දෙවියන්ගේ නාමයෙන් උපන් විස (රස) දිය.

Mercury-27128

හයිඩ්‍රාජිරම් යන ලතින් බසින් රසදිය හැඳින්වෙන්නේ රිදී වතුර යන අර්ථයෙනි. එහිදී ජිරම් යනු රිදී පාටයි. හයිඩ්‍රා වතුරට කියන නමයි.Hg යන විද්‍යාත්මක නාමයේ අක්ෂර දෙක සෑදී ඇත්තේ ද ඒ අනුවය. නමුත් එය ලෝක මට්ටමින් භාවිතා වන්නේ මර්කරි යන නමිනි. මර්කරි යනු රෝම දෙවියකුගේ නමකි. එසේ දෙවියන්ගේ නාමයෙන් එය හැඳින්වීමට හේතුව ඊට යම් උසස් ප්‍රභූ තත්වයක් හිමිවීම නිසාය. මිය ගිය පාරාවෝ රජ කෙනෙකුගේ දේහයක්ද 37b041e9-2ad9-4502-8f15-da507995cde1රසදියෙහි ගිල්වා තිබුණු බවක් සඳහන්ය. එමෙන්ම රසදිය මනා සෞඛ්‍ය තත්වයක් ඇති කරනල කැඩුම් බිදුම් සුවපත් කරනල රුව වඩවන ඖෂධයක් ලෙසින් ද ඉතිහාසයේ සඳහන් වෙයි. එහෙත් මෙය ඇත්තක් දරෑ

නූතන වෛද්‍යවරු පෙන්වා දෙන අන්දමට නම් කුමන ආකාරයකින් හෝ දිගුකාලීනව රසදියට අනාවරණය වීම මධ්‍ය ස්නායු පද්ධතියට අනතුරුදායකය. එමෙන්ම මාංශ පේශිවල ගැස්මල පෞරුෂත්වය හීනවීමල අමතකවීමල නිතර නිතර ලෝහමය රසක් දැනීමල දත්මුල් දියවීමල ආහාර ජීර්ණයේ ආබාධල කුෂ්ඨ රෝගල මොළය හා වකුගඩු සම්බන්ධ ආසාදන රසදිය නිසා ඇති වන අහිතකර ප්‍රතිවිපාක ලෙස හඳුනාගෙන තිබේ.

පාසැල් විද්‍යාගාර

පොදුවේ ගත් කල අපේ පාසැල් පද්ධතිය තුල ඇති විද්‍යාගාරවල තැන්පත් කොට ඇති රසායන ද්‍රව්‍ය ආරක්ෂිතව පවතීද යන්න පිළිබඳව සැක මතු වී තිබේ. ඒ වෙනුවෙන් විධිමත් රසායන ද්‍රව්‍ය කළමනාකරණයක් අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් සිදු කොට ඇති නිරීක්ෂණ කිහිපයක් ද පහත දැක්වේ.

– බොහොමයක් පාසැල්වල එම රසායන ද්‍රව්‍ය තැන්පත් කොට ඇත්තේ අවම වශයෙන් ලේබලයක් හෝ නැතිවය.d983f0b89ec113e85f9fd13a1f4e8fe6

– පරිහරණයේදී ඒ ඒ රසායනිකයන් අවට වාතයට එකතු වන ආකාරයල ඒවා ශරීර වලට ඇතුළත් වීම සම්බන්ධයෙන් මෙන්ම බලපෑම් ගැන බොහෝ සිසුන් මෙන්ම ගුරුවරුන් දක්වන්නේ අවධානයකට වඩා අනවධානයකි.

– මෙසේ තැන්පත් කොට ඇති රසායන ද්‍රව්‍ය අතර ඇතැම් විට වසර 50 කටත් වැඩි රසායන තැන්පතු ද ඇති බවට හඳුනාගෙන තිබේ.

විශේෂයෙන්ම රසදිය දිගින් දිගටම ශරීර ගත වීම වෛද්‍යවරු අනුමත කරන්නක් නොවේ. පාසැල් විද්‍යාගාරවලදී ඇතැම් ළමුන් ප්‍රතිඵල ගැන නොසිතාම රසදිය බිඳු අතට ගන්නා අවස්ථා ද තිබේ. එසේ ශරීරයේ තැවරීම නිසා සමේ වර්ණය අළු පැහැයක් ගැනීමට පුළුවන. එය ශරිරගත වීම තුල ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ප්‍රජනන හැකියාවන් දුර්වල කරන බවද සොයා ගෙන තිබේ. පෙනීමේල ශ්‍රවනයේ දුර්වලතා මෙන්ම පක්ෂගාතයල පිළිකා සිතීමේ හා අවධානයේද දුර්වලතාල කළල වර්ධනයේ විකෘතිතාල මෙන්ම බුද්ධි හීනතා ද ඒ අතරට ඇතුලත් විය යුතුය. ඒ හැරුණු කල රසදිය ශරීරගත විමෙන් ප්‍රතිශක්තිකරණයටද බාධා ඇති විය හැකි බව වෛද්‍ය මතයයි.

රසදිය යනු ස්වභාවිකව පවත්නා බැර ලෝහයකි. රසදියවල සංයෝගයක් වන මෙතිල් මර්කරි සහ ඩයිමෙතිල් මර්කරි යන විශේෂ වඩාත් විෂ සහිත බවට හඳුනා ගෙන තිබේ. එවැනි විෂකාරක රසදිය සම මත තැවැරුණහොත් එය සම විනිවිද ගොස් රුධිරයට එකතුවන බවත් ඒ ඔස්සේ මොළය සහ ස්නායු පද්ධතියට හානි පැමිණිය හැකි බවත් යන මේ කරුණු තවදුරටත් රහස්‍ය දතAත නොවේ.

p02z7zf6

කසල අපද්‍රව්‍ය සමඟ රසදිය

විධිමත් කසල කළමණාකරනයකින් තොරව බැහැර කෙරෙන අපද්‍රව්‍ය නිසා රසදිය භූගතවීම වැළැක්විය නොහැක. පළාත් පාලන ආයතන මේ සම්බන්ධයෙන් සැලකිලිමත් නොවිම ගැන මධ්‍යම පරිසර අධිකාරියට පවා පිළිගැනීමට Mercuryසිදුව තිඛෙන බව අපි දනිමු. විශේෂයෙන්ම රෝහල් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී මීට අදාලව වඩාත් සැලකිලිමත් විය යුතුය. උදාහරණයක් ලෙස ඉවත දැමෙන උෂ්ණත්වමානයක අඩංගු රසදිය ප්‍රමාණය මිලි ග්‍රෑම් 0.6 කි. නමුත් අක්කර 20 ක ජලාශ්‍රයක් දූෂණය වීමට මිලි ග්‍රෑම් 0.1 ක් ප්‍රමාණවත් යැයි පැවසේ. ධීවර ක්ෂේත්‍රයේ වටිනා මත්ස්‍ය විශේෂයක් වන ටූනා මත්ස්‍යයා රසදිය සහිත ආහාර දිගින් දිගටම අනුභව කිරීමෙන් ඊට අනුගත වී සිටී යැයි හඳුනාගෙන තිබේ. ඇතැම් පරීක්ෂණ වාර්තාවලට අනුව එසේ අන්තර්ගත ප්‍රතිශතය ඉහළ අගයක් ද ගනියි. රසදිය භූගත වීම හේතු කොට ගෙන එක් අතකින් පානීය ජලය දූෂණය වීමත් අනික් අතින් කීර කොටු ඇතුළුව කෘෂිකාර්මික බෝගවලට හානි පැමිණීමත් නොවැලැක්විය හැකි තැනකට පැමිණ තිබේ. පොලොවේ තණ වැස්ම ද රසදිය උරා ගැනීම අපහසුවකින් තොරව සිදු කරයි. විශේෂයෙන්ම එවැනි තැන්හි වෙසෙන කිරි හරකුන් ඒවා ආහාරයට ගැනීම නිසා ඔවුන්ගෙන් ලැඛෙන කිරි රසදිය සහිත විය හැකි බවට අනුමාන කොට තිබේ. මේවා විධිමත්ව සොයා බැලිය යුතු කරුණුය.

e-PERIODIC-TABLE.ai

රසදිය ඖෂධයක් ද?

දන්ත ඖෂධ නිෂ්පාදනයේදී පිළිගත් මාධ්‍යයක් වශයෙන් රසදිය යොදා ගැනීම විවේචනයට ලක්වී තිබේ. විශේෂයෙන්ම ඇසට යොදන බිංදු ඛෙහෙත් දරුවන්ගේ ඉකිලිවල කුෂ්ඨ රෝග සඳහා මෙන්ම මානසික රෝග ප්‍රතිකාර සඳහාද රසදිය අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගන්නේ යැයි පෙන්වා දී තිබේ. අද දවසේ මෙය ආයුර්වේදයටත් පොදුය. මෙසේ අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගැනෙන රසදිය අවසානයේදී අපද්‍රව්‍යයක් ලෙසින් එකතු වන්නේ පරිසරයටයි. තවද ඇතැම් ගෘහ උපකරණ හරහා ඉතා පහසුවෙන් රසදිය ශරීරගත වීම වැළැක්විය නොහැකි තැනක පවතී. ඒ තරම් අවධානයක් යොමු නොකළාට ආදාහනාගාර හරහාත් රසදිය පරිසරයට එකතු වීම සිදුවේ. අනික් අතින් ගත් කල ලෝක මට්ටමින් ගල් අඟ=රු භාවිතාව ප්‍රතික්ෂේප කරන්නට හේතු වූ එක් ප්‍රධාන සාධකයක් නම් රසදිය විෂ කාරකයයි. එම බලාගාරවලින් පිටවන අපද්‍රව්‍ය වලින් 65්‍ර ක්ම රසදිය අපද්‍රව්‍ය බවට හඳුනාගෙන තිබේ. ඒ හැරුණු කල බොර තෙල් පිරිපහදු කිරීමේදීත්ල රත්‍රන් නිෂ්පාදනයට භාවිතා කරන උඳුන් වලිනුත් රසදිය පරිසරයට එකතුවීම නොනැවතී සිදුවෙයි. මළ අපද්‍රව්‍ය පිළිස්සීම සිමෙන්ති නිෂ්පාදනය රසදිය පරිසරයට එකතු කරන වෙනත් කටයුතු වේ.

151884-004-56A7D175

මෙවැනි පසුබිමක රසදිය මාධ්‍යයක් වශයෙන් යොදාගන්නා භෞතික විද්‍යා උපකරණ තවදුරටත් එසේ නිෂ්පාදනය නොකොට ඩිජිටල් මාධ්‍යයෙන් නිෂ්පාදනය කිරීමට ලෝකය කටයුතු කරමින් සිටී. ප්‍රශ්නය වන්නෙ එවැනි සංවර්ධනීය පසුබිමක අප සිටින්නේ කොහෙද කියන එකයි.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s