ඊට හේතුව සුදුසු උගත්කම සහ විමසීමේ නිදහස නැතිකම.-පරාක්‍රම නිරිඇල්ල.

12919842_1558208184476566_80463801258403224_n.jpg

කෙටි චිත්‍රපට සංස්කෘතිය අද විශේෂයෙන් හඳුනාගත නොහැකි තත්වයක තිබුණත් ඔබ එතැනින් ආ කෙනෙක්…..

කෙටි චිත්‍රපට බොහොමයක් ආවේ 60 දශකයේදී. මිනිසා සහ කපුටා එමෙන්ම එළිය වැනි කෙටි චිත්‍රපට ගණනාවක් ඔය කියන කාලය වන විට නිර්මාණය වෙනවා. නමුත් මම පළමුවැනියා සහ අන්තිමයා කෙටි චත්‍රපටය නිර්මාණය කරන්නේ ඒ කාලයේදී නෙවෙයි. පසු කාලයකයි. නත්තල් සමයේදී පවත්නා වෙළඳ සංස්කෘතිය නත්තල යටපත් කොට ගෙන මතු වන ආකාරය තමයි මම එහිදී ප්‍රස්තුතය වශයෙන් අරගන්නේ. ඔබට මතක ඇති එක්තරා පුද්ගලයෙක් එහි ආරම්භය සිට අවසානය දක්වාම ගමනක යෙදෙනවා. ඒ සංචාරය තුලදී අත්විඳින නත්තල පාදක කරගන්නේ පාරිභෝජනවාදී වෙළඳ සංස්කෘතියෙන් උපන්නක්. ඒත් ඒ මිනිසුන් අවසානයේදී රෑ දොළහට පවත්වන දේව මෙහෙයටත් සහභාගි වෙනවා. එය හරිම උත්ප්‍රාසාත්මකයි. ඒවගේම ආත්ම වංචනික බවින් යුක්තයි. කොහොමහරි ඒ නිසාම මා පරිචයක් ලබා ගන්නවා යම් ක්‍රමවේදයක් අනුව නළු නිළියන්් හසුරුවා ගන්න. පසුව ටෙලි නාට්‍ය නිර්මාණකරනයට යොමු වූ විට අර පරිචයෙන් ලබා ගත් ක්‍රමවේද අනුව යමින් රූප තෝරා ගැනීමට මම සමත් වුණා.

පසුව චිත්‍රපට කරනයේදී යම් අළුත් ප්‍රවේෂයක් ගැන අවධානය යොමු කරන ඔබ ඒ සම්බන්ධයෙන් ආපසු හැරී බැලීමක් කරනවානම් ……

සිරි මැඳුර චිත්‍රපටියක් වශයෙන් ගත්තොත් මම බොහොම පරිස්සමෙන් එය අවසන් කල බව කිව යුතුයි. නළු නිළියන්ගේ චරිත ගත්තම ඒවා ඉල්ලන ගති ස්වභාවයන් තියෙනවා. එතැනදී ඒ ගති ස්වභාවයන් අනුව යා හැකි නළු නිළියන් තෝරා ගැනීම සිදු කෙරෙනවා. අපි රවීන්ද්‍ර රන්දෙනියව ගත්තොත් ඔහු ළඟ තියෙනවා යම් රිද්මයක්. නමුත් ඒ රිද්මය නෙවෙයි අනෝජා ලචරිතයක්. ඇයට අවස්ථා සිද්ධි නිරූපණය කිරීම සම්බන්ධයෙන් සුවිශේෂත්වයක් හිමියි. ඒ වගේම මෙහි එන්නේ තනි වලව්වක් වුනත් එතන තියෙනවා වලව් කිහිපයකම එකමුතුවක්. එහි ගේට්ටුව රුවන්වැල්ලේ ඇති වලව් කිහිපයකම එකමුතුවක්. ඒ වෙනුවෙන් ලොකේෂන් කිහිපයක් ප්‍රවේශමෙන් එක තැනක තබා ගෙන තමයි ඒ නිර්මාණය සිදු කලේ. එහි ගේට්ටුව රුවන් වැල්ල මාපිටිගම වලව්වට අයත් වූවක්. ඔය ආකාරයට ලොකේෂන් කිහිපයක්ම ප්‍රවේෂමෙන් එකතු කරළා තමයි චිත්‍රපටයේ එන වළව්ව නිර්මාණය කර ගත්තේ.

13782029_1594058870891497_3960986475499722475_n.jpg

අයෝමා චිත්‍රපටය ගැන ඔබ කියන්නේ කුමක්ද?

අයෝමා බොහෝ දුරට නිර්මාණය වන්නේ එහි නිෂ්පාදකයාගේ ඉල්ලීම මතය කීවොත් නිවැරදියි. එයින් අදහස් වෙන්නේ එය කරන්න හිතපු ආකාරය සහ කරපු අයුරු ගැන මා තෘප්තිමත් නැහැ කියන එකයි.

වර්තමානයේ සිනමාව සහ නාට්‍ය ගැන පරාක්‍රම නිරිඇල්ල වන ඔබගේ අදහස ගැන ඇසුවොත් ?14237647_1614144285549622_1076258476952385566_n

සිනමාව පැත්තෙන් ගත්තොත් අද තියෙන පරිසරය තුල නිදහස් සිනමාවකට තියෙන ඉඩකඩ අඩු යැයි මට සිතෙනවා. නිර්මාණකරුවෙකුට සිය කාතිය වෙනුවෙන් නිර්භයව ප්‍රස්තුථයක් තෝරා ගැනීමේ අවසරයක් අද නැහැ. අපි අද වෙන කවරදාකටත් වඩා ගතානුගතික වෙලා. ඒ තුල ඉතිහාස පුවත් හඹා යනල සිද්ධීන් හුවා දක්වන තැනකට සීමා වෙලා.

ඒත් නාට්‍ය කලාව සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් තැනකට අපි ඇවිත් තියෙනවා. ඒත් ලෝකයේ අත්දැකීම්වලට සාපේක්ෂව අපි ඇවිත් තියෙන දුර ප්‍රමාණවත් නෑ. යුද්ධයෙන් පසු ඒ ගැන නිර්මාණාත්මක විමසීමකට ලෝකයේ කලාගරුවෝ යොම්ු වෙනවා. බර්ටෝල්ට් බ්‍රෙච්ට් යුද්ධයත් සමඟ බිහිවූ අයෙක්. ඒත් වෙන රටවල එහෙම වුණාට අපේ රටේ එහෙම වුණෙ නැහැ. ඊට හේතුව සුදුසු උගත්කම සහ විමසීමේ නිදහස නැතිකම. මේ වගේ තත්වයක් ඇති වන්නේ ඒ නිසායි. ජර්මනියේ හිට්ලර් ප්‍රමුඛ නිලධාරිවාදය විසින් සිදුකල විනාශය ජර්මනිය තුලම විචාරයටත් විමර්ශනයටත් ලක් වෙනවා. ඉරාකය ගත්තොත් එහි අභයන්තරික විනාශය ස්ටෆ් හැපන් චිත්‍රපටයෙන් මනා ලෙස නිරූපණය කෙරෙනවා. ඒත්් අපට හිතන්නවත් පුළුවන්ද එහෙම තත්වයක් ගැන. සම්පත් හිඟකම ඒ සඳහා බලපානවා යැයි කියන්න පුළුවන්. නමුත් මීට අදාලව මම දකනවා වඩාත් දරුණු තත්වයක්. ඒ තමයි ස්වයං වාරණය.

සාකච්ඡා කළේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

රන්දිව 2013.12.15.


අපට හොඳ අතීතයක් තිබුණා.-පරාක්‍රම නිරිඇල්ල

නාට්‍ය වේදිකාව කමතක්ල වීදියක් වගේම පන්සලක් වෙන්නත් පුළුවන්. ප්‍රේක්ෂකයින්ද අසමානයි. මෙතැනදී මට ප්‍රශනයක් මතු වුණාල ප්‍රේක්්ෂකයින්ට අදාලව වීදි නාට්‍යයේදී කොතරම් දුරට සෞන්දර්යය ජනනයක් සිදුවෙනවාද කියලා. ප්‍රොසීනියම් වේදිකාව ගත්තොත්් එහි නාට්‍යයක් පෙන්වනවා. ප්‍රේක්ෂකයාත් බලා සිටිනවා. ඊට පස්සේ ඔවුන් යන්න යනවා. මේ දෙපාර්ශවය අතර කිසිම සම්බන්ධයක් නෑ. නමුත් වීදි නාට්‍යයේදී අපි කරන්නේ නාට්‍යයත් සමග මිනිස්සු අතරට යන එකයි. ඒ අනුව සම්මත වේදිකාවේ දී නාට්‍යයක තිබූ ගුණය වීදි නාට්‍යයේදී තිබුණාද කියන ප්‍රශ්නය මා තුළ තිබුණා. කොහොම හරි මේ දෙක අතරින් ගිහිල්ලා තමයි මම සෙක්කුව නිර්මාණය කරන්නේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s