තෝකියෝවේ ග්‍රීස්මයට පවන් සලන තණ පියවිලි ‘ සිහිල් පවන් ‘ මං තීරු.

iStock_000073994851_Medium-720x555.jpeg

“මෝටර් රථවලින් පිරුණු ලොව පුරාම විසිරුණු කුඩාල ලොකු නගර පරමාණු බෝම්බ හා සමානව මාරාන්තිකය. එකම වෙනස එවැනි පසුබිමක දී මිනිසුන් මරා දැමෙන්නේ ක‍ෂණිකව නොවීමයි. සෙමින් සෙමින් වීමයි.”

ඉංගිරිසි ජාතික ආර්ථීක විද්‍යාඥ බාබරා වෝඩ්.

තෝකියෝව යනු ජපානයේ ප්‍රධාන වෙළෙඳ නගරයයි. (Central Business District C.B.D.) අතිශයින්ම උණුසුම් දේශගුණයක් සහිතයි. කෙසේ වුව ඒ සා පීඩාකාරී උණුසුමකින් ඒ නගරය දැවෙන්නේ ස්වභාව ධර්මයේ වරදකින් නම් නොවේ. ඒ නිසාම ශීතල නගරයක වාසය කිරීම තෝකියෝ වැසියන්ට සිහිනයකින් ලබන ආස්වාදයක් විය හැකි වුණත්ල එම සිහිනය සබෑවීමේ බලාපොරොත්තුවක් ඇති කරගැනීමට අවස්ථාවක් ලැඛෙයි නම් ඔවුන් එය කොයි ආකාරයකින්වත් ප්‍රතික්ෂේප කරයිද?

Fukuoka-Across-Building

‘සිහිල් පවන’ යනුවෙන් අපට මෙය අපේ වහරට නඟා ගත හැකිය. පීඩාකාරි උණුසුමක් ඇති කාර්ය බහුල වෙළඳ නගරයක් සීතල නගරයක් කළ හැකිදරෑ එය කොතරම් බරපතල අභියෝගයක්ද?

එසේ වුව එරට පරිසර අමාත්‍යාංශය එය කළ හැකි දෙයක් යැයි විශ්වාස කරයි. එමෙන්ම එය වර්ධනීය ව්‍යාපෘතියක් වශයෙන් ද සලකයි. වානිජ නගරයක් වශයෙන් ලෝකයේ ඉදිරියටම පැමිණ සිටින තෝකියෝව ඊළඟ සියවසේදී සංරක‍ෂිත පාරිසරික නගරයක් වශයෙන් මුල් තැනටම ගෙන ඒම මේ ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. ඊට සිහිල් පවන යන නම තබා ඇත්තේද එහි පාරිසරික වටිනාකම වඩාත් හොඳින් මතු කිරීමට බව පැහැදිලිය. ඒ යටතේ සුළං හමන මං තීරු (Passage Way)  නිර්මාණය කෙරෙනු ඇත. ඒ වෙනුවෙන් විසල් තණ බිම් හරිත කලාප වශයෙන් ආරක්ෂා කෙරෙනු ඇත. මූලික පියවරක් වශයෙන් තෝකියෝවේ රාජකීය මන්දිරයට නැගෙනහිරින් ඇති ප්‍රධාන මාර්ගය තෝරා ගෙන තිබේ. මේ ආකාරයට රට පුරාම හරිත කලාප නිර්මාණය කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අදහස වේ. රාජකීය මන්දිරය අසලින් එය ආරම්භ කිරීම උත්සවාකාර හැඟීමක් ඇති කරන්නක් වශයෙන් හඳුනා ගෙන ඇත. දෙවැනි ලෝක යුද්ධයට පෙර ජපානයේ සෑම සංවර්ධනීය ආරම්භයකම ප්‍රධානත්වය ගත්තේ ජපන් අධිරාජ්‍යයාය. හොඳම උදාහරණය මෙයිජි නම් අධිරාජ්‍යයායි.

04-zen-garden-bridge-tokyo-944x450

විසල් හරිත තණ බිම් වෙතින් නැගී හමා එන සීත සුළං රැලි තෝකියෝවේ ඇති වියලි කොන්ක්‍රීට් ගොඩනැගිලි තුලට පිවිසෙමින් ඒ අතරින් හමා යමින් එමෙන්ම ඒවායේ වෙළෙමින් ඉවසිය නොහැකිල ග්‍රීෂ්ම සමයේ දැවෙන උණුසුම නිවාලනු ඇතැයි ජපන් වැසියෝ සතුටු බලාපොරොත්තු ඇතිව වෙසෙති. තවද එය ගෝලීය උණුසුමට එරෙහිව කෙරෙන ලෝක මට්ටමේ ප්‍රයත්නයන් හමුවේ යහපත් ප්‍රවේශයක් වෙනු ඇතැයි ද ජපානය බලාපොරොත්තු වෙයි. ඔවුහු මෙසේ පවසති.

මෙය මුළු මහත් ජාතියටම හිමි විය යුතුය. ජපන් පරිසර අමාත්‍යාංශයට අනුව එය වනාහි බලාපොරොත්තු සහගත විශිෂ්ට අදහසකි. තවද වායු ගෝලයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කිරීමට ද මෙය යහපත් මුල පිරීමක් වනු ඇතැයිද පැවසේ. අතිශයින් උණුසුම් තෝකියෝ නගරයට නැතුවම බැරි වායු සමීකරන යන්ත්‍ර එමෙන්ම ඒ නිසා ඇතිවී ඇති අසීමිත වියදම පාලනය කර ගැනීමටද ඔවුහු බලාපොරොත්තු වෙති. ඉහතින් කී ආකාරයට වායු ගෝලයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කිරීමේදී එය ටොන් 27000 කින් පහළට ගෙන ඒමට ජපානය බලාපොරොත්තු වෙයි.

Tokyo-69343

මේ සියල්ල කල හැක්කේ අර කීව හරිත කලාප ශීත වායු සංචිතයක් ලෙසින් පවත්වා ගෙන යෑමෙන් යයි ව්‍යාපෘතියට සම්බන්ධ පර්යේෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව එය සීත වායුව එක් තැන් කල විලක් වැනි තැනක් ලෙසින් එම කලාප නිර්මාණය විය යුතුය. එසේ උපදවනා සීත සුළං රැලි මුලින් කීව සුළං හමන තීරු ඔස්සේ හමා යෑමට සලස්වනු ඇත. එයින්ද නොනැවති නගරයේ ඇති ගොඩනැගිලිවල බිත්තිල තාප්ප මෙන්ම පියසි හරිත ශාක වලින් ආවරණය කිරීමද සිදුවනු ඇත. නිවර්තන කලාපීය උෂ්ණත්වයෙන් යුත් උණුසුම් නගරයක මෙම ව්‍යාපෘතිය නිසා සෙසු පළාත්වලට සාපේක්ෂව එහි උණුසුම අංශක දෙකකින් වත් පහළ බසිනු ඇතැයි බලාපොරොත්තුවක් තිබේ. මේ තත්වය ඇතෙමුන්ගේ පෙන්වාදීමට අනුව තමන් දිනූ තාක්ෂණයෙන් නිවා ගැනීමට නොහැකි වූ දාහයෙන් මිදීමට නැවතත් අතීතයේ විසූ තණ බිම් සොයා පිටත්ව යෑමකට සමානය. ඒ වනාහි සුන්දර හැඟීම් ඇති කරන්නකි. ඒ ගැන ජපානයේ හැඟීම මෙසේය.

අපි තාක්ෂණයේ නාමයෙන් බොහෝ දේ අත්පත් කර ගත්තෙමු. එහෙත් ඒ අතර මහා ධන නිධානයක් අපෙන් ගිලිහී ගොස් තිබේ. ඒ අනෙකක් නොවේ. ස්වභාවධර්මයම වේ. දැන් අපි වෑයම් කරමින් සිටින්නේ අපෙන් ගිලිහුණු ඒ සම්පත් යලිත් අත්පත් කර ගැනීමටය.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s