සිදු වන්නේ විනාශයක් නම් එය නැවැත්විය යුතූයි.

ww.jpg

දෙගම්බඩ වලප හෙවත් විදුුලියට බිලිවෙන වලවේ යන හිසින් 2016.08.21 රාවය පුවත්පතට ලසන්ත ද සිල්වා ලියු ලිපිය පාරිසරික වශයෙන් වැදගත් මතූ කිරීමක් වේ.

බෝගහපට්ටියේ රක්ෂිතයේ අලි ඇත්තු ලූණු පස් කන්න එන්නේ ඉලූක්පැලැස්සට….එතැන අමුතූ තැනක්. මගේ මේ දැහින් දැකල තියෙනවා ඒ පසේ සමනල්ලූ වහනවා. අලි ඇත්තූ ලුණු පස් කාලා වතූර බොන්න වළවේ ගඟට බහින්නේ ඔය විදුලි බලාගාරයක් හදන්න ලකූණු කරපු තැනින්.

එසේ හැඳින්වෙන එම පරිසර කළාපය සුවිශේෂ පරිසර කළාපයක් බවට විවාදයක් නැත. හැඳින්වෙන එම ප්‍රදේශයට සොරගූනේ දේවාලයට අයත් නින්දගම් ඉඩම් ද අයත් දැයි සොයා බැලිය යුතූය. මේ වනාන්තර ඉඩම් වේලි ඔය වාරි ව්‍යාපෟතියේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ වන අතරම උඩවලව ජාතික වනෝද්‍යානයට උතූරු දෙසින් පිහිටිි සුවිශේෂ අලි ඇතුන්ගේ වාසස්ථානයක් වශයෙන්ද සැලකේ.

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට උතූරු දෙසට අලි ඇතූන්ගේ සංක්‍රමණික ගමන් මාර්ගය විහිද ඇත්තේ බෝගහපට්ටියල සමනළ වැව වනාන්තරයල සොරගූනේ කැළය මෙන්ම රජවක වනාන්තරය ඔස්සේ බවට හඳුනාගෙන තිබේ. එමෙන්ම දහයියාගල අභය භූමියද ඊට අයත්ය. ඉහතින් කී ප්‍රදේශය බෝගහපට්ටිය – සමනළ වැව අභය භූමිය ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට තිබුණු එහෙත් එය එසේ නොකිරීමට හේතු කවරේද යන්න ගැනත් පරිසරවේදීහු කාලයක සිටම ප්‍රශ්න කරමින් සිටියහ. එය වඩාත් තීව්‍ර ප්‍රශ්න කිරීමක් වීමට හේතූවක්ද තිබිණි. ඒ එවකට සිටි රාජ්‍ය බලධාරින් එය ගොල්ෆ් පිටියක් කිරීමට පිඹුරුපත් සකස් කිරීමයි.

walawe-river-2.jpg

එතැනදී ඉහතින් කී පරිසර සංවිධාන පෙන්වා දුන්නේ උඩවලව ජාතික වනෝද්‍යානයේ වෙසෙන අලි ඇතුන් දහයියාගල අභයභූමිය හරහා බෝගහපට්ටිය මෙන්ම සොරගුනේ සහ සමනල වැව වනාන්තර ප්‍රදේශවලට සංක්‍රමණය වන්නේ එහි ඇති කරමැටිය නම් සුවිශෙAෂි ලවණ නිධියෙන් සිය ලවණ අවශ්‍යතාව සපුරා ගැනීමට කියාය. අලි ඇතුන් පමණක් නොව ඒ වෙනුවෙන් වෙනත් විශාල ක්ෂීරපායින්ද එම ස්ථානයට පැමිණෙන බව බොහෝ නිලධාරින් මෙන්ම බලධාරින්ද දන්නේ නැත.

රාවය පුවත් පතේ ඉහතින් කී වාර්තාවට අනුව අවහිර වන්නේ යථොක්ත අලිමංකඩ නම් සිය ලවණ අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් එම සතුන්ට වෙනත් මඟක් පෙන්වා දීමට මේ නිලධාරින්ට හෝ බලධාරින්ට පුළුවන්කමක් තිබේදැයි අපි අසමු. ප්‍රතිඵලය පැහැදිලිය. ප්‍රදේශවාසි ගැමියන් කුපිත වූ අලි ඇතුන්ගේ ප්‍රහාරයට ලක්වීම නොවැළක්විය හැකිය. කොයි ආකාරයකින්වත් එවැනි මානුෂිය ඛේදවාචකයකට ඉඩදීමේ හැකියාවක් පොදු මිනිසුන්ගේ ඡන්දයෙන් පත්වූ රජයකට තිබිය නොහැකිය. විශේෂයෙන්ම පරිසර අමාත්‍ය ධූරයද දරණ ඒ මිනිසුන් අතරින්්ම පත්වූ ජනාධිපතිවරයකුට ඒ බව අමුතුවෙන් පැහැදිලි කොට දිය යුතු නැත.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

http://ravaya.lk/?p=16667

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s