අපි අර රහස ඛෙදාගෙන ජීවත් වෙනවා.

picasso1.jpg

you can witch video also- https://web.facebook.com/1332899760058495/videos/1345764168772054/

ඇය ඔහු ගැන මෙසේ ලිවීය.

“පිකාසෝ ගේ පෙනුමෙන් මම මදක් විමතියට පත් වීමි. ඔහු කෙබඳු විය යුතු දැයි මා තුල වූ හැඟීමට පදනම් ව තිබුණේ 1936 දී කයියේ දාර් කලා සංග්‍රහයෙහි විශේෂ පිකාසෝ කලාපයෙහි පලවූ මෑන් රේ (ජීවිතයේ වැඩි කලක් පැරිසියේ ගත කල ඇමරිකානු චිත්‍ර හා ඡායාරූප ශිල්පියෙකි.) ගේ ඡායාරූපය යි. කළු හිස කෙස් කාන්තිය විහිදුවනල දීප්තිමත් දෙනෙත්ල හොඳින් වැඩුණු හැඩි දැඩි සිරුරක් සහිත – කඩවසම් සත්වයෙක්. අළු පැහැ වෙමින් පැවැති හිසකෙස් ද වෙනතක යොමු වූ සිතෙන් හෝ කලකිරීමෙන් ඇති වූ හිස් බැල්මද ඔහුට ගෙන දුන්නේ ලුවර් කලාගාරයේ ඇති ඊජිප්තු ලේඛකයෙකු ගේ පිලිරුව සිහිගැන්වූ පෙරදිග පෙනුමකි. කෙසේ වුවද ඔහු ගේ අංග චලනවල ලීලාවෙහි ප්‍රතිමාත්මක හෝ නිශ්චිත කිසිවක් නොවීය. ඔහු දෑත් සෙලවීය. ඇඹරුණේ ය. හැරුණේය. හුනස්නෙන් නැගිට්ටේය. වේගයෙන් එහා මෙහා ගියේ ය.”coverlifewithpicasso.jpg

ප්‍රංශ=වා ශිලොල පැබ්ලො පිකාසො ගැන එසේ පවසන්නේ 1964 ඇමරිකාවේ දී ප්‍රකාශයට පත් කල Life with PICASSO කෘතියේය.එය එක්තරා ආකාරයකින් ඇගේ ස්වයං ලිඛිත චරිතාප්‍රදානයක් යැයි කිව හැකි තරමටම පිකාසො සහ ඇය ගැනත් පොදුවේ සමකාලීන චිත්‍ර කලාව ගැනත් ස්වයං විචාරාත්මක ඇඟැයීමක් වෙයි. පහතින් එන්නේ එම කෘතිය තුලදී ඇය තමන්වම නිර්වචනය කොට ඇති ආකාරයයි. ඒ නිර්වචනය තුල කදිම අපූර්ව හැඩතලයක් ඇතැයි මට සිතේ.

“මගේ ශාරීරික පෙනුම අසාමාන්‍යය යැයි මට පෙනුණේ නැත. අනෙක් අතට අඩුපාඩුවක් යැයි මට හැඟ=ණේ ද නැත. කිසිවක් පිළිබඳ බියක් මට නොදැනුණා මෙන්ම මම මගේ තීරණයන්හි ඇලී ගැලී නොසිටියෙමි. නුපුරුද්ද විසින් තාරුණ්‍යය මත පවරන ලද විවිධ මායාවන්ගෙන් මා නොසැලූනු අතර එම මායාවන්ගෙන් මම මිඳී සිටියෙමි. කොටින්ම කියතොත්ල මම මා දුටුවේ කුඩා දැරියක සේ වෙස් වලාගෙන සිිටින පලපුරදු දාර්ශනිකයෙකු ලෙසය. ”

” ඔබ අහසේ පාවෙමිනුයි ඉන්නේ…. ඊයම් අඩි තියෙන සපත්තු දෙකක් දාගෙන මහ පොලවට බැස්සොත් හොඳයි…, කියමින් මා අවදි කරන්නට මගේ පියා උත්සාහ ගත්තේය”

“එහෙම නොවුණොත් ඔයා අවදි වෙන්නෙ නපුරු හීනෙකින් වෙන්න පුළුවන්.”

download.jpg

,චිත්‍ර ශිල්පිනියක වෙන්නට මා තීරණය කල විට එකී අවදිවීම පැමිණියේය. ජීවිතයේ පළමු වතාවට මගේ සීමාවන් පිළිබඳ හැඟීමක් මා හට ලැබිණි. මගේ ඉගෙනීමේ කටයුතු වලදී ගණිතය හා නීතිය වැනි මා වැඩි උනන්දුවක් නොදැක්වූ ක්ෂේත්‍රවල පවා එම විෂය ගැටළු වැඩි අපහසුවකින් තොරව විසදුවෙමි. එහෙත් චිත්‍ර ඇඳීම ඇරඹූ පසුල 14034759_1255832537783800_135815621560491350_nකොතරම් එක සිතින් එම කාර්්‍යයට යොමු වුවදල මට එය සාර්ථකව කල නොහැකි විය. මට සියළු ආකාරයේ දුෂ්කරතා සංකල්පමය එමෙන්ම තාක්ෂණික දුෂ්කරතා තිබිණි. බොහෝ වෙලාවට මට හැගුණේ මම බිත්තියක් ඉදිරිපිට සිටගෙන ඉන්නවා බඳු හැඟීමකි. මගේ දුෂ්කරතාවලින් වැඩි කොටසක් පැමිණියේ ජීවත්වීම පිළිබඳව මට බුද්ධිමය අවබෝධයක් තිබුණද ප්‍රත්‍යක්ෂ අත්දැකීම් සම්බන්ධයෙන් නම් මා සමීප වූයේ අඥානයකුටය. ,

මේ ආකාරයට තමන්ගේ ජීවිතය කියැවීමට යමෙක් උත්සාහ කිරීම විශේෂයෙන්ම එය සාහිත්‍යයෙන් ප්‍රකාශ කිරීම විශිෂ්ට අත්දැකීමක් වේ. ප්‍රංශ=වා ශිලො ට තිබූ ඒ හැකියාව ඉදිරියේ පැබ්ලො පිකාසො නොසෙල්වී සිටියා යැයි මම නොසිතමි. තවද මා එසේ පැවසුවේ ඔහු ඇය ඉදිරියේ පසු බසින්නට ඇතැයි යන ආකාරයේ හැඟීමක් මෙන්ම නිරීක්ෂණයක් ඒ කෘතිය විසින් මට ලබාදුන් නිසාය. පිකාසො සමඟ ගැටුම්කාරී : එහි තේරුම ඔහු නිසා ඇය බලාපොරොත්තු ඇති කර ගත්තා මෙන්ම නැති කර ගත්තා ද කියන එකයි.- දිවි පැවැත්මකින් ලද ජීවිත පරිඥානයක් අවසානයේ දී ඇය ලබා ගෙන සිටියා ය.

Francoise-Gilot.jpg

Life with PICASSO නම් කාතිය ඇය අතින් බිහි වන්නේ එහි ප්‍රතිඵලයකA වශයෙනි. මාලනි ගෝවින්න විසින් මගේ පිකාසො නමින් සිංහලට පරිවර්තනය කරන්නේ එම කෘතියයි. ඉහත දැක්වුනු සහ මතු එන උද්ඪෘත ඇගේ ඒ unnamed (1)පරිවර්තනයෙන් ලබා ගත් ඒවාය.

තමා පිකාසො වෙත ඇදී ගිය එක් හේතුවක් ගැන ප්‍රංහ=වා සිලො කරන විස්තරය ජීවිතය කියැවීම නමින් අප ඉහත මතු කල කරුණ සනාථ කරන අපූරු නිදර්ශනක් වැන්න.

, එක් දෙයක් මට ඉතා පැහැදිලි වී තිබිණි. ඒ ඔහු සමඟ අපහසුවකින් තොරව කතාබහේ යෙදීමට මට වූ හැකියාවයි. මගේ පියා සමඟ මම වසර ගණනාවකින් කතා බහක් කොට නොතිබිණි. මගේ වයසේම වූල මා ආදරය කළේ යැයි මා සිතා සිටි පිරිමි ළමයා සමඟ මගේ වූ සම්බන්ධතාවද දුෂ්කර සහ අවුල් සහගතල සහමුලින්ම වාගේ සෘණ දෙයක් විය. හදිසියේම මට වඩා තුන් ගුණයක් වැඩිමහළු පුද්ගලයකු සමඟ ඕනැම දෙයක් කතා කිරීමේ හැකියාවක් ලබා දුන් අවබෝධයක් මා තුල ඇති වී තිබිණි. එය ප්‍රාතිහාර්යයක් බඳු විය. ,

ඔවුන් අතර පැවතියේ කුමන සම්බන්ධතාවක් ද? picasso

එය පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාව දෙදෙනාටම තිබුණා විය යුතුය.

,ඉනික්බිති ඇස් කොනකින් මා දෙස බලමින් ඔහු මෙසේ කීවේය.

– කිසිම දවසක ආදරය නොකර මං මැරිලා යාවි කියලා මට හිතෙනවා –

මම මහ හඩින් සිනා සී මෙසේ කිවෙමි.

– දැන් හිත හදාගෙන ඵලක් නෑ…. ඔබ තවම එතැනට ඇවිත් නෑ…. –

– ඔබට මතකද අපි ඉනි මඟ දිගේ ඉහළට ගිහින් පියසි මුදුන් පෙනෙන වනාන්තරයට ගියාරෑ –

– ඔව් මතකයි. –

– ඒක මම හරිම ආස කරන දෙයක්. ඔබ ඒ කැලේටල එතැනටම වෙලා ඉන්නවා නම් මම දවසට දෙවතාවක් ඔබට කෑම අරගෙන එන්නම්. එහෙ ඉඳගෙන ඔබට නිසොල්මනේ වැඩ කරන්න පුළුවන්. එතකොට මට තියෙනවා කාටවත්ම මගෙන් උදුර ගන්න බැරි රහසක්. රාත්‍රියට අපි ට පුළුවන් ඕනෑ තැනක ඇවිදින්න යන්න. වැඩිය ජනාකීර්න තැන් වලට කැමති නැති ඔබ එතකොට හුඟක් සතුටු වේවි. මොකද ඔබට ලෝකය ගැන නොවෙයි මං ගැනම විතරයි කරදර වෙන්න තියෙන්නෙ.-

pablo-picasso.jpg

ඒක හොඳ අදහසක් බව මා සිතන බව කීවෙමි. එවිට ඔහු නැවත වරක් කල්පනාවට වැටුණේය.

– එAක ඒ තරම්ම හොඳ අදහසක් ද නැද්ද කියලා මම දන්නෙ නෑ. මොකද ඒක මාවත් බැඳ තැබීමක්…. කිසිම නිදහසක් නැතිව ඉන්න ඔබ කැමතියි කියන එකේ තේරුම මටත් ඒ නිදහස නැති වෙනවා කියන එකයි. –

කෙසේ වුවද එම අදහස අතහරින්නට ඔහුගේ කැමැත්තක් නැති බව මට වැටහිණි.JPG_NAMF.00603.057_0026.jpg.1897179

– මා ඇරෙන්නට ලෝකෙ වෙන කව්රුවත්ම නොදැකල ලියමින් හෝ චිත්‍ර අඳිමින් ඔබ මෙහි ජීවත් වෙනවා නම් මම කැමතියි. ඔෙබි වැඩට වුවමනා සියළු දෙයක්ම සපයනවා. අපි අර රහස ඛෙදාගෙන ජීවත් වෙනවා. අපි එළියට යන්නේ අඳුර වැටුණම විතරයි. ඒත් අප අඳුණන කිසිවෙක් මුණ නොගැහෙන තැන්වල. – ,

ප්‍රංශ=වා ශිලොල පිකාසොගේ එම අදහස ගැන සිය මතය මෙසේ ඉදිරිපත් කරයි. එය හුදු නිරීක්ෂණයක් නොව අවබෝධයෙන් කල ප්‍රකාශයක් ලෙසින් ගත හැකියැයි මම සිතමි.

” ඒ මොහොතෙහි ඒ අදහසල අඩු තරමින් කාව්‍යාත්මකව හෝ මට විශාල බලපෑමක් කල බව මා පිළිගත යුතුය. එම ඉහළ කොටසට වී තනිව ජීවත් වීමෙන් මා මඟ හරින්නට කැමති සියළු පුද්ගලයන්ගෙන් මා ඈත් කොට මා ඛෙහෙවින්ම ඇලූම් කළ එමෙන්ම එම අවදියේදී මට ඛෙහෙවින්ම ප්‍රමාණවත් වූ එම පුද්ගලයා සමඟ සිත් සේ තනිවන්ට ඉඩ ලැඛෙනු ඇත. එය ආදරය පිලිබඳ ප්‍රශ්නයක් නොවූවද ඉතා බලවත් අන්‍යෙන්‍ය ආකර්ෂණයක් බවත් එක්වීමේ වුවමනාවත් බවත් මම දැන ගතිමි. ”

828ac3507109d864681662dd884a2830.jpg

සාහිත්‍ය කෘතියක් ගැන අදහස් පල කිරීම අදටත් අප අරගන්නේ විචාරයල රස විඳීම වැනි නිර්දිෂ්ඨ අධ්‍යාපනික තත්වයෙන්මය. ඉන් එහාට ගිය නිදහස් කියැවීමක් ගැන අප දන්නේ නැති තරම්ය. එනිසාම සාහිත්‍යය සහ පාඨකයා අතර දිනෙන් දිනම ඇති වෙමින් පවතින්නේ බරපතල පරතරයකි. මේ එපා කරපු තත්වය නිර්මාණශීලි කියැවීමක් තුලින් පියවා ගැනීම අවශ්‍යම කටයුත්තක් වේ. විශේෂයෙන්ම මෙවැනි කෘතියක් සම්බන්ධයෙන් නම් එවැනි කොන්දේසියක් අනිවාර්ය වේ. තවද එය සාමුහික ප්‍රයත්නයක් මගින් ගොඩ නඟා ගත යුතු ජාතික කර්තව්‍යයක් වශයෙන්ද මම සළකමි.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s