තොරතුරු සන්නිවේදනයෙන් එහාට ගිහින් කල කතා බහක්.

531187_215767861879521_396524747_n

මේ කතාව ඇති වුණේ තරමක් අපිරිසිදු එතරම් ප්‍රිය මනාප නැති වටපිටාවක් සහිත පරිසරයකයි. කතාව වුණත් ප්‍රසන්න අන්තර්ගතයක් ඇති එකකැයි සිතිය නොහැකියි. දරිද්‍රතාව කියන්නේ එයටයි. රට තුලත් ජාතික ආකල්ප තුලත් ඇති එකම අන්තර්ගතය බවට පත්ව ඇත්තේ ඒ දරිද්‍රතාවයි.

මං හිතන්නේ අපේ රට දූපතක් වශයෙන් පිහිටීම නිසාම ඉතිහාසයේ මුල ඉඳලම අපි සීමිත ජන කොටසක් බවට පත්වෙනවා. දේශ සීමාවකින් පැනල ඇවිත් එවැනි අවම මට්ටමකින්වත් අළුත් දෙයක් අපට ලැඛෙන්නේ නැහැ. ඒ නිසා සීමිත ඉඩ අවකාශයක් තුල අපි අසීමිත මානසිකත්වයක් වර්ධනය කරගෙන ඉන්නවා. එහෙම කියන්නෙ පරාක්‍රම ඒකනායක.

මේ තමයි කොදෙව් මානසිකත්වය. අසූවෙ දශකයෙ සමහර විට ඊටත් කලින් ඉඳළම අපි මේ ගැන කතා කරල තියෙනවා. ඒත් කිසිම වෙනසක් නැහැ. එදා වගේමයි අදත්. අපි පුරුද්දට වගේ ඔහේ ජීවත් වෙනවා. වෙනසක් හඳුනන්නෙ නැහැ. මෙය කොයිතරම් හිස් කමක්ද කියන එකවත් අපට දැනෙන්නෙ නැහැ. අපි හරි ඉක්මනට දෙයක් අමතක කරනවා වගේම පවතින තත්ව වලට හුරු වෙනවා. ඊට පස්සේ පුරුද්දට ජීවත් වෙනවා. එහෙම කිව්වෙ මමයි.

දැන් මෙහෙමනෙ මොහාන්. පරාක්‍රම කීය. ඉස්සර ඉඳළම මේ රටට ඇතුල්වීම වගේම පිටවීම සිදුවුණෙත් ආක්‍රමනයක් හැටියටයි. ඒ නිසා පිටස්තරයා සමඟ ඉතිහාසයේ මුල ඉඳළම අපට තිබුණෙ අප්‍රකාශිත විරෝධයක්. අන්තිමේදී ඉංග්‍රීසි පාලනය එනවා. එතැනදී තත්ව දෙකක් දකින්න ලැඛෙනවා. මුල දී විරෝධය. ඊට පස්සෙ හුරුවීම. ඒ අනුව අපි තීරණය කරනවා අපි – අපි වෙනවට වඩා අනුන් වීම වඩා පහසුයි කියලා. ඒ වගේම වාසියි කියලා.

6993e1238375242d2b2b772a1e727614

මේ පහසුව හා වාසිය ඊට පසුව අපිව ගෙනියන්නෙ සුබසාධනවාදී සමාජ ආර්ථීක පැවැත්මකටයි. මම එහෙම කිව්වා. එතැනින් එහාට දිගටම අපි සුබසාධනයම ඉල්ලා සිටිනවා. නිෂ්පාදනයක් නැහැ. ස්වයං පැවැත්මක් නැහැ. ඉල්ලා සිටීම පමණයි හැමවිටම දකින්න ලැඛෙන්නෙ. මේ තත්වයම තමයි අපේ ආකල්ප නිර්මාණය කරල තියෙන්නෙ. ඉංග්‍රීසි පාලනය ඇතුලේ අපි තවතA දෙයකට හුරු වෙනවා. ඒ තමයි වැටුපකට සේවය කිරීම. තමන් වෙනුවෙන් නිර්මාණාත්මක සහ නිෂ්පාදන අවකාශයක් ඇති කර ගන්නවා වෙනුවට වැටුපක් යටතේ ජීවත්වීම අවදානමකින් තොරය යන්න අපි අපේ ජාතික ආකල්පය බවට පත් කර ගන්නවා. අදටත් අපි ඒ නිසාම නිෂ්පාදන මූලික ආකල්පවලින් තොරයි. නිර්මාණාත්මක චින්තනයෙන් වඳයි. ඔබ පවසන අන්දමට වෙනසක් වෙනුවෙන් වෙහෙසෙන එක අනවශ්‍ය අවදානමක් හැටියටයි අපි අරගෙන තියෙන්නේ.

ඒ ගැන පරාක්‍රමගේ අදහස වූයේ මෙයයි.

ඔව්. ඒක එහෙම තමයි. මා ගැනම ගත්තොත් මගේ ක්ෂේත්‍රය ඇතුලේ මගේ ප්‍රකාශන හැකියාව අත් හිටුවා තිඛෙනවා. මෙවැනි අත්හිටුවීම් හරි භයානකයි.

මෙතැන් සිට ඒ සම්බන්ධයෙන් ඇතිවූ සාකච්ඡාව ප්‍රශAනෝත්තර ක්‍රමයට පහතින් දැක්වේ.

ප්‍රශ්නය – arttv
කලාව. ඔබ කියනවා එයට Art එක කියලා.

ඒක මෙහෙමයි. ඉංග්‍රීසියෙන් Bus කියන හඳුන්වාදීම අපි ගන්නෙ බස් එක කියලයි. සිංහල මධ්‍යම පන්තිකයන් සුළුතරයක් එය බසය නමින් හැඳින්වුවත් පොදු ව්‍යවහාරය ඉදිරියේ අදටත් එය ආගන්තුකයි. අපි කවුරුත් තවම හඳුනන්නේ බස් එක මිසක් බසය නෙවෙයි.

ප්‍රශ්නය –
ඔබ කියන ඔය Aරඑ එක පොදු ව්‍යවහාරය වුණත් එය ඉදිරිපත් කිරීමේදී presentation එකක් අවශ්‍ය වෙනවා. ඒත් සමඟම අනිවාර්යයෙන්ම මාධ්‍යය භාවිතාවක්ද තියෙනවා. අද වන විට එය සෑහෙන දුරකට ටෙලිවිෂන්කරණය වී ඇතැයි මා කීවොත්……

පිළිතුර –
ටෙලිවිෂන් මාධ්‍යය අපට ලැඛෙන්නේ 80 දශකයේදී. එදා එය ලාංකික අනන්‍යතාවයෙන් ගිලිහුණේ නෑ. මා හිතනවා එදා එහි සිටි ප්‍රධානීන් රීතියක් හැටියටත් එය රැක ගත්තාය කියලා. අපේකමල අපේ මිනිසුන්ගේ ජීවිතවලට සමච්චල් නොකිරීම ඒ රීතිය තුල කැපී පෙණුනා. එදා ඒ ටෙලිවිෂන් මාධ්‍යය ඇතුලෙ හිටියෙත් පුරොගාමි මිනිස්සු. අදට සාපේක්ෂව බලන කොට එය වඩාත් තදින් දැනෙනවා. මේ තත්වය ක්‍රමානුකූලව වෙනස් වෙන්න පටන් ගත්තේ අනූවෙ දශකයේ සිටයි. ඒ වෙනස්වීමට අනුව සංස්කෘතිය හා පැවැති බැඳීම් පලවා හැරීම රීතියක් හෝ නීතියක් වන තැනටම ඒ වෙනස්කම් සිදුවුනා. බැලු බැල්මටම සාහසික යැයි සිතුණත් එය වළක්වාගන්න අපට බැරිවුණා. විශේෂයෙන්ම සාහිත්‍යය ටෙලිවිෂන් එකට නොගැලපෙන භාවිතාවක් වුණා. සාහිත්‍ය කෘතියක් ටෙලිවිෂන් එක ඉදිරියේ කියවීම හාස්‍යයක් මෙන්ම නොගැලපෙන ප්‍රසන්ටේෂන් එකක් ද වුණා.

c
Parakrama Ekanayake

ප්‍රශ්නය –
ක්ෂේත්‍රයේ සිටි ඔබට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් තිබුණාද?

පිළිතුර –
මෙහෙමයි. මම පත්තර අකුරු අතරේ හීන දැකපු මිනිහෙක්. ඒ කාලේ මතයක් තිබුණා ටෙලිවිෂන් රූපාවලිය තුල දුර රූපය යොදා නොගත යුතුයි කියලා. තිරයේ සීමාව විසින් ටෙලිවිෂන් කැමරාව සමීප සහ මධ්‍යම රූපවලට පමණක් සීමා කරලයි තිබුණේ. ඒත් ඒ විදිහට දුර රූපය නොසලකා හැරීම ගැන මම ඒතරම් කැමති වුණේ නැහැ Art එක ඉදිරියේ එවැනි සම්මත සීමා කෙරෙහි ඕනවට වඩා විශ්වාසයක් තබන එක ගැන අදටත් මගේ කැමැත්තක් නැහැ.

ප්‍රශ්නය –
ඒ Art එක. එතකොට එක. එතකොට එක?

පිළිතුර –

කලාව වෙනුවෙන් සංස්කාතියත් ඒ සංස්කෘතිය ඇතුලෙ කලාවත් පවතිනවා. මේවා වෙන වෙනම හුදකලාව පවත්වා ගන්න බැහැ. සාහිත්‍ය කෘතියක් – සාහිත්‍ය විචාරයක් ප්‍රසන්ට් කරන්නේ කොහොමද කියන අත්හදා බැලීම එතැනදී මම සිදු කරනවා. අවසානයේදී ටෙලිවිෂන් එක ඇතුලෙන් සාහිත්‍ය විචාරකයෙක් ප්‍රසන්ටර් කෙනෙක් හැටියට බිහිවෙනවා. මේ හැම දෙයක්ම කලින් බැහැයි කියපු දේවල්.

ප්‍රශ්නය –

Coffee Shop සාකච්ඡාවක් විදිහට මෙය දුටුවොත් ඔබට පිළිතුරක් තියෙනවද?

coffee-shop.jpg

පිළිතුර –
එහෙම හිතන අයට එහෙම හිතන්න පුළුවන්්. ඒත් එය මුළුමනින්ම බටහිර සංස්කෘතියට අදාලයි. අපිට ඒක අපේ කෝපි කඩේ ඇතුලෙ කරන්න බැහැ. ඒ දෙකේ වෙනස අහසට පොළොව වගේ. ඔබම දන්නවා අපි ඒ සාහිත්‍ය විචාරය එතැනින් එහාට ගෙන ගියා කියලා. නමුත් මෙවැනි අත්හදා බැලීම් වලට බොහෝ අය අදටත් බයයි.
ඔබ කියන Coffee Shops ඇතුලෙ සමාජගත සංවාදයක් නෑ. වෙනස් අදහස් ඇත්තවුන්ගේ කුලකයකට ඒවා සීමා වෙනවා. නමුත Cult එකට එහෙම සීමා නීර්ණ තිබුණෙ නෑ. ආකෘතිමය වශයෙන් වගේම අන්තර්ගතික කියැවීමෙනුත් අපි වෙනස් ඉමකට ගියා. ඒත් පොදු සමාජගත වීමෙන් ඉවත්වුනේ නෑ.

එය Life Style කියැවීමක් කියාද විතර්කයක් ගෙන එන්න පුළුවන්. ඒ වචනය කොහොම වුණත් කියැවීම ජීවිතයත් සමඟ ඉදිරියට ගෙන යෑම ප්‍රේක්ෂකයා හෝ පාඨකයා කල යුතු දෙයක්. සමහර විට එය ඔවුන්ට පැවැරුමක් විදිහට පැවරෙන්නත් පුළුවන්. ප්‍රසන්ට්ර් කෙනෙකුට මේ අවබෝධය තියෙන්න ඕන. එතැනදී ජනමාධ්‍යයේ සාම්ප්‍රදායික හඳුනාගැනීම වන තොරතුරු සන්නිවේදනය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. උදාහරණයක් හැටියට ටෙලිවිෂන් එක මේ සාම්ප්‍රදායික සීමාව ඇතුළෙ හුදෙක් නැරඹුම් සංසිද්ධියක් බවට පත්ව තිඛෙනවා. එතකොට එතැන තියෙන්නේ ගමනක් දරෑ නැවතීමක් දරෑ

අපි යාපනේට යනවා. එහෙම යන්නෙත් දැකල නැති ප්‍රදේශයක් නරඹන්න. එහෙම මිසක් ඒ ජන සංස්කෘතිය කියවා ගැනීමේ අරමුණක් අපිට නැහැ. වන්දනා ගමනක මානසිකත්වයෙන් මෙහාට අපි තවම ඇවිත් නැහැ.

 

the-coffee-shop-lunchbox

ප්‍රශ්නය –
මේ වනාහි පරිණාමය නොවූ තත්වයක් යැයි මා කියනවා. මෙතැනදී මාධ්‍යය භාවිතාව වුණත් කිසිම වැදගැම්මකට නැති විමසීමක් හා ගවේෂණයක් නැති ව්‍යායාමයක් බවට පත්ව තියෙනවා.

පිළිතුර –
මේ තමයි අපේ පුරුද්ද. අපි තොරතුරු හොයනවා. ඒත් නිරීක්ෂණයක් නැහැ. අපි තොරතුරු වාර්තා කරනවා. ඒත් ගවේෂණයක් නැහැ. පිරිහීම පැහදිලියි. මාධ්‍ය සංස්කෘතිය තියෙන්නේ කොතනද කියලා මාධ්‍යකරුවොවත්් අද දන්නෙ නැහැ. ස්වයං මෝහනය ස්වයං වරදවා වටහා ගැනීම ස්වයං අධ්‍යයනයකින් තොරවම පිළිගන්නා තැනකටම ඒ පිරිහීම ගමන් කරලා තියෙනවා. නමුත් මාධ්‍යය නැතිවෙන්නේ නැහැ. එය වෙනස් මානයන් සොයා යාවි. මාධ්‍යය හැසිරීම නැති කරන්න බෑ. ඒ තුලට වෙනස්් මිනිසුන් පැමිණේවි.

ප්‍රශ්නය –
ඊට සාපේක්ෂව අද …..

පිළිතුර –
අද හැම කෙනෙක්ම බලන්නෙ පැලවෙන්න කලින් පිපෙන්න. උත්සාහ කරන්නේ කාගේ හරි දෑතකින් පිදෙන්න. මේක විකෘතියක්.

සාකච්ඡා කළේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

2 thoughts on “තොරතුරු සන්නිවේදනයෙන් එහාට ගිහින් කල කතා බහක්.

  1. obe dekma pilibanda agaya karanawa. eth me gena vivechanathmaka adahasak denna tharam ma thula vishaya denuma nomethi weema gena kanagatui. Obata jaya pathami!!!

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s