සී ෆුඩ් – රස වස ආහාර ධීවර මාෆියාවේ අලූත් සෙල්ලම.

bg3.jpg

ඉදිරි වසර 45ත් 50ත් අතර කාලය තුළ ලෝකයේ ධීවර කර්මාන්තය මුළුමනින්ම පාහේ නවතා දමන්නට සිදුවනු ඇතැයි රටවල් කිහිපයකටම අයත් ජීව විද්‍යාඥ කණ්ඩායමක් සිය පර්යේෂණ වාර්තාව නිකුත් කරමින් පවසා තිබේ. එයට හේතුව වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ අප ආහාරයට ගන්නා සෑම මත්ස්‍ය විශේෂයක්ම වාගේ එක හා සමාන ආකාරයෙන් ලොව සාගර කලාප වලින් වඳවී යෑමේ තර්ජනයට මුහුණ පෘ සිටීමයි.

අධි ධීවර කර්මාන්තය හේතුකොට ගෙන පසුගිය අර්ධ ශත වර්ෂයක් වැනි කාලයක් තුලදී ලෝකය පුරා ඇති සාගර සහ මුහුදු කලාප වලින් විශාල මත්ස්‍ය ගහනයක් යළි ඇතිවීමකටත් ඉඩක් නොතබා වඳවී යන ආකාරයෙන් අල්ලා ගැනීම මීට හේතු වී තිබේ. ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ එය 90්‍ර ක් තරම් සංඛ්‍යාවක් යැයි ගණනය කොට තිබේ. එතැනදී අර කියන ලද විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ සුෂි අවන්හලකට ගොඩ වැදී ටූනා මාළු රෝල් එකක් අනුභව කරද්දී ඔබ එක් දෙයක් මතක තබා ගත යුතු බවයි. එනම් තමන් මේ ආකාරයෙන් ගිල දමන්නා වූ මත්ස්‍ය සම්පත යළි ගොඩගත නොහැකි ආකාරයෙන් ලෝකයෙන් තුරන් වෙමින් පවතිනවාය යන්නයි.

මත්ස්‍ය සම්පත නිකරුණේ විනාශවීමද මිට අදාලය. කූනිස්සන් රාත්තලයක් අල්ලන ධිවරයකු ඒ වෙනුවෙන් තවත් සාගර ජෛව විශේෂ රාත්තල් 12 ක් වත් විනාශ කොට දැමිම ඒ අනුව සිදු වේ. එසේ මිය යන රාත්තල් 12 ක ජෛව මළ කුණු නැවත සාගරයටම විසි කොට දැමෙන අතර එමගින් සාගරය අප ද්‍රව්‍ය ගබඩාවක් බවටද පත් කෙරේ. එසේ ගත් කල ඒ මහා ජෛව සංහාරය තුලම සමුද්‍ර දූෂනය ද නොඅඩුවම සිදුවෙමින් තිබේ.

ESPOSIZIONE-PESCE-FRESCO

විශේෂයෙන්ම Sea  Food මැයෙන් ගොඩ නැගෙන අළුත් වානිජ ආහාර සංස්කෘතිය නිසා 20 වැනි සියවස මැද භාගය පමණ සිට ක්‍රියාත්මක වූ සම්පූර්ණ මත්ස්‍ය අස්වැන්නක් වෙනුවෙන් වූ ධීවර ඉලක්කයන්හි අවසන් ප්‍රතිඵල ද දැන් සිටම ඇති වෙමින් තිබේ. අනිත් අතින් Sea  Food ආහාර සංස්කෘතියෙන් සම්ප්‍රදායික මත්ස්‍ය රසට වඩා වෙනස් රසයක් ලබා දෙන්නට කටයුතු කිරීමෙන් ආහාරයට නුසුදුසු මත්ස්‍යයන් පවා අලෙවි කිරීමක් සිදු වේ. ඒ නිසා බරපතල සෞඛ්‍ය ප්‍රශ්න ද නිර්මාණය වන තත්වයක් උද්ගතව ඇත. ලෝක ධීවර මාෆියාවේ සමපූර්ණ සහයද ඊට ලැබේ.

එතැනදි ඇත්තටම සිදුවන්නේ රසකාරක දමා රසවත් කල මත්ස්‍ය ආහාරයන් ලමත්ස්‍යයාගේ සැබෑ නමින් නොව අවන්හලෙන් දමන ආකර්ෂණීය නමකින් අලෙවි කිරීමයි. එතැනදී පාරිභෝගිකයාට තමන් ආහාරයට ගන්නේ කුමන මත්ස්‍ය විශේෂයක් ද එය තමන්ගේ ආහාරයට සුදුසු ද යන්න වත් වටහා ගැනීමට අවස්ථාවක් නොලැබේ. ලෝක ආහාර සංස්කාතිිය විසින් ඇති කරනු ලැබ ඇති ආහාර විලාසිතා කරණ කොට ගෙන තමන් ආහාරයට ගන්නේ කුමන ආහාරයක් ද යන්න විමසා දැන ගැනීමේ අයිතිය මේ අනුව පාරිභෝගිකයාට අහිමි වෙමින් තිබේ. ඒ ආකාරයට එක් අතකින් ලෝක මත්ස්‍ය සම්පතත් අනෙක් අතින් මානව සෞඛ්‍යයත් බහුජාතික ධීවර සමාගම් තමන්ගේ ලාභය වෙනුවෙන් ගොදුරු කර ගනිමින් සිටීයි.

මසුන් අලෙවි කිරීමේදී ආහාරයට ගත හැකි සහ ගත නොහැකිල මිනිසුන්ට අහිතකර යන මේ කරුනු ඔවුන්ට වැදගත් නොවේ. විශේෂයෙන්ම මෙතැනදී මහජන සෞඛ්‍යය පරීක්ෂක සේවාව යනු කොහෙත්ම වැදගත් නොවන කාර්යයක් වේ. නිදසුනක් හැටියට චිලියානු මුහුදු මාළු නමින් අලෙවි කෙරෙන මත්ස්‍යයාගේ සැබෑ නාමය වන්නේ පැටගෝනියා යන්නයි. සාමාන්‍යයෙන් පිලිගන්නා ආකාරයට වුනත් මෙම මත්ස්‍ය විශේෂය මිනිස් ආහාරයට සුදුසු නොවේ. එම නිසාම පැටගෝනියා යන නාමය වෙනුවට චිලියානු මත්ස්‍ය යන විශේෂණය ඊට ආදේශ කොට තිබේ. ඔවුහු එය අධි පෝෂණීය මත්ස්‍ය ආහාරයක් ලෙසින් ද හඳුන්වා දෙති. නමුත් කිසිදු වෛද්‍ය සහතිකයක් හෝ ආහාර ප්‍රමිතිය පිළිබඳ තක්සේරුවක් ඊට නැත. තවද media552df78f5d23b
ීැ් ත‍දදා ආහාර සංස්කෘතිය තුල කපා ඉවත් කල හිස වල්ගා කොටස් සහිත කලවම් මත්ස්‍ය මාංශ ඇතැම් විට අලෙවි කෙරෙන්නේ වෙළඳ පොලේ පවතින ප්‍රසිද්ධ නම් වලටද මුවා වෙමිනි. එතැනදීත් තමන් ආහාරයට ගන්නේ කුමන මත්ස්‍ය විශේෂයක් ද යන දැනුවත්වීම පාරිභෝගිකයාට අහිමි වේ. කල් ගිය රෝග තත්ව මෙන්ම පිළිකා අවදානම ඒ හා බැඳී පවතී.

සාගරයට මුදා හැරෙන ටොක්සීන් ගෑස් වායුව මෙන්ම බොර තෙල් අපද්‍රව්‍ය නිසාද මත්ස්‍ය සම්පත විනාශයටත්ල විකෘතියටත් ගොදුරු වී තිබේ. විස සහිත වී ආහාරයට ගැනිමට නුසුදුසු තත්වයක් ද නිර්මාණය වෙමින් පවතින බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. නමුත් පාරිභෝගිකයාට ඒ ගැන දැන ගැනීමට ඇති සියලූ අවස්ථා ආවරණය කොට තිබේ. ඊට හේතුව අප රටේ පවතින ලූම්පන් ධනවාදි ආර්ථීක ක්‍රමය බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඊටම සමගාමිව පවත්නා ගවේෂණයෙන් තොර දිළිඳු ප්‍රවාත්ති මාධ්‍ය සංස්කෘතියද මෙහිදී අර ලූම්පන් ධනවාදයටම සේවය කරයි.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s