ඉකික්බිති හේ පූර්ණකාලීනව ලියන්නට යොමු විය.

photo39-640x480.jpg

” The Alchemist ,”Brida” ආදී නවකතා තුළින් ලොව වසඟයට ගත් බ්‍රසිලියානු නවකතාකරු පාවුලෝ කොය්යෝ උපන්නේ අද වන් දවසක එනම් අගෝස්තු විසි හතරවැනිදාවක ය.

බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරයේ උපන් කොය්යෝ ගීත රචකයෙකුද විය.ඉංජිනේරුවකු වූ පියාගේ අඩිපාරේ 20090729170719-blog-de-paulocoelhoපුතා ද යා යුතු යයි දෙමාපියන් කල්පනා කළද ඔහුගේ උමතුව වූයේ ලේඛකයකු වීම ය.දැඩි ආගම් භක්තියකින් යුතු කොය්යෝගේ පවුලත් කොය්යෝත් අතර ඇති වූ මේ කඹ ඇදිල්ල කෙලවර වූයේ ඔහුට විසි වයස් සපිරෙද්දී ය.

හිපි සංස්කෘතියට වැටී දකුණු ඇමරිකාවේ උතුරු අප්‍රිකාවේ,මැක්සිකෝවේ හා යුරොපයේ සරන්නට පටන් ගත් ඔහු ආපසු මව් රටට පැමිණියේ 1960 ගණන් වලදී ය.ගී පද රචකයකු ලෙස පෑන අතට ගත් ඔහු ඒ කාරිය කරගෙන යද්දී 1974 දී අත් අඩංගුවට පත් වන්නේ ඔහුගේ අදහස් ප්‍රචණ්ඩකාරී බව පවසමින් එවක රට පාලනය කළ හමුදා ආණ්ඩුව මගිනි.
කොය්යෝ නවකතකරුවකු වන්නට පළමුව නළුවකු,මාධ්‍යවේදියකු හා වේදිකා අධ්‍යක්ෂකයෙකු වශයෙන්ද කටයුතු කෙළේ ය.
1986 ඔහුගේ තීරණාත්මක වසර විය.ඔහුගේ”The Pilgrimage” නම් ස්වයංචරිතාපදානයේ කියවෙන අන්දමට ඔහු යම් ආධ්‍යාත්මික අවදිවීමක් ලද්දේය.ඉකික්බිති හේ පූර්ණකාලීනව ලියන්නට යොමු විය.
The Pilgrimage,Hell Archieves,Brida,The Supreme Gift ,The Fifth Mountain, Love Letter from a Prophet ඔහුගේ නවකතා අතුරින් කීපයකි.සෑම දෙ වසරකටම වරක් පාහේ නවකතාවක් ලොවට දායාද කළ කොය්යෝගේ The Alchemist භාෂා හැත්තෑවකට පමණ පරිවර්තනය වූ බව කියවේ . ගොපළු ගැටයෙකු සිය මව්බිම වූ ස්පාඥ්ඥයේ සිට පිරමිඩවල සැඟවුණු ධන සම්භාරයක් සොයා ඊජිප්තුව බලා ගිය ගමනක් පාදක කරගත් The Alchemist ලොව ප්‍රධාන පෙලේ පුරවැසියන් ගනනාවකගේම ප්‍රියතම නව කතාව බවට පත් විය.
ඔහුගේ Veronika Decides to Die සිනමා සිත්තමකට ද පෙරළිණ

Palitha Jayakody

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s