මාධ්‍යවේදියෙකුට හොඳ නවකතාකරුවෙකු විය හැකියි.-ගාර්සියා මාර්කේස්

(ගාර්සියා මාර්කේස් සමඟ පීටර් ස්ටෝන් කළ සාකච්ඡාවකි.)

garbriel_garcia_marquez.jpg

සම්මුඛ සාකච්ඡාවක් සඳහා හ~ පටිගත කරන යන්ත්‍රයක් භාවිතා කිරීම ඔබ දකින්නේ කෙසේද ?

ප්‍රශ්නය වන්නේ එවිට ඔබ දන්නවා සාකච්ඡාව පටිගත වන බව. එවිට ඇතුලාන්තයෙන් නිදහස්් අදහස් ගලා යාමට යම් අවහිරයක් ඇතිවිය හැකිය. නිරායාසයෙන් සිතුවිලි ප්‍රකාශනයක් සිදුවිය නොහැකිය. මට දැනෙන විදිහට හොඳම විදිය වන්නේ දිගින් දිගටම සාකච්ඡා කිරීමයි. හ~ පට භාවිතයෙන් තොරව එය ක්‍රියා විරහිත කොට තැබිය හැකියි. මාධ්‍යවේදියා කිසිදු සටහනක් නොකොට මේ සාකච්ඡාවට එක්විය යුතුයි. එවිට අවසානයේදී සාකච්ඡාවට බඳුන් වූ කරුනු ගැන අවබෝධයක් ලැඛෙනවා. තමන්ට තේරුණු සහ දැනුණු කරුණු ගැන ලිවිය හැකියි. ලේඛකයා හෝ සම්මුඛ සාකච්ඡාවට බඳුන් කරන හෝ පැවසූ දෑ ඒ වචනවලින් පැහැදිලි කල යුතු නැහැ. Not necessary using the exact words expressed එසේම සාකච්ඡාවේදී සමහර කරුණු ගැන සටහන් තැබිය හැකියි. මේ ක්‍රමය සාකච්ඡා පටිගත කරනවාට වඩා සාකච්ඡාවට බඳුන්වන්නාට යම් විශ්වාසයක් ගොඩ නැගෙන ක්‍රමයක් ලෙස සලකන්න පුළුවන්. මා ගැන සඳහන් කලහොත් හ~ පටිගත යන්ත්‍රයක් ඉදිරිපිටදී වඩා එය නැති විටදී මම අදහස් දක්වන්නේ වඩා ස්වභාවික විදිහටයි. වඩා පහසු ලෙසයි.

මාධ්‍යෙවිදියෙක් ලෙස ඔබ පටිගත කරන යන්ත්‍රයක් භාවිතා කොට නැද්ද?Gabriel-Garcia-Marquez-is-considered-one-of-the-greatest-Spanish-language-authors-of-all-time.jpg

මාධ්‍යෙවිදියෙකු ලෙස මම කිසි දිනෙක එසේ කොට නැහැ.

මේ සාකච්ඡාව ආරම්භයේදී ජනමාධ්‍ය ගැන කතා බහට ලක් වුණා. ඔබට දැනෙන්නේ මොකක්ද නැවත මාධ්‍යකරණයට පිවිසිම ගැන. කාලයක් නවකතා ලිවමෙන් පසු ඔබට මෙහි වෙනසක් දැනෙනවාදරෑ නැතිනම් දකිනවාද?

මම හැමවිටම මගේ සැබෑ වෘත්තිය ලෙස සලකන්නේ ජනමාධ්‍යවේදයයි. හැබැයි මාධ්‍යකරණයේ යෙදෙන විට විවිධ කොන්දේසි අනුව කටයුතු කිරීමට තමයි මම අකැමති. මෙය තවත් පැහැදිලි කලොත් මම හිතන විදිය සහ අදහස් පුවත්පතකට අවශ්‍ය විදිහටයි සකස් කල යුතු වන්නේ. නමුත් දැන් නවකතා කරුවෙකු ලෙස මගේ ආර්ථීකය ස්ථාවරව ඇති පසුබිමකදී මම මේ වගකීමෙන් නිදහස්ව සිටිනවා. දැන් මට එවැනි කොන්දේසිවලින් තොරව නිදහස්ව කටයුතු කරනවා. මම හැමවිටම හොද මාධ්‍යකරණ නිර්මාණයකින් වින්දනය ලබනවා.

ඔබ සිතනවාද මාධ්‍යකරණයට කළ නොහැකි දේ නවකතාකරණයේ තියෙනවාය කියා රෑ

නැහැ. මම හිතන්නේ නැහැ මේ දෙක අතර කිසිම වෙනසක් ඇතැයි කියා. තොරතුරු අමුද්‍රව්‍ය මෙන්ම ගොනුවීම් සහ භාෂාව ආදිය එකයි. ඩැනියල් ඩෙෆෝගේ The Journal of the plague year. නවකතාව විශිෂ්ට නවකතාවක් වගේම ජෝන් හර්සිගේ හිරෝෂිමා විශිෂ්ට මාධ්‍යකරණ නිර්මාණයක්.

සත්‍යය සහ මායාව අතර වන වගකීම කොහොමද මාධ්‍යවේදියා සහ නවකතාකරු සමබර කරගන්නේ?

මාධ්‍යකරණය තුල මායාව බොහෝ දුරට ප්‍රතික්ෂේප වෙනවා. නවකතාකරණයේදී සත්‍යය එක්තරා දුරකට පමණක් ගොඩ නැගිය හැකියි. සමහරවිට එක්තරා විදිහකට සාම්ප්‍රදායික නීතියක් ලෙසට පමණක් විය හැකියි. එය තමයි වෙනස. නවකතාකරණය තුල මායාව නිර්මාණය වන්නේ කර්තෘගේ අභිමතය පරිදියි. ඔහුට එය කල හැකි යැයි පාඨකයා විශ්වාස කරනතාක්කල්.

8c8c45a6-6347-11e5-9cf0-e4ea68601338-1020x680.jpg

ඔබ ලිවීම ඇරඹුවේ කෙසේද ?

මේ අවධියේ දී තමයි මට ප්‍රාන්ස් කෆ්කාගෙ The Metamorphosis නැමැති කෙටිකතා පොත කියැවීමට ලැඛෙන්නේ. එහි මුල් වැකියෙන් ම මා විස්මයට පත්වුණා. ඒ වැකිය ආරම්භ කර තිබුණේ මෙසේය. , අපැහැදිලි සහ නොසන්සුන් සිහින රාශියකට මැදිව සිටීමෙන් පසු අවදි වූ ගෙගෝර් සම්සාට අවබෝ්ධ වූයේ තමා අති විශාල මැස්සෙකු බවට පරිවර්තනය වී ඇති බවයි. , මේ වැකිය කියවීමෙන් පසුව මා තුල ඇති වූ ප්‍රශ්නය වුයේ මෙසේ ලිවිය හැකිද යන්නයි. නැතිනම් එසේ ලිවීමේ තහනමක් නොමැතිද යන්නයි. එසේ ලිවිය හැකියැයි අවබෝධයක් කලින් මා තුල තිබුණේ නැහැ. මේ ආකාරයට ලිවිය හැකි බව මා දන්නවා නම් ලිවීම අරඹන්නේ මෙයට පෙරදීයි. මේ ආභාෂය මත මම ඉතා ඉක්මනින් ලිවිම ආරම්භ කලා. මා ලියූ මේ කෙටිකතා ජීවිිතය සහ සිතුවිලි පිළිබඳව වූ ගැඹුරු සීමා නිරීක්ෂණය කිරීම සහ ස්පර්ශ කල ඒවා ලෙස සැලකිය හැකියි. මේ කෙටි කතා කියැවූ සමහර අය ප්‍රකාශ කලා ඒවායේ ෙජ්ම්ස් ජොයිස්ගේ ආභාෂයත් දකින්න තිඛෙනවා කියා.

ඔබ ඒ කාලයේ ජොයිස්ගේ කතා කියවා තිබුණද?

මම කියවා තිබුණේ නැහැ. ජොයිස්ගේ කතා කියවන්නට ඇරැඹුවේ ඉන් අනතුරුවයි. ජොයිස්ගේ යුලිසිස්හි ඉංග්‍රීසි පරිවර්තනයක් මම කියැවූවා. ලිවීමේ ආකෘතියක් සකස් කරගැනීමට මට එය පිටිවහලක් වුණා. විශේෂයෙන් කතාවක් දීර්ඝ ආත්මීය ප්‍රකාශනයක් නැතිනම් කථනයක් ලෙස ඉදිරිපත් කිරීමට (Technique of the interior monologue ) ආඛ්‍යාත ක්‍රමය මුලින්ම අත්හදා බලා ඇත්තේ  Lazarillo de tormes  නමැති කෘතිය ලියූ අප්‍රකට ලේඛකයා විසිනුයි. වර්ජනියා වුල්ෆ් විසිනුත් මේ ආඛ්‍යාන විධි යොදා තියෙනවා.

ලිවීම සඳහා මුල් කාලයේ ඔබ ආභාෂය ලබා ගත්තේ ?

මුල්කාලයේ මා ලියූ ශෛලිය වෙනස් කිරීමට පසුව බලපෑවේ ඇමෙරිකානු ලේඛකයන්. මට තේරුම් ගියා ඔවුන්ගේ කතාවන් තුළ ජීවිතය දිදුලමින් තිබූ බව. මගේ නිර්මාණ තුළ එවැන්නක් තිබුණේ නැහැ. මම හිතන්නේ ජීවිතය සහ එහි සිදුවීම් සම්බන්ධයෙන් වන සහසබඳතා නිර්මාණයන් සඳහා අමුද්‍රව්‍ය සැපයීමක් වෙනවා. 1950 හෝ 1951 දී මට මගේ මව සමඟ කොලොම්බියාවේ අරකැටකයා ප්‍රදේශයට යාමට සිදුවෙනවා. මම ඉපදුණේත් මේ ප්‍රදේශයේයි. එහි ගියවිට මට මහත් විස්මයක් ඇතිවුණා. එවිට මගේ වයස අවුරුදු 22ක් පමණ ඇති. මම අවුරුදු 14 කින් එහි ගොස් තිබුණේ නැහැ. මට තේරුණ විදිහට පරිසරයේ වෙනසක් සිදුවී තිබුණේ නැහැ.

image.adapt.960.high.gabriel_garcia_marquez_07a.jpg

ඒ වුණත් ගම ගැන මා වැඩි අවධානයක් යොමුකළා යැයි කියන්නටත් බැහැ. මේ ගමන යාමෙන් පසු යළිත් පැමිණ මම මගේ පළමු නවකතාව ලිව්වා. එහි නම Leaf Storm මේ ගමනේදී සිදුවූයේ ඒ ගම ආශ්‍රිතව තිබූ මගේ ළමා කාලය පිළිබඳ මතක සටහන් සාහිත්‍යමය අගයක් නැත්නම් නිර්මාණයක් ලෙසින් බිහිවීමේ මූලාශ්‍රය ඉස්මතු වුණා වීමයි. මේ පොත නවකතාකරණය ගැන මගේ වූ ගමන් මඟ එළිපෙහෙළි කිරීමක් වුණා. ලෝකයේ හොඳම ලේඛකයා වීමේ අවශ්‍යතාව මා තුළ තිබුණා. ඒ 1953 දීයි. නමුත් ලේඛකයෙකු ලෙසට මා වඩාත් තහවුරුවීමට තවත් කාලයක් ගතවුණා. මේ ඒ දක්වා ලියූ පොත් අටෙන් පහක කර්තෘභාගය පවා අයිතිය මට ලබාගැනීමට හැකිවූයේ 1967 දීය.

තරුණ ලේඛකයන්ට සිය කුඩා කාලයේ වැදගත්කම් හා අත්දැකීම් බැහැර කොට ජීවිතය විනිවිද දැකිය හැකි වේද?

මා හිතන්නේ නැහැ තරුණ ලේඛකයන්ට මම යම් උපදෙසක් දෙන්නේ නම් ඔවුන් තමන්ට සිදුවූ දෙයක් පිළිබඳ ලියනවා නම් වඩා හොඳ බවයි. තමන්ට සිදුවූ හෝ කියැවූ හෝ කියන ලද හෝ කරුණු ගැන අවධානය යොමු කරනවා නම් වඩා සාර්ථක බව පෙන්වා දිය හැකියි. පැබ්ලෝ නෙරඩාගේ කවියක සඳහන් වෙනවා සංගීතයේ නියැලීම සඳහා දෙවියන්ගේ ශක්තිය ඉල්ලීමක් ගැන. එයත් එක්තරා අන්දමක ස්වීය අත්දැකීම් වඩා ශක්තිමත් කරලීමක් සඳහා වන්නක්. නමුත් මා සම්බන්ධයෙන් නම් එනම් මට ලැබී ඇති පැසසුම් වැඩි ප්‍රමාණයක් මගේ නිර්මාණවල ඇති මායාවී චිත්‍රණය සඳහායි. ඇත්තම තත්වය නම් මගේ නිර්මාණ විමසීමේදී මා අර කලින් පැවසූ ස්වීය අත්දැකීම් සම්බන්ධයෙන් වූ කාරණය පසු කාලයකදී දකින්නම නැහැ. කැරිබියානු ස්වභාවෝක්තිය පිටින් දකින විට සමහර විට පෙන්නුම් කරන මායාවේ චිත්‍රණය තුළ යම් ගාම්‍ය බවකුත් දකින්නට පුළුවන්.

gabriel-garci-marquez

මෙවැනි අවස්ථාවකදී ඔබේ ලිවීම යොමුවන්නේ කුමන දිශාවකටදරෑ කව්ද ඔබේ ප්‍රේක්ෂකයන් ?

මම Leaf Storm ලිව්වේ මගේ මිතුරන් වෙනුවෙන්. මේ අය මට උදවු කළ අය. අපි පොත් පත් හුවමාරු කරගත්තා. ඒ ඇරෙන්නට යම් යම් අය වෙනුවෙන් ලිවීමේ තත්වයන් අගය කරන පසුබිමක් මා තුළ තිබුණා. සමහරවිට මා ලියන දෙය මිතුරන් අගය කරනු ඇතැයි යන හැඟීම තිබුණා. නමුත් One Hundred Year of  Solitude ලියු පසු මට ප්‍රශ්නයක් වුූයේ පාඨකයන් මිලියන ගණනක් අතුරින් මා එය ලියුවේ කා වෙනුවෙන්ද යන්නය. ඇස් මිලියන ගණනක් ඔබ වෙත යොමුවෙද්දී ඔබ ඇත්තෙන්ම දන්නේ නැහැ ඔවුන් කුමක්ද සිතන්නේ යන්න ගැන.

නිර්මාණකරනයේදී මාධ්‍යය කෙසේද ඔබට බලපෑවේ ?

නිර්මාණකරණය මගේ මාධ්‍යය වෘත්තිය කෙරේ සාහිත්‍ය අගයක් ලබා දුන්නා. ඒ නිසා මට සමාජය සහ එහි සැබෑ ස්වභාවය කුමක්ද යන්න ගැන අවධානයකින් සිටීමට හැකිවුණා.

AVT_Gabriel-Garcia-Marquez_4657.jpeg

ඔබේ මුල් නවකතාව සහ One Hundred Year of  Solitude අතර කාලය ලිවීමේ හැඩය සකසා ගනු ලැබුවේ කෙසේද ?

Leaf Storm ලිවීමෙන් මම තීරණයකට පැමිණියා මගේ ළමා කාලයට ආශ්‍රිතව කරුනු මෙන්ම ගම ගැන ලිවීමත් අතහැර දැමිය යුතු බව. මේ කරුනු ගැනම අවධානය යොමු කළොත් මට හිතුනා රටේ දේශපාලන යථාර්තවාදය ගැන යොමුවීමට නොහැකි විය හැකි කියා. මා තුළ හැඟීමක් ඇති වුණා මගේ අතීතකාම සංකල්ප තුළම මට සිරවීමට සිදුවිය හැකිය කියා.

සාහිත්‍ය සහ දේශපාලනය ගැන ඇති සහසබඳතා ගැන මේ අවදියේ දැඩිව සාකච්ඡාවට බඳුන් වුණා. මම හැම විට මේ 7d9ac9818bc020439cc47fba23c06b224ed626d1දෙක අතර වන පරතරය අවම කිරීමට උත්සාහ කළා. මම අභාෂය උකහා ගත් අය අතර ෆොල්ක්නර් සහ හෙමින්වේ සිටි බව කීමට හැකියි.  No one writes to the Colonal, in Evil Hour සහ Big mama’s Funeral යන නවකතා ළග ළඟ නිර්මාණය කල නිසා ඒවායේ බොහෝ සමානතා දකින්නට පුළුවන්. මේ කතා තුල ගම දකින්නට ලැබුනු නමුත් ඒවායේ විස්මයක් තිබුණේ නැහැ. One Hundred Year of  Solitude වල දකින ගමට වඩා ඒවා වෙනස්. නමුත් එහි මාධ්‍ය සාහිත්‍යකරණයක් දකින්නට තිබුණා. නමුත් මම Evil Hour අවසන් කළ පසු තේරුණා යළිත් මා යන ගමන වැරදී ඇති බව. මා තුළ අදහසක් සැමවිටම තිබුණා යමක් කළ යුතු බවට. නමුත් එය කුමක්ද යන්න ගැන පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. හ~ක් තිබිය යුතු බව දැනුණ නමුත් හ~ කුමක්ද කියා දැනීමක් නැති වුණා. එක්තරා දිනකදී මට එය විසඳාගත හැකි වුණා. නියම රිද්මය කුමක්ද යන්න අවබෝධ වූ විගසම මා එය One Hundred Year of  Solitude සඳහා යෙදවූවා. මෙම රිද්මය මගේ මිත්තණිය මට කතා කීමට යොදාගත් විදියමයි. විශ්මය සහ ස්වභාවිකත්වය ඉක්මවා යෑමක් මෙහි ගැබ්ව තිබුණා. මා තීරණය කළා මෙයැයි මා යා යුතු මඟ කියා.

කෙසේද ඔබේ මිත්තණිය මායාවිත්වය සැබෑවක් ලෙසට විචිත්‍රණය කළේ ?

එහි විශේෂත්වය වූයේ කතාන්දර කීමේදී ඇය මුහුණින් දැක්වූ අභිනයන්. එය එක්තරා අන්දමට ඒක රේඛිය ස්වභාවයක් ලෙස කියන්න පුළුවන්. මුළු කතාවම කියද්දීත් ඇගේ මුහුණේ දැක්වූයේ විශ්මයල බියල සිනහව ආදී සියල්ලේ සම්මිශ්‍රණයක්. ඇගේ කතන්දර ඇසූ අය පුදුමයට පත් වුණේ මා නිසායි. One Hundred Year of  Solitude තුලින් මා දැක්වූයේත් මෙවැන්නක්. මා මගේ කතාව විශ්වාස නොකොට පාඨකයන්ට මාව විශ්වාස කිරීමට සැලැස්වූවා. මගේ මිත්තණියගේ කතන්දර අසා සිටි අය සිටි විස්මිත ස්වභාවයටම මගේ පොත කියවූ පාඨකයන්ද පත්වූ බව කියන්නට පුළුවන්. අනෙක් කාරණය කතා කීමේදී මා කියූ පරිදි මිත්තණියගේ මුහුණේ වූ අභිනයන් ඒක රේඛීය බවකින් යුතු වූවත් ඇය දැක් වූ ගල් ගැසුණු විස්මිත ස්වභාවය මගේ පොත මගින් විචිත්‍රණය වන්නට ඇති.

රන්ජන් අමරසිංහ.

[2014.04.20 රන්දිව]

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s