ඇට පැළ නොවන ජාන ඇට තාක්ෂණය

Dark-Red-Kidney-Bean-Seeds.jpg

“එළවළු ගිනි ගණන්” මෙවැනි කියුමක් අද තවදුරටත් සටන් පාඨයක්
නොවේ. සාමාන්‍ය කියුමක්ම වේ. ’අම්මපා මේවා ඒරොප්පෙන් ගෙන්නනවද
මන්දා¶ ඒ අතර තවත්කෙනෙක් එසේ කියනවාද ඇසෙයි. එසේ ගැවසෙන ඒ
මිනිස් ස්වර තුළ තියෙන්නේ කෝපයද විස්මයද යැයි එකවර සිතාගන්නට
නොහැකි තරම්ය. කෙසේ හෝ මේවා ඉහත කී ආකාරයට එළවළු ඒරොප්පෙන්
ගෙන්වනවාද විය හැකිය. නොගෙන්වනවාද විය හැකිය. එහෙත් ඒ කාරණය
එසේ තිබියදී එක් දෙයක් නම් පැහැදිලිව කිව හැකිය. ඒ මෙරට ගොවීන්
අද වගා කරන්නේ මෙරට බීජ නොවන බවය. විශේෂයෙන්ම මැලේසියාව
ආදී රටවලින් මෙරටට ආනයනය කොට ඉහළ මිලකට අළෙවි කරන බීජ
ප්‍රභේද විනා දේශීය බීජ අද වෙළඳ පොලේ නැති බවය.500g-ecology-and-organic-fresh-soybeans-china-jumby-bean-soya-beans-milk-seeds-planting-small-red.jpg_640x640
මෙම බීජ ප්‍රභේද දෙමුහුන් බීජ යනුවෙන්ද හඳුණාගෙන තිබේ.
එකී දෙමුහුන් ප්‍රභේද මේ ආකාරයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ විදේශිය
රසායනාගාරවලය. විදේශීය කෘෂි විද්‍යාඥයින් අතිනි. ඒ එසේ වන්නේ අපේ
රටේද එවැනි රසායනාගාර පහසුකම් මෙන්ම කෘෂි විද්‍යාඥයින්ද සිටියදීය.
එහෙත් ඒ සම්බන්ධව නිසි සැලසුම්ගත වැඩ සටහනකට අනුව කටයුතු
කරන්නට අදටත් අපට පුළුවන්කමක් ලැබී නැත. අනික් අතින් දෙමුහුන් බීජ
වලට එරෙහිව පාරිසරික වශයෙන් විරෝධයක්ද ඉස්මතුවී ඇති අතර එහිදී
එවන් බීජ කිසිදු පරීක්ෂාවකින් තොරව මෙරටට ගෙන්වා ගැනීම පැහැදිලි
අවධානමක්ය යන්න බරපතල ආකාරයෙන් අවධාරණය කොට තිබේ. එසේ
බලන විට ඒ ආකාරයෙන් බීජ නිෂ්පාදනය මෙරටේදී නිෂ්පාදනය කෙරෙන්නේ
නම් යඨොක්ත හානිකර තත්ව දැනට පවතින තත්ව වලට සාපේක්ෂව අවම
කරගැනීමට පුළුවන්ය. යන විශ්වාසයක් වේ නම් එයද ඒ තරම් විශ්වාස
කටයුතු නොවේ. මන්ද කොයි ආකාරයෙන් ගත්තත් මේවා ස්වාභාවික ජාන
වෙනස් කළ දෙමුහුන් බීජම වන හෙයිනි. අනික් අතින් මෙවැනි නිෂ්පාදන
මහා විද්‍යාත්මක ජයග්‍රහණ ලෙසින් සලකා වීර විද්‍යාත්මක ප්‍රබන්ධ ගොතන අපේ ලෙඛණ ශෛලීන්ද පසුකාලීනව පාරිසරික වශයෙන් ඇති කරන

black_eye
බරපතල ප්‍රති විපාක වලට අනුබල සපයන බවද මෙහිදී අවබෝධයට
ගැනීම වැදගත් වේ. ඒ නිසා ඉදිරියේදී යම් කාරණයක් විද්‍යාත්මක
සොයා ගැනීමක් වූ පලියටම එය මානව බුදුAධියේ මහා ජයග්‍රහණයක්
ලෙසින් අභිවාදන ලීවීමට පෙර ඒ ගැන තුන් කල් ඥානයෙන් යුතුව
විමසා බැලීම කළ යුත්තක්ම වේ. ඥානය අද අපට නොතිබුණත් අපේ
පැරුන්නන්ට නම් තිබූ බව ඕනෑම විදේශීය ආභාෂයක් තමන්ගේම කරගෙ
න් මිසක් බාර නොගැනීමට ඔහුන් කටයුතු කළ ආකාරයෙන්ම දක්නට1211702609406.jpg
ලැබේ. උදාහරණයක් වශයෙන් ’දෙල්¶ යනු අපේ ආහාර සංස්කෘතියට
අයත් බෝගයක් නොවේ. එය ගිනියම් ආහාරයකි. කිව යුත = තරම්
පෝෂණයක් ද නැත්තකි. ඇතැම් පෙන්වාදීමකට අනුව ලක්දේසීන් මේ
බෝගය සිංහලයන්ගේ ආහාර ලැයිස්තුවට ඇතුල් කළේ සිංහලයන් ඇති
කිරීමට නොව නැති කිරීමටය. එහෙත් සිංහලයෝ දෙල් කැහ. දෙල් කෑ
ඔහුන් නැති නොවූහ. ඒ ඇයි? ඔවුන් දෙල් අනුභව කළේ පොල් සමගය.
පොල් විසින් දෙල්වල ඇතියි කියන ගිනියම සමනය කරයි. විසක් වේ
නම් එය ද නසයි. සිංහලයෝ ඒ සා දූරදර්ශී මිනිසුන් වෙති. එහෙත් අද4147VrEXlkL
තත්වයත් ඒ හා සමානය කියා කිව හැකිද? නොහැකිය. බොහෝ විට අද
දක්නට ලැඛෙන්නේ එහි අනික් පැත්තය. විදේශින් හිතනවාටත් වඩා වැඩි
වේගයකින් අනුකරණය නිසා වැනසෙන මිනිස් කොට්ඨාශයක් බව අපි අද
පත්වී සිටිමු. පළවෙනිම කාරණය නම් අපේ සංස්කෘතිය සමාජ පරිසරය
සහ පාරිසරික තත්ව ගැන අපේ අවබෝධය අතිශයෙන්ම දිළිදු වීමයි. ඒ
දිළිඳුකම විසින් අවසානයේදී ජාතියක් වශයෙන් අපව මුළුමනින්ම ආත්මීය
හිඟන බවකට පත් කරනු ලැබ ඇත.
මෙවැනි පසුබිමක් තුළ දැන හෝ නොදැන අපේ ගොවි ජනතාව
බීජ සම්බන්ධයෙන් සුලබව වහරන පදයක් බවට පත්ව ඇත්තේ ’හයිබී්‍රඩි
බීජ¶ යන්නයි. නමුත් එසේ කථා කළත් හයිබී්‍රඩි බිජ ඇතැම් විට අපේ
පාරිසරික තත්ව සමග ඇති කරගන්නා ගැටුම් ගැන ඔවුන්ට ඒ තරම්
අවබෝධයක් ඇති බවක් නොපෙනේ. ඒ ආකාරයට විදේශීය බීජ ප්‍රභේද
ගැන වැඩි විශ්වාසයක් තබා කටයුතු කිරීම නිසා අවසානයේදී සිය වගා
කටයුතු මුළුමනින්ම පාහේ අසාර්ථක කරගත් අවස්ථාද හිඟ නොවේ.
ගන්නෝරුව බීජ සහතික කිරීමේ සේවයේ අර්ථ නිරූපණයට
අනුව හයිබී්‍රඩි බීජ යනුවෙන් අදහස් කරන්නේ ජානමය විවිධත්වයක්
සහිත මව් පිය ශාක දෙමුහුම් කිරීමෙන් ලැඛෙන පළමු පරම්පරාවේ බීජ
වේ. කෙසේ හෝ වේවා හයිබී්‍රඩි බීජ ගොවීන් අතර ඉහළ ජනපි්‍රයතාවයක

BeanSeedsScarletRunner

ලබන්නට හේතු කිහිපයක්ම තිබේ. වැඩි අස්වැන්නක් ලබා දීම ඒ අතරින්
ප්‍රධාන වන අතර පැළවල වේගවත් වර්ධනය වීමද ගොවීන්ගේ සතුටට
හේතුවී තිබේ. අනික් අතින් රෝග මෙන්ම පලිබෝධ වලට ඔරොත්තු දීමේ
වැඩි හැකියාවක්ද මේවාට ඇතැයි ද පැවසේ. අනික ප්‍රමාණාත්මකව වැඩි
අස්වැන්නක් ලැබාගැන්නට මේ මගින් හැකිය යන විශ්වාසයද හයිබී්‍රඩි
වල ජනපි්‍රයත්වයට හේතුවී ඇත.
හයිබී්‍රඩි බීජ වගා කරන ගොවීහු ඉහත කී වාසි ලබන අතර
ප්‍රධාන පෙලේ අවාසි දෙකක්ද ඒත් සමගම ලබති. ඉන් එකක් එහි වැඩි
මිලයි. අනික එක් කන්නයක් එසේ වගා කිරීමෙන් අනතුරුව ඊලඟgenetically-modified-gm-maize-on-trial-cultivation-at-a-farm-in-vietnam-more-and-more-experts-are-concerned-about-the-harmful-consequences-of-gm-crops-and-vietnams-plans-to-cultivate-them-on-
කන්නයටත් ඒ ආකාරයෙන්ම මිල ගෙවා බීජ ලබාගන්නට ඔවුන්ට සිදු
වීමයි. ඒ හයිබී්‍රඩි බීජ වලින් උපදින බෝග බීජ ලබා නොදීම නිසාය. බීජ
ලැබුණත් මුල් බීජ වලින් ලද ගුණාත්මක ප්‍රතිඵල ඒ ආකාරයෙන්ම ලබා
දෙන්නේ නැත ගමේ බසින්ම කිවහොත් දෙවැනිවරට ලැඛෙන ඒවා බාලය.
ඉන් ලැඛෙන අස්වැන්නද කමකට නැත. මෙය එක්තරා ආකාාරයකින් නොව
සෑම අයුරින්ම ස්වභාව ධර්මයට එරෙහිව යෑමක් වේ. නමුත් ඒ සාපරාධී
ප්‍රතිඵලය ලබා ගෙන ඇත්තේ ද විද්‍යාඥයින් විසින් මොලය වෙහෙසනු
ලැබීමෙන්ම වේ. ඒත් ඒ ගොවීන් සඳහා ද? නැත බීජ නිපදවන සමාගම්
සඳහාය. අද වන විට මේ බීජ පිටරටින් ආනයනය කරනවාට අමතරව
අපේ රටේද නිෂ්පාදනය කරයි. ඒ අනුව විදේශීය වශයෙන් මෙන්ම
දේශීය වශයෙන්ද බීජ සමාගම් මේ නිසා පොහොසත් වීම නොවැළැක්විය
හැකි කාරණයක් බවට පත්ව තිබේ. බදුල්ල දිස්ති්‍රකික්යේ අල ගොවීන්
හා පැවැත්වූ සාකච්ඡා කිහිපයක දී අපට දැකගන්නට ලැබුණේ මෙම
බීජ සමාගම් විසින් අදාල කාර්යයේදී හිතුවක්කාර ලෙසින් කටයුතු කිරීම
තමන්ට බරපතල ප්‍රශ්න ඇති කොට තිඛෙන බවයි. ඉනුත් ඇතැම් විට
ගුණාත්මක බවින් පිරිහුණ බීජ නිසා වගා පාලූ වීම. බීජ මිල සම්බන්ධයෙන්
ඔවුන්ගේ ආධිපත්‍යය නිසා නිෂ්පාදන වලින් නියමිත ආදායම් නොලැබීම.
ඒ අතරින් මූලික ගැටළු වී තිබේ. අනික් අතින් විදේශයෙන් ගෙන එන
බීජ නිසා මෙරටට ආගන්තුක පාලිබෝධ වසංගතද ඒවාත් සමඟම ඊටත්
වඩා බරපතල වේ. ඒක් අවස්ථාවක වැලිමඩ ප්‍රදේශයට යවන ලද එවැනි
විදේශීය බීජ අර්ථාපල් තොගයක් සමඟ රන්වන් කෝෂ වටපණු රෝග
යත් අල කුණු වීමේ බැක්ටීරියා ආසාදනයක් ඒත් සමඟම යැවීම නිසා
ප්‍රදේශයේ ගොවීහු ඉමහත් අසිරුතාවයකට පත්වූ අයුරු ඒ සඳහා
හොද උදාහරණයක් වේ.

10401438_10152180529666961_582581196187227745_n.jpg

ජාන වෙනස් කළ ආහාර
හරිත විප්ලවයෙන් පසු ලේාකය ජාන වෙනස් කළ ආහාර ගැන
අවබෝධයක් ලබමින් එය මානව ශිෂ්ඨාචාරයේ විපුල ජයක් ලෙසම
ගනිමින් අභිවාදනය කළ ආකාරය නැවත ලියා දැක්වීම අද වන විට
ලැජ්ජාවට කරුණක් බවට පත් වෙමින් තිබේ. ඒ අනුව මේ නිසා අප ලද
ප්‍රතිඵල වී ඇත්තේ අපේ පරිසරයටත් පොළවටත් ආවේණික වූ බිත්තර
වි පරම්පරාවන් රැසක්ම වගා බිම් වලින් ඉවත්වී ජාන වෙනස් කළ වී
ප්‍රභේද කිහිපයකට අපේ ගොවිතැන සීමා වීමේ අවසානාවන්ත තත්වයයි.
එමේන්ම බහු ජාතික ජාන බැංකුවල ආධිපත්‍යයට අපේ ගොවිතැන යටත්
වීමයි. මේ කොයි ආකාරයෙන් ගත්තත් මේ නිසා අහෝසිවී ඇත්තේ අපේ
ගොවිතැන සතුව මේ තාක් කාලයක් පැවැති ස්වාධීන පැවැත්මය. මේ
රටේ අතිතයේ පැවැතියේ ස්වයංපෝසිත ගැමි ආර්ථීකයක්ය යනුවෙන්
අප හඳුණාගත්තේ මේ කියන ස්වයං පැවැත්ම වන අතර ඒ නිසාම එදා
සිටියේ ගොවි රජවරුය. ඒත් අද ඇති වෙමින් පවතින ගෝලීය කෘෂි
ආර්ථීකය තුළ අවසානයේදී නිර්මාණය වන්නේ ගොවින්ගේ වේශය ඇති
එහෙත් ස්වාධීන පැවැත්මකින් තොර කම්කරුවන් හා සමාන පිරිසකි.
බ්‍රසීල උදාහරණයට අනුව මෙහි ඊළඟ පියවර වන්නේ 99 අවුරුදු
බදු ක්‍රමය යටතේ ගොවීන් විසින් මේ වන විටත් වගා කරමින් සිටින ගොවි
බිම් ඒ ඒ සමාගම යටතට පැවරීමයි. වෙනත් ලෙසකට කියනවා නම් ගොවීන්
සිය ගොවිබිම් වලින් ඉවත් කිරීමයි. ඒ අනුව මේ වන විටත් කාලයකට
ඉහතදී පහතරට වැසි වනාන්තර එලි පෙහෙළි කරමින් බිහිකළ ගොවි
ජනපද මෙන්ම මහවැලි ගොවි බ්මි ඉහත කාරණය සඳහා යොදාවාගෙන
ඇත. නිදර්ශනයක් ලෙස ගිරිඳුරුකෝට්ටේ ප්‍රදේශයට අයත් එවැනි එක්
ගොවිබිමක් සමාගම් කිහිපයක් යටතට පවරාදී ඇත්තේ ගොවීන්ට තම
අස්වැන්නවත් කපා ගන්නට ඉඩ ලාබදීමෙන් නොවේ යැයි එකී ගොවීන් අප
හා පැවසුවේ මහත්වූ සංවේගයකිනි. මේ අනුව බැකෝ යන්ත්‍ර කිහිපයකින්
එකවර සිය ගොවිබිම් අස්වැන්නත් සමඟ බිමට සමතලා කරනවා බලා
සිටින්නට තරම් අපේ කාලයේ ගොවිහු මහත් පව්කාරයන්වී සිටින බවද
ලියා තබන්නේ වගකීමකිනි.

Lab_034
මේ ආකාරයෙන් ගොඩ නැගෙන කෘෂි සමාගම් බීජ පිළිබඳ පූර්ණ
අයිතිය ගොවීන්ගේන් උදුරා තමන් වෙතම පවරා ගෙන ඇත්තේ නිකංම
බඳු ගිවිසුමකින් නොෙවිය යන්නත් මෙහිදි මතක තබාගත යුතුය. 2003
වර්ෂයේදී ඉදිරිපත් කල අංක 22 දරණ බීජ පනත මගින් මෙම සමාගම්

b48a82b0baca7f781cbc7fe4cb03563a.jpg

විසින් නිෂ්පාදනය කරන බීජවලට එරෙහිව යන නව නිෂ්පාදන ඉදිරිපත්
කරන්නවුන් වෙත්නම් ඔවුන්ව අධිකරණය ඉදිරියට පමුණුවා දඩ මුදලකට
යටත් කිරීමේ බලතලද මේ සමාගම් වලට පැවරෙන ආකාරයේ අර්ථ
නිරූපණයක් තිබේද යන්න දැන්වත් සොයා බැලිය යුතුය.
මේ ආකාරයෙන් ජාන වෙනස් කිරීම් අද වන විට බහු ජාතික
සමාගම් අත පවතින එක්තරා ආාරයෙක මාෆියාවක් යැයි පවසන්නේ හුදු
අතිශෝක්තියකින්ම නොවේ. නිදර්ශනයක් ලෙස දම්කොළ වල පවත්නා
නිකොටින් ප්‍රමානය තව දුරටත් වැඩි කිරීම ’කැමිස්ටර්¶ නම් ජානයක්
ඊට ඇතුල් කරයි. එය ලබාගන්නේ මීයන් ගෙනි. තවද මිනිස් ජාන සහිත
බැටලූවාද එවැනිම ආකාරයේ ස්වභාවධර්ම විරෝධී නිර්මාණයකි. මේවා
ජාන තාක්ෂණයේ ඉහළම ප්‍රතිලාබ අපේක්ෂාවෙන් නිෂ්පාදනය කරන ලද
නිර්මාණයක්ය.lettuce-day-33
විදේශ ප්‍රවෘත්ති වාර්තාවලට අනුව මේ අයුරින් ජාන වෙනස්
කිරීමේ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය වුණත්
කැනඩාව, ආර්ජන්ටිනාව, පිළිපීනය, චීනය මෙන්ම ඉන්දියාවද අද වන
විට මෙම ජාන වෙළඳ පොලේ ඉදිරියෙන්ම සිටින රටවල් බවට පත්ව
තිබේ. ජාන වෙනස්කම් කළ ආහාර නිෂ්පාදනය ගෝලීය ජාන වෙළෙඳ
පොලේ ඇති අලූත්ම නිෂ්පාදනයයි. එහි අනිවාර්ය ප්‍රතිඵලය වී ඇත්තේ
මෙතෙක් ආහාර නිෂ්පාදනයේ පූර්ණ වගකීම සහ ස්වාධීනත්වය සහිත
ගොවි ප්‍රජාව එතැනින් ගිලිහී කම්කරු පංතිකයෙකුගේ තත්වයට සැහැල්ලූ
කොට දැමීමයි. මින් ඉදිරියට එදා මෙන්ම කන්නයට ගැලපෙන ආකාරයේ
බීජ තෝරා ගැනිමේ මෙන්ම තමා විසින්ම බීජ නිෂ්පාදනය කර ගැනීමේ
ස්වාධීන අයිතිය ගොවීන් වෙතින් ගිලිහෙනු ඇත. එසේ නොවේ නම් අදාල
නෛතික අණ පනත් මගින් එය එසේ කරනු ඇත.
කොසේ හෝ වේවා 2001 වර්ෂයේ ජුනි 29දා ප්‍රතිසම්බන්ධිත ජාන
වෙනස් කළ ආහාර පිරි සැකසීම මෙන්ම ආනායනයද තහනමට ලක් කරමින්
ගැසට් පත්‍රයක් නිකුත් කෙරෙයි. එය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක
කමිටුවේ උපදෙස් මත සිදුවූ බවද දත යුතුය. මේ අනුව ජාන වෙනස්
කොට නිෂ්පාදනය කොට මෙරටට ආනායනය කරන චීස් වර්ග, ඊස්ට්, සීනි,
ධන්‍ය වර්ග, බීට්, තක්කාලි මෙන්ම එළවළු තෙල් වර්ග එහිලා අවධාරණය
කොට තිබේ. එකි ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී එම ආහාරවල ජාන
වෙනස් කළ ද්‍රව්‍ය අන්තර්ගතව නැති බවට සහතිකයක් ඉදිරිපත් කළ
යුතු බවටද එයින් තවදුරටත් දන්වා තිබේ. එහෙත් අවාසනාවකට මෙන්

food-lab-1024x321

එම පනත කි්‍රයාත්මක නොවුණි. රජය එය ඉල්ලා අස් කරගත්තේ කවර
බලපැමක් නිසාද යන්න අදටත් පැහැදිලි නැත. කෙසේ වුවත් ඒ නිසා
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ම හඳුන්වා දෙන ලද මූලික මිනිස්
අයිතිවාසිකමක්ද ඒ නිසා කඩ වූයේය යන්න නම් පැහැදිලිය.
මෙවැනි පසුබිමක් තුළ ආනයනය කිරීමෙන් අනතුරුව අපේ
වෙළෙඳ පෙලේ දක්නට ලැඛෙන එමේන්ම මිනිසුන් විසින් මිලට ගෙන
අනුභව කරනු ලබන විවිධ වෙළෙඳ නාම යටතේ එන සෝයා ආහාර,
ඉරිගු නිෂ්පාදන, අර්තාපල්, එළවළු තෙල් වර්ග ඇත්ත වශයෙන්ම
ස්වාභාවික නිෂ්පාදනද නොඒසේ නම් ජාන වෙනස් කළ ඒවාද යන්න
ගැන දැනුමක් මෙරට පාරිභෝගිකයන්ට නැත. එහි ප්‍රතිඵල වශයෙන්
කීර්තිමත් ඉතිහාසයක් පුරා නිරෝගි සමබල ආහාර වට්ටෝරුවකට
උරුමකම් කි අප වර්තමානයේදී අපටත් නොදන්වා ජාන වෙනස්කම්
සහිත පරිසර විරෝධී ආහාර වේල් වලින් දිවි ගැට ගසා ගන්නා අනුවණ
මෙන්ම අවාසනාවන්ත ජාතියක් බවට පත්ව තිබේ. ඒ ආකාරයෙන් එදා
ආහාර වේල තුළ සෞඛ්‍යමය ආරක්ෂණ සහතිකයක් අපේ ජීවිත වලට
ලැබුණි. එහෙත් වැටකොළු, වට්ටක්කා, කරවිල, කොමඩු මෙන්ම අපේම
ගස්ලබු වලින් සුපෝෂිත ඒ ආහාර වේල වෙනස් වූයේ අප ඉල්ලා සිටි
නිසා නොවේ. ගෝලීය වෙළෙඳපොලට අවශ්‍යය වූ නිසාම වේ. ආයුර්වේද
වෛද්‍ය විද්‍යාව ආරක්ෂාකාරී බෝග ලෙසින් හැඳින්වු අපේ දේශිය ආහාර
වට්ටෝරුව ජාතියේ ප්‍රතිශක්ති ගුණය වැඩි දියුණු කිරීම, ශරීර උණුසුම
පාලනය, හෘද රෝග මෙන්ම දියවැඩියාව පාලනය සඳහා මනා පිටුවහලක්
වූයේය. ඒ සිනා අද මෙන් ඖෂධ සංස්කෘතියක් එදා නොතිබුණා පමණක්
නොව එවැන්නක් අවශ්‍ය නොවීය. ඉඳ හිට මතු වුන වාත අමාරුවක්
ගැන කරන පැමිණිල්ලක් ගැන විනා වෙනත් රෝගාබාධ ගැන කථා බහක්
එකල සමාජයේ නොවුණි.
නමුත් අද ඇත්තේ ජාන ප්ලාස්මීය පුරුෂ වඳ භාවයද ඇතුළත්
කොට අපනයන කරන ලද ආහාර බෝග සංස්කෘතියකි. මදි අඩුපාඩුවට
කෘතිම රස කාරකද ඊට එකතු කෙරෙන්නේ අප සතු ස්වාභාවික රස
කාරකයන් වන (එමෙන්ම පෝෂණීය වශයෙන්ද ඉහළ) තුනපහ කුරුඳු,
ගොරකා, කහ ආදිය මුළුමනින්ම ඉවතට තල්ලූ කර දමමිනි. කෙටියෙන්
කියනවා නම් අද අපේ ආහාරය සෞඛ්‍යමය වශයෙන් මුළුමනින්ම
අනාරක්ෂිත ගුණාත්මක අගයෙන් හීන දෙමුහුම් ආහාර වේලකි. ඒවායේ
ඇත්තේ ස්වාභාවික පෝෂණ ගුණය සහිත ඊට අවේණික ජානද එසේ
නැත්නම් ඊට පිටතින් එක් කළ සත්ව හෝ මිනිස් ජානද යන්න අප දන්නේ

Plant+Factories+Propose+New+Style+Agriculture+Zscnl_7aZOwl

නැත. දැනගන්න විදිහක්ද නැත. එසේ හෙයින් ඒ සම්බන්ධව අපට ඇත්තේ
ඒ නොදන්නාකම් ගැන දැන සිටීමේ අයිතිය පමණි.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s