ලෝක බඩගින්නට මුහුණු දෙකයි.

 

එකක් අධි පාරිභෝජනය -අනික අව පාරිභෝජනය.

poverty-hunger

“ජනග්‍රහණයේ පෙර නිමිත්ත වන්නේ අනාගත අභියෝගවලට කල් තියා සූදානම් වීම යැයි කිවේ ජවහර්ලාල් නේරුය”

මේ කියන අනාගත අභියෝගය ලෝකය ආරම්භයේ සිටම එක්කෝ
මිනිසා වෙනුවෙන් නිර්මාණය වූයේය. නැත්නම් මිනිසා විසින් නිර්මාණය
කරගනු ලැබීය. කෙසේ වූව කිනම් අභියෝගයක් ආවත් ඊට මුහුණ දීමට
සිදු වෙයි. එයින් පලා යෑමට නොහැකියි ’බඩගින්න¶ අන්න ඒ ආකාරයේ
පලා යා නොහැකි මුහුණ දීම අනිවාර්ය වී ඇති අද වන විට අන් සියළු
අභියෝග අභිබවා පෙරටම ඇවිත් ඇති කාලයේ දැවැන්තම අභියෝග
යක් යැයි පැවසීම අතිශයෝක්තියක් ලෙසින් නොගත යුතුය.
අනික් අතින් බඩගින්න ලෝකයේ ඇති අභියෝග අතර පැරණිතමhungry-clipart-clipart-best-15Xa4l-clipart
අභියෝගයද වේ. එහෙත් කොයි තරම් පැරණි වූවත් අද පවත්නා අලූත්ම
අභියෝගයද බඩගින්නම වේ. ඒ අනුව බඩගින්න මේ වන විට ඒ ගැන
අප බොහෝ දේ කථා කොට තිබේ. එහෙත් ඒ තරමටම කථා කරන්නට
බොහෝ දේ නිර්මාණය වී ද තිබේ. ඒ නිසා අනික් දේ කුමක් වූණත්
බඩගින්න යනු කථා කළ යුතුම දෙයක්ම වේ.
බටහිර සංවර්ධනය විසින් ලෝකය පුරාම සිදු කලා වූ බරපතලම
දෝෂය වන්නේ අධි පරිභෝජනය යන්න අවිවාදයෙන්ම පිලිගත් ඇත්තකි.
ඒ අනුව අද ලෝකයේ අලූතින් උපදින දරුවන්ගෙන් 2/3ක්ම ආපස්සට
තල්ලූ වී සිටිති. නොඑසේනම් අනාගතයක් නැති අනාගත පරපුරක්
බවට පත්ව සිටිති. මෙතැනදි තවත් විශේෂත්වයක් තිබේ. එනම් මේ
ආකාරයෙන් ආපස්සට තල්ලූ වී සිටින දරුවන්ගෙන් බහුතරයක්ම අයත්
වන්නේ තුන්වෙනි ලෝකයේ හෙවත් සංවර්ධනය වෙමින් පවතින රටවලට
වීමය.

bigstock-Fast-Food-45761026.jpg

මෙතැනදී අපට පෙන්වා දීමට අවශ්‍ය වන්නේ ලෝකය පුරාම ව්‍යාප්තව ඇති බඩගින්න කරණ කොටගෙන එය තව දුරටත් පොහොසත් කරන අධි පාරිභෝජනය හේතු කොට ගෙන උපදින සහ උපන් දරුවන්
මුහුණ පාන සහ මුහුණ පෑමට නියමිත සෞඛ්‍ය සහ සමාජ පරිහානිය
ගැනයි. එය මුළුමනින්ම අව පරිභෝජනය නිසා මතුව ඇති ගෝලීය
ඛේදවාචකයයි. දියුණු වෙමින් පවත්නා රටවල මේ තත්වය තව දුරටත්
උග්‍ර වන තැනට කරුණු යෙදී ඇත්තේ ඒ රටවලට ආවේණික දරිද්‍රතාවය
සහ අවිචාර දේශපාලන සැලසුම්ද නිසාය. ඒ අනුව අලූත්ම තත්වය වන්නේ
බඩගින්න සහ දරිද්‍රතාවය අනොන්‍ය වශයෙන් පෝෂණය ලබන්නක් බවට
පත්ව තිබීමයි. අද ලෝකයේ එකම ඛෙදීම් රේඛා වන්නේ අර කියපු අධිpast.jpg
පාරිභෝජනයයි. එමෙන්ම අව පාරිභෝජනයයි. නමුත් මේ ඛෙදීම සෙසු
ඛෙදීම් වලට වඩා වෙනස්ය. මක් නිසාද යත් එම ඛෙදිම් විසින් බෝහෝ
අවස්ථාවලදී එකම රටක්ද ඛෙදී වෙන් වී යන හෙයිනි.
සාමාන්‍ය තත්වය යටතේ ගණනය කළද අද ලෝකයේ වෙසෙන
බඩගිනි හමුදාව මිලියන 400කට වැඩිය. ඇත්ත වශයෙන්ම කවදා හෝ
සැබැ ලෝක විනාශය වනු ඇත්තේ මේ තත්වයයි. ලෝක බඩගින්න නිසා
ලොව පුරා මිය යන්නන්ගෙන් 2/3ක්ම දරුවන්ය යන්නද සැලකිය යුතුවේ.
එක්සත් ජාතින්ගේ සංවිධානය මේ බව හොදින්ම දනියි. එම සංවිධානයේ
ලෝක ආහාර වැඩ සටහන පෙන්වා දෙන අන්දමට ලෝක ආහාර අහේනියට
ප්‍රධාන වශයෙන්ම ගොදුරු වී සිටින්නේ වැඩිහිටියන් නොවේ. දරුවන්ය.
මේ දරුවෝ සමස්තයක් වශයෙන් ගත් කළ මිටිය. කෙසඟය. බරින් අඩු
ප්‍රතිශක්තියද හීනය.


මෙවැනි වතාවරණයක් ත =ළ එක්සත් ජාතීන්ගේ සංවිධානය
වාර්ෂිකව විවිධ තේමා ඔස්සේ ලෝක ආහාර දිනයද සමරන බව කවුරුත්
ම දන්නා දෙයකි. මේ කියන ලෝක ආහාර දිනය යෙදෙන්නේ සෑම
වසරකම ඔක්තෝබර් 16වෙනිදාටය. මේ දිනය එක්සත් ජාතින්ගේ ආහාර
හා කෘෂිකර්ම සංවිධානය ඇති කළ දිනයයි. ඒ 1945 අවුරුද්දේ දීය.
එහෙත් ලෝක ආහාර දිනය ලෝකයට ප්‍රකාශ කෙරෙන්නේ 1979 වසරේදීය.
කෙසේ නමුත් මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ වසරක් පාසා ලෝක ආහාර
දිනය එසේ පැවැත්වෙද්දී පරිභෝජනයේ විෂමත්වයක්, ලෝක බඩගින්නත්
අධික වේගයකින් ලොව පුරාම ව්‍යාප්ත විමය. ඒ අනුව ඉතා පැහැදිලිවම
මෙතැනදී සිදුවන්නේ යම් වූ විෂම දේශපාලන ආර්ථීක හස්තයක අදිසි
කි්‍රයාකාරිත්වයක් ලෝක පැවැත්මට තර්ජනය කරමින් සිටීමයි. එක්සත්
ජාතීන්ගේ සංවිධානය සැම වසරක් පාසාම ලෝක ආහාර දිනයේ තේමා
පාඨ ඔස්සේ කරන්නේ ඉහත කී අදිසි කි්‍රයාකලාප සඟවා තැබීමට වැඩි දෙයක් නොවීමයි.
ලෝක බඩගින්න පිළිබඳව ජගත් අවධානය යොමු වී දශකboy-eating-turkey-clipart-boy-eating-turkey-clip-art-tsnke2-clipart
දෙකක් පමණ වෙයි. මේ දශක දෙක තුළම ලෝකයේ සාගින්න ගැන
ඇති වී ඇති මේ අවධානයෙන් පසු අද මේ කියන ලෝක බඩගින්නේ
තත්වය කුමක්ද?
90 දශකය වන විට ලෝක ආහාර සම්මේලනයේදී ප්‍රකාශයට
පත්වූයේ ලෝකය පුරා මිලියන 240ක ජනකායක් තුන්වේල සපයාගන්නට
නොහැකි තත්වයක පසුවන බවයි.
එතකොට මේ සඳහා ඔවුන් විසින් දෙන ලද විසඳුම වූයේ සහශ්‍ර
සංවර්ධන ඉලක්ක මත පිහිටා කටයුතු කළ යුතුය යන්නයි. ඒ වර්ෂ 2000දී
ය. එම ඉලක්ක ප්‍රකාශයට පත් කරමින් මේ අය වැඩි දුරටත් පෙන්වා
දුන්නේ 2015 වන විට සිය සැලසුම් වල ජයග්‍රහණ ලබන බවත් අර මුලින්
කී මිලියන 240න් හරි අඩක් බඩගින්නෙන් මුදා ගන්නා බවත්ය.
නමුත් ඊලඟට එළැඹුණ 2009 වර්ෂයේදී ඔවුන්ට පිලිගන්නට
සිදු වූයේ ලෝක බඩගිනි හමුදාව බිලියන දහසද ඉක්මවා තිඛෙන බවයි.
ඒ අනුව ඔවුන් ගේ 2015 ඉලක්කය නිකංම නිකං විහිලූවක් පමණක්ම
බවට පත් වූයේය.

Child_Poverty_Spain.jpg
කෙසේ වෙනත් ලෝක ආහාර අහේනිය ගැන අවබෝධයක් ලබා
ගන්නට බඩගින්නෙන් මිය යන මිනිසුන්ගෙත් දරුවන්ගේත් මල මිනී ගණන්
කොට සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය
කොහෙත්ම ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමක්ද නොවේ. ඇත්තම කියනවා
නම් අද ලෝකයට අවශ්‍ය වන්නේ බඩගින්න ව්‍යවස්ථාපිත යථාර්තයක්
ලෙසින් පිලිගැනෙන නව දේශපාලන ව්‍යවස්ථාවකි. ලෝක බඩගින්න
පිළිබදව න්‍යායාත්මක සහ ප්‍රායෝගික අර්ථ විග්‍රහයක් ලබා දිය හැකි
ආර්ථීක විද්‍යාවකි. එහෙත් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන්
අපට එවැන්නක් කොහෙත්ම බලාපොරෙතේතු විය හැකි නොවේ.
ලෝක ආහාර අහේනියට දැනෙන විසඳුම් සෙවීමේදී අද පවතින
ආහාර නිෂ්පාදනයේ පවත්නා සීමාවෙන් එහාට සියයට 75කින්වත් වැඩිM_Id_377430_Children
විය යුතුය. ඊට හේතුව වන්නේ ලෝක බඩගින්න වැඩි වෙන්නේ හුදෙකලා
සංසිද්ධියක් වශයෙන් නොව ලෝක ජනගහනයත් සමගම වීම නිසාය
නිදර්ශනයක් ලෙස 1970දී ලෝක ජනගහනය බිලියන 3.7ක් වූවත් 90
දශකයේදී එය බිලියන 5.7ක් වශයෙන් වාර්තා වූයේය. නමුත් අද අපි
සිටින්නේ 2010 වර්ෂයේදීය. තව අධ්‍යයන වාර්තා පෙන්වා දෙන අන්දමට
ලෝක ජනගහනය බිලියන 7ක් දක්වා වැඩිවීම නොවැළැක්විය හැකි වෙනු
ඇත.Food-Header-Children-
අපේ බඩගින්න ගැන
වරෙක එක්තරා කැබිනට් අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේ අපේ
රටේ තවමත් කිසිවෙක් කන්න නැතිව පාරේ වැටී මිය ගොස් නැති බවයි.
මෙතැනදී පාඨකයාගේ දැනගැනීම සඳහා ඒ ගැන යමක් කිව යුතුව
තිබේ. ලෝක බඩගින්න යනු ප්‍රතික්ෂේප කළ නොහැකි ලෝක යථාර්තයක්
වේ. බඩගින්න නිසා යමෙක් පාරේ ඇද වැටී මිය යැම (එය මේ රටේ
නොසිදුවෙනවාම නොවේ.) යන්න මීට සාපේක්ෂව නොවැදගත් සහ හුදෙකලා
සංසිද්ධියක්ම වේ. ඒ අනුව පාරේ වැටී මිය යන බඩගිනිකාරයා උක්ත
ලෝක යථාර්තය ස්ථීර කරන අනිවාර්ය සාධකයක් නොවේ. ලෝක බඩගින්න
යනුවෙන් අප හඳුණාගෙන සිටින්නේ බඩගින්න නිසා තැන තැන වැටී මිය
යන මිනිසුන් ගේ මරණ ගණනය කිරීමක් ද නොවේය යන්නත් දැනග
ැනීම මෙහිදී වැදගත් වේ.

chicken_2700843b.jpg
අනික් කාරනය ආහාර අහේනියෙන් උපදින දරුවන්ගේ අව
වර්ධන තත්වයයි. ඊට අදාල අධ්‍යයන වාර්තා පෙන්වා දෙන අන්දමට
එවැනි පසුබිමක දරුවෝ හොදින් වර්ධනය නොවෙති. එවැනි දරුවන්
බොහෝ දුරට මිටි වීමේ පැත්තට බර වැඩිය. එමෙන්ම ක්ෂය වෙති. ශී්‍ර
ලංකාවේ දරුවන් මේ ආකාරයට මිටි වීමේ ප්‍රතිශතය සියයට 36.4කි.
ක්ෂය වීමේ ප්‍රතිශතය සියයට 18.4කි. මිටි වීම සහ ක්ෂය වීම එකවිට
සිදු වීමේ ප්‍රතිශතය සියයට 5.2කි. තවද බඩගින්න නිසා දරුවන්ගේ බර
අඩු වීමද සිදු වෙයි. එය අඩු බර දරු උපත් වශයෙන් හැඳින්වෙයි. ඒ
ආකාරයට අපේ රටේ වසරකට මෙලොව එලිය දකින දරුවන් ලක්ෂ 4න්
ලක්ෂයක්ම (එනම් 1/4ක්ම) උපතේදී තිබිය යුතු සාමාන්‍ය බර අනුපාතයට
හිමිකම් නොකියති. මේ තත්වය බොහෝ දුරට ඌණ පෝෂණය යන
පාරිභාෂික පදයකින් හැඳින්වූවද මහ පොළවේ යථාර්තයට අනුව එහිලා
එකම හේතුව බඩගින්නයි. තවදුරටත් පැහැදිලි කරනවා නම් එය ලෝක
බඩගින්නත් සමඟ එකට ගැට ගැසී පවතින්නක්ම වේ.
වෛද්‍යවරුන්ගේ පෙන්වා දීම් වලට අනුව ගැබිනි සමයේදී ශරීරයේ

Snippet-one.jpg

රුධිර මට්ටම ප්‍රමාණත්මකව වැඩි විය යුතුය. එය එසේ නොවන්නේ නම්
එයින් අදහස් වන්නේ අදාල ගැබිනි මව පෝෂණ ඌනතාවයකින් පෙලෙන
බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මවුගෙන් දරුවාට සැපයෙන නියමිත
රුධිර ප්‍රමාණය ඒ නියමිත ප්‍රමාණයට වඩා අඩුවන අතර අවසානයේදී ඒ
දරුවා අඩු බර දරුවෙක් විදිහට ලෝකයට පැමිනෙන්නේය.
ශී්‍ර ලංකාවට අදාලව (සාමාන්‍යයෙන්) උපතේදී දරුවෙකුට තිබිය
යුතු බර ප්‍රමාණය කි.ග්‍රෑ. 2.5ක් යැයි වාර්තා වේ. ඊට අඩු බර සහිතව
උපදින දරුවන් අර කියූ අඩු බර දරු උපත් අතරට තබා ගණනය
කෙරෙයි. මෙසේ උපදින අඩු බර දරු උපත් සහිත දරුවන් මරණයට
පත් වෙන බර ප්‍රමාණය වශයෙන් ගැනෙන්නේ කි.ග්‍රෑ. 1.9යි.
පර්යේෂක වෙස්ට්වුඩ්, එවැනි අඩු බර සහිත දරුවන් සංවේදී
බවින් තොර යමක් දැන කියා ගැනීමේ හැකියාවෙන් අඩු අය වශයෙන්
නිරීක්ෂණය කරයි. සංවර්ධිත රටවල නම් මේ තත්වය බොහෝ දුරට එනම්
අඩු බර දරු උපත් නිසි කලට පෙර උපන් දරුවන් වශයෙන් හඳුණාගෙන
ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර අහේනිය එහිලා
මූලික කාරණාවක් වශයෙන් පෙන්වා දී තිබේ.

Food security.jpg
සාමාන්‍යයෙන් දරුවෙකු බිහි කිරිමෙන් පසු මවක් යළි දරුවෙක්
බිහි කිරිමට සුදුසු තත්වයට පත් වන්නට අවුරුදු දෙකක් තරම් කාලයක්
අවශ්‍යය යන්න පිලිගත් මතය වූවත් ලෝකය පුරා එය ඒ ආකාරයෙන්ම
සිද්ද වෙනවා යැයි පැවසීමට අපට පුළුවන්කමක් නැත.
අනික නිරක්තියයි. නිරක්තිය යනුවෙන් මෙහිදී හඳුන්වන්නේ
රතු රුධිරාණු හෙවත් ඔක්සිජන් ගෙන යන හිමොග්ලොබින් වල
ප්‍රමාණාත්මක අඩු වීමයි. එය එසේ නොවීමට නම් අවශ්‍ය වන ප්‍රධාන
පෙලේ පෝෂණ පදාර්ථයක් ලෙසින් ගැනෙන්නේ ’යකඩ¶ යි. එහෙත් පෝෂණ
විද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට අප තුන් වේලටම බත් කෑවත් ඒ
නිසා අපේ ශරීරයට ලැඛෙන්නේ සියයට 1කටත් අඩු යකඩ ප්‍රතිශතයක්
බවයි. නමුත් අපේ රටේ පාලකයන් සිතා සිටින්නේ මෙරට වාර්ෂික සහල්
නිෂ්පාදනය ඉහළ නැංවූ පමණින් රට තුළ පෝෂණය ද ඉහළටම යනු
ඇති බවයි. එය ඇත්තක් නොවේ. මෙතැනදී අවධානයට ලක්විය යුත්තේ
සමබල ආහාර වේලක් යන්න මිසක් තුන් වේලටම බත් අනුභව කිරිමම
නොවේ. ඒ අනුව රටේ සැම වැසියෙකුටම පෝෂණීය ආහාර වේලක් ලැබිය
යුතුය යන්න මානව අයිතිවාසිකමක් වන අතර ඒ සඳහා අවශ්‍ය සියලූ

feast-2.jpg

ූලික පහසුකම් සපයා දීම ආණ්ඩුවක අනිවාර්ය යුතුකමකද වේ.
අද ලෝක සිතියම තුළ ලෝකයේ ආහාර අහේනිය එහි විශාලම
ඉඩක් අත්පත් කරගෙන සිටින තත්වයට සාපේක්ෂව ’අධි පාරිභෝජණය¶
අයිති කර ගෙන සිටින්නේ සීමිත ඉඩ පරාසයක්ය එහෙම වූණත් එකී අධි
පාරිභෝජණය ඝාතනයට සහ මරණයට දක්වන අනුග්‍රහය ගත් කළ එය
අතිශයින්ම පුළුල්ය. අනික් අතින් මේ දෙපැත්තටම අයත් තවත් පැත්තක්
ගැනද කිසියම් සටහනක් තැබීම වටින්නේ යැයි සිතමි. ඒ අවිධිමත් සහ
හානිකර ආහාර පුරුදු කරණකොටගෙන රෝග පීඩාවන්ට සහ මරණයට
පත් වන්නාවුන්ගේ වර්තමාන ඛේදවාචකයයි.
ආචාර්ය ඇඩොල්තෝ වැවේස් ඊට අදාලව මෙවැන්නක්ද එකතු
කරයි. ලොව ධනවත් රටවල් සිය ආහාර වේලට ප්‍රමාණය ඉක්මවා ’මස්¶්Food-Calories-Brain_464
එකතු කරගන්නට යෑමෙන් ඇතිවී තිඛෙන මහා පරිමාණයේ ආහාර
නාස්තියද පෙරලා පෝෂණය කරන්නේ අර කියූ ලෝක බඩගින්නයි. මේ
අනුව මස් කි.ග්‍රෑ එකක් නිෂ්පාදනය කරනු වස් ධාන්‍ය රාත්තල් 10ක්
වත් විනාශ කෙරෙයි. ඊට අමතරව කඩදාසි සහ ප්ලාස්ටික් නිෂ්පාදනය
වෙනුවෙන් අර්තාපල් වැනි පිෂ්ඨය බහුල ආහාර විනාශයට පත් කෙරෙන
ආකාරය ගැනත් ඔහු පෙන්වා දී තිබේ. මේ වනාහි ලෝක බඩගින්න
නිර්මාණය කරන ලෝක වෙළඳපොල තත්වයයි. එමෙන්ම සිය මිල ස්ථාවරව
තබා ගැනීම උදෙසා තමන් සතු අතිරික්ත ආහාර තොග මුහුදු බත් කිරිම
හෝ ගිනි තබා විනාශ කිරීමේ රෞද්‍ර ප්‍රතිපත්තිය ගැනද මීට වඩා ලෝක
අවධානයක් යොමු විය යුතුව තිබේ. මෙවැනි තත්ව දෙස හොදින් බලද්දී
ලෝක බඩගින්න යනු ධනේශ්වර ආර්ථීක පැවැත්ම ආරක්ෂා කිරීමට අවශ්‍ය
වන යටිතල පහසුකමක් වශයෙන්ද අර්ථ නිරූපණය කිරිමට පුළුවන්කමක්
තිබේ. ලෝක ආහාර දිනය අවුරුද්දක් පාසාම ඉදිරියට ගෙන ආවත් ලෝක
ආහාර සංවිධානය මෙන්න මේ දේශපාලන යථාර්තය හෙලිදරව් නොවන
ආකාරයෙන් කටයුතු කිරීමට ප්‍රවේශම් වන්නේද ඒ නිසාම වේ.
පවත්නා ලෝක ජනගහනය තුළ දිළිදු ජනගහනය මේ වන
විට කෝටි 400ද ඉක්මවා තිබේ. ඉනුත් අඩකටත් ආහාර අහේනියෙන්ද
මන්ද පෝෂණයෙන්ද පෙලෙන්නෝ වෙති. අනික් අතින් ලොව වගා කළ
හැකි මට්ටමේ පවතින වගා බිම් වලින් වැඩි ප්‍රමාණයක් අයත් වන්නේද
මේ දිළිදු ජනගහනය වෙසෙන්නාවූ දුප්පත් රටවලට වීම මෙහි පවත්නා
බරපතලම උත්ප්‍රාසයයි. එහෙත් එතනදී එළිදක්වෙන නිරුවත් යථාර්තය
වන්නේ ගෝලීය දේශපාලනයේ පවත්නා අසාධාරණය සහ අවිචාරයයි.

 

මේ අනුව අද්‍යතන ලෝක සමාජය තවදුරටත් පාලනය වන්නේ අප උගත්
දේශපාලන විද්‍යාවට අනුව නොවේ. දේශපාලන පැවැත්ම අද පාලනය
කරන්නේ දැවැත්ත වාණිජ න්‍යාය පත්‍රයක් හරහාම වේ. ඒ බව අවබෝධ
කරගැනීමට ලෝක බඩගින්න හොදම උදාහරණයක්ද වේ. ලෝක ආහාර
දිනය යනු මේ අවලක්ෂන වාණිජ න්‍යාය පත්‍රයේ කැතකම වසන්නට ඔවුන්
විසින් ඔවුන්ගේ සංවිධානයක් හරහා පවත්වාගෙන යන වාර්ෂික තේමා
පාඨ නිර්මාණය කරන්නට පමනක් බලයක් ඇති පරඬැල් සංවිධානයක්
යැයි මෙතැන් සිට වත් ලෝක බඩගිනිකාරයෝ දැනගත යුතු වේ. අනික්
අතින් ඇත්තටම ලොව ආහාර අහේනිය නැති කිරීමට අවශ්‍යතාවයක් මේ
අයට ඇත්නම් එතැනදි කළ යුත්තේ අර කිී ආකාරයට වාර්ෂික තේමා
පාඨ නිර්මාණය කරමින් සිටීම නොව නිරවද්‍ය හා කලමනාකරණයක් මත
පිහිටා කටයුතු ආරම්භ කිරීමය.
අපේ අතීත කෘෂිකර්මාන්තයේදී ’හේන් වගාව¶ නම් ක්‍රමවේදය
උපයෝගි කොට ගත්තේ එකී වගා කළමනාකරණය වෙනුවෙනි. එතැනදී
ඔවුන් අවධානය යොමු කළේ නිරන්තරයෙන්ම නොවුණත් නොපැමිණේවි
යැයි නොසිතිය නොහැකි නියඟය ගැනය. නියං සායකදී සිද්ද වෙන්නේ
සියලූ වගා බිම් විිනාශයට පත්වී ගොවියන් මිනිසුන්ගේ පැවැත්ම මුළුමනින්ම
අහෝසි වී යෑමයි. ඒ අනුව තමන්ගේ වෘත්තීය පැවැත්ම තුළ නියඟය
යනු නොවැළැක්විය හැකි අවදානමක් සහ ආපදාවක්ය. යන කාරණය
විසින් ඔවුන් වහා කළමනාකරණය කරන ලද බවත් දක්නට ලැබේ. මඩ
සෝදාගත් කළ සිංහල ගොවියා රජකමටත් වටනේ යැයි කීවේ ඔවුන්
සතුව තිබූ මේ කළමනාකරණ හැකියාව නිසාද යන්න වෙනම සලකා බැලිය
යුත්තකි. ඒ අනුව නියඟය නම් හදිසි ආපදාවේදි ඉරිතැලී යන වැව් යළි
අහස් දියෙන් පිරී ඉතිරී යන තෙක් සිය පැවැත්ම ආරක්ෂා කර ගන්නට
වැස්සොත් කුරහන් නොවැස්සොත් අබ යන ප්‍රායෝගික න්‍යාය යොදා ගත්හ.
එතැනදී නියඟයක් ඒවියැයි ස්වභාවධර්මයේ පෙරනිමිති ඔස්සේ කරුණු
දැනගත් කල්හි ඔවුන් කරන්නේ සිය හේනට අබ ඉසින එකයි. එහෙත් හදිසි
තත්වයක් හමුයේ කාලගුණය වෙනස් වී වැස්සක් ආවහොත් ඒ වැස්සෙන්
උපරිම ඵල ගන්නට අබ ඉසින ලද හේනට කුරහන්ද ඉසින්නටද වග
බලා ගත්හ. ඒ අනුව එකම හේනක් මැනවින් කලමනාකරනය කළ අපේ
සාම්ප්‍රදායික ගොවීහු වැස්සොත් කුරහන් අස්වැන්නක් ගෙට ගන්නටත්
නොවැස්සොත් අබ අස්වැන්නෙන් ආරක්ෂා වන්නට වග බලා ගත්හ.
කෙසේ හෝ වේවා නවීන විද්‍යාත්මක දැනුම නිසා පසු බැස ගිය


අපේ සාම්ප්‍රදායික වගා කලමනාකරණය අනුව මුළුමනින්ම පරාජය නොවීම නිසා තවමත් අපි්‍රකාවේ ඉතියෝපියාව හා ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත හෝ
සිහි ගන්වන ආකාරයේ බඩගින්නෙන් මිය යන දරුවන් අපේ රටේදී දැක
ගැනිමට පුළුවන්කමක් නැත. එහෙත් ඒ වනාහි මෙරට දේශපාලකයන්
හෝ කළමනාකරණ ඥානය හෝ වෙනත් නොපෙනෙන බලවේගයක් නිසා
හෝ ඇති වූවක් නම් නොවේ.
එහෙත් මෙතැනදී අපේ රටේ ලෝක බඩගිනි හමුදාවට අයත්
නොවන රටක් වශයෙන් එක පාරටම තීරණය කිරීමටද නොහැකි වුණත්
දකුණු ආසියානු කලාපයත් සමඟම අපේ රටද එතැනට තල්ලූ වෙන
තත්වයක් මේ වන විටත් නිර්මාණය වී හමාරය. එක් පැත්තකින් අධි
පාරිභෝජනයද අනික් පැත්තෙන් අව පාරිභෝජනයද යන ආකාරයට
දෙකඩ වී ඇති ලෝක යථාර්තය තුළ අපේ රට අනිවාර්යයෙන්ම අව
පාරිභෝජනය යන තැනට තල්ලූ වෙමින් තිඛෙන බවද සැඟවිය යුත්තක්
නොවේ. ඉදිරියේදී එහි ප්‍රතිඵල භුක්ති විදින්නට අද දිනයේ එය ඇති
කලාවූ මිනිසුන් හෙවත් වත්මන් පරම්පරාව ජීවත්ව නොසිටියත් දවසේදී
පරපුර වන අද වත්මන් පරපුර සිය අතීත පරපුර වෙත එල්ල කෙරෙන
නින්දාලාපය ප්‍රකට ඉන්දියානු කිවිදියක් වන සරෝජිනී නායිදු ප්‍රකාශ කර
ඇති අයුරු පහත එයි.
එම්බල මළවුනි නැගිටිව්
කථා කරවි,
තෙපි, අපි වෙනුවෙන් සුරක්ෂිත කොට තබා ගිය
අධ්‍යාත්මික දායාදයක් වේද?
ඔබලා අපට ඉතිරි කොට තබා ගිය
කලාවේ සුන්දරත්වය කුමක්ද?
අපට දායාද කළාවූ නිදහසේ උරුමය කුමක්ද?
දුක් විදින්නන් ලෙසින් අපට ජීවිතය ගත කරන්නට සලස්වා
ඔබ සැම සැපසේ ජීවත් වූවා පමණක්ද?
එහෙත් අපට අපේ අතීත පරපුරට එසේ ගැරහිය හැකිද?
කිසිසේත් නොහැකිය. ඔවුහු සිය ඥානයද ඒ ඥානයෙන් ඉපයූ සම්පත්
සියල්ලමද අප වෙනුවෙන් තබා ගියහ. එහෙත් අප කරන්නේ ඒ සියල්ල
කා දමමින් වර්තමානය සැපවත් කරගැනිම පමණක්මය.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s