මෝරුන් ඝාතන කළු ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්.

whitetip-Artboard_3.ngsversion.1468008109022.png

නීිති විරෝධි ලෙසින් තල්මසුන් මෙන්ම මෝරුන් සීමාවකින් තොරව දඩයම් කරන රටවල් විස්සේ කළු ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළත් කොට තිබේ. ඒ අනුව මේ වනවිටත් ශ්‍රී ලංකාව එහි 14 වැනි ස්ථානය දක්වා ඉහළට ගමන් කොට ඇති බවක් වාර්තා වේ. පිළිගත් වාර්තා දක්වන අන්දමට මේ රටවල් 20 විසින් සමස්ත ලෝක සාගර කලාපය තුළ ඒ ආකාරයට සිදුකරන මෝර සහ තල්මස් මත්ස්‍ය ඝාතනය (වාර්ෂිකව) ප්‍රතිශතයක් වශයෙන් සියයට 80 කි. ප්‍රධාන පෙළේ පරිසර සංවිධාන කිහිපයක එකමුතුවෙන TRAFFIC නමි ගෝලීය සාගර වැඩසටහනේ මූලිකත්වයෙන් ඉහත දැක්වුණ තොරතුරු අනාවරණය කොට තිබේ. ග්ලැන්ට් සෙන් නම් එහි ප්‍රධානියා දක්වන අන්දමට ලෝකය පුරා වෙසෙන මෝර සහ තල්මස් මත්ස්‍ය ඝාතනය මුළුමනින්ම අතුරුදහන් කෙරෙන තත්වයකට පත් කල යුතුව තිබේ. ඒ CITES-in-Bangkok--Shark-f-009සඳහා ලෝක මට්ටමින් සම්මත නෛතික තත්වයක් ඇති කළ යුතු බවටද හ~ක් නැගෙමින් පවතී. විශෙAෂයෙන්ම මහ පරිමාණ ධීවර කටයුතු ඊට අදාලව අධීක්ෂණය කළ යුතු බවද පෙන්වා දී තිබේ. අදාල වාර්තාව පෙන්වා දෙන ආකාරයට ඉන්දුනීසියාවල ඉන්දියාවල ස්පාඤ්ඤය සහ තායිවානය එක්වී සිදු කරන මෝර මත්ස්‍ය ඝාතනය (වාර්ෂිකව) ප්‍රතිශතයක් වශයෙන් 35්‍ර ක් පමණ වේ. ඇතැම් විට ඊටත් වැඩිවේ. මෝරුන් ඝාතනය පිළිබඳව සකස් කොට ඇති කළු ලයිස්තුවේ 14 වැනි ස්ථානය ශ්‍රී ලංකාවවට හිමිවේ. රටවල් 20 ක් අතර 14 වැනි තැන පසුවන ශ්‍රී ලංකාව වාර්ෂිකව ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ 2.4්‍ර ක මෝරුන් ඝාතනය කිරීමක් සිදු කරයි. pilot_whale_hunt_19sfwනමුත් එසේ එය අඩු වී ඇත්තේ ශ්‍රී ලංකාව වෙනත් රටවලට සාපේක්ෂව මෝරුන් කෙරෙහි කරුණාවක් දක්වන නිසා නොවේ. රටේ ප්‍රමාණය තාක්ෂණික හැකියාවේ ඌනතාව යන කරුණු මත ඇති වී ඇති පසුබැසීම නිසාය.

මෝරා නම් සත්වයා ජෛව විද්‍යානුකූලව ගත් කළ සිය පරිණත බව ලැබීමට බොහෝ කාලයක් ගත කරයි. ඒ නිසාම මහා පරිමාණයෙන් සිදු කෙරෙන මේ ඝාතන ක්‍රියාවලිය තුල උන්ගේ බෝවීම අවම වීම නියතියකි. අධ්‍යයන වාර්තාවලින් ප්‍රකාශ වන ආකාරයට ශ්‍රී ලංකාවේ සුවිශේෂි ආර්ථීක කලාපය නම් ප්‍රදේශය තුල මෝරා නම් ඒ මත්ස්‍ය විශේෂ 60 ක් පමණ වෙසෙති. නමුත් මෝර වරල් වලට ඇති වී ඇති ජාත්‍යන්තර මට්ටමේ ඉහළ ඉල්ලූම නිසා – ටේ‍රෂර් සිල්කි – මෙන්ම – හැමර් හෙඩඩ් – ඇතුළුව මෝර සහ තල්මසුන් වාර්ෂිකව 70්‍ර ක් තරම් ප්‍රමානයක් මරා දැමෙන බව අපේ සැදැහැවත් මිනිස්සු නොදනිති. ඒ අතරිනුත් ටේ‍රෂර් සිල්කි – හැමර් හෙඩඩ් – වේගයෙන් වඳ වී යන තත්වයක් ද නිරීක්ෂණය කොට තිබේ.

Sharks-Killed-Humans-Killed-sp2-610x354

ධීවර දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ඕසනික් වයිට් ටිප්ල මැකරල් සහ බ්ලු යනුවෙන් පොදුවේ හැඳින්වෙන විශේෂ ඔවුන්ට ඇති අධික වාණිජ ඉල්ලූම නිසා බහුල වශයෙන් මරා දැමෙන බව කිව යුතුව තිබේ. CITES – ජාත්‍යන්තර සම්මේලනය ප්‍රකාශය පත්කොට ඇති ආකාරයට ආරක්ෂිත මෝර මත්ස්‍ය විශේෂ අතරට ඇතුළත් කොට ඇති ඕසනික් වයිට් ටිප් යනු අපේ සාගර කලාපය තුළදී දරුණු ලෙස ඝාතනය වන මත්ස්‍යයකු වේ. එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාව කිසිදු නෛතික සොයා බැලීමකින් තොරව මෝර මසුන් ඝාතනය කිරීම සුළුවෙන් තැකිය නොහැකි බව පැහැදිලි වනු ඇත.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s