සිංහල කවියේ “පබළු වැල”

q.jpg

ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිභා ශක්තියකින් යුතු වූ එ මෙන්ම ඒ ශක්තිය සරල බසින් කවියට නගන්නට සමත් වූ කවීන් අතුරින් ඉදිරි පෙළේම හිඳි කොළඹ යුගයේ මහා කවියෙකු වූ පී.බී.අල්විස් පෙරේර කවියාගේ වියොව සිදු වූයේ 1966 අද වන් දවසක ය.
සකුවද,පාලියද,සිංහලයද මැනැවින් හැදෑරූ අල්විස් පෙරේරා කවියා කාව්‍යකරණයට එළඹෙන්නේ ලා බාල අවදියේ සිටම ය.”කොළඹ කවි සමාජය” නමින් කවි සංගමයක් පිහිටුවා ගත් අල්විස් පෙරේරා කවියා පසුව එය”අගනුවර තරුණ කවි සමාජය” ලෙස ජය ගමනකට සූදානම් කෙළේ ය.
ඔහුගේ “දේදුන්න”කාව්‍ය සඟරාවද “දේදුණු කාව්‍ය විද්‍යාලය” ද සිංහල කවියේ දියුණුව පිණිසම හේතු විය.
ඉන්ද්‍රා කුමාරනායක කිවිඳිය හා යුග දිවියට එළඹීම අල්විස් පෙරේරා කවියානන්ගේ කවි ගංගාව වඩ වඩාත් ජවසම්පන්නව ගලා යන්නට හේතු විය.
වදාකඩ “සඳගිරියේ” අල්විස් පෙරේරානන් අද දකින්නට නැතත් ඔහු අතින් ලියවුණු උක්දඬු දුන්න,සොබාදහම,මිනිපාන,දහය,රන්තලිය,ස්වස්තික හෝඩිය,කවි මල් පැණි පොත් මාලාව,වේදනාව,සුවඳ විලවුන්,කේයස්,කරදාසි පහන් ආදී පොත් මෙන්ම ඔහුගේ විසිතුරුම කාව්‍ය ලෙස සැලකෙන අනුර සීනය ද අපට මනසින් දකින්නට හා රසැසින් විඳින්නට පිළිවන.
පී.බී. අල්විස් පෙරේරා යුග පුරුෂයානන්ගේ උත්තුංග නාමය අද ලොවට ගෙන යනු පිණිස වෙහෙසෙන ඔහුගේ දියණි , ප්‍රවීන ලේඛිකා හා පරිවර්තිකා චිත්‍රා අයි පෙරේරා කිවිඳිය ද මෙහි දි ආදරයෙන් සිහි කට යුතු ය.එ මෙන්ම පී.බී. අල්විස් පෙරේරා සමරු ග්‍රන්ථ සම්පාදනයෙන් ඒ පිළිබඳව වෙහෙසෙන ධනපාල නිශ්ශංක මැතිතුමන්ට ද අපේ තුතිය හිමි ය.
අද(ඉරිදා) දින සවස 5.30ට ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන සමරු වැඩසටහනට ද ලබන 22 දා ජනපතිගේ සහභාගීත්වයෙන් පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන උළෙලට ද ඇරියුම් ! ඩබ්.ඒ අබේසිංහයන් විසින් සම්පාදිත “පී.බී. අල්විස් පෙරේරා තෝරා ගත් කවි” කෘතිය එළි දැක්වීම ද එදින සිදු වේ

Palitha Jayakody

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s