වෙ‍රළ තීරයෙන් 55% ක් මුහුදේ

20f90686-c6e2-483c-9371-f064e8b14b06.Srilanka-bentota-bentotabeach (1).jpg

මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ වෙරළ සංරක්ෂණයට වසර 77 ක් සම්පූර්ණ වෙයි. සාගර විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට, මේ වනවිටත් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයෙන් සියයට 55 ක් වත් සාගරයට සේදී ගොස් අවසන් ය. ඉනුත් බටහිර සහ නිරිත දිග වෙරළ කලාප නිර්දය ලෙසින් සමුද්‍ර ඛාදනයට ගොදුරු වී තිබේ.

රළ පහර සහ පිලි සෝදාව

සමුද්‍ර ඛාදනය යනුවෙන් හඳුන්වන්නේ කුමන තත්ත්වයක් ද? වෙරළ පිහිරීමක ස්වරූපය වෙනස් කරන්නා වූ ප්‍රධාන කර්තෘකයා වන්නේ සාගරයේ රළ තරංගයි. සුළඟ විසින් ජලය මත ඇති කරන්නා වූ ඝර්ෂණයෙන් නිර්මාණය කෙරෙන මේ තරංග සමුද්‍රයේ සැතපුම් දහස් ගණනක් තරම් ප්‍රදේශයක් පුරා වෘත්තාකාර විහිදීම් වශයෙන් නිර්මාණය වේ.

එසේ නිර්මාණය වන රළ තරංග ගොඩබිම සමඟ දෙ ආකාරයකින් ගනු‍දෙනු කරයි. ඉන් එක් ආකාරයක් ‘රළ පහර’ වශයෙන් ද අනික ‘පිලි සෝදාව’ මැයෙන් ද හඳුන්වනු ලබයි‍. සාගරයේ සිට වෙරළ කරා වේගයෙන් දිව එන ජල තරංග රළ පහර වශයෙන් ද එසේ ආ රළ වෙරළ සෝදාගෙන නැවත සාගරය කරා පසු බසින වේගය පිලි සෝදාව යනුවෙන් ද හඳුන්වා දෙයි. ඒ ක්‍රියාකාරිත්වය පහත ආකාරයෙන් විස්තර කළ හැකියි.

සාගරයේ ජල තරංග නො ගැඹුරු ජල සීමාවට (වෙරළාසන්නයට) පැමිණි කල්හි එහි මුදුන උස්වි පසුපසට කරකැවෙයි. එතැනදී ජල ස්කන්ධය බිඳී යන අතර ඒ සමඟ ම එය වෙරළ මත පතිත වීම සිදුවේ. රළ පහර නම් ඒ අවස්ථාවෙන් පසුව සිදුවන්නේ එය නැවත සාගරය කරා පසු බැස යාමයි. පිලි සෝදාව නම් ඒ අවස්ථාවේදී සිදුවන්නේ දඟරමය හෙවත් යටි ප්‍රවාහයකින් වෙරළේ දීම එකතු වී එම ජල ප්‍රවාහය පතුල දිගේ ලිස්සමින් වෙරළ අත්හැර යාමයි.

costal erosion.JPG

වෙරළ කළමනාකරණය

මෙසේ ජල තරංග වෙරළ කරා තල්ලු වන්නේ සුළඟ ආධාරයෙනි. ඒ අනුව ජල තරංගයක උස ප්‍රමාණය සහ ඉන් කළ හැකි බලපෑම තීරණය කෙරෙන්නේ සුළ‍ඟේ වේගය ජලය හරහා හමා යන දුර ප්‍රමාණයෙකි. මේ අනුව කුණාටු සහිත කාල ගුණයක දී ඉහළට එසැවී එන ජල තරංග වෙරළ මත පතිතව බුරුල් දළ බෑවුම දිගේ නැවත පසු බැස යන්නේ බුරුල් ද්‍රව්‍යයන් ද එක් කරගනිමිනි. එකී බුරුල් ද්‍රව්‍ය අතරට වැලි සහ බොරලු එකතු වීම නො වැළැක්විය හැකි වේ. එසේ වන්නේ ද එකී කාල වකවානුවලදී ජල තරඟ ‍ෙවරළේ ඉහළ කොටස හෙවත් දඩ මුහුණතට ම එල්ල වීම නිසායි. වාරකන් කාලයේ දීත් මේ තත්ත්වය අපට දැකගත හැකි ය.

දූපත් රාජ්‍යයන් ‍වශයෙන් පිහිටා ඇති ශ්‍රී ලංකාව වැනි රටවල් වෙරළ කළමනාකරණය කෙරෙහි විශේෂ අවධානයක් දැක්වීම අවශ්‍ය ම කරුණකි. වෙරළක් සැමවිටම සංවේදී පරිසර කලාපයක් වශයෙන් සැලකෙන අතර පරිසර විද්‍යාවේදී එය දුර්වල පරිසර පද්ධතියක් වශයෙන් ද හඳුනා ගනියි. ඒ අනුව අස්ථාවර පැවැත්මක් සහිත පාරිසරික හැසිරීමක් වෙරළ සතු ය. මේ ගැන ජාත්‍යන්තර මට්ටමෙන් වඩාත් දියුණු අවධානයක් යොමු වන්නේ අද ඊයේ සිට නොවේ.

මෙහිලා දැක්විය හැකි ප්‍රබල නිදර්ශනයක් ලෙසින් 2007 මැයි 22 වැනිදා වොෂින්ටන් නගරයේ දී පැවැත්වුණු ලෝක ‍ජෛව විවිධත්ව දිනයේදී වෙරළ සහ සමූහ කලාප සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නට යෙදුණු IUCN වාර්තාව දැක්විය හැකි ය. එය ‘සමුද්‍ර ආරක්ෂණ කලාප’ වශයෙන් හඳුන්වා දී තිබේ. එහි අරමුණු වශයෙන් දක්වා තිබුණේ ආර්ථික වටිනාකමක් ඇතිවන ආකාරයෙන් සමුද්‍ර කලාප ආරක්ෂා කිරීමයි. ඒ අනුව සීමාන්තිකව සිදු කෙරෙන මානව ක්‍රියාකාරකම් යම් කාල සීමාවක් තුළ අදාළ සමුද්‍ර කලාපයක් තුළ අත්හිටු විය හැකි නම් එකී සමුද්‍ර සීමාවට අහිමි වූ පාරිසරික සම්පත් යළි ඇති කළ හැකි ය යන්න ඔවුන් සිය වාර්තාවෙන් ඉදිරිපත් කොට තිබුණේ සාක්ෂි සහිතව ය.

Panama-Trash-3.jpg

විශේෂයෙන් ම සීමාවකින් තොරව සිදු කෙරෙන ධීවර කටයුතු පාලනය කිරීම සමුද්‍ර ආරක්ෂණයට අදාළව අවශ්‍යම කටයුත්තක් වේ. මේ ආකාරයෙන් ආරක්ෂණ කලාප හරහා එසේ සමුද්‍ර පාරිසරික සම්පත්වල ප්‍රතිලාභය නැවත එම ප්‍රදේශවාසීන්ට ම ලැබෙන්නට සැලැස්වීම මේ ව්‍යාපෘතියේ තවත් වැදගත් ලක්ෂණයක් වේ. ඒ අනුව මෙය ප්‍රජා මූලික පරිසර වැඩසටහනක් වශයෙන් ද ඇගැයීමට ලක්ව තිබේ.

1993 වර්ෂයේදී හවායි හි බටහිර වෙරළ කලාපය මේ ආකාරයට සමුද්‍ර ආරක්ෂණ කලාපයක් ලෙසින් නම් කරන්නට යෙදුණි. එතැන දී මූලික ම අරමුණ වුණේ උක්ත සමුද්‍ර කලාපයේ වෙසෙන සුරතල් මත්ස්‍ය ගහනය නැවත වැඩි දියුණු කරගැනීමයි. ඒ සඳහා අවුරුදු අටක ආරක්ෂණ කාල සීමාවක් නියම කොට ප්‍රතිඵල නිරීක්ෂණය කරන්නට යෙදුණි. ඔවුන් අපේක්ෂා කළ ආකාරයටම සුරතල් මත්ස්‍යගහනය වැඩි දියුණු වී තිබිණි. පසුව එසේ වර්ධනය වූ අතර ඒ පාරිසරික සම්පත ප්‍රතිලාභයක් වශයෙන් ප්‍රදේශ වාසීන්ට ම පැවරුණි.

වසර හතරකට ආරක්ෂණ කලාපයක් වශයෙන් නම් කරන්නට යෙදුණු NAVAKAVU වෙරළ කලාපය ද තවත් එවැනි ම නිදර්ශනයකි. අදාළ කාල සීමාවෙන් පසු එම සමුද්‍ර පරිසරය තුළ මත්ස්‍යගහනයේ කැපී පෙනෙන ආකාරයේ වැඩි දියුණුවක් දැකිය හැකි විය. ෆිජී රාජ්‍යයට අයත් මෙම සමුද්‍ර කලාපය තුළ ඒ ආකාරයෙන් මත්ස්‍යගහනය වැඩි දියුණු වීම නිසා ඒ රටේ රාජ්‍ය ආදායම ද ඇ.ඩො. 28,700 කින් ඉහළ ගිය බවට ද වාර්තා පළ වුණි.

Midigama-Beach-a-tropical-palm-tree-lined-beach-near-Weligama-on-the-South-Coast-of-Sri-Lanka-Asia.jpg

IUCN සිය තුන්වන අධ්‍යයන වාර්තාව වශයෙන් ඉදිරිපත් කරන්නේ පිලිපීනයේ බාතු වෙරළ ආරක්ෂණ කලාපයක් බවට පත් කිරීමෙන් පසු ලබාගත් පාරිසරික තත්ව වාර්තාවයි. එමඟින් පෙන්වා දෙන්නේ අදාළ කාල සීමාවෙන් පසු ප්‍රදේශවාසීන් ගේ ආදායම සියයට විස්සක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට ඒ නිසා හැකිවූ බවයි. කෙසේ වුව පිලිපීනයේ බාතු වෙරළ නිදර්ශනය යට කී නිදර්ශන දෙකට ම වඩා විශේෂත්වයක් ගනියි‍. ඒ අනුව ප්‍රදේශවාසීන්ට යට කී ආකාරයෙන් ප්‍රතිලාභයක් ලැබෙන්නේ එය ආරක්ෂණ කලාපයක් බවට පත් කොට වසරක් වැනි සුළු කාලයක් තුළ ය.

කාල් ගුස්ටාෆ් ලූන්ඩීන් සමුද්‍ර ආරක්ෂණ වැඩ පිළිවෙළේ ප්‍රධානියෙකි. ඔහු මේ වැඩසටහන තක්සේරු කරමින් පවසන්නේ මෙවැන්නකි. එනම් එය සාර්ථක පරිසර සංරක්ෂණ ක්‍රමවේදයක් බවයි. යටකී අධ්‍යාපන වාර්තා ආසන්න වශයෙන් අපට පෙන්වා දෙන්නේ ද එවැනි ම තත්ත්වයක් වේ. එසේ ආරක්ෂණ කලාප බවට පත් කිරීමෙන් ධීවර කටයුතු සහ වෙනත් එවැනි කටයුතු වෙනුවෙන් සම්පත් උපදවා ගත හැකි ආර්ථික කලාප බවට ඒවා පත් කර ගැනීමට ඇති හැකියාව ගැන ද ඒ අනුව පෙන්වා දී ඇත.

තව ද ආරක්ෂණ කලාප වශයෙන් නිශ්චිත කාලයකට පවත්වා ගැනීමෙන් පසු ප්‍රදේශවාසීන් විෂයෙහි ආදායම් උපදවන ආර්ථික කලාප බවට ද පත් වීම ද ඒත් සමඟ ම සිදු වේ. ‍එමෙන් ම සංචාරක ආකර්ෂණය දිනාගන්නා සිත් ගන්නා සුළු කලාප වශයෙන් ද මේ සමුද්‍ර ආරක්ෂණ කලාප වැඩි දියුණු වීම ඒත් සමඟම සිදුවන අතර එය ඒ නිසා ලබාගත හැකි වැදගත් ප්‍රතිලාබයක් ලෙසින් ද හඳුනාගෙන ඇත. එසේ ගත් කල මෙසේ වැඩි දියුණු වන සමුද්‍ර ආරක්ෂණ කලාප එක් අතකින් ප්‍රදේශවාසීන් ගේ ආර්ථිකය මූලිකවත් අනික් අතින් ජාතික ආර්ථිකය වෙනුවෙනුත් ප්‍රතිලාභ ලබාදෙන දෙආකාර වටිනාකම් සහිත ව්‍යාපෘතියක් බවට පත්ව ඇතැයි ලූන්ඩීන් මහතා තවදුරටත් පැහැදිලි කරයි.

IMG_0552.jpg

NO TAKE ZONE

මෙය සිදුවන්නේ 2003 වර්ෂයේදී ය. ඒ වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ ලන්ඩි දූපතට අයත් NO TAKE ZONE අයත් වන ප්‍රදේශය සමුද්‍ර ආරක්ෂණ කලාපයක් බවට පත් කෙරිණි. ඊට බ්‍රිස්ටල් ඇළ ද සම්බන්ධ කෙරිණි. ඒ අනුව අදාළ කාල සීමාව තුළ එහි සියලු ධීවර කටයුතු තහනම් විය. අරමුණ වූයේ ඒ සමුද්‍ර සීමාව සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යොදා ගැනීම ය. නියම කරගත් කාල සීමාව අවසානයේ දී ආරක්ෂණ කලාපයන් පොකිරිස්සෝ බහුල වූහ.

එමතු ද නොව ඒ සතුන් උපරිම ආකාරයෙන් වැඩී සිටි බව ද දැකගත හැකි විණි. කිසිදු බාධාවකින් තොරව උන් ගේ බෝවීම ඉතා‍ හොඳින් සිදු වී තිබිණි. ඒත් සමඟ ම දැකගත හැකි අනිත් විශේෂත්වය එම පොකිරිස්සන් අස්වැන්න ආරක්ෂණ කලාපයෙන් ඔබ්බට ද ව්‍යාප්ත වී තිබීමයි. අවසානයේදී ප්‍රදේශවාසීන් ඒ පොකිරිස්සන් අස්වැන්න නෙළා ගත්තේ ආරක්ෂණ කලාපයට පැමිණ නොවේ. ඒ ආසන්නයෙනි. තවද බලාපොරොත්තු වූ ආකාරයෙන් ම සංචාරකයින්ගේ පැමිණීම ද ඉහළ අගයක් ගත්තේ ය.

Lovina-pollution-featured.jpeg

සමුද්‍ර ආරක්ෂණ කලාප නියාමනය

මේ වනාහි ලොව පුරා හීනවන පාරිසරික සම්පත් නැවත පුරවා දීමක්, එසේ නැත්නම් අලුතින් සපයා දීමක් ලෙසින් හඳුන්වා දීමට සමුද්‍ර ආරක්ෂණ කලාප ව්‍යාපෘතියේ ප්‍රධානීහු ඉදිරිපත් වී සිටිති. ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් ආරම්භ වුණත් මේ වනවිට ප්‍රදේශවාසීන් ගේ ආදායම් තත්ත්වය නංවන තත්වයෙන් ද ඔබ්බට ගොස් ජාතික මට්ටමේ ආදායම් උපදවන තත්ත්වයක් කරා ද ගමන් කොට ඇති මේ ව්‍යාපෘතියේ ඒ ගමන ඔවුන් නො සිතූ විරූ ජයග්‍රහණයක් අත්පත් කරගැනීමක් වශයෙන් හැඳින්විය හැකි වේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s