අද්‍යතන සාහිත්‍යයේ කිං ලියර් සහ කිං කොං විග්‍රහය. – සේනාරත්න වීරසිංහ.

Canterbury-west-Winter-Highsmith2-e1434450352455-1024x683.jpg

පොදුවේ ගත්තම කලාව උසස් ය පහත් ය. ඒ වගේම ජනප්‍රිය ය කියන අස්ථාන මත විග්‍රහ කෙරෙන තත්වයක් විශේෂයෙන්ම ජගත් සාහිත්‍යය තුලත් අපිට දකින්නට තියෙනවා.

ඔව්. ඒක මෙහෙමයි. සාහිත්‍ය රසික සංකල්පය මූලික වශයෙන් කොටස් තුනකට වර්ග කෙරෙනවා.

උත්තම සාහිත්‍යය13879243_181307518953363_7139773178185638039_n
High brow Litrature

ජනප්‍රිය සාහිත්‍යය
Popular Litrature.

වෙළඳ පොල සාහිත්‍යය
Marktet Litrature

මෙයින් උසස් යැයි සම්මත කෘති රස විඳින පිරිස හෙවත් ප්‍රභූ සමාජය (Elite Socity) ලොව ඕනෑම සංස්කෘතියක දකින්න පුළුවන්. එහි ප්‍රභවය ඒ වගේම විකාශනය ගැන ටී. බී. බොටමෝර් කියන විචාරකයා පවසනවා. නමුත් ඒ අතරම මේ පිරිස් පොදුවේ ජනප්‍රිය කෘති රස විඳිනා ආකාරයක් ද විශේෂයෙන්ම නූතන රසිකයන් අතරේ දකින්න පුළුවන්කමක් තියෙනවා.

අපගේ සාහිත්‍ය කියවීම තුල මේ ලක්ෂණ තුනම අපට දැකගන්න පුළුවන්. සම්භාව්‍ය සාහිත්‍යයට අයත් සන්දේශ කාව්‍යයක එන (සැලලිිහිණිය) පහත කවිය ගත්තොත් එය මුළුමනින්ම අර කියපු ප්‍රභූ හෙවත් බමුණු කුලයේ විදග්ධ රස වින්දනයට යි ගෝචර වෙන්නෙ.unnamed (1)

සුර රද සමන් සමගින් සුරඟන එව              ර
පැහැනද මදාරා පරසතු මල් පත                  ර
කර පුද වඳින රැදි මුනි සිරිපා තඹ                 ර
සකි සඳ පෙනේ සමනොල ගල නැගෙනහි ර

ඒ කවියේ එන උසස් රස වින්දනය ලබා ගැනීමට ඉහල භාෂා දැනුමක් අවශ්‍ය බව පැහැදිලිියි. නමුත් ජනකවියක් රස විදීමේ දී අපට එවැනි කොන්දේසියක් පැනවෙන්නේ නෑ. එය උපදින්නේ සාමාන්‍ය පංතිකයන් අතරිනුයි.

බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ     ගෙට
මැනලා වී ටිකක් දුන්නයි මල්ල          කට
ගන් දෝ නොගන් දෝ කියලා සිතුණි මට
මැනල ද පුතේ කිරි දුන්නේ මා නු       ඹට

othello2

ඒ වගේම මෙතැන තවත් දෙයක් කියැවෙනවා. වැඩවසම් ක්‍රමයේ මැනීමක් තිබුනේ නෑ. ඔවුන් ගොඩවල් වශයෙන් තමයි යමක් දුන්නේ. නමුත් ධනවාදයේ උදාවත් සමඟම යමක් දුන්නේ කිරල මැනල. ඒ අනුව මේ ජන කවියා සමාජ ක්‍රමයේ වෙනසක් ද ග්‍රහණය කරගෙන තියෙනවා. කොහොම වුණත් නො ගැඹුරු කලා ප්‍රකාශනයක් වශයෙන් ජන කවිය විවේචනයට ලක් කරන පාර්ශවයකුත් සිටිනවා. ඒ තුලම අර සමාජ ඛෙදීමත් දකින්නත් පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම දහහත් වැනි ශත වර්ෂයේ දී බටහිර සමාජය ඇතුලේ අර කීව එලයිටි යන්නත් හයිරාකි වශයෙනුත් marble-bust-statue-500x500පැහැදිලිවම සමාජ විභේදනයක් දකින්න පුළුවන්කම තියෙනවා. එහිදී හයිරාකි යන්නෙන් අර්ථවත් වෙන්නෙ ක්‍රමානුකූලව උඩට මතු වෙනවාය කියන එකයි. ශේක්ස්පියර් මේ වෙනස එනම් උසස් සහ පහත් රස විභේදනය සමාජයීය හැඩගැසීම් මත සිදුවෙන්නක්ය යනුවෙන් සිය හැම්ලට් නාට්‍යයෙන් පෙන්වා දී තිඛෙනවා.

There is nothing either good or bad, but thinking makes it so. ඒ අනුව හොඳ සහ නරක යන විනිශ්චය සංකීර්ණයි. හැම්ලට් නාට්‍යයෙන් කියවෙන අන්දමට චින්තනය (විචාරවාද විමසීම්) තුල හොඳ සහ නරක කෘති විනිශ්චය කෙරෙනවා.

ඔබ ඔය පවසන පන්තිමය වෙනස ඉබේ ඇති වූවක් හෝ ඇති කල දෙයක් නොවේ. එයට ඉතිහාසයීය පසුබිමක් තිඛෙනවා. ඒ ගැන විස්තර නොකොට හුදෙක් හොඳ සහ නරක ගැන පමණක් විග්‍රහ කිරීම තුල යම් අඩුවක් මා දකිනවා.

මම ඊළඟට යන්න හිටියෙ එතැනට තමයි. අපි අර කීව උසස් – Elite සමාජය මුලින්ම සකස් වෙන්නෙ ඉහළ හමුදා නායකයින්ල ප්‍රාදේශීය බලවතුන් ඇසුරෙ වන අතර පසුව මේ අය රටේ දේශපාලන බලයද අත්කර ගන්නවා. එවැනි පසුබිමක ඔවුන් තෘප්තිමත් වුණේ රජුන්ල ප්‍රභූන් ආශ්‍රිතව ගොඩ නැඟ=ණු සාහිත්‍යයකටයි. නමුත් පසුකාලීනව නව ලේඛකයින් ඊට වෙනස් සමාජ කතිකාවන් ඇති කර ගැනීමක් දැකිය හැකියි.

moscow romeo 1_0

ඇමෙරිකානු ලේඛක ගෝර් විදාල් පවසනවා හොඳ සහ නරක තීරණය වන්නේ ක්‍රියාත්මක පක්ෂයේදීය කියලා. ඒ අනුව යම් පාඨක පිරිසක් රොඳ බැඳගෙන කියවන සාහිත්‍යයක් වේද එය ජනප්‍රිය තත්වයෙන් සැලකිය හැකියි. නමුත් අසීරුවෙන් විභාගයකට සූදානම් වෙන අයුරින් යම් කෘතියක් කියවයිද එය උසස් සාහිත්‍යයට අයත් වෙනවා. නමුත් එහෙම වෙන්න පුළවන්ද කියන ප්‍රශ්නයත් මෙතැන තියෙනවා. ශේක්ස්පියර්ල ඩිකන්ස් වැනි සම්භාව්‍ය සාහිත්‍ය කරුවෝ ජනප්‍රිය සාහිත්‍යයත් ආක්‍රමණය කල අවස්ථා තියෙනවා. අපි හිතමු අකිර කුරසොවා ගැන. ඔහු 2813150_origශේක්ස්පියර්ගේ ඇතැම් කෘති නව අර්ථ නිරූපන සහිතව චිත්‍රපට ගත කරලා තියෙනවා. ඉතින් එවැනි උදාහරණ ඉදිරියේදී ජනප්‍රිය – විදග්ධ භේදය තුනී වී යන ආකාරයත් අපිට දකින්න පුළුවන්. ඇමරිකානු ලේඛක ටොම් වුල්ෆ් ගේ නවකතාවක දෙබසක් මට මෙහිදී සිහිපත් වෙනවා.

මේ කෘතියේ කතා නායිකාව බොළඳ තැනැත්තියක් යැයි කිව හැකියි. ඒත් ඇගේ පෙම්වතා ප්‍රබුද්ධ චරිතයක්. එක් අවස්ථාවකදි ඇය සිය දැන උගත් පෙම්වතාගෙන් අහනවාල ඔබ දන්නවද මාලෝ කියන්නේ කවුද කියලා යන ප්‍ර්‍රශ්නය. (ක්‍රිස්ටෝපර් මාලෝ යනු ශේක්ස්පියර් වැනි නාට්‍ය කරුවෙකි.) එතැනදි ප්‍රබුද්ධ පෙම්වතා අපහසුවකින් තොරව එම නාට්‍යකරුවා ගැන විස්තර කරනවා. නමුත් අර පෙම්වතිය (ඇය රහස් පරීක්ෂක කතා කියවීමට කැමති අයෙකි.) මාලෝ නමින් හඳුන්වන්නේ රහස් පරීක්ෂක කතාවක එන චරිතයක්. මෙතැනදී සියුම් පහර ගැසීමක් ද දැකිය හැකියි. අර ප්‍රබුද්ධ පෙම්වතා රහස් පරීක්ෂක කතා කියවීම පහත් ගනයේ ක්‍රියාවක් හැටියටයි සලකන්නේ. නමුත් ඔහු එසේ කරන්නේ ඒ කෘති කියවා බලා බැසගත් නිගමනයක් මත නෙවෙයි. එහෙම කලා නම් මාලෝ නැමැති රහස් පරීක්ෂක චරිතය ගැන නොදැන සිටින්නට හේතුවක් නැහැ. ඒ අනුව ඒ ප්‍රබුද්ධ පෙම්වතාගේ චරිතය හරහා සාහිත්‍ය සංස්කෘතික අධිපතිවාදයක් අපට දකින්න පුඵවන්. ඒ නිසාම එතැන පංති විග්‍රහයක්ද තියෙනවා.

derek-jacobi-king-lear-700x344

ද මාටි සිෆෝල්කන් යන චිත්‍රපටයට පාදක වෙන්නේ බාල ගනයේ ප්‍රබන්ධ කතාවක් වන හැමට් කියන කෘතියයි. ඒත් ඒ චිත්‍රපටියේ එනවා මෙවැනි කියුමක්.

We are stuffKing-Lear

As dreams made on

එහි සිංහල අරුත – අපි තමයි සිහින මවන සුන්බුන් – කියන එකයි. එය චිත්‍රපටයට අරගෙන තියෙන්නේ ශේක්ස්පියර්ගේ නාට්‍යයකින්.

We are stuff it

As dreams are made on

එහෙමයි ශේක්ස්පියර් කියලා තියෙන්නේ. කොහොම නමුත් අවර ගනයේ කාතියක් පාදක කරගත් එම චිත්‍රපටය ඒ කියමන නිසා උසස් ගනයේ චිත්‍රපටයක් හැටියට නිර්දේශ වුනා. ඒ එක වාක්‍යයක් නිසා ඒ ගැන විශේෂයෙන්ම සිතන්න පටන් ගත්තා. බොහාමයක් ජනප්‍රිය චිත්‍රපට එවැනි සම්භාව්‍යමය පෝෂණය ලබා ගෙන වැදගත් ස්ථානගතවීම් ලබන අයුරු ඒ විදියට අපට දැක ගන්න පුළුවන්. ඒ වගේම එය හොඳ රසිකත්වයක් ගොඩ නගන පාලමක් හැටියටත් සලකන්න පුළුවන්.

පොදු පාඨකයා විෂයයෙහි යහපත් රසිකත්වයක් ගොඩ නගා ගැනීම නම් සංසිද්ධිය අපට මඟ හැරුණු දෙයක් යැයි ඔබ සිතනවාද?illustrated-canterbury-tales

යහපත් රසිකත්වය යන්න ඇති කල යුතු දෙයක්. ඩබ්. ඒ. සිල්වාගේ දෙයියන්ගෙ රටේ යන කෘතිය අද්භූත පසුබිමක ලියැවුනු ප්‍රේම කතාවක්. ඒත් මුදල් ආර්ථීකය ගැනත් එහි කියැවෙනවා. විවාහය කඩා කප්පල් වන්නේත් ඒ නිසායි. ඒ නිසා එහි ප්‍රේමය ශෝකාන්තයක් ද වෙනවා. අද්භුත පසුබිමක් තුල වුණත් එවැනි සමාජ විඥානයක් එහි එනවා. රෝමියෝ ජුලියට් කතාව ගත්තොත් එයද අද්භූත පසුබිමක් තුල ලියැවුණු ග්‍රීක මිථ්‍යා කතාවක් අනුව ගිය එකක්. මේ කතා දෙකේ සමානකම් තියෙනවා. ඒත් දෙයියන්ගෙ රටේ කෘතිය ගැන අපි මොන ඇඟැයීමක්ද කලේ. එය විචාරකයන්ගේ ගර්භාවට නම් ලක් වුණා. මළගිය ඇත්තෝ කෘතිය ගත්තොත් එය මොන ආකාරයෙන්වත් අපේ සංස්කෘතියත් සමඟ එකඟ වෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒත් මහාචාර්ය මිනිවන්. පි. තිලකරත්න හැරුණම මෙරට විශ්ව විද්‍යාලීය හැම මහාචාර්ය වරයෙක්ම වගේ මෙය අන්ධ වර්ණනාවකට ලක් කොට තිඛෙනවා. අදටත් එහි වෙනසක් නැහ. නමුත් ඒ කෘතියේ ආභාෂයෙන් තවත් එක විශිෂ්ට කෘතියක්වත් බිහිවුණාද රෑ එතැන තියෙන්නේ කෘතීමව නිර්මාණය කරපු තත්වයක්.

godzilla-vs-king-kong-movie-works-signs-point-alt

ගැහැණුු ළමයි – යහළු යෙහෙළි යන නවකතා ඔබද විමසා ඇති ආකාරයට ප්‍රබල සමාජ විඥානයක් ප්‍රකට කරනවා. නමුත් මේ රටේ විචාරකයන් ගේ සීමාසහිත බව නිසා එසේ විමසා බලා නැහැ. ජයසේන ජයකොඩිගේ අස්වැන්න විභාගයට නියම කලා නම් අපේ නවකතා ක්ෂේත්‍රය වර්ධනය වීමට හොඳටම ඉඩ තිබුණා. අත්දැකීම් කළමණාකරනය සම්බන්ධයෙන් යහපත් තත්වයක් ඇති විය හැකිව තිබුණා. ඒත් මළගිය ඇත්තෝ වැනි සීමිත පුද්ගලභාවයක් ගැන කියන නවකතාවක් පොදු සමාජයට ආමන්ත්‍රණය කරන්නේ නැහැ.320612-288x288

මෙවැනි පසුබිමක අද්‍යතන සාහිත්‍ය නිර්මාණ ඒ වගේම පොදු රසිකත්වය ගැන ඔබගේ තක්සේරුව ගැන ඇසුවොත්…….

අද කාලීන සාහිත්‍ය නිර්මාණ ගත් කල එහි වර්ධනීය ප්‍රසාරණයක් මා දකිනවා. එය වර්ධනය වූ රසිකත්වයක් හැටියටද හඳුන්වන්න පුළුවන්.

මේ අවස්ථාවේදී ඔබට බාධා කරන්න සිද්ද වෙනවා. ඔබට පැහැදිලි කල හැකිද ඒ රසිකත්වය කුමන ස්වභාවයකින්ද මතු වී තිඛෙන්නේ කියලා?

ඔවුන් සමිභාව්‍ය සාහිත්‍යය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරලා නැහැ. එයින්ද ආභාෂය ලබන තැනකට ගිහින් සිටිනවා. ඒත් සමඟම ජනප්‍රිය පැවැත්මක් ද අපේක්ෂා කරනවා. මේ පසුබිමේ ලොකු සාකච්ඡාවක්ද සිදුවෙමින් පවතිනවා. ඒ අනුව පාසල් සිසුන්ගේ හැදෑරීම්වලට අදාලව සාහිත්‍ය කලා රස වින්දනය කොහොමද නැවත ඉදිරිපත් කරන්නේ කියන කාරණය විවාදයට ලක්වී තිඛෙනවා. ඊටම අදාලව අළුත් විචාරකයින් පෙර තත්වයෙන් සම්භව්‍ය සාහිත්‍ය අගය නොකරන්නේ මන්ද යන කරුණත් සලකා බලනවා. කිං ලියර් දල කිං කොං ද යන ප්‍රශ්න කිරීම ඒ ඔස්සේ මතුපිටට ඇවිත් තිඛෙනවා.WA-Silva

අපි දන්නවා ශේක්ස්පියර්ගේ කිං ලියර් නාට්‍යයට වස්තු වෙන්නේ තමන්ට වැඩියෙන්ම ආදරය කරන දියැණිය කවුද යන ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නය ඔස්සේ දිග හැරෙන එම නාට්‍යය අවසන් වෙන්නේ ශෝකාන්තයකින්.

කිං කොං කියන්නේ මැරියන් සී කූපර් අධ්‍යක්ෂණය කල beauty and beast සංකල්පයෙන් තැනූ ජනප්‍රිය නිර්මාණයක්. එක්තරා දූපතක වාසය කරන එම දූපත් වාසීන් ගේ පිදීමටද ලක්වුණු මේ සත්වයා විශේෂ චරිතයක් ලෙසින් ඉදිරිපත් වෙනවා. එම දූපතේ වැසියන් මිනිසුන් හැටියට ප්‍රාථමිකයි. ඔවුන්ගේ ලිංගික ජීවිතල ඒවා මැඩ පවත්වන බලවේග ඒත් එක්කම නව නාගරිකත්වයට එරෙහිව කිං කොං ඉදිරිපත්වීම යන මේ සිද්ධි ඇසුරෙන් එය නිර්මාණය වී තිඛෙනවා. ඇත්තවශයෙන්ම පසුව ආ සිනමා නිර්මාණ වන Lost World, Jurassic Park  වැනි නිර්මාණ වලටත් කිං කොං බලපා තිඛෙනවා.

දැන් මෙතැනදී නවින විචාරකයින් ප්‍රශ්න කරනවා කිං ලියර් වෙනුවට කිං කොං නව අධ්‍යාපන විෂය මාලාවට යොදා MTE5NDg0MDU0OTQ0OTc0MzUxනොගන්නේ ඇයි කියලා. විශේෂයෙන්ම කිං කොං කතාවේ එන යටිපෙල අරුත් කුමක් පවසන්නේදැයි විමසා නොබලන්නේ ඇයි කියාත් ඔවුන් ප්‍රශ්න කරනවා. ටොම් පෝලීන් නම් කවියා පවසන අන්දමට ඉංග්‍රීසි සාහිත්‍යය මිය යමින් තිඛෙනවා. එය නැවතත් ගොඩ නැගිය හැක්කේ සමාජවාදි ශික්ෂණයක් යටතේ යැයි ඔහු මෙන්ම බොහෝ අය විශ්වාස කරන තත්වයක් මේ වන විට ඇතිවී තිඛෙනවා. ඒත් සමඟම පාසල් විෂය ධාරාවට විවිධ විෂය මාලා වගේම සංස්කෘතික හැදෑරීම් හඳුන්වා දෙමින් කටයුතු කල යුතු යැයිද ඔවුන් පෙන්වා දෙනවා. එසේ මේ සම්බන්ධයෙන් සංවාදයක් ගොඩ නැගී ඇති අතර බහුතරයකගේ මතය වන්නේ සාහිත්‍යය ප්‍රජාතන්ත්‍රකරණයකට ලක් කල යුතු බවයි. තවද සාහිත්‍ය කලා වින්දනය මැද පාන්තික කියැවීමකට ගොනු විය යුතු බවයි. එතැනදි බමුණු කුලල හයිරාකි වැනි පාංතික රසාස්වාදනය ප්‍රතික්ෂේප කල යුතු බවත් ඔවුන් පවසනවා.

මේ සාකච්ඡාව පුළුල් ආස්තානයක් කරා විහිද ගොස් ඇති බවද දැකිය හැකියි. දේශපාලන වටිනාකම්ල පුවත්පත් වාර්තාල නවකතාල ගීතල නාට්‍යල විනෝදාත්මක ප්‍රවණතා ගැන ද ඊට අදාලව සාකච්ඡා කෙරෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපන විෂයධාරාවන් තුල නිර්දිෂ්ඨ පොත්පත් අධිපතිවාදය තවදුරටත් වලංගු වෙන්නේ නැති බවත්ල ජනප්‍රියවාදි නිර්මාණද ප්‍රජාතාන්ත්‍රික ලෙසින් ඇඟැයීමට ලක් කල යුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මෙහිදි ගැටළුවේ බරපතලකම තියෙන්නේ ශේක්ස්්පියර්ල කැන්ටබරි කතාල ලොස්ට් පැරඩයිස් එකම ආකාරයෙන් දිගින් දිගටම අධ්‍යාපනය සඳහා නිර්දේශ වීම තුලයි. නමුත් අද මේ යුගය වන විට හොඳ සිනමා කෘති – නාට්‍යය වගේම සාහිත්‍ය කෘති රැසක්මත් දැකිය හැකියි. විශේෂත්වය වන්නේ එකී නිර්මාණ උසස් වගේම සාමාන්‍ය රසාස්වාදනයටත් එකසේ ගෝචරවීමයි. එමෙන්ම ශේක්ස්පියර් වැනි සම්භාව්‍ය සාහිත්‍ය කරුවන්ගේ තේරීමද උසස් තේමාවල් ද නූතන කෘති විසින් පරිශීලනය කරනු ලබන අයුරුද දැකිය හැකියි.

ඔතලෝ හි එන අධිරාජ්‍යවාදයල වර්ගවාදය යන කියැවීම් අතරින් වර්ගවාදය මාක් ට්වේන් ගේ සාහිත්‍ය නිර්මාණ තුලද සාකච්ඡාවට ලක් වෙනවා. ශේක්ස්පියර් නාට්‍යයන් හි එන මනුෂ්‍ය හැසිරීම්වල කෘෘරත්වය එමලි බ්‍රොන්ටේගේ වදරිං හයිට් නවකතාවේද දැකිය හැකියි. අවසාන වශයෙන් මා මුලදීත් පෙන්වා දුන් පරිදි සාහිත්‍යයික උසස් පහත් වර්ගීකරණය ශේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යයේ පැවසෙන ආකාරයට අපේ චින්තනයේම තීරණයක් වේ.

සාකච්ඡා කලේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s