන තැනදී ඔහුට ඊවා ඇඟිල්ල දිගුකොට පෙන්වූ ආලෝක පුංජය මුණ ගැසේ. ලංකාවට ප්‍රසාද් යළි පැමිණෙන තුරු ඔහුට මඟ පෙන්වන්නේ ඒ ළෙලමින් පවතින තාරකා සමූහය යි.unnamed.jpg

වාගේ මඟ පෙන්වීම මත ප්‍රසාද් යන්නේ අරාබියට හෝ ඉතාලියට හෝ නොවේ. ඔහුගේ අරමුණ මුදල් ඉපැයීම නොවේ. අරාබියට, ඉතාලියට යන ආසියාතිකයා යළි එන්නේ ඇතැම් විට අවුරුදු දහයකිනි. ඇතැම් අය එහි සදාකාලික පදිංචිකරුවෝ වෙති. සමහරු මුහුදේ දුෂ්කර ගමනක යෙදී හොර පාරෙන් ඉතාලි යති. ධන පිපාසය විසින් ඔවුහු හෙම්බත් කරනු ලැබ සිටිති. එබැවින් ඔවුන් ඕනෑම බියකරු ගමනක යෙදීමට සූදානම්ය. එහෙත් ප්‍රසාද්ට කියුබාවේ එවැනි සාටෝප පසුබිමක්‌ නිර්මාණය වී නැත.

ප්‍රසාද්ට කියුබානුවන්ගෙන් ලැබෙන්නේ ධන පිපාසිතයන්ට අරාබියෙන් හෝ ඉතාලියෙන් ලැබෙන දේ නොවේ. ඒ වෙනුවට අලුත් ඇසකි. මේ වන විට තමන්ට අහිමි වී ඇති දෙයකි. එහෙත් එය හිමිකර ගැනීම පහසු නොවේ. ප්‍රසාද් මුහුණ දෙන්නේ කලාකරුවකු වීමට ප්‍රථමව මිනිසකු වීමේ අභියෝගයටය. එරික්‌ එය නිරූපණය කරන්නේ හෙමිංවේ ගැන කෙරෙන අනුස්‌මරණයෙනි.

කියුබාව යනු ශේ්‍රෂ්ඨ මිනිසුන්ගේ පාදස්‌පර්ශය ලත් බිමක්‌ බව ප්‍රසාද්ට කියා දෙන්නේ කියුබානු සංස්‌කෘතිය සම්ප්‍රේෂණය කිරීමේ පළමු තත්ත්පරයේ සිටය. එයට හොඳම උදාහරණය වන්නේ ප්‍රසාද් නැවතී සිටින හෝටලයයි. අර්නස්‌ට්‌ හෙමිංවේ නැවතී සිටි හෝටලය එය වන අතර ප්‍රසාද් තුළ ආඩම්බරයක්‌ ඇති කිරීමට එය හේතුවක්‌ වෙයි. එවැනි චරිත ඇදහීමකින් තොරව කලාකරුවෙකු විය හැකිද? කියුබාව හා ලංකාව අතර පරතරය නිර්මාණය වන්නේද එයිනි. ධනේෂ්වර වුවමනාවන් ඉටු කරමින් එවැනි ශේ්‍රෂ්ඨ මිනිසුන් ලැගුම්ගත් ස්‌ථාන ඒ මිනිසුන්ගේ නමින් හෝටල් නිර්මාණය කර ශේ්‍රෂ්ඨ නාම පාදඩකරණයට ලක්‌ කරන ආසියාතික නූතන සංස්‌කෘතියද ඉන් ප්‍රශ්න කෙරේ. එවැනි ශේ්‍රෂ්ඨ මිනිසුන් ලංකාවටද කොතෙක්‌ පැමිණ ඇද්ද? ලංකාවට ඒ මිනිසුන්ගේ හර පාද ලකුණු සටහන් කර තබාගෙන ඇත්තේ කොහිද? ප්‍රසාද් පෙළෙන්නේ ඒ සංස්‌කෘතික බෙලහීනතාවේ රෝගයෙනි. ඔහුට කියුබාවේදී සංස්‌කෘතික ප්‍රතිකාර ලැබේ.

“මා වෙනුවෙන් එවැනි ලොවක්‌ උරුම කර දීමට ලොව ත්‍යාගශීලී වී ඇත්තේ සාහිත්‍ය කලාව කෙරෙහි ඇති ගැඹුරු හැඟීමක්‌ බව කල්පනා කිරීම මගේ නින්ද බිඳ දමන හැඟුමක්‌ විය…”

අද ලාංකික දේශපාලන සංස්‌ථාව තුළ ඒ තැන ලැබී ඇත්තේ ‘කැසිනෝ’ ව්‍යාපාරිකයාට ය. ලෝකයේ අංක එකේ කැසිනෝ කාරයාගේ පැමිණීම ඓතිහාසික සිදුවීමකි. ප්‍රසාද් කලා සුහුඹුලෙකි. එබැවින් ඔහු කියුබානුවාගේ ක්‍රියා කලාපය හමුවේ සෙලවෙයි. අර්නස්‌ට්‌ හෙමිංවේ පිළිබඳ සිහිනය ඔහුට එම යථාර්ථය පෙන්නුම් කරයි.

ලේඛකයකු ලෙස අර්නස්‌ට්‌ හෙමිංවේද පැමිණියේ දුෂ්කර ගමනකි. ප්‍රසාද් ද ඊට වඩා බියකරු ගමනක්‌ යා යුතුය. ඔහුට යැමට සිදුවී ඇත්තේ බියකරු බවින් වඩා දරුණු වූ සමාජ කාන්තාර මැදිනි. ඒවා අර්නස්‌ට්‌ හෙමිංවේට හමුවූ ඒවා නොවේ. අර්නස්‌ට්‌ හෙමිංවේගේ ගමනේ දී ඔහුට දූවිල්ල පිරි කාකි ඇඳුම ඉතිරි විය. ප්‍රසාද්ට ඉතිරි වන්නට ඇඳුමක්‌ ද නැත. ප්‍රතිපත්තිගරුක ලේඛකයකුගේ ලේඛන ආචාර ධර්මය අර්නස්‌ට්‌ හෙමිංවේගේ කැලෑ කාකි ඇඳුමෙන් සංකේතවත් වේ.

“දුර ගමනක්‌ ගොස්‌ පැමිණි නිසා ඔහුගේ කැලෑ කාකි ඇඳුම දූවිල්ලෙන් පිරී තිබිණ…”

කියුබානු මිනිසුන්ගේ එඩිතර ශිෂ්ටාචාරවත් බවට හා ස්‌ථාවර ශිෂ්ටාචාර ඉරියව්ව පිළිබඳ සංකේතය වන්නේ ජීවමාන ප්‍රතිමා නිරූපණයයි. ඔවුන්ගේ නූතන ශිෂ්ටාචාරය ඕනෑම බියකරු අභියෝගයක්‌ හමුවේ වුවද නොසෙල්වී සිටියි. “ප්‍රතිමා” නම් ජීවී බවින් තොර බවය. එහෙත් ජීවමාන ප්‍රතිමා නම් නොසෙල්වන ශිෂ්ටාචාරවත් බවය.

ප්‍රසාද් ශිෂ්ටාචාරවත් මිනිසෙකු හෝ කලාකාරයකු නොවීම පිළිබඳ ගැටලුවට මුලසිටම මුහුණ දෙන්නේ ඔහු දකින ව්‍යාකූල වටපිටාව වටහා ගැනීමට ගන්නා උත්සාහය මගිනි. ඔහුට හමුවන නිරහංකාර කියුබානුවා රම් හා දුම් බොයි. බඩජාරිකමට නොකයි. හාදු දෙයි. විටෙක යතුරුලියනය ඔසවාගෙන රම් මතින් නටන ලේඛකයකු දකින ඔහු රම් මතින් හා සුරුට්‌ටු දුමෙන් කරකැවෙන්නට පටන් ගනී. මින් වනිත වන්නේ නුහුරු බව හා ඔරොත්තු නොදෙන බවයි. ප්‍රසාද්ට මේ සමාගමට එකතු වීමට වුවමනා වෙයි. ඔහු ඒ සඳහා සූදානම්ය. තරු පිරි අහස වෙත ඇස්‌ හරවා සිටීම හෙවත් කලා ලෝකයට ඒකාත්මික වී සිටින ලේ කාවක වෙත ගොස්‌ ප්‍රසාද් විශ්ව ගනුදෙනුව නිර්භාෂීව සිදු කරයි. එකට වසන්නට, නැතහොත් සාහිත්‍යය උරා ගන්නට පටන් ගන්නේ ඒ මනුෂ්‍යත්වයේ පිදීම තුළිනි.

“මම ඇගේ විවර වූ තොල් මතට නැමුණෙමි… ඔයා මගේ පැන්ඩෝරා”

ඒ ඔහු පණ ලැබූ ආකාරයයි.

මේ සියලු තොරතුරු අතරින් දිවෙන තවත් කතාවක්‌ පරදේසි නවකතාවෙහි එයි. ඒ කියුබානු සමාජවාදී පාලන තන්ත්‍රය පිළිබඳ විවේචනයයි. කියුබානු මිනිසා සමාජවාදය වැළඳගත්තද කියුබානු පාලන තන්ත්‍රය ඉදිරියට ගමන් කර නැත. සමාජවාදය යනු යල්පිනූ ක්‍රමයක්‌ තුළ මිනිසා සිරගත කිරීම නමැති සාවද්‍ය ක්‍රම භාවිතය කියුබාව අදහන්නාක්‌ වැනි හැඟීමක්‌ ඇති කිරීම කියුබාවට තරම් නොවේ. ගෝලීයකරණය වූ ලෝකය තුළ සුවපහසු නිදහස්‌ ජීවන ක්‍රමය ගොඩනැංවීමේ අභියෝගය කියුබානු පාලන තන්ත්‍රයට ඇතත් එය ජය ගැනීමේ මඟක්‌ කියුබාව වෙතින් නොදිස්‌වේ. අවුරුදු සිය ගණන් පැරැණි ‘චවලට්‌ ඉම්පාලා’ කබල් කාර්වල යන කියුබානු මිනිසා ජීවත් වන්නේ පරණ ඉරිතලා ගිය ගොඩනැඟිලිවලය. මින් ධව්නිත වන්නේ භෞතික සම්පත් පිළිබඳ කතාවක්‌ නොවේ. කියුබානු ක්‍රමයේ හිරවීමයි. කියුබාව ඉදිරියට ගමන් නොකිරීමයි. මේ තත්ත්වය පිළිබඳ ප්‍රසාද්ගේ සිතුවිල්ල ප්‍රබල ලෙස කියුබාව සමාජවාදය භාවිත කරන ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීමකි.

31528e55-8309-4c1b-bb40-2d24f595007d.jpg

“එය සමාජවාදය නමින් ආපසු බර කරත්ත යුගයට යැමක්‌ද? මොනතරම් කාර්මික බාධා මැද්දේ වුවත් ජීවන මකරන්දයෙන් මීවිත පුරවාගෙන ගමන් බිමන් යමින් විනෝද වීම කැරීබියානු ආසාවක්‌ද?”

සන්තුෂ්ටිමත් කියුබානුවා මෙන්ම අතෘප්තිමත් කියුබානුවෙකුද කියුබානු ක්‍රමය නිසා බිහිවී ඇති වග ‘පරදේසි’ කතාව කියයි. කියුබානු ක්‍රමයේ අසමත් කමට දෙන පණිවිඩය වන්නේ තවමත් ඔවුන්ට අන්‍ය ආගම් සරණ යැමට සිදුව ඇති බවට දෙන ඉංගිතයයි. කැස්‌ටෝරා පැවිදි වෙයි. රහස්‌ දේව මෙහෙයක්‌ තවත් තැනෙක සිදුවෙයි. පුද්ගලයකු ආගම් මාරු කරන්නේද පවත්නා ආගමෙන් ඔහු සංතෘප්තිය හෝ විමුක්‌තිය නොලද විටයි. කැස්‌ටෝරාගේ වැඩිමහල් පැවිදි සොවුරා ජාවාරම්කාරයකු වෙයි. මේ සියල්ල කුමක්‌ අර්ථවත් කරයිද? වික්‍රමසිංහයන් යුගාන්තයෙන් අවසන් කළැයි සිතූ යුග පෙරළිය නවතින පෙරළි සහිත සමාජ භූමියක්‌ නොවන වග එරික්‌ පරදේසි නවකතාවෙන් පෙන්වා දෙන්නේ මෙවැනි ප්‍රබල ධාරණාවන් සමාජ යථාර්ථය බව පසක්‌ කරමිනි. පරදේසි පශ්චාත් යුගාන්ත නවකතාවක්‌ සේම පශ්චාත් සිංහල නවකතාවක්‌ වන්නේද මේ සමාජ යථාර්ථය අන්වීක්‍ෂණය කළ නවකතාවක්‌ වන හෙයිනි.

සමාජවාදයේ අරමුණ ආර්ථික ගැටලු රහිත මිනිසෙකු තැනීමය. සංස්‌කෘතික මිනිසෙකු තැනූ කියුබාව එවැනි මිනිසෙකු දක්‌වා පරිණාමය විය යුතුය. පරදේසි තුළ කියුබාවේ මේ සාවද්‍ය සමාජවාදී භාවිතාව නිරූපණය වන අතර කියුබාවෙන් නඟන ප්‍රශ්නය වන්නේ “ඇයි නැවතුණේ?” යන්නය. පරදේසි නවකතාව තුළ මේ සමාජවාදයේ අවභාවිතය කදිමට නිරූපිතය.

සරච්චන්ද්‍රයන්ගේ “මළගිය ඇත්තෝ” හා එරික්‌ගේ පරදේසි නවකතා සංහිතවාදී නවකතා වෙයි. (“සංහිතවාදය” මෙම ලියුම්කරුගේ මතු කිරීමකි) දෙදෙනම සංස්‌කෘතික සහ සම්බන්ධතාව අනාගත ලෝකයට අවශ්‍යම ධර්මතා වග පෙන්වා දෙයි. “මිනිසා හා මිනිසා අතර, මිනිසා හා අනෙක්‌ දේ අතර අවබෝධාත්මක සංහිඳියාව ඇති කිරීම සංහිතවාදයෙන් අපේක්‍ෂිතය. සංහාරවාදයට ප්‍රතිපක්‌ෂ සංහිතවාදී හැඩය කලාව තුළ ඉස්‌මතු කිරීම විශේෂයෙන් අපරදිග සංස්‌කෘතිකයේ දී කොතෙකුත් අපට දක්‌නට ලැබුණද ලාංකීය කලාව තුළ එය අප දකින්නේ දුර්ලභ සිදුවීමක්‌ ලෙසය. සංහිතවාදය මානව වාදයෙන් වෙනස්‌ වන්නේ සංහිතවාදය නූතන සමාජ අර්බුදයන්ට විශේෂයෙන් තාක්‌ෂණික මිනිසාට පිළිතුරු සැපයිය හැකි සංකල්පයක්‌ නිසාය.

සමස්‌ත සමාජ තලයම ව්‍යාකූල වී තිබෙන බැරෑරුම් මොහොතක කලාකරුවකුගේ ගොඩනැඟීම සිදු වන්නේ කෙසේද යන්න එරික්‌ පෙන්වාදෙන සත්‍ය වෙයි

සජීව ප්‍රසන්න

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s