ඇයි මේ ‍’ජෙලි ෆිෂ්’ වසංගතයක්?

turtle.jpg

“බුද්ධිමත්තු තමන් කරා එන අලාබ ගැන නො තැවෙති. ඔව්හු තමන් කරා පැමිණෙන හානි අවම කර ගත හැකි මං මොනවා දැයි සොයති.”- විලියම් ශේක්ස්පියර්

ඉකුත් සති කිහිපය පුරා ම හම්බන්තොට, මාතර පොල්හේන වෙරළ ඇතුළු දකුණු වෙරළ තීරය පුරා අලුත් ම භීෂණයක් පැතිර ගියේය. ඒ “ජෙලි ෆිෂ් භීතිකාව” යි.

2BWO_Baby_turtle

පොදු ව්‍යවහාරයේ දී මොවුන් ඒ නමින් හැඳින්වෙන්නේ ජල්ලියක් වැනි ස්වභාවයකින් යුතු සිරුරු හැඩ ගැස්මක් ඇති නිසා ය. මේ සම්බන්ධයෙන් නාසා ආයතනය පරික්ෂණ කටයුතු ආරම්බ කොට තිබේ. කෙසේ වෙතත් වෙරළට ගසාගෙන එන මේ සත්ත්ව විශේෂය ජෙලි ෆිෂ් නමින් හඳුනා ගැනීම ගැන නාසා ආයතනය විරුද්ධ නොවෙයි. මේ සත්ත්ව විශේෂය මිනිසුන්ට අදාළව විෂ සහිත ය.

නිරෝගි ස්වාභාවික පරිසර පද්ධතියක් තුළ කිසිදු ජෛව පැවැත්මක් තවත් ජෛව ප්‍රජාවකට එරෙහිව පවතින්නට නො එසේ නම් තර්ජනයක් වීමට සමත් නොවෙ යි. ඊට හේතුව ඒ ඒ පාරිසරික කලාපයන්හි ස්වභාව ධර්මය විසින් ඇති කොට “තිබෙන ස්වාභාවික පාලනය යි. බොහෝ විට මේ පාලනය සිදු කරන්නේ විලෝපිතයන් ගේ මාර්ගයෙනි. එසේ නම් එක්වනම ඉහත කී වෙරළ කලාපයන් හි ජෙලි ‍ෆිෂ් නම් ජෛව වසංගතයක් ඇතිවීම කෙසේ වුවක් ද? ඔවුන්ට එරෙහිව පැවැති පාලනීය ජෛව පැවැත්මක අහිමි වීමක් මේ තත්ත්වයට හේතු වී ද? එවැනි නව පරිසර පසුබිමක් නිසා ඒ වසංගතය එසේ නිර්මාණය වුණේ ද? සමාජ දේශපාලනය, සාහිත්‍ය කලාව ආදිය සම්බන්ධයෙන් මෙන්ම පරිසර විෂයයිකවත් විග්‍රහයක් තිබේ. සොයා බැලීම් තිබේ. එමෙන් ම විශ්ලේෂණ තිබේ.

Grüne Meeresschildkröte, Suppenschildkröte, Chelonia mydas, G

ඇයි මේ ‍’ජෙලි ෆිෂ්’ වසංගතයක්?

ජෙලි ෆිෂ් නම් ඉහතින් අප හඳුනාගත් සාගර ජීවී විශේෂයට සාර්ථක විලෝපිතයකු වශයෙන් කැස්බෑවුන් හඳුනාගෙන තිබේ. ලෝකයේ දැනට වෙසෙන බවට හඳුනාගෙන ඇති කැස්බෑවුන් විශේෂ හතෙන් පහක් ම බිජු ළෑම සඳහා මෙරට වෙරළ තීරයට පැමිණෙන බව හඳුනාගෙන ඇත. එය ප්‍රශස්ත අගයක් බවත් ඒ නිසා ම මෙරට වෙරළ තීරය ලොව වාසනාවන්ත ම වෙරළ තීරයක් ලෙසත් පරිසර වාර්තාවල සටහන් ව තිබේ.tiny-baby-turtle

කැස්බෑවුන් බිජු ළෑම සඳහා පැමිණෙන මෙම වෙරළ තීරය බටහිර වෙරළ තීරයක් වන ගල්කිස්සෙන් පටන්ගත් කල නැගෙනහිරින් ආරුගම්බෙ දක්වා පැතිර තිබේ. අද වන විට ජෙලි ෆිෂ් වසංගතය පැතිර ඇති වෙරළ කලාපයන් දෙස බලන විට ඒවා යට කී ආකාරයට බිජු ළෑම සඳහා අනිවාර්යයෙන් ම කැස්බෑවුන් පැමිණෙන වෙරළ බිම් වෙයි. විශේෂයෙන් ම දකුණු වෙරළ තීරය ඊට අයත් වේ.

මේ වන විට බටහිර සහ දකුණුබඩ වෙරළ තීරයේ හටගෙන ඇති වෙරළ ඛාදනය නිසා වෙරළබඩව ඇති කැලෑ සාගරයට සෝදාගෙන යෑමෙන් කැස්බෑවුන්ගේ බිජු වළවල් මෙන් ම ඔවුන් බිජු ලන බිම් ද සේදී යාම නිතර ම පාහේ සිදුවන්නකි. තව ද පවත්නා වෙරළ ඛාදනය අවම කිරීමට වි‍ශේෂයෙන්ම බටහිර සහ දකුණු වෙරළ තීරයන් හි දමා ඇති ගල් වැටි ද කැස්බෑවුන් වෙරළට පැමිණීම වළක්වා තිබේ.

imageSrc.adapt.687.medium

කැස්බෑවාගේ ප්‍රියතම ගොදුර ජෙලි ෆිෂ්

කැස්බෑවාගේ ආහාර ලැයිස්තුවේ වැදගත් තැනක ජෙලි ෆිෂ් සිටියි. එහෙත් වෙරළාශ්‍රිත දූෂණය හේතු කොටගෙන විශේෂයෙන්ම “සිලි බෑග්” සාගර ජලයේ පාවීම සුලබව වන්නකි. බොහෝ විට ඒවා තම ගොදුරු ජෙලි ෆිෂ් යැයි වරදවා වටහා ගැනීම නිසා එම අපද්‍රව්‍ය ගිල දැමීමෙන් මේ සත්තු මිය යති. ඒ ඒවා උන්ගේ ආහාර මාර්ගයේ සිරවීම නිසා ය.

කැස්බෑ බිත්තර කොලෙස්ටරොල් අධිකයි

බිත්තර දැමීමට වෙරළට එන කැස්බෑවුන් (මෙසේ එන්නේ ගැහැනු සතුන් ය. පිරිමි සතුන් කිසිදා සයුරෙන් වෙරළට නො එති) මස් පිණිස මරා දැමීමත්, උන් ගේ බිත්තර එකතු කොට ආහාරයට ගැනීමත් කිසිදු නීතියකින් නැවැත්විය නො හැකි තැනකට අද දවසේ පත් වෙමින් තිබේ. දකුණු වෙරළබඩ තීරයේ බහුලව ම මේ අපථ්‍ය ක්‍රියාව සිදු වේ. කැස්බෑ මස් ආහාරයට ගැනීම හෘදයාබාධ අවදානම ඉහළ යන බව බොහෝ අය නොදන්නා කරුණකි. ඊට හේතුව එය අධික ලෙසින් කොලෙස්ටරෝල් නම් අහිතකර මේදය වඩන ආහාරයක් වීම යි. එපමණක් නොව ඇතැම් කැස්බෑ මස් විෂ සහිත වීම නිසා විවිධ රෝගාබාධවලට පමණක් නොව මරණයට පවා ගොදුරු වූ මිනිසුන් ගැනත් වාර්තා වේ.

පරිසරවේදීන් පෙන්වා දෙන අන්දමට විෂ සහිත ජෙලි මසුන් ආහාරයට ගන්නා කැස්බෑවුන්ගේ මාංශයේ මෙන් ම බිත්තරවල ඒවා තැන්පත් වන බව හඳුනාගෙන තිබේ. මේ නිසාම කැස්බෑ මස මෙන් ම ඔවුන්ගේ බිත්තර ආහාරයට ගැනීම මරණීය අවදානමක් ලබා දෙන්නක් බැව් පැහැදිලි ය.

turtle_skoldpadda_norra_cypern

ධීවර දැල් පන්නවලට අසුවීම

ධීවර දැල්වලට හසුවීම ද අද වන විට කැස්බෑවුන්ට මරණීය අපලයක් වී ඇත.

වර්තමාන ධීවර ප්‍රජාව භාවිත කරන දැල් විශේෂයෙන්ම යට කී ආකාරයට කැස්බෑවුන්ට මරණයට ළඟා කර දෙන්නක් බවට පත්ව තිබේ. එක් පරිසර වාර්තාවක් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ පමණක් එක් වර්ෂයක දී එසේ මිය යන කැස්බෑවුන් සංඛ්‍යාත්මකව 5000 ක් පමණ වෙයි. මෙසේ වී තිබෙන්නේ එසේ පැටළෙන සතුන් නිදහස් කොට යවනවා වෙනුවට මරා දමා මස් වශයෙන් විකිණීමට ධීවර ප්‍රජාව උනන්දු වීම නිසාය.

තුෂාන් කපුරුසිංහ මේ සම්බන්ධයෙන් “තම්බපණ්ණි’ පරිසර සංග්‍රහයට සපයන ලද වාර්තාව ඊට අදාළව සැලකිය යුතු සොයා බැලීමක් ලෙසින් ගත හැකිය.

Green Sea Turtle Swimming among Coral Reefs off Big Island of Ha

“මේ පිළිබඳව කැස්බෑ සංරක්ෂණ – ව්‍යාපෘතියේ නිලධාරීන් ගේ මූලිකත්වයෙන් ලංකාවේ ධීවර වරායන් 16 ක පර්යේෂණයක් පවත්වන ලදී. වසරක් තුළ දී පවත්වන මේ පර්යේෂණයේ දත්ත විමසා බැලීමේ දී පෙනී යන්නේ ඉතාම සෝචනීය පුවතක් මෙහි සැඟව තිබෙන බව ය. එම කාලය තුළ දැල්වලට හසුව මියගිය කැස්බෑ සංඛ්‍යාව 5242 ක් විය. සාමාන්‍යයෙන් කැස්බෑ බිත්තරවලින් පිටතට පැමිණෙන පැටවුන්ගෙන් සියයට 30 ක් විලෝපීයතාව නිසා විනාශ වන බව ගණන් බලා ඇත. ලංකාවේ ආරක්ෂාව ලැබෙන වෙරළ තීරය යැයි සැලකෙන විල්පත්තු යාල, කුමන ආදි වනෝද්‍යාන මායිමේ පිහිටි වෙරළ තීරවලදී කැස්බෑ බිත්තරවලට බරපතළ අනතුරුවලට මුහුණ දීමට සිදුව ඇත. එම වනෝද්‍යාන තුළ ද කැස්බෑ බිජුවලට කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බව එම ස්ථානයන්හි කළ නිරීක්ෂණවලදී පෙනෙන්නට ඇත. විශේෂයෙන් ම ඌරන්, කබරයන්, සහ තලගොයින් බිත්තර ආහාරයට ගන්නා සතුන්ගේ ගොදුරු බවට මේ බිත්තර නිරන්තරයෙන්ම පත් වෙයි.”

turtle-feature

කැස්බෑ සංරක්ෂණය සැබෑවක් ද?

කැස්බෑ සංරක්ෂණය යන්න ඉදිරියට දමා ගෙන පිහිටුවා ගෙන ඇති කැස්බෑ බිත්තර වෙරළෙන් ලබාගෙන පැටවුන් ඇතිවූ පසු මුහුදට මුදා හරින (Turtle Hatchery) ස්ථාන ගණනාවක් ම දකුණු වෙරළ තීරයේ දකින්නට ඇත. මේ සම්බන්ධව නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන පරිසරවේදී එම්. කේ. එන්. රන්වැල්ල සඳහන් කරන ආකාරයට මේ මධ්‍යස්ථාන දෙස කෝණ දෙකකින් බැලිය හැකි ය. ඉන් පළමුවැන්න මේ මධ්‍යස්ථාන හරහා යම් හෝ සංරක්ෂණයක් සිදු වේ ය යන්න ය. කැස්බෑවුන් සංරක්ෂණයට අදාළව පර්යේෂණ කරන පර්යේෂකයින්ට පවා මේ හරහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තිබේ. රන්වැල්ලගේ ඒ වාර්තාවට අනුව මේ මධ්‍යස්ථානවල පවතින ප්‍රධාන දුර්වලතාව වන්නේ නියමිත ප්‍රමිතියකින් තොරව එම කටයුතු සිදු කිරීම යි.sea-animals-pictures-11

ස්වාභාවිකව බිජු වළකින් කැස්බෑ පැටවුන් එළියට එන්නේ රාත්‍රී කාලයේ දී ය. එය උන්ට විලෝපිතයන්ගෙන් ගැලවී යාමට උපකාර වේ. කැස්බෑ පැටවුන් බිත්තර වලින් එළියට එන කාලය දින 60 ක් යැයි ගණන් බලා තිබේ. එසේ බිත්තර වලින් එළියට ආවත් සාමාන්‍ය තත්ත්වය තුළ දවසක් යන තුරු වළෙන් එළියට ඒමක් සිදු නොවේ. තවත් දින දෙකක් තුළ දී පැටවුන්ගේ නිදහස් වීම සම්පූර්ණ වන අතර ඔවුන් ගේ දැඟලීම නිසා වළේ පැති බිත්තිවල ඇති වැලි වළේ පතුළට ගලා ඒම සිදු වේ. මෙය අවපාත තත්ත්වයකි. දිගින් දිගටම මෙසේ වැලි ගලා ඒම නිසා ඒ අවපාතය වර්ධනය වන අතර ඒ නිසාම පැටවුන් ඉහළට එසැවීමක් සිදු වේ. ඉන් පසුව ඇතිවන තත්ත්වය “තම්බපණ්ණි” පරිසර සංග්‍රහය ඉතා අපූරු අයුරින් විස්තර කරයි.

seatutlesave102614.jpg

දිවා කාලයේ පැටවුන් මුදා හැරීම!

“පැටවු ඔවුන්ගේ විලෝපිතයින්ට දර්ශනය නොවන රාත්‍රී කාලයේ දී වළෙන් එළියට ඒම අරඹති. එසේ වළෙන් එළියට විත් සඳුගේත් තරුවලත් ආලෝකය සාගර ජලය මත ඇති කරන පරාවර්තනය නිසා දිළිසෙන දීප්තිමත් පහළ ක්ෂිජත්‍ය වෙතට පැටවු වේගයෙන් බඩගාගෙන යති. සාගරයට පැමිණි පැටවුන් පවා මුළුමනින් ම අනතුරින් තොර

13882414_1254943774539343_3941337442477522008_n
Tushan kupursingha

නොවේ. එහිදී ඔවුහු සාගරයේ වෙසෙන මෝරුන් ඇතුළු විශාල මත්ස්‍යයන්ගේ හා සාගර පක්ෂීන්ගේ ගොදුරු බවට පත් වෙති. පැටවු සාගර ජලයට බට මොහොතේ සිට පැය 48 ක් අඛණ්ඩව පිහිනීම සිදු කරති. මේ කාලය අතරතුර දී ඔවුන් ආහාර ගැනීමක් සිදු නො කරන අතර තවමත් ඉතිරිව ඇති බීජාන්ත මත පෝෂණය වේ. පැටවුන්ගේ මෙම චර්යාව “ළදරු උන්මාදය” (Juvenile Frenzy) ලෙස හඳුන්වන අතර එය ඔවුන්ට තම සතුරන් ගෙන් බේරී ඈත මුහුද වෙත එළඹීමටත්, සාගර දියවැල්වලට ඇතුළුවීමටත් වැදගත් වේ. පැටවු සාගර දියවැල් තුළට ඇතුළු වූ පසු මුහුදේ පාවෙන කුඩා සතුන් ආහාරයට ගනිමින් භෝජනය ආරම්භ කරති. පැටවකු බිත්තරයෙන් බිහි වූ දා සිට ලිංගික පරිණතිය ලබා ගන්නා තෙක් ඔවුන් ගේ ජීවිතය ගැන අප දන්නා දේ අල්ප ය. එසේ වුව ද කිසියම් ගැහැනු සතෙකු බිජු ළෑම සඳහා පැමිණෙන වෙරළ ඇය පැටවකු ලෙස සාගරය වෙත එළඹුණු වෙරළම බව පැහැදිලි ය.”

ඉහතින් දැක්වුණේ ස්වාභාවික හැඩගැසීම තුළ පවත්නා ආපදාවන්ට මුහුණ දෙමින් සිය ගොදුරු බිම් කරා යන කැස්බෑ පැටවුන්ගේ කතා පුවත යි. එවැනි තත්ත්වයකට සාපේක්ෂව කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වශයෙන් පවත්නා ආයතන වෙතින් මේ සතුන්ගේ ස්වාභාවික පැවැත්ම සැබෑ ලෙසින් ම සංරක්ෂණය කෙරේ ද යන්න මීළඟට සොයා බැලිය යුතු ව තිබේ.

marine-turtle-ingestion-plastic_021712

විලෝපිත අවදානම සැලකිල්ලට නොගැනීම

මේ සම්බන්ධයෙන් එම්. කේ. එන්. රන්වැල්ල ගේ පෙන්වා දෙන අන්දමට එතැන ප්‍රශ්නකාරී අවස්ථා තිබේ. ඉහත අප හඳුනාගත් ආකාරයට සිය විලෝපිත අවදානම අවම කර ගැනීමට කැස්බෑ පැටවුන් එළියට එන්නේ රාත්‍රී කාලයේ දී ය. එහෙත් යට කී මධ්‍යස්ථාන ඒ පැටවුන් නිදහස් කරන්නේ ඔවුන්ගේ විලෝපිත අවදානම හොඳින්ම පවතින දිවා කාලයේ දී ය. දෙවනුව රාත්‍රියේ දී එළියට එන පැටවුන් සිය විලෝපිතයන්ගෙන් ගැලවෙනු වස් පැය 48 ක් තුළ ආහාරයට ගැනීමට නොනැවතී සිය බීජාන්ත පෝෂණය මත පිහිටා සාගර දියවැල් තුළට ඇතුළු වන තෙක් වේගයෙන් ගමන් කරති.

ඒ ස්වාභාවික බීජාන්ත ශක්තිය පවතින කාලය අවසන් වූ පසු නිදහස් කළොත් සාගර දියවැල් තුළට වැදීමට පෙර ඒ ගමන පැත්තක තබා මේ පැටවුන් කුසගින්න නිවා ගැනීමට අතරමඟ නැවතිය යුතු නේද? එසේ වූ කල උන් සිය විලෝපිතයන්ට පහසුවෙන් ගොදුරු වෙති. ඒ අනුව සිදු වන්නේ කැස්බෑවුන් සංරක්ෂණයක් ද? නැත්නම් උන්ගේ විලෝපිතයන් පෝෂණය කිරීමක් ද යන ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය වේ.

e21e34_08e7f23d38b047f880a49816e8522e6a

පොළොවේ චුම්බක ශක්තියේ මතක

රන්වැල්ල වාර්තාවේ එන වැදගත් මතු කිරීමක් ද මෙහි දී මග හැර යා නොහැකි වේ. කැස්බෑ ධේනුවක් තමන් බිජු ලන වෙරළ සොයා ගන්නේ. පැටවා කාලයේ වෙරළෙන් නික්ම ගිය මතකය ඔස්සේ ය. බොහෝ විට විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පොළොවේ තිබෙන චුම්බක ශක්තියක දත්ත ඇය සිය මතකයේ තැන්පත් කරගෙන පැමිණෙන බවයි. නමුත් සංරක්ෂණ මධ්‍යස්ථාන යැයි පැවසෙන යට කී ආයතන කැස්බෑ පැටවුන් ප්ලාස්ටික් බේසමක දමාගෙන ගොස් සාගර රළ බි‍ඳෙන වෙරළ මායිමේ දී නිදහස් කරයි. මෙතැනදී ඒ සතුන්ට සිය උපන් භූමිය හඳුනා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරෙන්නේ නැද්ද?

අදාළ ආයතනවලට එරෙහිව මතු කෙරෙන තවත් චෝදනාවක් වන්නේ ලිංගික වශයෙන් පරිණත බවට පත් වූ කැස්බෑ ගැහැනු සත්ත්වයින් ටැංකිවල තබාගෙන සිටීම යි. ඒ අනුව ඔවුන්ට බිජු ළෑමේ කර්තව්‍යයෙන් ඉවත් කොට තිබේ.

මේ අනුව බලන විට රට තුළ කැස්බෑ සංරක්ෂණය සම්බන්ධයෙන් මෙන් ම සතුන් මරා දැමීමෙන් වළක්වා ගැනීමට අදාළවත් උන්ගේ පරිසර කලාප ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් විද්‍යානුකූල වූ ජාතික සැලැස්මක් අවශ්‍ය ය යන කාරණය පරිසරවේදීන් පැහැදිලිව ම පෙන්වා දී තිබේ. දැන් අවශ්‍ය ව ඇත්තේ ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම යි. පවත්නා ජෙලි ෆිෂ් වසංගතය ඒ වෙනුවෙන් කළ සිහි කැඳවීමකි

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s