ආසියාවේ සප්ත මහා ගංගා සිඳී භූමියෙන් තුනෙන් දෙකක් නිරුදක වෙයි

72115297149everest

ලෝකයේ දෙවන අයිස් ගබඩාව හිමාලයයි. ජල සංචිතයයි. හිමාලය නම් ඒ මහා හිම කලාපය ස්වභාව සෞන්දර්යයේ පාරාදීසයක් ද වේ. එහෙත් පසුගිය දා නේපාලයේ ඇතිවූ භූ කම්පන හේතු කොටගෙන හිමාලය ද කඩා හැලුණේ ය. ඒ මහා හිම තට්ටුවලට යට වී මිනිස් ජීවිත වැනසී යාම වූකලී අනාගතයේ ආසියානු මහාද්වීපය මුහුණදෙන පාරිසරික අර්බුදයේ පෙරනිමිත්තක් ද?

හිමාලයේ විනාශය ආරම්භ වූයේ මීට බොහෝ කාලයකට පෙරය. ලෝකයේ පළමු අයිස් ගබඩාව වන උත්තර ධ්‍රැව කලාපය සමඟ දෙවන අයිස් ගබඩාව වන හිමාලය ද ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හමුවේ අස්ථාවර වෙමින් පවතින්නේ යැයි ලෝක පරිසර විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ අද ඊයේ සිට නොවේ.

හිමාලයේ අයිස් පර්වත ගෝලීය උෂ්ණත්වය හමුවේ දියවීම තුළ ඇත්තේ, අයිස් දියවීම යන පාරිසරික සංසිද්ධිය පමණක් ම නොවේ. පාරිසරික සිද්ධි ජාලයක් මේ අයිස් දියවීම හරහා නිර්මාණය වන ආකාරය ඒ පිළිබඳව කරුණු හැදෑරූ විද්‍යාර්ථීන් විසින් සිය පරීක්ෂණ වාර්තා මඟින් පෙන්වා දෙනු ලැබ තිබේ.

Everest_North_Face_toward_Base_Camp_Tibet_Luca_Galuzzi_2006_edit_1

ඉන්දියාවේ – චීනයේ සප්ත මහා ගංගා

ආසියානු මහාද්වීපයට අයත් ප්‍රධාන ගංගා කිහිපයක්ම ඉන්දියාව සහ චීනය අතරින් ගලා බසියි. ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, සැල්වින්, මීංකොං, යැං සිකියැං සහ කහ ගංගාව ප්‍රධානය. හිමාලය දියවෙනවා යැයි කියන්නේ ඉහත දැක්වූ සප්ත මහා ගංගාවන් ද නියත වශයෙන් ම සිඳී යනවා ය යන්න යි. එසේ ඒ ගංගා හත සිඳී යෑම හමුවේ අනාගතයේ දී ආසියානු මහාද්වීපයේ 3/4 ක ප්‍රදේශයක් කාන්තාරකරණය වීමේ අවදානමක් ද නිර්මාණය වෙමින් පවතී. එය නොවැළැක්විය හැකි පාරිසරික අවදානමක් වශයෙන් ද හඳුනාගෙන තිබේ.

පසුගිය දා සිදුවූ භූ කම්පනයට අසු වී කඩා වැටුණු හිමාලය ඒ වන විටත් ඉහත කී දියවීමේ ක්‍රියාවලියට නතු වී පැවැතුණි. වඩාත් පැහැදිලිව කියතොත් අද මේ මොහො‍ෙත්ත් හිමාලය පවතින්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ සංසිද්ධිය තුළ දියවී යන ක්‍රියාවලියට යටත්වය. වර්ෂයකට මීටර් දහයක් හෝ පහළොවක ප්‍රමාණයකින් ඒ දියවීම සිදුවන බව පරිසර විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ. ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ එසේ දියවෙන අයිස් කුට්ටි ජල ගොබ ලෙසින් පහළට ගලා ඒම ද වැළැක්විය නොහැකි බවයි. ඒ අනුව ඉහළ යන මේ අයිස් දියවීම නම් තත්ත්වය හමුවේ ඉන්දියාව සහ චීනය නිරන්තර ගංවතුර ආපදාවන්ට ගොදුරු වීම ද නතර කළ නොහැකි වනු ඇත. ඒ අනුව ලෝක උෂ්ණත්වය, පවතින තත්ත්වයෙන් එහාට තවදුරටත් ඉහළ යෑමෙන් සිදුවන්නේ කෙටි කාලීනව ඉන්දු චීන කලාපය බරපතළ ගංවතුර අවදානමකට මුහුණ දීමයි. නමුත් දිගුකාලීන තත්ත්වය ඊට වෙනස් ය.

himalaya1_cs

නේපාලයේ උෂ්ණත්වය උග්‍ර වෙයි

ඉහත කී සප්ත මහා ගංගාවල ජල පෝෂක ප්‍රදේශය වශයෙන් පවතින්නේ හිමාලයයි. එසේ බැලු කල හිමාල ජල සංචිතය දිගින් දිගට ම ගලා ගොස්, අවසානයේදී ජල පෝෂක ප්‍රදේශයක් වශයෙන් අවම තත්ත්වයට යෑම තුළ ආසියානු මහාද්වීපයේ ප්‍රධාන ගංගා හතක ස්ථිරසාර පැවැත්ම නියත වශයෙන්ම අහෝසි වෙයි. මේ තත්ත්වය වඩාත් උග්‍ර කරන තවත් කරුණක් පරිසර විද්‍යාඥයින් පසුගිය දිනවල සොයා ගෙන තිබේ. මේ වන විට භූ කම්පනයෙන් විනාශයට ගොස් ඇති නේපාලය තුළ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවැතීම ඒ අලුත් ම තත්ත්වයයි. එය ආරම්භ වන්නේ භූ කම්පනයට පෙර සිටමය. ඒ අනුව නේපාලය තුළ පවත්නා උෂ්ණත්වය වාර්ෂිකව අංශක 0.06 කින් ඉහළ යන බව අනාවරණය කරගෙන තිබේ. එය අසමාන තත්ත්වයකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් නේපාල භූමියේ ගලා බසින ගංගා තුනක ජල ධාරිතාව කැපී පෙනෙන අයුරින් පහළ යෑමක්, මේ වන විටත් සිදු වෙමින් තිබේ. එසේ ගත් කල ලෝක බලවතුන් විසින් සිදු කෙරෙන්නා වූ පාරිසරික අපරාධවල අහිංසක ගොදුරු බවට නේපාලයත් හිමාල අඩවියත් පත් වෙමින් තිබේ.

හෝර්ටන්තැන්න මියයෑමේ තර්ජනයක්

අසල්වැසි ඉන්දීය කලාපයේ සිදු වෙමින් පවත්නා ඉහත කී පාරිසරික ව්‍යසනයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ද ඇති වෙමින් පවතින වෙනස්කම් අමතක කිරීම නො වටී. ඒ අනුව මෙරට උස්ම තැනි බිම වන, වලාකුළු වනාන්තර අතරට ගැනෙන සංවේදී පාරිසරික කලාපයක් වන මහඑළිය තැන්න හෙවත් හෝර්ටන් තැන්න මිය යමින් පවතින්නේ දැයි සැක මතු වෙමින් තිබේ. මහ එළිය තැන්න යනු යටත්විජිත යුගයේ දී අලි ඇතුන් විසු ඝන වනාන්තරයක් බව නින්දාසහගත චරිතයක් ඇති සුදු ජාතික දඩයක්කාරයකු වූ සැමුවෙල් බේකර්ගේ සටහන් පෙන්වා දෙයි. නමුත් අද ඒ තැනිබිමේත් අවට වන පෙතේත්, කඳුවැටිවලත් ඇති ශාක ගහනය සියයට පනහක පමණ ප්‍රතිශතයකින් අර්ධ මිය යෑමකට ගොදුරු වෙමින් පවතින බැව් හඳුනාගෙන තිබේ.

මියයන වනයෙන්ම නව ශාක පද්ධති

5574797230_cb70832790_o

කෙසේ වෙතත් මේ තත්ත්වය මීට පෙර යුරෝපයේ ද දක්නට ලැබුණේ යැයි පවසන අය ද වෙති. ඒ අනුව ඒ Ornaments-in-the-Himalayas-600x600තත්ත්වය කාලයත් සමඟ යළි ප්‍රකෘති තත්ත්වයට පත්වනු ඇතැයි යන මතයක් ද ඔවුහු ඉදිරිපත් කරති. මේ අයුරින් වනාන්තර මිය යෑම ලෝක පරිසර පැවැත්ම තුළ සිදු වූවක් බවත්, එසේ මිය යන වනය තුළින් ම නව ශාක ගහනයක් ක්‍රමානුකූලව ගොඩනැ‍ඟෙන බවත් යුරෝපයේ සිදු වූයේ ද එවැනි ම ක්‍රියාවලියක් බවත් උක්ත මතය සනාථ කිරිම වෙනුවෙන් අදහස් පළවෙමින් තිබේ.

හෝර්ටන් තැන්නේ ශාක මියයෑම පොළොව මතුපිටින් මිස අභ්‍යන්තරයෙන් සිදු නොවන්නක් ය යනුවෙන් ද මතයක් ඇතැමුන් තුළ තිබේ. ඇතැම් වාර්තාවලට අනුව එසේ මතු පිටින් මියගිය පඳුරුවල මුල් මනා ජෛවමය ශක්තියකින් යුක්ත බව දැකිය හැකි වේ. කෙසේ වෙතත් මිය යන ශාක ප්‍රජාවටත් වඩා භයානක වන්නේ නව ශාක ගහනයක ලකුණක්වත් දකින්නට නොලැබීමය යනුවෙන් මුල් කාලයේ දීම පෙන්වා දුන්නේ පරිසරවේදී හොෆ්මන් යැයි සිතමි. ඔහු කලක් වන සත්ත්ව හා සොබාදහම් ආරක්ෂක සංගමයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

හෝර්ටන් තැන්නට වෙනම කාලගුණ වාර්තා

හෝර්ටන් තැන්නේ මේ මිය යාම මීට කාලයකට පෙර සිට ම ආරම්භ වූවක් යැයි පවසන ඔහු එය මේ තරම් වේගවත් වෙතැයි එදා කිසිවකු කල්පනා කොට නැතැයි ද පෙන්වා දෙයි. ඒ නිසා තව කල් නොයවා ම මේ තත්ත්වය හඳුනා ගැනීමේ සහ දිගින් දිගට ම නිරීක්ෂණ කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරයි. එහි දී පරිසර කලාපය තුළ උෂ්ණත්වයේ වෙනස්වීම්, ආර්ද්‍රතාව, සුළ‍ඟේ වේගය, මීදුම ආදිය සම්බන්ධයෙන් හෝටර් තැන්නට අදාළව වෙනම කාලගුණ වාර්තා කැඳවීමක් අවශ්‍ය වී තිබේ. මක් නිසාද යත් පොදුවේ සිදු කෙරෙන කාලගුණ නිරීක්ෂණ වාර්තාවලින් නිසි හැදෑරීමක් (අදාළ ප්‍රදේශය සම්බන්ධයෙන්) සිදු නොවන හෙයිනි.

287008612080

හෝර්ටන් තැන්නට වෙනම කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක අවශ්‍යතාව හොෆ්මන් ඇතුළු පරිසරවේදීන් කාලයක සිට ම පෙන්වා දෙන්නේ එවැනි පසුබිමකය.

ඔවුන් එසේ පෙන්වා දී ඇත්තේ ද මේ තැනි බිමේ උෂ්ණත්වය සාමාන්‍ය නොවන ආකාරයෙන් වෙනස්කම්වලට ලක් වෙනවා දැයි යන්න නිශ්චිතවම හඳුනා ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙනි. එය එසේම කලාපීයව සිදුවන පාරිසරික වෙනස්කම් ලොව සංවේදී ම කලාපයක් වන මේ තැනි බිම පෙන්වා දෙමින් සිටිනවා ද යන්න ගැනත් අදහස් පළ වී ඇත. කෙසේ වෙතත් ඒ සියලු අදහස් ද සමඟ ඒ සංවේදී තැනි බිම නිර්දය ඉරණමක් කරා තල්ලු වෙමින් පවතින්නේ ය යන්න තවදුරටත් සඟවා තැබිය හැකි නොවේ.

බී. කේ. එම්. එස්. ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s